අලුත් මාළු විකිණීමට තිබේ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අලුත් මාළු විකිණීමට තිබේ

    පබිලිස් සිඤ්ඤෝ ප්‍රසිද්ධ මාළු වෙළෙන්දෙක්. ගමේ කට්ටිය කථා කළේ පබිලිස් අයියා කියලයි. පොඩි ළමයිනම් පබිලිස් මාම කියලත් කිව්ව. උදැහැනැක්කෙම සිදාදියට බයිසිකලෙන් ගොහින් තෝරු, මෝරු, කෙලවල්ලො, සාලයො, පියාමැස්සො හාල්මැස්සො, ඉස්සො පෙට්ටිය පිරෙන්න පුරෝගෙන ගමට ඇවිත් “මාලෝ..ඕ” කියාගෙන ගම වටේ ගොහින් මාළු ටික විකුණන එක තමා පබිලිස් අයියගෙ රස්සාව. පොඩි ලාභයක් විතරක් තියාගෙන අලුත් මාළු විකුණන පබිලිස් අයියගෙන් මාළු ගන්න ගමේ ගෑණු කැමැතියි.
    දන්න කියන කාලෙ ඉඳන් කළ රස්සාව බයිසිකලේ ගිහින් මාළු විකුණන එක උනාට ටිකෙන් ටික වයසට යනකොට ඒක දිගටම කරන්න අමාරු නිසා මාළු කඩයක්වත් දාන්න ඕනෙ කියලා පබිලිස් අයියා කල්පනා කළා. ඒ නිසා අමාරුවෙන් එකතු කරගත්ත සල්ලි ටිකකුයි, අත මාරුවට එක එක්කෙනාගෙන් ඉල්ලගත්ත සල්ලියි දාලා පුංචි මාළු කඩ කෑල්ලක් ගමේ කඩමණ්ඩියෙ කෙලවරින් පටන් ගත්තා.

    කඩේ පුංචි උනාට හොඳට පෙනුමට තිබ්බොත් තමා මිනිස්සු ඇවිත් මාළු ගන්නෙ කියල කවුදෝ දීපු උපදෙසක් නිසා පබිලිස් අයියත් හිතුවා ලොකුවට බෝඩ් ලෑල්ලක් කඩේ ඉස්සරහින් එල්ලගන්න ඕනෙ කියලා. ගමේ සිත්තර ගුරුන්නාන්සෙ සේදිරිස් අප්පුහාමිගෙ ගේ පොඩිය පැත්තට දවසක්දා හවස ගිය පබිලිස් අයියා තමන්ගෙ මාළු කඩේ ඉස්සරහින් ගහන්න බෝඩ් ලෑල්ලක් ඇඳලා දෙන්න කොන්තරාත්තුවත් දීලයි ආවෙ.
    සතියකට විතර පස්සෙ මාළු කඩේ අත් උදව්වට හිටපු සුමනෙ ළමයත් එක්ක එක්කහු වෙලා පබිලිස් අයියා සේදිරිස් අප්පුට කියලා අන්දගත්ත බෝඩ් ලෑල්ල මාළු කඩේ ඉස්සරහින් ඇටෙව්වා. ඈත ඉඳන් බලන අයටත් අපූරුවට පේන විදියට ලොකු රවුම් අකුරෙන් “මෙහි හොඳ අලුත් මාළු ලාබෙට විකිණීමට තිබේ” කියලා තමයි බෝඩ් ලෑල්ලෙ ලියල තිබ්බෙ. පබිලිස් අයියා කීප වතාවක්ම මාළු කඩෙන් එලියට බැහැලා බෝඩ් ලෑල්ලෙ හැඩ බලන්නත් අමතක කළේ නෑ.
