අභිධර්ම සංගමය.

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මට තියෙනව ප්‍රශ්නයක්.

කුසල් සිත් සහ අකුසල් සිත් තියෙනවනෙ. මේවගෙ ප්‍රතිඵල විදිහට හටගන්න විපාක සිත් තියෙනවනෙ. මට දැනගන්න ඕනෙ මේ විපාක සිත් හටගන්නෙ අදාල කුසල් සිත ඇතිවෙලා නිරුද්ධ වෙලා ගිය ගමන්මද ? නැත්තං පස්සෙ තවත් සිත් දහස් ගාණක් ඇතිවුනාට පස්සෙද කියල.

බොහෝ විට සිත් තවත් දහස් ගාණක් ඇතිවුනාට පස්සෙ වෙන්න ඇතිනෙ විපාක සිත ඇතිවෙනව ඇත්තෙ. ඒත් තියෙන ප්‍රශ්නෙ ඒ විපාක සිත කුසල් සිත ඇතිවෙලා තව සිත් කීයකට පස්සෙ ඇතිවෙයිද කියල කල් ඇතුව චිත්ත චෛතසික ගැන කියල තියෙන විස්තර ඇසුරෙන් පුරෝකථනය කරන්න පුලුවන්ද ?
නැත්තං එක පාරට randomly විපාක සිත පහල වෙනවද ?

තව එක කුසල් සිතකට ඇතිකරන්න පුලුවන් එක විපාක සිතක් විතරද ? කුසල් සිතට අදාලව විපාක සිත ඇතිවුනාට පස්සෙ ආයෙ ඒ සිතට තව දුරටත් විපාක සිත් ඇතිකරන්න බැරිවෙන්න බලය නැතිවෙනවද ?
 
mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම මේ කියන්න යන දේ ටිකක් contraversial වෙන්න පුලුවන්.. ඒත් සත්‍ය මේකයි..

    ඇයි අපි කම් සැපට ආස?
    හේතුව වෙන්නෙ එතන තියන "සැප" දායක 'විඳීම' නේද?
    හිතන්න අපිට ලස්සන අලුත් කාර් එකක් හම්බෙනව. අපි ඒකට ආසයි.. එහෙමනෙ?
    හැබැයි අපි දන්නව මේ කාර් එක කැඩෙන්න පුලුවන්, වියදම් වැඩියි, හැදිල තියෙන්නෙ සතර මහා ධාතු වලින්, අනිත්‍යයි.. කියල දන්නව.. එහෙම නේද?
    ඒත් අපිට ඔය කාර් එක ගැන තියන ආසාව අඩු වෙයිද?.. බොහෝ අයට අඩු වෙන්නෙ නෑ නේද? ඇයි එහෙනම් අඩු වෙන්නෙ නැත්තෙ?..
    හේතුව සත්‍ය නොදැනීම..
    ඒත් අපි සත්‍ය දන්නවනෙ.. හැමදේම අනිත්‍යයි කියල දන්නවනෙ...?

    වැල්වටාරම් නැතුව මම කියන්නම්..
    ඔය කාර් එක ගත්තු දවසෙ අපිට හෙන 'exitement' feeling එකක් තියනවනෙ..
    ඒත් ඒක කාලයක් යද්දි ඒ 'සතුට' අඩු වෙනව නේද?
    අන්තිමට කාර් එකේ යන එක නිකම්ම නිකම් සාමාන්‍ය දෙයක් වෙනව නේද?

    උදාහරනෙකට "වතුර" ගන්න.. අපි තද තිබහකින් ඉන්නකොට බොන වතුරයි, එහෙම විශේෂයෙන් තිබහක් නැති වෙලාව බොන වතුරයි අතරෙ "feeling" එකේ වෙනසක් තියනව නේද?

    ඔය වගේ තමයි.. දෙවියන්ට අමෘතය උනත් හැමදාම බොද්දි එපා වෙනව.. එකම ධ්‍යානය හැමදාම වඩද්දි එපා වෙනව.. මොකද ඒ "feeling" එක අන්තිමට නිකම්ම dull වෙලා යනවා..

    අපි කෙල්ලෙක් ගත්තත් වෙන්නෙ ඕකමයි.. මුල් කාලෙදි fun එකක් තිබ්බට පස්සෙ නිකම්ම නිකම් වතුර බොනව වගේ feelingless බවට ඕක පත් වෙනවා..
    ඒකයි මිනිස්සු එකම දේ එපා උනහම වෙනසක් හොයන්නෙ..
    ඒත කවදාවත් තෘප්තිමත් වෙන්නෙ නෑ..
    ඒකයි රහතන් වහන්සේල දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකත් ප්‍රතික්ශේප කරේ..

    උඹල යමක් දැනගත්ත කියල හිතනවා....
    "අප්පමාදෝ අමතපදං":yes:

    මෙතන මචන් මෙහෙම දෙයක් තියනව.

    'සතුට' අපේ සිතේ හටගන්නෙ 'ප්‍රීති' චෛතසිකය මුලික කරගෙන.
    'කැමැත්ත' අපේ සිතේ හටගන්නෙ 'ඡන්ද' චෛතසිකය මුලික කරගෙන.

    මේ දෙකම කුසල්, අකුසල් සිත් වර්ග දෙකේම ඇති වෙන්න පුළුවන්.

