අපේ බුදුන් වැදගන්නට

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අපේ බුදුන් වැදගන්නට

Untitled-1-2.jpg
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
පූජනීය ස්ථාන ව්‍යාපාරික ස්ථාන කරගත් අයගෙන් පණිවිඩයක්~ :( කාලීන මාතෘකාවක්. නමුත් ඉතින් මේකට සංවේදී වෙන්නෙත් සැදැහැතියන් විතරනෙ; ව්‍යාපාරිකයොන්ට මේවා තේරෙන්නෙ නෑනෙ.
 
  • Like
Reactions: Udperi

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මේක නම් හරිම කණගාටුදායක සිද්දියක්, මීට සතියකට විතර කලින් ඔවැනි සිද්දියකට මුහුණ දෙන්න සිද්ද උනා අපිට. තවමත් කම්පා වෙනවා එවෙලෙ අහන්න ලැබුණු දෙයක් නිසා.

''අපේ තැනට යන්න අපිට අවසර නෑ''

මේ සිව්හෙළේ බුදුදහමට, පූජනීය වස්තු වලට කරදරයක් එල්ල වුණ හැවෙලේම ඒවා රැකගෙන බුදු දහම රැකගත්තෙ බෞද්ධයො, අද අපි (අපේ මුතුන් මිත්තො) රැකගත්තු දේවලට, එම ස්ථාන වලට යන්න අපිටම කාල සීමාවන් පනවලා, වැට කඩුලු බැඳලා ......................... :(

කාලීන නිර්මාණයක් අයියෙ ....... දිගටම ලියන්න, මේ යන විදිහටම යන්න. කවදහරි මේ දේවල් වෙනස් කල යුතුමයි. නැත්නම් අනාගත පරපුරට මේ සිද්ධස්ථාන ඉතුරු වෙන එකකුත් නෑ
 
  • Like
Reactions: Udperi

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හැමදේම විකුණන හා විකිණෙන සමාජයක මෙවැනි සිද්ධස්ථාන වල වෙන මෙවන් කූට අතවර ගැන කුමන කථාද...

මේවාට ලැබෙන රාජ්‍යය අනුග්‍රහය ගැනයි අපි හොඳින් විමසිලිමත් විය යුත්තේ. මෙය පාලකයින් හා වග කිව යුත්තන් දැනුවත්ව කෙරෙනා ක්‍රියාවක් නම් ඊට එරෙහිව අපේ බෞද්ධ ජනතාව වහා පෙල ගැසීම හා විරුද්ධත්වය පෑම සංවිධානාත්මකව කල යුතුම දෙයක්....


නැත්නම් අපි රට දිනුව කියල උදම් ඇනුවට අන්තිමේ අපිට කියල දිනපු දෙයක් නැති වෙන්න පුලුවන්...


දැන් දැන් හැම තැනින්ම සිංහලයාට අතුරු ආන්තරාවන් හා කෙනෙහිලිකම්ම වෙන අපේම රටේ අපි හරියට කුලියට ආපු සුලුතරය බවට පත් කරන්න අදිසි බලවේගයන් දිවි හිමියෙන් දරනා කූට ප්‍රයෝගයන්ගෙන් වැලකී රට ජාතිය හා ආගම දිවි හිමියෙන් සුරකින්නට පෙරටම යමු....


කාලීන මාතෘකාවක් තුලින් අපේ ජනතාවගේ ඇස් අරවීම හා කන් පිරවීම පිලිබඳ මල්ලියට මගේ සහෝදර ආචාරය...


දැන් මේවා අසා දැන හුදී ජනතාව යුතුකමක් සේ පුරවා ගත යුත්තේ හා අභීතව එලියට දැමිය යුත්තේ ඔවුන්ගේ සිංහල ලේ දුවනා ලොකු පපුවල් සමුහයයි.......

දිගටම මෙවැනි දෑ ගැන දැනුවත් වෙමු...මෙවන් දෑ වලකා ගන්නට හැකි උපරිමය කරමු.....

ඔබට ජය....
 
Last edited:
  • Like
Reactions: Udperi

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    කතාව ඇත්ත අමිලයියේ
    VIPs ලට නම් කිසි ප්‍රශ්නයක් නැතුව යන්න පුලුවන් ඒත් අනිත් මිනිස්සුන්ට,කතා කරල වැඩක් නෑ
    හොඳ නිර්මාණයක්
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    hoda watina nirmanayak saho, me wage nirmana kiyawanneth apima witarai,ath wyaparikayo eyalata owa wadak naa, ape rate ape siddasthana wada puda ganna oneth wena kenekta ona widiyata. oka tamai ape rata tawa tawath buddagama nathiwa yanna hethu.

    tawath mewani nirmanaye yedenna obata subha pathanawa.
     