    පහුවෙනිදා උදෙන්ම පබිලිස් අයියගෙ මාළු කඩේට ගොඩ වැදුනෙ ආමිස් සිඤ්ඤෝ. “අපූරු බෝඩ් ලෑල්ල නොවැ පබිලිස් අයියෙ. දැන්නම් කඩේ හොඳ පෙනුමයි. අහල ගං හතකවත් නෑ නොවැ මේ වගේ බෝඩ් ලෑල්ලක් ගහපු මාළු කඩයක්. හොඳට වෙලඳාම තියෙයි එහෙනං ඈං” කියලා උන්දැ මාළු කෑල්ලකුත් අරං එලියට බැස්සා. එලියට බැහැලා ආයෙත් බෝඩ් ලෑල්ල දිහා බලලා “මං මේ කල්පනා කලේ පබිලිස් අයියෙ උඹ කවද්ද නරක මාළු විකිණුවෙ කියලා. උඹ හොඳ මාළු ඇරෙන්න වෙන යමක් කවදාවත් අපිට විකුණලා තියේයැ. ඉතිං අහවල් එකකටද මේ බෝඩ් ලෑල්ලෙ ‘හොඳ’ කියලා ලියලා තියෙන්නෙ, ඈං?” කියාගෙන යන්න ගියා.
    “ආමිස් සිඤ්ඤො කිව්ව කථාවත් ඇත්ත තමා” කියලා හිතපු පබිලිස් අයියා සුමනෙ කොලුවව වහලෙට නග්ගලා බෝඩ් ලෑල්ලෙ “හොඳ” කියලා ලියල තිබ්බ කෑල්ල සායම් ටිකක් ගාල වැහැව්ව. දැන් බෝඩ් ලෑල්ලෙ තියෙන්නෙ “මෙහි අලුත් මාළු ලාබෙට විකිණීමට තිබේ” කියලයි.
    ඊට පස්සෙ කඩේට ආවෙ කරුණාවතී. “පබිලිස් අයියෙ, මට සාලයො 500 ක් කිරල දෙන්නකො” කියලා ඉල්ලපු කරුණාවතී පබිලිස් අයියා මාළු කිරන අතරෙ “පබිලිස් අයියෙ, දැන් උඹේ කඩේ පරණ මාළු එහෙමත් විකුණන්න තියේද?” කියලා අහපි. ඒ පුරස්නෙන් අන්දුන් කුන්දුන් උන පබිලිස් අයියා “මොකක්ද කරුණාවතියො ඒ හරුපෙ තේරුම? මම උඹලට පරණ මාළු එහෙම විකුණලා තියෙනවද මේ සම්මජ්ජාතියට?” කියල ඇහැව්වෙ ටිකක් තරහින්. “ඒකම තමා මාත් මේ හිතුවෙ. අලුත් මාළු මිස පරණ මාළු නොවික්ක පබිලිස් අයියගෙ කඩේ ‘අලුත්’ මාළු තියේ කියල බෝඩ් ලෑල්ලක ලිව්වෙ මක්කටද?” කියල කරුණාවතී කිව්වහම පබිලිස් අයියා සුමනෙ කොලුවට “එහෙනං බෝඩ් ලෑල්ලෙ අලුත් කියල ලියපු එකත් මකහං කොලුවො” කියලා උපදෙසක් දුන්නා. දැන් “මෙහි මාළු ලාබෙට විකිණීමට තිබේ” කියල විතරයි බෝඩ් ලෑල්ලෙ ඉතුරු වෙලා තියෙන්නෙ.
    මාළු ගන්න නෙවේ ඕප දූප හොය හොයා ආපු මැගි අක්කා පබිලිස් අයියගෙ මාළු කඩේට ගොඩ වැදුනෙ බෝඩ් ලෑල්ලෙ ගුණ-දොස් කියන්න. “පබිලිස් අයියෙ, කවද ඉඳන්ද බං උඹ ලාබෙට මාළු විකුණන්න ගත්තෙ?” කියල අපහු මැගියට පබිලිස් අයිය හොඳවැයින් කුණුහරුප දෙකක් කිව්වෙ හිතේ තරහින් නෙවේ. අනිත් මාළු කාරයින්ට වඩා ලාබෙට වික්ක බව ගමම දන්න නිසා කඩේ බෝඩ් ලෑල්ලෙ ‘ලාබෙට’ කියලා අමුතුවෙන් ලියන්න ඕනෙ නෑ කියලා පබිලිස් අයියට හිතුන නිසා බෝඩ් ලෑල්ලෙන් ‘ලාබෙට’ කෑල්ලත් මැකිල ගියා. ඉතුරු උනෙ “මෙහි මාළු විකිණීමට තිබේ” කියලයි.