    කාර් එකක් ගන්න කැමැත්තක් ඇති වන්නෙ ලෝභය කියන අකුසල් සිත මුලික කරගෙන ඡන්ද චෛතසික ඇති උනාම.
    කාර් එක ගත්ත ගමන් සතුටක් ඇති උනෙත්, ලෝභය කියන අකුසල් සිත මුලික කරගෙන ප්‍රීති චෛතසිකඇති උනාම.
    මෙතැනදී, මේ චන්ද. ප්‍රීති ඇති උනේ අකුසක් සිත් වලින් නිසා, ඇත්තටම වෙන්නේ හොරියක් කසන කොට ඇති වෙනව වගේ වෙන සැපයක්. කසනකල් සැපයි, හැබැයි තේරෙන්නෙ නෑ හොරිය කසන තරමට පෑරෙනවා කියලත්. දැන් ඉතින් කැසීම නවත්තපු ගමන් අර පෑරුන හොරියෙන් ඇති වෙන්නේ වේදනාවක්, තරහක්.
    ඒ නිසා තමයි, කාර් එක ගැන ලෝභය, ඡන්දය, ප්‍රීතිය හීන උනාම, එපා වීමක් ඇති වෙන්නේ.

    හැබැයි දන් දීම, කෙනෙකුට මෛත්‍රී කිරීම වගේ කුසල් සිත් නිසා ඇති වෙන ඡන්දය හා ප්‍රීතිය, හොඳ නිරෝගී සමක් මෘදු ලෙස පිරි මදින කොට ඇති වෙන සැපය වගේ දෙයක්. පිරිමැදීම නතර කලාට රිදීමක්, තරහක් ඇති වෙන්නේ නෑ. ඒක නිසා එපා විමක් වෙන්නේ නෑ.

    ඒක නිසා තමයි නිවනට නිවන් සුව කියලත් කියන්නෙ. මාර්ගඵල ලාභියෙක් ගිහි සැප, දිව්‍ය සැප ගණනකටවත් ගන්නෙ නැත්තෙ, ඒවායේ තියන දුක දකින නිසා විතරක්ම නෙමෙයි. ඊටත් වඩා වටිනා, සදාකාලික සුවයක් තියන බව ඔහුට වැටහෙන නිසා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    පැහැදිලි කිරීමට බොහොම පින් :D
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මට තියෙනව ප්‍රශ්නයක්.

    කුසල් සිත් සහ අකුසල් සිත් තියෙනවනෙ. මේවගෙ ප්‍රතිඵල විදිහට හටගන්න විපාක සිත් තියෙනවනෙ. මට දැනගන්න ඕනෙ මේ විපාක සිත් හටගන්නෙ අදාල කුසල් සිත ඇතිවෙලා නිරුද්ධ වෙලා ගිය ගමන්මද ? නැත්තං පස්සෙ තවත් සිත් දහස් ගාණක් ඇතිවුනාට පස්සෙද කියල.

    බොහෝ විට සිත් තවත් දහස් ගාණක් ඇතිවුනාට පස්සෙ වෙන්න ඇතිනෙ විපාක සිත ඇතිවෙනව ඇත්තෙ. ඒත් තියෙන ප්‍රශ්නෙ ඒ විපාක සිත කුසල් සිත ඇතිවෙලා තව සිත් කීයකට පස්සෙ ඇතිවෙයිද කියල කල් ඇතුව චිත්ත චෛතසික ගැන කියල තියෙන විස්තර ඇසුරෙන් පුරෝකථනය කරන්න පුලුවන්ද ?
    නැත්තං එක පාරට randomly විපාක සිත පහල වෙනවද ?

    තව එක කුසල් සිතකට ඇතිකරන්න පුලුවන් එක විපාක සිතක් විතරද ? කුසල් සිතට අදාලව විපාක සිත ඇතිවුනාට පස්සෙ ආයෙ ඒ සිතට තව දුරටත් විපාක සිත් ඇතිකරන්න බැරිවෙන්න බලය නැතිවෙනවද ?
    මෙ සක්වල වසන ඔනැම සත්වයෙකුටම (අසන්‍ය සත්වයෙ හැර) ඇතිවිය හැකි සිත් 89 ආකාරයක් තියනවා. උය 89 ප්‍රධාන කොටස් 3 කට බෙදනවා.
    1) කර්ම සිත් (ශක්තියක් ඇති කරයි - කෙදිනක හෝ විපාක දිය හැකි - එවෙලෙම හො ආත්ම ගණනාවකට පසු)
    2) විපාක සිත්(කර්ම සිත් වලින් ඇති වුන ශක්ති නිසා ඇතිවෙන සිත්)
    3) ක්‍රියා සිත් (ශක්තියක් ඇති හෝ නැති වීම සිදු නොවේ.)
     
    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    දන් දීම , අන්සතු වීම සහ සොරකම.

    සහෝදර වරු ,

    අනේ මට පොඩි ප්‍රශ්නයක් තියනව. ඇත්තම කිවොත් ගොඩක් ලොකු ප්‍රශ්නයක්. මානසික ප්‍රශ්නයක් වෙයි කියල බය හිතිලයි මේක දාන්න හිතුවේ.හිතල හිතල ඇති වෙලා ඉන්නේ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අනුකම්පාවෙන් මේකට උතරයක් හොයල දෙන්න. ගොඩක් පින් . මේක විහිළුවක් වත් වෙන මොකක් වත් හින්ද දන දෙයක් නෙවෙයි. මේ ත්‍රෙඩ් එකේ යන මාතෘකාවට ටිකක් පිටින් යනවා වගේ දෙයක් කියලත් හිතෙනවා. මට සමාවෙලා බනින්නේ නැතුව උත්තරයක් දෙන්න කාරුණික වෙයි කියල හිතනවා.