    • Like
    Reactions: amila_90210

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    බුදු හාමුදුරුවෝ වඩින්න ඕන කාලයක් තමයි මේ...:yes:
    ඒ තරමට හැම දෙයක්ම මුදල් වලින් මනින සමාජයක් වෙලා ඒ නිසාම තමයි මිනිසුන්ගේ සදාචාරයත් පිරිහිලා තියෙන්නේ....:yes:
    ලන්කාවේ මිනිස්සු බුදු හාමදුරුවන්ගේ මතක සටහන් වන්දමාන කරනවාට මුදල් අය කරනවානම් ඇත්තටම බුදු හිමි කෙනෙක් අයේමත් මෙලොවට පහල වුනොත් උන් වහන්සේ වන්දමාන කරන්නත් මුදල් අය කර ගනීවී.අහෝ රටට ගිය කලක්....:sorry:
    සාමන්‍ය ජනතාව තමයි මෙයින් පීඩිත වන්නේ....අඩුම තරමේ මුදල් නිසා හෙම්බත් වෙලා ඉන්න මිනිස්සුන්ට ජීවිතයේ සැනසුමවත් ලගා කරගන්න බුදුන් වැඩිය දේශයක නොමිලේ පරිත්‍යාග කල පූජනිය වස්තූන් බලන්නවත් අපිට ඉඩක් නැහැ.ධන කුවේරයන්ටනම් පොලිම් ඔනේත් නැහැ ඕන තැනක කතා කරලම ඉස්සරහට අරන් පෙන්නවනේ....:rolleyes:

    ලගදි අනුරාධපුරේ පැත්තේ ගිහින් ඇති පාටයි...අයියාගේ නිර්මාණයේ මේ තියන බෝ කොලය Ps Work එකේ අරුමයක්ද?නැත්නම් ඇත්තටම බෝ කොලයක කල සිතුවමක්ද? හරිම ලස්සනයි.:D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මම දවස් දෙකකදි මේ සිද්ධිය අත්වින්දා
    පළමු දවසේ කෑමට වහනවා කියලා දවල් දොළහට වැහුවා :(
    ඊලඟ දවසෙ රෑ නමයට මිනිස්සු එළියට ගත්ත
    බොහොම දුර පළාත්වලින් ආපු මිනිස්සු හිටියා එ වෙලේ

    මාස ගානක් මහන්සි වෙලා අනුරාධපුරේ වන්දනාවක යන කෙනෙකුට මේ වගෙ දේකට මුහුණ දෙන්න වුනාම කළකිරෙන එක සාධාරණයි..
    ඒත් හිත පිරිසිදු කරං යන්න ආපු අය පවු ගොඩාක් කරන් යන්නේ..
    එක ගැන ඊට වඩා දුකයි
    ඇතුළට ගියාම පූසාරි මහත්තුරු නළලෙ තිලක තියනවා පිරිත් නූල් දෙනවා :eek:
    මං හොයලා බැලුවා මේ කවුද කියලා .
    පරම්පරාවෙන් එන අයලු බෝධියට සේවය කරන්න
    ( මේ අය බෞද්ධයො වෙන්න පුළුවන්ද? බුද්ධාගමේ කොහෙද නළලෙ තිලක තියන්නේ.)
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    ඔගෝල්න්ගේ බුදුන් ඔයගොල්ලෝ තියා ගන්න අපේ බුදුන් අපට දෙන්න.

    මෙක පවතින පාලකයන්ගේ හෝ ශාසනයේ වැරද්දක් ලෙස දකිනවානමි සමිපුර්ණ වැරදිග මෙක තමයි දැං තත්වය. වෙළදපළ විසින් සියල්ල ආක්‍රමණය කර අවසානයි මෙ වන විට. එකදි ගම-නගරය-ආගම-ජාතිය කියලා වෙනසක් නැහැ. සියඑ දේ සදහා වටිනාකමක් තනා තියෙනවා.
    මම හිතන්නේ මෙ නිර්මාපකයා ඒ ගැන දැන නොවෙයි මෙය ලියන්න ඇත්තේ කෙසේ වෙතත් හොද නිර්මාණයක.
     

