අරන්තලාවේදී

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොටි සංවිධානය 26 වසරකට පෙර අම්පාර අරන්තලාවේදී භික්ෂූන් තිස් දෙනමක් ඝාතනය කිරීමේ සිද්ධිය සිහිපත් කරමින් භික්ෂූන් සිය නමක් අද උදෑසන පිණ්ඩපාත චාරිකාවක යෙදුනාහ.

    කිරිදිවැල සෝමරත්න නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය මුලින්ම අරන්තලාවේ ස්මාරකය වෙත ගොස් ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව චාරිකාව ඇරඹිණි.

    කොටි ත්‍රස්තවාදීන් එදා භික්ෂූන් ගමන් කළ බස් රථයේදීම ඝාතනය සිදු කළ ආකාරය එතන මූර්තියට නගා ඇත.

    04(151).jpg


    05(135).jpg


    06(134).jpg


    07(129).jpg


    08(115).jpg


    09(106).jpg


    16(84).jpg


    17(73).jpg
     

    KingAshi

    Active member
  • May 19, 2011
    809
    136
    43
    Paraguay
    නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුනා අම්මාන් ලබාදුන් අපූර්ව සම්මුඛ සාකච්ඡාවක් පසුගිය සතිඅන්ත ලංකාදීප පුවත්පතේ පලවිය.අශෝක අධිරාජ්‍යයා ප්‍රචන්ඩත්වය අත්හැර සාමකාමී ජීවිතයකට යොමුවුනා සේ තමන්ද දැන් ප්‍රජාතන්ත්‍රවාදය වෙත පැමින තිබෙන බව එහිදී පවසා තිබූ ඔහු මිනීමරු අංගුලිමාලට රහත්විය හැකි නම් තමාට පමනක් ගරහන්නේ ඇයිදැයි ප්‍රශ්න‍ කොට තිබුනි.තමා දැන් බෞද්ධ පොත පත ඇසුරු කරමින් බුදුදහමට අනුව ජීවිතය හැඩගස්වා ගැනීමට උත්සාහ දරන බව එහිදී හෙතෙම වැඩිදුරටත් සදහන් කොට තිබුනි.


    කරුනා අම්මාන් මහතා බැලූ බැල්මට ගත කරනුයේ සුඛිත මුදිත ජීවිතයකි.හෙතෙම නියෝජ්‍ය අමාත්‍යධූරයක් හොබවයි.ආන්ඩු පක්‍ෂ‍යේ උසස් නිලයක් ඔහුට හිමිය.උත්සව අවස්ථාවකදී ගනු ලැබූ රූමත් කාන්තාවක් ආලිංගන ලීලාවෙන් වැලදගත් සිනහමුසු කරුනාගේ ඡායාරූප පෙලක් පසුගිය දිනවල අන්තර්ජාලයේ සංසරනය විය.කරුනාගේ නීත්‍යනුකූල භාර්යාව මේ වනවිට ලන්ඩනයේ ජීවත් වන අතර ඔහු සමග උත්සව අවස්ථාවන්ට සහභාගී වන ස්ත්‍රිය ඔහුගේ පුද්ගලික ලේකම්වරිය යැයි කියැවේ.නැගෙනහිර ඝන කැලෑ තුල ගතකල රලු ජීවිතය හා සසදන විට කරුනාගේ වර්තමාන පැවැත්ම ප්‍රමෝදය උතුරා ගලන එකකි.

    එහෙත් එම ආස්වාදයේ හිඩැසක් ඇත.ලංකාදීපයේ පලවන කරුනාගේ ප්‍රකාශය එම හිඩැස මූර්තිමත් කරයි.කොටි සංවිධානය පරාජය කිරීමේදී කරුනා ඉටු කල මෙහෙය අති විශාලය.තමාම කලෙක නායකයෙකුව සිට ගොඩනැගූ සංවිධානයක් චප්ප කිරීමට රාජ්‍යයට සහය වීමෙන් කරුනා අපේක්ෂා කලේ අන් කවරක් හෝ නොව සිංහල දේශපාලන ලෝකයේ "පිලිගැනීමයි".ලංකාවේ අධිපති දේශපාලන කතිකාවත සිංහල කේන්ද්‍රීය එකකි.කොටි සංවිධානයෙන් කැඩී හමුදාව සමග සන්ධානගත වීම සමග කරුනා සිදුකරන්නේ දෙමල ජාතිකවාදී කතිකාවතෙන් කැඩී සිංහල කේන්ද්‍රීය කතිකාවත තුලට ඇතුලු වීමයි.