    ප්‍රශ්නය.

    දන් දීම , අන්සතු වීම සහ සොරකම.

    1) අපි දෙයක් කාට හරි දෙද්දී එක දෙන කෙනාගේ (දායකයා) ගේ අයිතිය කෙලවර වෙන්නේ කුමන අවස්ථාවේදීද ?

    මේක අහන්න හේතුව මෙකයි, අපි තමන්ගේ දෙයක් කාට හරි වේවා කියල හිතුවම (හිතනවා විතරයි , ප්‍රතිග්‍රහකයව දැනුවත් කරන්නේ නැහැ), සිතුවිල්ල නිසා එකේ අයිතිය ප්‍රතිග්‍රහකයාගේ වෙනවද ? නැත්තන් ප්‍රතිග්‍රාහකයාත් දායකයා ඒක එයාට දුන්න කියල දැනගන දෙන දේ , එක පිලිගත්තම ද එකේ අයිතිය ප්‍රතිග්‍රහකයාගේ වෙනේ ?

    අර විදියට සිතුවිල්ලකින් තව කෙනෙක්ගේ වේවා කියල හිතුවට පස්සේ එ දේ තමන් විසින්ම පාවිච්චි කරන්න ගත්ත කියමුකෝ එතකොට එක අන්සතු දෙයක් ගත්ත කියන පව සිද්ද වෙනවද (තමුන්නේ එක පාවිච්චි කරන්නේ, එතින් තමනුත් දන්නවනේ සිතුවිල්ලක් සිතුන කියල එතින් හිතේ චකිතයක් තියනව අන්සතු දෙයක් උනාද කියල )?

    අනේ මේකට කරුණාකරලා උත්තරයක් දෙන්න සහෝදරවරු

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    1) අපි දෙයක් කාට හරි දෙද්දී එක දෙන කෙනාගේ (දායකයා) ගේ අයිතිය කෙලවර වෙන්නේ කුමන අවස්ථාවේදීද ?

    අර විදියට සිතුවිල්ලකින් තව කෙනෙක්ගේ වේවා කියල හිතුවට පස්සේ එ දේ තමන් විසින්ම පාවිච්චි කරන්න ගත්ත කියමුකෝ එතකොට එක අන්සතු දෙයක් ගත්ත කියන පව සිද්ද වෙනවද (තමුන්නේ එක පාවිච්චි කරන්නේ, එතින් තමනුත් දන්නවනේ සිතුවිල්ලක් සිතුන කියල එතින් හිතේ චකිතයක් තියනව අන්සතු දෙයක් උනාද කියල )?

    අනේ මේකට කරුණාකරලා උත්තරයක් දෙන්න සහෝදරවරු

    1.සිතින් වෙන් කල අවස්ථාවේ එක වෙන පාර්ශවයකට අයිති වෙනවා
    හිතන්න අවුරුද්දට කැවිලි හදලා මුලින් බුදුන්ට කියලා වෙන් කරනවා .එකරලා ගෙදර අය කන්නේ .ඒ මුල් කොටස බුදු හිමිට පුජා කරලා ඉවර නිසානේ ..

    හිතන්න ඔය බික්ෂු සංඝයාට පිරිකරට සබන් දත් බෙහෙත් වෙන් කලා කියලා ඒ වෙන් කල අවස්ථාවේ මන් හිතන්නේ අයිතිය උන්වහන්සේලාට හිමි වෙනවා .(උන් වහන්සේලා ඒක පිලිගන්නත් ඕනද කියලනම් දන්නේ නෑ හරියටම ).ඉතින් එහෙම එකකින් අර ගත්තොත් හොරකමක් නෙවේ අනුන්ගේ දෙයක් ගත්තා කියන පවා වෙනවා නේද :baffled::baffled:

    ඉතින් ඔයාට උන සිදු වීම නොකියා හරියට දෙයක් කියන්න අමාරුයි .ගිහිව ජිවත් වෙද්දී අපි කෑ අතිනුත් පව් වෙනවනේ .ඉතින් ඇයි ඒක මානසික ප්‍රශ්නයක් වෙන්නේ :nerd:
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    සහෝදර වරු ,

    අනේ මට පොඩි ප්‍රශ්නයක් තියනව. ඇත්තම කිවොත් ගොඩක් ලොකු ප්‍රශ්නයක්. මානසික ප්‍රශ්නයක් වෙයි කියල බය හිතිලයි මේක දාන්න හිතුවේ.හිතල හිතල ඇති වෙලා ඉන්නේ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අනුකම්පාවෙන් මේකට උතරයක් හොයල දෙන්න. ගොඩක් පින් . මේක විහිළුවක් වත් වෙන මොකක් වත් හින්ද දන දෙයක් නෙවෙයි. මේ ත්‍රෙඩ් එකේ යන මාතෘකාවට ටිකක් පිටින් යනවා වගේ දෙයක් කියලත් හිතෙනවා. මට සමාවෙලා බනින්නේ නැතුව උත්තරයක් දෙන්න කාරුණික වෙයි කියල හිතනවා.