    nwnbs

    Member
    කළකිරෙන තත්වයක්... මමත් මේ කල්පනා කරේ බුද්ධාගමේ කව්ද තිලක තියන්නෙ කියල. මොකක්ද මේ වෙන්න යන්නෙ කියල හිතාගන්න බෑ. ඇත්තටම පූජනීය තැනකට යන්න කාලවේලාවක් වෙන්කරන්න ඕනෙද..
    කාළීන බොහොම වටිනාකමක් තියෙන නිර්මාණයක්. මේ දේවල් ගැන සමාජය දැනුවත් කරල අපේ දේවල් රැකගන්න ක්‍රියාකරන ඔබලාට මගේ ආචාරය...
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    ඇත්තටම මෙතන සිදු නොවිය යුතු දේවල් ගොඩක් වෙනවා. අපි ඒ දේවල් ගැන කතාකල යුතු වෙනවා.
    දැන් රටෙ යුඩ තත්වය සම්පූර්නයෙන් ඉවර නිසා රෙ 9ට වහන එක වරදි කියල මම නම් දකින්නෙ. මොකද ගොදක් වන්දනාවෙ එන අය රෑ වෙනව වැදපුදාගන්න එනකොට. ඒත් 9ට ඔක්කොම වැහුවම එයාලට ලොකු අසාදාරනයක් වෙනවා.
    ඈනික් කරුන තමා ඔව ස්‍රීමහා බොඩීන් වහන්සෙ ලග ඉන්න කපුරාලල වගෙ අය. එයාල එකෙනුත් සල්ලි හම්බ කරගෙන බුද්ධාගමට හින්දු පෙනුමකුත් ලබා දෙන්න උත්සහ කරන්නෙ.
    හොද නිර්මානයක් අමිල අයියා.
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ගොඩක් දුක හිතෙනවා... කලකිරෙනවා මේව දැක්කම..අපිට අපේ බෝධිය වැඳගන්න අවසර නැද්ද ? :(:(
    ගොඩක් වටින නිර්මාණයක් අය්යේ...
     
    • Like
    Reactions: amila_90210

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නියමයි අමිල.....මට දීපික ප්‍රියදර්ශනීගෙ සින්දුවක් මතක් උනා.....බෞද්ධයන්ට අයිති බෝදිය වදගන්න අවසර නැ!
    ඔවු කසුන් මහින්ද චන්ද්‍රසේකර ලිව්ව ඒ ගීතය නුවර කලාවියෙන් ආ සැදැහැතියන් පිරිසක් ජයසිරි මහ බෝ සමිඳු පෙනෙන දුරින් වන වැලි මළුවේ සිට උන්වහන්සේ අමතන ආකාරය පෙන්නන අවස්ථාවක්.කලාවියේ ගැමියන් "දර මිටි පෝය" යනුවෙන් හඳුන්වන ඇසළ පොහොයදා අනුරාධපුර වන්දනාවේ යෙදී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අවට ගිනි මැල ගැසීම සඳහා දර මිටියක් අරන් එන්න පුරුදු වෙලා හිටියා. එතනදිත් සිරිමා බෝ සමිඳුගේ පාලකාධිකාරය විසින් ඔවුන්ව නවතනවා. මේක ඔවුන් දකින හැටි තමයි ඔහු අතින් ලියවෙන්නේ..මාත් ගොඩක් ආස කරන ගීයක්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔගෝල්න්ගේ බුදුන් ඔයගොල්ලෝ තියා ගන්න අපේ බුදුන් අපට දෙන්න.

    මෙක පවතින පාලකයන්ගේ හෝ ශාසනයේ වැරද්දක් ලෙස දකිනවානමි සමිපුර්ණ වැරදිග මෙක තමයි දැං තත්වය. වෙළදපළ විසින් සියල්ල ආක්‍රමණය කර අවසානයි මෙ වන විට. එකදි ගම-නගරය-ආගම-ජාතිය කියලා වෙනසක් නැහැ. සියඑ දේ සදහා වටිනාකමක් තනා තියෙනවා.
    මම හිතන්නේ මෙ නිර්මාපකයා ඒ ගැන දැන නොවෙයි මෙය ලියන්න ඇත්තේ කෙසේ වෙතත් හොද නිර්මාණයක.
    අරවින්ද අයියාගෙ තර්කය හරි.ඒත් මං මේක ලිව්වේ මේකට කාටවත් චෝදනා කරන්න නෙවෙයි.
    මට ඇතිවුනු සංවේගය නිසා.එදා හම්බන්තොට ඉදන් ආපු මනුස්ස්යෙක් රුවන්වැලි මළුව ළඟ ඉදන් කියපු කතාවක් නිසා..එතරම් දුරක ඉදං ඇවිත් ඒ මනුස්සය පව් පුරෝගෙන ගියෙ.
    වෙනස් වීම හා වානිජ්‍යකරණය සියළු සංරචක වලින් ස්වායක්තව ජනසමාජය ආක්‍රමණය කරනවා එක ඇත්ත.අම්මා තාත්තා පවා මාර්කට් කරන යුගයක් මේක.
    නමුත් ඒ මාර්කට් වීම සිදුවෙන ආකාරය පිළිබදව කතා කිරීමේ වැරැද්දක් නෑනෙ :)
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    අරවින්ද අයියාගෙ තර්කය හරි.ඒත් මං මේක ලිව්වේ මේකට කාටවත් චෝදනා කරන්න නෙවෙයි.
    මට ඇතිවුනු සංවේගය නිසා.එදා හම්බන්තොට ඉදන් ආපු මනුස්ස්යෙක් රුවන්වැලි මළුව ළඟ ඉදන් කියපු කතාවක් නිසා..එතරම් දුරක ඉදං ඇවිත් ඒ මනුස්සය පව් පුරෝගෙන ගියෙ.
    වෙනස් වීම හා වානිජ්‍යකරණය සියළු සංරචක වලින් ස්වායක්තව ජනසමාජය ආක්‍රමණය කරනවා එක ඇත්ත.අම්මා තාත්තා පවා මාර්කට් කරන යුගයක් මේක.
    නමුත් ඒ මාර්කට් වීම සිදුවෙන ආකාරය පිළිබදව කතා කිරීමේ වැරැද්දක් නෑනෙ :)