    ඉන්පසු ඔහු සිදුකල සෑම දෙයක්ම අප වටහා ගත යුත්තේ තමා අවතීර්නය වූ මෙම නව කතිකාවත තුල තහවුරු වීම සදහා ඔහු විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග ලෙසය.එක්තරා ෂර්ලොක් හෝම්ස් කතාවක (The valley of fear) එක්සත් ජනපදයේ මාෆියා කල්ලියකට ඇතුලු වන රහස් පරීක්ෂකවරයෙකු එම කල්ලියේ ඓන්ද්‍රීය සාමාජිකයෙක් වීම සදහා දරනු ලැබූ උත්සාහය පිලිබද රසවත් විස්තරයක් එයි.ඒ සදහා හෙතෙම එම කල්ලියේ අනෙක් අය අනුයයි.තමා එම කල්ලිය වෙනුවෙන් හදවතින්ම කැපවූවෙකු බව හැකි සෑම විටම පෙන්වීමට වෑයම් කරයි."පිටස්තරයාගේ" තත්වයේ සිට "කල්ලියේ එකා"ගේ තත්වයට උසස්වීම පහසු නොවේ.එම පිලිගැනීම දිනාගත හැක්කේ තමා "කල්ලියේ අයටත් වඩා කල්ලියේ එකෙකි" යන්න ඔප්පු කිරීමට මහන්සි වන තරමටය.

    මේ අනුව සිංහල දේශපාලන රාමුවේ ඓන්ද්‍රීය සාමාජිකයෙක් වීම සදහා කරුනා කල දේ බොහෝය.අතීතයේ තමන් සමග එක කදවුරේ සිටි සගයන් සමූලඝාතනය කරදැමීම සදහා හෙතෙම රාජ්‍යයට කොන්දේසි විරහිතව සහය දැක්වීය.ඉනුදු නොනැවතී තමා නායකත්වය දැරූ ටී.එම්.වී.පී නම් දෙමල පක්ෂයෙන් ඉවත්ව හෙතෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තේය.මහනායක හිමිවරු බැහැ දුටුවේය.මල් වට්ටි ගෙන පන්සල් ගානේ ඇවිද්දේය.ජාතික ප්‍රශ්නය විෂයෙහි ජාතිවාදී වීම පිලිබද චෝදනාවක් රජයට එල්ල වන්නේ යම් අවස්ථාවකදීද රජයේ දැහැමිබව කියාපෑම වෙනුවෙන් හෙතෙම නොපැකිල ඉදිරිපත් වූයේය.

    මේ සියල්ල වෙනුවෙන් කරුනාට හිමිවූයේ භෞතික වරප්‍රසාදයන්ය.දෙමල සමාජයේ විශ්වාසය දිනාගත නොහැකිව අර්බුදයට පත් රාජ්‍යයට තමා වෙනුවෙන් තමාගේ අයටත් වඩා උවමනාවකින් පෙනී සිටින හිටපු දමිල කැරලි නායකයෙකු යනු මිල කල නොහැකි සම්පතකි.කෙසේවුවද කෙතරම් භෞතික වරප්‍රසාද පිරිනැමූවද කරුනා සිය "කල්ලියේ එකෙකු" ලෙස පිලිගැනීමට සිංහල අධිපති කතිකාවත සූදානම් නැති බවට උක්ත පුවත්පත් සාකච්ඡාව හෙලිකරයි. "තමාගේ අතීතයට ගරහන්න එපා" යැයි කරුනාට නැවත නැවත යාප්පු වීමට සිදුවී තිබෙනුයේ එබැවිනි.

    සිංහලවාදී දේශපාලන කතිකාවත කරුනා වැන්නවුන් කෙරෙහි දක්වන්නේ උපයෝගිතාවාදී උනන්දුවකි.මෑතකදී ඇමතිවරුන් පිරිසක් උතුරේ කල සංචාරයකදී ගුනරත්න වීරකෝන් අමාත්‍යවරයා කරුනා අම්මාන්ට ඔහුගේ "ත්‍රස්තවාදී" ඉතිහාසය පිලිබදව ඇනුම්පදමය ස්වරූපී විහිලු කල බව පසුගිය සතියේ සිංහල පුවත්පත්වල ඕපාදූප තීරුවල සදහන්ව තිබුනි.කරුනා සැබැවින්ම සිංහල දේශපාලන ලෝකය තුල (දේශපාලකයන්ට සහ පොදු සමාජයට) "අපේ එකෙකු" නොව "පිටස්තරයෙකි".අපගේ ආධිපත්‍යය රැකගැනීම සදහා නුඹ අපට උදව් කලෙහිය.ඒ සදහා නුඹට අප යම් යම් වරප්‍රසාද ලබාදෙමු.ගනුදෙනුව එපමනකි.අප හා සම වීමට නුඹට නොහැක.කෙතරම් වෑයම් කලද කරුනාට සිංහල දේශපාලන ලෝකයෙන් ලැබෙන ප්‍රතිචාරය එයයි.