    ප්‍රශ්නය.

    දන් දීම , අන්සතු වීම සහ සොරකම.

    1) අපි දෙයක් කාට හරි දෙද්දී එක දෙන කෙනාගේ (දායකයා) ගේ අයිතිය කෙලවර වෙන්නේ කුමන අවස්ථාවේදීද ?

    මේක අහන්න හේතුව මෙකයි, අපි තමන්ගේ දෙයක් කාට හරි වේවා කියල හිතුවම (හිතනවා විතරයි , ප්‍රතිග්‍රහකයව දැනුවත් කරන්නේ නැහැ), සිතුවිල්ල නිසා එකේ අයිතිය ප්‍රතිග්‍රහකයාගේ වෙනවද ? නැත්තන් ප්‍රතිග්‍රාහකයාත් දායකයා ඒක එයාට දුන්න කියල දැනගන දෙන දේ , එක පිලිගත්තම ද එකේ අයිතිය ප්‍රතිග්‍රහකයාගේ වෙනේ ?

    අර විදියට සිතුවිල්ලකින් තව කෙනෙක්ගේ වේවා කියල හිතුවට පස්සේ එ දේ තමන් විසින්ම පාවිච්චි කරන්න ගත්ත කියමුකෝ එතකොට එක අන්සතු දෙයක් ගත්ත කියන පව සිද්ද වෙනවද (තමුන්නේ එක පාවිච්චි කරන්නේ, එතින් තමනුත් දන්නවනේ සිතුවිල්ලක් සිතුන කියල එතින් හිතේ චකිතයක් තියනව අන්සතු දෙයක් උනාද කියල )?

    අනේ මේකට කරුණාකරලා උත්තරයක් දෙන්න සහෝදරවරු

    ටිකක් අමාරු ප්‍රශ්නයක්. මම මට හිතෙන විදිහට උත්තරයක් දෙන්නම්.. 100% ක්ම හරි කියන්නනම් බෑ..

    චේතනාහං භික්කවේ කම්මං වදාමි

    ඔයා අදාල දෙය දෙනව කියල හිතල හිතෙන් දුන්න වෙලේම අදාල කුසල කර්මය සිද්ද වෙනව.

    හරියට අපි බුදු පිලිමෙකට මල් පූජා කරා වගේ.. බුදුහාමුදුරුවො පිරිනිවන් පාලනෙ.. ඒ නිසා මල් ගන්න කෙනෙක් නෑ.. ඒ වගේ ඔයාටත් receiver කෙනෙක් නැති උනාට කර්මය වෙනව..
    දෙවෙනි එක, ඒ දේ ආපහු ගද්දි අකුසලයක් වෙනවද කියන එක..
    ඔව් අකුසලයක් වෙනව.. හරියට අපි බුදු පිලිමෙට පූජා කරපු මල් ආපහු ගත්ත වගේ..
    හැබැයි වෙන පව බරපතල නෑ.. වෙන පිනත් එහෙම බරපතල ලොකු පිනක් නෙමේ..
    පව ලොකු එකක් නොවෙන්නෙ ඔයාට එන චේතනාව බරපතල එකක් නොවෙන නිසා..
    ඒ කියන්නෙ වෙන කෙනෙක්ගෙ දෙයක් ගන්නව වගේ බරපතල හොරකමක් වෙලා නෑනෙ..

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මට තියෙනව ප්‍රශ්නයක්.

    කුසල් සිත් සහ අකුසල් සිත් තියෙනවනෙ. මේවගෙ ප්‍රතිඵල විදිහට හටගන්න විපාක සිත් තියෙනවනෙ. මට දැනගන්න ඕනෙ මේ විපාක සිත් හටගන්නෙ අදාල කුසල් සිත ඇතිවෙලා නිරුද්ධ වෙලා ගිය ගමන්මද ? නැත්තං පස්සෙ තවත් සිත් දහස් ගාණක් ඇතිවුනාට පස්සෙද කියල.

    බොහෝ විට සිත් තවත් දහස් ගාණක් ඇතිවුනාට පස්සෙ වෙන්න ඇතිනෙ විපාක සිත ඇතිවෙනව ඇත්තෙ. ඒත් තියෙන ප්‍රශ්නෙ ඒ විපාක සිත කුසල් සිත ඇතිවෙලා තව සිත් කීයකට පස්සෙ ඇතිවෙයිද කියල කල් ඇතුව චිත්ත චෛතසික ගැන කියල තියෙන විස්තර ඇසුරෙන් පුරෝකථනය කරන්න පුලුවන්ද ?
    නැත්තං එක පාරට randomly විපාක සිත පහල වෙනවද ?

    තව එක කුසල් සිතකට ඇතිකරන්න පුලුවන් එක විපාක සිතක් විතරද ? කුසල් සිතට අදාලව විපාක සිත ඇතිවුනාට පස්සෙ ආයෙ ඒ සිතට තව දුරටත් විපාක සිත් ඇතිකරන්න බැරිවෙන්න බලය නැතිවෙනවද ?

    බුදුරජාණන් වහන්සේ ඇතැම් වෙලාවට කර්මය බීජයක් විදිහට උපමා කරල තියනව. ඒක නිසා මමත් ඒකම පාවිච්චි කරල පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්නම්.