    මම ඔබගේ නිර්මාණය පිළිබද වැරැද්දක් කිවෙ නැත. මම කිවෙ ඔබෙ කවියට අදාල දේශපාලනයයි. අමිමා තාත්තා පවා මාර්කටි වෙන්නේ ඇයි දැයි අසන මිනිසුන් ඉන්න රටක වක්‍රාකාරව හෝ මෙ ඉදිරිපත් කිරිම ගැන සතුටු වෙමි.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔය හා සමාන තව දෙයක් වෙනවා සිරීපාදෙ.
    සිරිපතුලට නළල තියා වන්දනා කරන්න යන අයව "වන්දනා කරවන්න" කපුරාළල ඉන්නවා. (තවමත් ඉන්නවද මන්දා, මම ගියෙ කලකට ඉහත) ඔවුන් මිනිසුන්ගෙ හිස අර ගලේ ඔබනවා. ගැහැණු ළමයෙක් එහෙම ආවම නළල ගෙඩි ගැහෙන ගානට ඔලුව හප්පවනවා. එතන තරුණ පහේ කපුවෙකුත් හිටියා. ගෑණු ළමයින්ට එහෙම රිදවලා, ඊට පස්සෙ උන් හිනාවෙනවා. ඒක දකින්නෙ ඈතින් බලන් ඉන්න අය.

    බෞද්ධයන්ව වන්දනා කරවන්න දෙයක් නෑනෙ. මේ වැඩෙන් වඳින්න එන මිනිහා හිත නරක් කරගෙන යන්නෙ.
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔය හා සමාන තව දෙයක් වෙනවා සිරීපාදෙ.
    සිරිපතුලට නළල තියා වන්දනා කරන්න යන අයව "වන්දනා කරවන්න" කපුරාළල ඉන්නවා. (තවමත් ඉන්නවද මන්දා, මම ගියෙ කලකට ඉහත) ඔවුන් මිනිසුන්ගෙ හිස අර ගලේ ඔබනවා. ගැහැණු ළමයෙක් එහෙම ආවම නළල ගෙඩි ගැහෙන ගානට ඔලුව හප්පවනවා. එතන තරුණ පහේ කපුවෙකුත් හිටියා. ගෑණු ළමයින්ට එහෙම රිදවලා, ඊට පස්සෙ උන් හිනාවෙනවා. ඒක දකින්නෙ ඈතින් බලන් ඉන්න අය.

    බෞද්ධයන්ව වන්දනා කරවන්න දෙයක් නෑනෙ. මේ වැඩෙන් වඳින්න එන මිනිහා හිත නරක් කරගෙන යන්නෙ.
    සිරීපාදෙත් ඉන්නව නේන්නම්.මගේ ඔළුවනම් ගහන්න ආවෙ නෑ..
    මෙවුන් හැම තැනම පිළිකා වගේ :eek::eek: කෝ රටේ නිදහස
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    පූජනීය ස්ථාන ව්‍යාපාරික ස්ථාන කරගත් අයගෙන් පණිවිඩයක්~ :( කාලීන මාතෘකාවක්. නමුත් ඉතින් මේකට සංවේදී වෙන්නෙත් සැදැහැතියන් විතරනෙ; ව්‍යාපාරිකයොන්ට මේවා තේරෙන්නෙ නෑනෙ.
    ඔවු අප්පා..
    බොහොම ස්තූතියි මෝරො