    මේ අනුව දැන් කරුනා කරන්නේ කුමක්ද?සිය දෙමල අනන්‍යතාවය ඉවත දමා සිංහල බෞද්ධයෙකු වීමෙන් හෝ තමාට අහිමි පිලිගැනීම ලබාගැනීමට හෙතෙම වෑයම් කරයි.බන පොත් කියවන දැහැමි සැදැහැවතෙකු ලෙස සිංහල සමාජය අභියස ඔහුට රගපාන්නට වී තිබෙනුයේ මේ නිසාය. කරුනා විසින් පලාත් සභාවන්ට ඉඩම් හා පොලිස් බලතල පැවැරීම ප්‍රසිද්ධ ප්‍රකාශයකින් පසුගිය දිනෙක හෙලා දැක තිබුනි.පලාත් සභා සහ ජාතික ප්‍රශ්නය අතර සම්බන්ධය වෙනම සාකච්ඡා කල යුත්තකි.කෙසේවෙතත් සිංහල කේන්ද්‍රීය රාජ්‍යයට එරෙහිව වෙනම රටක් වෙනුවෙන් යුද්ධ කල තැනැත්තෙකු පලාත් සභාවලට ඉඩම් බලයවත් දිය යුතු නැතැයි කීම උත්ප්‍රාසාත්මකය.කරුනා මෙසේ කියනුයේ නැගෙනහිර පලාත් සභාවේ ඉඩම් ඇමති විමලවීර දිසානායක වැන්නවුන් පවා ඉඩම් බලතල ඉල්ලා සිටින සන්දර්භයකය.සිංහල ලෝකයේ පිලිගැනීම ලබාගැනීමට "සිංහලයන්ටත් වඩා සිංහල වීමට" කරුනාට සිදුව තිබෙනුයේ එලෙසිනි.

    කරුනා අම්මාන්ගේ මෙම ඉරනම එකවිට පිලිකුල සහ අනුකම්පාව උපදවන්නකි.හෙතෙම භෞතික වරප්‍රසාද අභියස සිය පෞරුෂය අහිමි කරගත් අධමයෙකු වීම මත මෙම කතාව පිලිකුල් සහගතය.එසේම අධිපති සිංහල කතිකාවත තුල දමිලයෙකුට කිසිදිනෙක නොලැබෙන පිලිගැනීම ලබාගැනීමට හෙතෙම දරන ‍කනගාටුදායක වෙහෙස අනුකම්පා කටයුතුය.

    karuna--ramada-dance.jpg
     
    Last edited:
    • Like
    Reactions: sa198802

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අරන්තලාවේ භික්ෂු ඝාතනය කරපු උදවියට කර්මානුරුපිව නිසි දඬුවම් ලැබෙයි. කර්මය සෙවනැල්ල වගේ සංසාරේ පුරාම හැමකෙනාම පස්සෙන් එනවා. ඒ ගැන කතා දෙකක් නැහැ. කරුණා අම්මාන් මේ භික්ෂු ඝාතනය මෙහෙයුවනම් ඒ පවා එයාට පලදෙනවාමයි.
    ඒ කර්මානුරුපිව සිද්දවෙන දේ වෙන එක කාටවත් වලක්වන්න කොහෙත්ම බැහැ . එත් වරදක් කරපු කෙනෙකුට තමුන්ගේ වරද අවබෝදකරගෙන ඒ වරදින් මිදිලා යහපත් ජීවිතයක් ගතකරන්න අවස්තාවක් දිය යුතුයි. ඒ වැරදිකාරයා දිහා හැමදාමත් වැරදිකාර ඇහැකින් බලන්න ගියාම ඒ වැරදිකාරයා මේ සමාජේ ගැන කලකිරිලා අයෙත් ඒ වරදේම බැඳෙන්න තියන ඉඩ වැඩියි. ඒ හින්ද මේ කුහකත්වයෙන් මිදිලා යහපත් සමාජයක් ගොඩනගන්නනම් මිට වඩා මෛත්‍රියෙන් ලෝකේ දිහා බැලිය යුතුයි. කරුණා අම්මාන් ගැන මේ දාල තියන ලිපියේ තනිකර ගැබ්වෙලා තියෙන්නේ කුහකකම සහ ඉරිසියාව.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අරන්තලාවේ භික්ෂු ඝාතනය කරපු උදවියට කර්මානුරුපිව නිසි දඬුවම් ලැබෙයි. කර්මය සෙවනැල්ල වගේ සංසාරේ පුරාම හැමකෙනාම පස්සෙන් එනවා. ඒ ගැන කතා දෙකක් නැහැ. කරුණා අම්මාන් මේ භික්ෂු ඝාතනය මෙහෙයුවනම් ඒ පවා එයාට පලදෙනවාමයි.
    ඒ කර්මානුරුපිව සිද්දවෙන දේ වෙන එක කාටවත් වලක්වන්න කොහෙත්ම බැහැ . එත් වරදක් කරපු කෙනෙකුට තමුන්ගේ වරද අවබෝදකරගෙන ඒ වරදින් මිදිලා යහපත් ජීවිතයක් ගතකරන්න අවස්තාවක් දිය යුතුයි. ඒ වැරදිකාරයා දිහා හැමදාමත් වැරදිකාර ඇහැකින් බලන්න ගියාම ඒ වැරදිකාරයා මේ සමාජේ ගැන කලකිරිලා අයෙත් ඒ වරදේම බැඳෙන්න තියන ඉඩ වැඩියි. ඒ හින්ද මේ කුහකත්වයෙන් මිදිලා යහපත් සමාජයක් ගොඩනගන්නනම් මිට වඩා මෛත්‍රියෙන් ලෝකේ දිහා බැලිය යුතුයි. කරුණා අම්මාන් ගැන මේ දාල තියන ලිපියේ තනිකර ගැබ්වෙලා තියෙන්නේ කුහකකම සහ ඉරිසියාව.