    කුසල් ගෝ අකුසල් සිතක් නිසා ඇතිවෙන චේතනාවක් මුල් කරගෙන කර්මයක් ඇති වෙනව කියල හිතමුකෝ. ඒක හරියට ඇතිවෙන ශාක බීජයක් වගේ. ඒ බීජයෙන් ඇතිවෙන පැලෑටිය ඒ කර්මය නිසා ඇති වෙන විපාක සිත වගේ. සැබෑ පරිසරයේදීත්, එක එක බීජ ක්‍රියා කරන්නේ එක එක විදිහටනේ. වල් පැළෑටි වල වගේ බීජ නිකන් පොඩි දුවිල්ල ගොඩක රැඳුනත් පැල වෙනව. හැබැයි තවත් සමහර ඒව තවන් දාල, උෂ්ණත්වය, පොහොර, වතුර පාලනය කරල පැල කලේ නැත්නම් ඒ බීජයෙන් පැළෑටියක් ඇති වෙන්නේ නෑ.

    ඒ වගේ, සමහර කර්ම දිට්ටධම්ම වේදනීය කර්ම විදිහට කෙටි කාලයකදී විපාක සිත් ඇති කරනව(වල් පැල බිජ වගේ). සමහර කර්ම, ඒකට අදාළ විපාක සිත් ඇති කරන්න, ඒක අවශ්‍ය සාධක හා පරිසරය හරියන කල් කල්ප ගණන් බලන් ඉන්නව. සමහර කර්ම ගොඩක් බලවත් උනාම, ඒක හරියට බීජය ඒකට පැලවෙන්න අවශ්‍ය සාධක සලසාගන්න පරිසයට බලපෑම් කරනව වගේ දෙයක් වෙනව.

    ඉතින් ඒ වගේ, කර්මයකින් විපාක සිතක් ඇති කරන්න නිශ්චිත කාලයක් යන්නෙ නෑ. විපාක දෙන්න යන කාලය, කර්මයෙන් කර්මයට, ඒ සත්වයා ඉන්න පරිසය නිසාත්, විපාක දෙන්න තියන අනෙක් කර්මයන් නිසාත්, වෙනස් වෙනව.

    අනෙත් එක තමයි, එක බීජයකින් ඇති වෙන්නෙ එක ඵලයයි. එක බීජයකින් එක ගසක් හට ගත්තට පස්සෙ, අර බිජයේ ජීව බලය නැති වෙලා යනව වගේ. ඒ වගේ, එක කර්මයකින් ඇති කරන්නෙ එක විපාක සිතයි.

    හැබැයි සමහර විපාක සිත් ඇති වෙන කොට, ඒ විපාක සිත හේතු කරගෙන, අපි චේතනාවක් ඇති කරගෙන තවත් කර්ම සකස් කරගන්නව.

    ඒක හරියට, වී ඇටයකින් ගොයම් ගහක් හැදිල, ඒකෙ කරල් වලින් තව බිජ නිපදවනවා වගේ. ඒ අලුතෙන් හැදෙන බිජයත් වී ඇටයක්. ඒක පැල උනාම හැදෙන්නෙත් ගොයම් ගහක්. හැබැයි ඒක අර මුලින් පැල කරපු වී ඇටයම නෙමෙයි.

    ඒක නිසා තමයි සමහර බලවත් කර්ම භව ගණනක් එකම විදිහට විපාක දෙන්නෙ. එහෙම වෙන්නේ ඒ සත්වයා ඇති කරගත් පළවෙනි කර්මය නිසා නෙමෙයි; ඒ සත්වයාගේ මෝහය නිසා ඒ කර්මය තමන් විසින්ම වගා කරගෙන ඵලදාව ලබාගන්න නිසා.

    මේ සංසාරේ භියකරු වෙන්න තවත් හේතුවක් මේක. අපි නිවන් මාර්ගයේ නැත්නම්, අපිත් කර්මය වගා කරන ගොවියෝ සෙට් එකක්. ගොඩක් වෙලාවට අපි ඉල්ලන් කන්නෙ.:lol::lol::lol:
     
    • Like
    Reactions: WhiteWalker

    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    අනේ බොහොම පින් සහොල. මටත් හිතුනේ ඕකමයි . අපි මල් පහන් පුජ කරන විදිය.

    දැන් කියන්නම්කො මට උන දේ (දැන් නම් විනාස වෙලා ඉන්නේ හොඳටම ).

    මාත් ඔය විදියට හිතුව. පිළිගන්න කෙනෙක් හිට්යේ නැති උනාට අපි කොතැනක හරි ඔහොම හිතුව පුජ වෙනවනේ නේද කියල. එතින් මල් පහන් වගේම අනිත් ඕනේ දේකුත් එහෙම හිතුවම පුජ කරා වෙනව නේද ඒ විදයට ගත්තොත් කියල. එතින් මට එක පාරට හිතුන අපි පාවිච්චි කරන දේවල් ගැනත් එහෙම හිතුනොත් හිතපු සැනින් පුජ වෙනවා නේද කියල. එහෙම උනොත් ඒවා අන්සතුයි , මන් අපහු ගන්න හොඳ නැහැ අකුසලයක් සිද්ද වෙනවනේ කියල. එතින් හිත ගත්ත දෙන්න අවශ්‍යම දෙයක් හැර වෙන කිසි දෙයක් ගැන එහෙම හිතන්නේ නැතුව ඉන්නවා කියල,

