අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙමු ....

අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙමු ....
අහල තියනවද කතාවක් තියනවා දවසකට එක ඇපල් ගෙඩියක් කෑවොත් ජිවිත කාලෙටම වෛද්‍යවරයෙක් ගාවට යන්න ඕනි නෑ කියලා .....ඒත් දැන් වෙලා තියන්නෙ එක ඇපල් ගෙඩියක් කෑවත් වෛද්‍යවරයෙක් ගාවට යන්න....
වෙළදපොලේ තියන පලතුරු කන එක ගැන දෙතුන් පාරක් හිතන්න වෙලා දැන් ....
හැම නගරයකම තියන හැමදේම ගන්න පුළුවන් සුපිරි වෙලදසලකින් මමත් ගත්තා ඇපල් ගෙඩි 2ක්...එකක් බෝඩිමට ඇවිත් කෑවා ...අනික දවස් දෙකක් විතර ගියාට පස්සේ කන්න ගත්තා ..මෙන්න බොලේ ඇපල් ගෙඩිය සුදුමැලි වෙලා වගේ තියනවා ... පිහිය අරන් සුරලා බැලුවම සුදු පාට කුඩු කුඩු වැටෙනවා ....මම ඉතින් ඒ කුඩු අරගෙන පුච්චලා බැලුවා ...කතා කරන්න දෙයක් නෑ ...නියම ඉටි තමයි...අපි ඉතින් කන්නේ මේවනෙ කියල හිතුනා .....
තව දවසක් මම ගත්තා කර්ත කොලොම්බන් අඹ ගෙඩියක් .....සුපිරි වෙළදසැල ඇතුලට යනකොට ඉස්සරහම තිබුන කහ පාටට දිලිසි දිලිසි .... අතට ගන්නකොට හොදට ඉඳිලා කියල දැනුනා ....ගෙදර ඇවිත් බැලින්නම් යකෝ අමු අඹවත් එච්චර ඇඹුල් නෑ .......එතකොට තමා තේරුනේ ඒ අඹ ගෙඩියේ නිකමටවත් සුවඳ දැනුනේ නෑ කියලා ......
හොදම සීන් එක කියන්නම්කො දැන් ...මගේ කොල්ලට (තාම මාස 11) දෙන්නම කියලා තාත්තා ගෙනවා කොමඩු ගෙඩියක්..... තාම දෙන්නේ ඉස්ම විතරනේ ....කොමඩු ඉස්ම ගන්න කෑලි පොඩි කරපු බබාගේ කෑම භාජනය තාමත් රතු පාටයි ....කොච්චර සේදුවත් ඒ පාට යන්නේ නෑ ....දැන් මාස 2ක් වගේ වෙනවා ......එදා තමයි දැනගත්තේ කොමඩු වලට සායම් දානවා කියලා .......
ඔයාලත් පරිස්සම් වෙන්න ....සල්ලි දීලා වස විස කන්න එපා .......පොඩි දරුවන්ට පලතුරු දෙනකොට හොදට සෝදලා ....පොත්ත ඉවත් කරලා දෙන්න .....

කොමඩු වලටත් දෙනවද මුන් ගේම 