    එහෙම කියන එක වැරදි මචං. මොකා හොඳ මාර්ගෙට ආවත් රටේ නීතියක් කියලා දෙයක් තියෙන්න ඕනේ. උඹ හරි මම හරි ඔය දේ කරලා නිදහසේ ඉන්ඩ පුළුවන් වෙයිද? :no:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එහෙම කියන එක වැරදි මචං. මොකා හොඳ මාර්ගෙට ආවත් රටේ නීතියක් කියලා දෙයක් තියෙන්න ඕනේ. උඹ හරි මම හරි ඔය දේ කරලා නිදහසේ ඉන්ඩ පුළුවන් වෙයිද? :no:

    උඹ කියනදේ වැරදි නැහැ. වරදක් කරානම් නීතිය ඉදිරියට පමුණුවන්න ඕන. එත් ලංකාවේ නීතිය අනුව විත්ති කරුවෙක් උසාවියේදී වරදිකරුවෙක් වෙන්න ශාක්ෂි අවශ්‍යයි. කරුණා අම්මාන්ට විරුද්දව නඩුවක් පවරන කෙනෙක් අඩුම තරම ඇසින් දුටු සාක්ෂියක් හෝ ඊට සමාන ප්‍රභල සාක්ෂියක් ඉදිරිපත්කර යුතුයි. මෙන්න මෙතැනදී කරුණා අම්මාන් නිදොස්කොට නිදහස් වෙනවා. එහෙමයි ලංකාවේ නීතිය හැදිලා තියෙන්නේ.
    උසාවියෙන් වරදිකාරයෙක් වෙන කෙනෙකුට වැඩිය ප්‍රභලව දඬුවම් ලැබෙනවා තමුන්ගේ හර්ද ශාක්ෂිය තමුන්ට චෝදනා කරනකොට. අන්න එතැනදී කෙනෙක් යහපත් ජීවිතයකට අවතීරණ වෙන්න උත්සහ කරනවානම් එක තමයි සුදුසුම විදිහ. මම කියන්නේ නැහැ කරුණා අම්මාන් නිවැරදියි කියල. එත් නීතිමය කටයුත්තක් කෙරෙන්නේ නැත්තම් ඒ පුද්ගලයාගෙන් සිවිල් ජන ජීවිතයට කරදරයක් නැත්තම් සුදුසුම දේ ඒ පුද්ගලයාට පාඩුවේ ජීවත්වෙන්න ඉඩදීම නෙවෙයිද?

    කරුණා අම්මාන්ට අදාළ වෙන නීතිය අපිට වලංගු වෙන්නේ නැහැ මචන්. මොකද අපේ රටේ ඕනෑම හොර තක්කඩියෙකුට මිනිමරුවෙකුට දේශපාලනය ඇතුලේ රැකවරණය තියෙනවා. අන්න එතන තමයි අපේ රටට වැරදුන තැන. ඒ කතාවට මම උඹ එක්ක 100% එකඟයි. අපේ රටේ නීතිය වල් වැදිලා. අපේ රටේ නීතිය දේශපාලනයේ නිරත වන්නන්න්ට වංගු සහිතයි මචන් .