    දැන් තමයි ප්‍රශ්නේ උනේ , හිතන්නේ නැහැ කියල හිතුව විතරයි ඒ සිතුවිල්ලම එනවා සහොල. මුලින්ම එහෙම හිතුන දේවල් මන් පාවිච්චියට ගන්නේ නැතුව අයින් කරා :((
    එත් සිතුවිල්ල control එකක් නැතුව එනවා. එතින් පුදුම බයයි. අන්සතු දෙයක් නේද මන් මේ පාවිච්චි කරනේ කියල. එ සැකේ තියනවා හිතේ. පුදුම විදයට අව්ල් වෙලා ඉන්නේ මන්. එපා වෙලා ඉන්නේ දැන් නම්.

    හිතට එකම සැනසීමකට තිබ්බේ මෙන්න මේ දේවල් ටික , එඅ නිසා හිත හදන හිටියේ පිළිගන්නේ නැතුව ප්‍රතිග්‍රහකයාගේ අයිතියට යන්නේ නැහැ කියල.

    * එක බමුණෙක් ඇවිත් බුදුහාමුදුරුවන්ට බනිනවා, බුදුහාමුදුරෝවෝ දේශනා කරනව බමුණ, මන් ඔය වචන බාරගන්නේ නැහැ, එක නිසා ඒවා ඔබේම නේද කියල, ( මෙන්න මේ වගේ තේරුමක් එ කත්වේ තිබ්බේ, හරියටම මතක නැහැ )
    * බුදුහාමුදුරුවොත් සමහර අය පිලිගන්වපු දාන පිළිගන්නේ නැතුව ඉඳල තියනවා. (කසී භාරද්වාජ වගේ අය)
    * නිරෝධ සමපතියෙන් නැගිටපු රහතන් වහන්සේ කෙනෙක් දුපත් කෙනෙක්ට පිහිට වෙනවා කියල හිතල පිණ්ඩපාතේ වදිද්දී දේවතාවියෝ වගයක් දානේ පිලිගන්වල තියනව , ඒවා බාරගන නැහැ. එත් සක්‍රය දුප්පත් කෙනෙක් වගේ ඇවිත් දැනේ පිලිගන්වල තියනවා . අනිට්මට රහතන් වහන්සේ ඇහුවලු ඇයි සක්‍රය ඔබ මාව රැවට්ටුවේ. රවට්ටලා දන් දුන්නේ කියල.

    අනේ මන්ද බන් මානසික වදයක් බන් මේ සිතුවිල්ල.

    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    සහෝදර වරු ,

    අනේ මට පොඩි ප්‍රශ්නයක් තියනව. ඇත්තම කිවොත් ගොඩක් ලොකු ප්‍රශ්නයක්. මානසික ප්‍රශ්නයක් වෙයි කියල බය හිතිලයි මේක දාන්න හිතුවේ.හිතල හිතල ඇති වෙලා ඉන්නේ. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අනුකම්පාවෙන් මේකට උතරයක් හොයල දෙන්න. ගොඩක් පින් . මේක විහිළුවක් වත් වෙන මොකක් වත් හින්ද දන දෙයක් නෙවෙයි. මේ ත්‍රෙඩ් එකේ යන මාතෘකාවට ටිකක් පිටින් යනවා වගේ දෙයක් කියලත් හිතෙනවා. මට සමාවෙලා බනින්නේ නැතුව උත්තරයක් දෙන්න කාරුණික වෙයි කියල හිතනවා.

    ප්‍රශ්නය.

    දන් දීම , අන්සතු වීම සහ සොරකම.

    1) අපි දෙයක් කාට හරි දෙද්දී එක දෙන කෙනාගේ (දායකයා) ගේ අයිතිය කෙලවර වෙන්නේ කුමන අවස්ථාවේදීද ?

    මේක අහන්න හේතුව මෙකයි, අපි තමන්ගේ දෙයක් කාට හරි වේවා කියල හිතුවම (හිතනවා විතරයි , ප්‍රතිග්‍රහකයව දැනුවත් කරන්නේ නැහැ), සිතුවිල්ල නිසා එකේ අයිතිය ප්‍රතිග්‍රහකයාගේ වෙනවද ? නැත්තන් ප්‍රතිග්‍රාහකයාත් දායකයා ඒක එයාට දුන්න කියල දැනගන දෙන දේ , එක පිලිගත්තම ද එකේ අයිතිය ප්‍රතිග්‍රහකයාගේ වෙනේ ?

    අර විදියට සිතුවිල්ලකින් තව කෙනෙක්ගේ වේවා කියල හිතුවට පස්සේ එ දේ තමන් විසින්ම පාවිච්චි කරන්න ගත්ත කියමුකෝ එතකොට එක අන්සතු දෙයක් ගත්ත කියන පව සිද්ද වෙනවද (තමුන්නේ එක පාවිච්චි කරන්නේ, එතින් තමනුත් දන්නවනේ සිතුවිල්ලක් සිතුන කියල එතින් හිතේ චකිතයක් තියනව අන්සතු දෙයක් උනාද කියල )?

    අනේ මේකට කරුණාකරලා උත්තරයක් දෙන්න සහෝදරවරු

    කලින් කට්ටිය කිව්ව වගේ, උන දේ හරියට නොදැන උත්තරයක් දෙන්න අමාරුයි. හැබැයි මේක උපරිම නරක පැත්තට ගත්තත් ලොකු කර්මයක් රැස් වෙන දෙයක් නෙමෙයි. ඒක නිසා එච්චර හිතන්න ඕන නෑ. ඔයා මේක ගැන ඕනෑවට වැඩිය හිතින් කරදර වෙලා, විහින් අකුසල් රැස් කරගන්නව.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    අනේ බොහොම පින් සහොල. මටත් හිතුනේ ඕකමයි . අපි මල් පහන් පුජ කරන විදිය.

    දැන් කියන්නම්කො මට උන දේ (දැන් නම් විනාස වෙලා ඉන්නේ හොඳටම ).

    මාත් ඔය විදියට හිතුව. පිළිගන්න කෙනෙක් හිට්යේ නැති උනාට අපි කොතැනක හරි ඔහොම හිතුව පුජ වෙනවනේ නේද කියල. එතින් මල් පහන් වගේම අනිත් ඕනේ දේකුත් එහෙම හිතුවම පුජ කරා වෙනව නේද ඒ විදයට ගත්තොත් කියල. එතින් මට එක පාරට හිතුන අපි පාවිච්චි කරන දේවල් ගැනත් එහෙම හිතුනොත් හිතපු සැනින් පුජ වෙනවා නේද කියල. එහෙම උනොත් ඒවා අන්සතුයි , මන් අපහු ගන්න හොඳ නැහැ අකුසලයක් සිද්ද වෙනවනේ කියල. එතින් හිත ගත්ත දෙන්න අවශ්‍යම දෙයක් හරි වෙන දෙයක් ගැන එහෙම හිතන්නේ නැතුව ඉන්නවා කියල,

    දැන් තමයි ප්‍රශ්නේ උනේ , හිතන්නේ නැහැ කියල හිතුව විතරයි ඒ සිතුවිල්ලම එනවා සහොල. එතින් අර විදියට හිතුං දේවල් දැන් පාවිචිචි කරන්නත් බයයි. එපා වෙලා ඉන්නේ දැන් නම්.

    හිතට එකම සැනසීමකට තිබ්බේ මෙන්න මේ දේවල් ටික , එඅ නිසා හිත හදන හිටියේ පිළිගන්නේ නැතුව ප්‍රතිග්‍රහකයාගේ අයිතියට යන්නේ නැහැ කියල.

    * එක බමුණෙක් ඇවිත් බුදුහාමුදුරුවන්ට බනිනවා, බුදුහාමුදුරෝවෝ දේශනා කරනව බමුණ, මන් ඔය වචන බාරගන්නේ නැහැ, එක නිසා ඒවා ඔබේම නේද කියල, ( මෙන්න මේ වගේ තේරුමක් එ කත්වේ තිබ්බේ, හරියටම මතක නැහැ )
    * බුදුහාමුදුරුවොත් සමහර අය පිලිගන්වපු දාන පිළිගන්නේ නැතුව ඉඳල තියනවා. (කසී භාරද්වාජ වගේ අය)
    * නිරෝධ සමපතියෙන් නැගිටපු රහතන් වහන්සේ කෙනෙක් දුපත් කෙනෙක්ට පිහිට වෙනවා කියල හිතල පිණ්ඩපාතේ වදිද්දී දේවතාවියෝ වගයක් දානේ පිලිගන්වල තියනව , ඒවා බාරගන නැහැ. එත් සක්‍රය දුප්පත් කෙනෙක් වගේ ඇවිත් දැනේ පිලිගන්වල තියනවා . අනිට්මට රහතන් වහන්සේ ඇහුවලු ඇයි සක්‍රය ඔබ මාව රැවට්ටුවේ. රවට්ටලා දන් දුන්නේ කියල.

    අනේ මන්ද බන් මානසික වදයක් බන් මේ සිතුවිල්ල.

    උබට ලාවට OCD වගේ බං...anxiety වගේ තියනවද්?..
    ඩොකෙග්ගෙන් බෙහෙත් ටිකක් ගනින්.. ඕක හරි යයි...
    අනික සිතුවිල්ලක් හා චේතනාව කියන්නෙ දෙකක්.. උබට එන්නෙ obssessive සිතුවිලි..

    ඒ සිතුවිලි නවත්තන්න හදන සිතුවිලි තමා චේතනා වෙන්නෙ..
    එහෙම බැලුවොත් උබට කිසිම කර්මයක් වෙලා නෑ..

    නැත්තං බන් ඔය ඔක්කොම OCD ලෙඩ්ඩුන්ට යන්න අපායවල් හදන්න වෙයිනෙ..

    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    උබට ලාවට OCD වගේ බං...anxiety වගේ තියනවද්?..
    ඩොකෙග්ගෙන් බෙහෙත් ටිකක් ගනින්.. ඕක හරි යයි...
    අනික සිතුවිල්ලක් හා චේතනාව කියන්නෙ දෙකක්.. උබට එන්නෙ obssessive සිතුවිලි..

    ඒ සිතුවිලි නවත්තන්න හදන සිතුවිලි තමා චේතනා වෙන්නෙ..
    එහෙම බැලුවොත් උබට කිසිම කර්මයක් වෙලා නෑ..

    නැත්තං බන් ඔය ඔක්කොම OCD ලෙඩ්ඩුන්ට යන්න අපායවල් හදන්න වෙයිනෙ..

    මාත් පොඩ්ඩක් හොයල බැලුව එ නිසා තමයි මන් හිතුවේ OCD වලට වත් හැරෙයිද කියල. එකයි කිවේ මානසික ප්‍රශ්නයක් වෙයිද කියල බය හිතිලයි දැම්මේ කියල.

    හිතුව වැඩි උනා බන්. එ වෙලාවේම එ ගැන හිතන්නේ නැතුව හිටිය නම් ඉවරයි. දැන් එතින් හෙන වදයක් .
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0

    මාත් පොඩ්ඩක් හොයල බැලුව එ නිසා තමයි මන් හිතුවේ OCD වලට වත් හැරෙයිද කියල. එකයි කිවේ මානසික ප්‍රශ්නයක් වෙයිද කියල බය හිතිලයි දැම්මේ කියල.

    හිතුව වැඩි උනා බන්. එ වෙලාවේම එ ගැන හිතන්නේ නැතුව හිටිය නම් ඉවරයි. දැන් එතින් හෙන වදයක් .

    දැන් ඉතින් ඔය සිතුවිලි එන එක නතර කරගන්න try කරපන්...
    බැරි උනොත් ඩොකෙක් ගාවට පලයන්... ඔතනදි එන්නෙ repetitive thoughts විතරයි.. කර්මයක් අදාල වෙන්නෙ නෑ... ඒ නිසා බය නැතුව ඉඳපන්...
     
    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    දැන් ඉතින් ඔය සිතුවිලි එන එක නතර කරගන්න try කරපන්...
    බැරි උනොත් ඩොකෙක් ගාවට පලයන්... ඔතනදි එන්නෙ repetitive thoughts විතරයි.. කර්මයක් අදාල වෙන්නෙ නෑ... ඒ නිසා බය නැතුව ඉඳපන්...
    :):):)
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    l1gEAwx.gif

    සාපේක්ෂත්වයේ මඟ
    http://www.elakiri.com/forum/showthread.php?t=1809571

    --

    වලස්මුල්ලේ අභය හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    චතුරාර්ය සත්‍යය ප්‍රකම්පනය වන බවට මෝඩ බමුණු මතයක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1825216

    ථේරවාදී ආර්ය එකමුතුව: වලස්මුල්ලේ අභය පාපී භික්ෂුවගේ අනිච්ච අර්ථ විකෘතිය
    http://www.elakiri.com/forum/showthread.php?t=1815802

    "I Love You" - මෝඩ බමුණන් ගැන ගෙතූ කථාවක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1815386

    පච දේශකයින් මැද අයෙක් බබළයි! (වලස්මුල්ලේ අභය හිමි ජනතාව මුලා කරන බව සහ එහිමියන් යටතේ පැවිදි වූවෙකු ගෙවන දෙබිඩි ජීවිතය Youtube පරිශීලකයෙකුගේ විස්තර කිරීමක්)
    http://www.elakiri.com/forum/showthread.php?t=1814306

    ත්‍රිපිටකෙත් බැරි බට-අභය හිමි - Video
    http://www.elakiri.com/forum/showthread.php?t=1812342

    වලස්මුල්ලේ අභය හිමිගේ 'යන්නේ කොහෙද මල්ලේ පොල්' කථා ගැන සහ විටෙක අනාර්යය යැයි ද, තවත් විටෙක ආර්යය යැයි ද ලෙස භාවනාවක් පටලැවීම ගැන Elakiri පරිශීලකයෙකුගේ අත්දැකීම්
    http://www.elakiri.com/forum/showthread.php?p=21996020

    ආර්ය සල්ලෙඛය ගැන වලස්මුල්ලේ අභය හිමිගේ බමුණු විස්තර කිරීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1806487

    වලස්මුල්ලේ අභය හිමිගෙන් ආදරයට නව අරුතක්
    http://www.elakiri.com/forum/showthread.php?t=1805845

    නිත්‍ය දේ ගැන ත්‍රිපිටකයේම සඳහන් බැවින් 'සියල්ල අනිත්‍යයි' කීම නොගැළපේ යැයි වලස්මුල්ලේ අභය හිමි නොගැළපෙන්නක්ම පැවසීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1800141

    වලස්මුල්ලේ අභය හිමිගේ ත්‍රිකෝණ පටලැවිල්ල
    http://www.elakiri.com/forum/showthread.php?t=1799505

    වලස්මුල්ලේ අභය හිමිගේ අනිච්ඡ අඳෝනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1793843

    අභය හිමිගේ බට සුද්ධය
    http://www.elakiri.com/forum/showthread.php?t=1793694

    වලස්මුල්ලේ අභය හිමි සීලය හොරකමක් සේ දැකීම
    http://www.elakiri.com/forum/showthread.php?t=1793647

    තෙරුවන් ගුණ පටලැවිල්ල - "මම අහපු ඇති දෙයක් නැති බනක් තියෙනවා පල්ලෙහා ලින්ක් එකේ"
    http://www.elakiri.com/forum/showthread.php?t=1788777

    වලස්මුල්ලේ අභය හිමිගේ ප්‍රෝඩා එළිදරව්ව!

    Skylark
     
    • Like
    Reactions: Hashcode