    ගමේ ආරච්චිල තිරික්කලෙන් කොහේදෝ රාජකාරියකට යන අතරෙ පබිලිස් අයියගෙ මාළු කඩේ බෝඩ් ලෑල්ල දැකලා “පබිලිසෝ, උඹට මාළු විකුණන්න මේ කඩේ ඇරෙන්නෙ වෙන ගුබ්බෑයමක් හෙම තියනවද?” කියලා තිරික්කලේ ඉඳලම කෑ ගහල ඇහුවා. එතකොට තමා පබිලිස් අයියට හිතුනෙ බෝඩ් ලෑල්ලෙන් ‘මෙහි’ කෑල්ලත් මකල දාන්න. සුමනෙ කොලුවත් බැණ බැණ සායම් තවරලා ‘මෙහි’ මැකුවට පස්සෙ ඉතුරු උනෙ “මාළු විකිණීමට තිබේ” කියලයි.
    හවස් වරුවෙ ඉස්කෝලෙ ඇරිල ගෙදර යන ගමන් ඇලිස් නෝන ඉස්කෝලෙ හාමිනේ පබිලිස් අයියගෙ මාළු කඩේට ගොඩ උනා. “මොකද පබිලිස් මේ බෝඩ් ලෑල්ලෙ තැන තැන සායම් තවරලා? වැරදිලාවත්ද?” කියලා ඇලිස් නෝන ඉස්කෝල හාමිනේ ඇහුවහම පබිලිස් අයියා ලැජ්ජාසහගත හිනාවක් දැම්මා. “මාළු තියෙන්නෙ විකුණන්න ඇරෙන්න නිකං දෙන්න හෙම නෙවෙයිනෙ. ‘විකිණීමට’ කියල ලියල තියෙන්නෙත් වැරදිලා වෙන්ටැ. ඒ වැරැද්දත් හැදුවොත් නේද හොඳ?” කියලා ඉස්කෝල හාමිනේ යන්ට ගියා. “ඉස්කෝලෙ හාමිනේ ළමයින්ගෙ පොත්වල වැරදි දැකලා පුරුද්දට බෝඩ් ලෑල්ලෙ වැරැද්දත් දැක්ක වෙන්ටැ. දැනමුත්තො කියන දේ අහන එක නුවණට හුරුයි” කියලා හිතපු පබිලිස් අයියගෙ අණින් බෝඩ් ලෑල්ලෙන් ‘විකිණීමට’ වචනෙත් මැකුන නිසා දැන් තියෙන්නෙ “මාළු තිබේ” කියල විතරයි.
    ඉර බහින්න ඔන්න මෙන්න තියෙද්දි කඩේ අන්තිම මාළු ටික අරන් යන්න කට්ටිය ඇවිත්. කට සැර ඒබරං සීයා හැරමිටියක් අරන් පන්සල පැත්තට ගාටන අතරෙ පබිලිස් අයියගෙ මාළු කඩේ අලුත් බෝඩ් ලෑල්ල දැකලා “පබිලිස් කොලුවෝ, උඹේ කඩේ මාළු ඇරෙන්ට සීනි-පිටි හෙමත් තියේයැ?” කියලා ඇහුවා.
    “ඒකත් ඇත්ත තමා. එහෙනං මාළු කියන එකත් මකමුකො” කියලා හිතලා පබිලිස් අයියම සායම් ටිකත් අරන් එලියට බැස්ස. “යකෝ, ඒකත් මැකුවහම තිබේ කියල විතරනෙ ඉතුරු වෙන්නෙ. මුන් කියන දේ අහන්න ගියාට වැඩිය හොඳයි…..” කියලා තිත්ත වචන ටිකක් හෙමීට මුමුණ මුමුණ පබිලිස් අයියා බෝඩ් ලෑල්ල ගලෝල බැද්දට උසික්ක කොලා.

    කථාවේ ආදර්ශය: කසල නිවැරදිව බැහැර කරන්න. කැලයට කුණු විසි කරන්න එපා.
    ගත්තේ මෙතනින්
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    E.gif
    L.gif
    A.gif
    K.gif
    I.gif
    R.gif
    I.gif
    _cont.gif
    _exclaim.gif
    _exclaim.gif
    _exclaim.gif

    :lol::lol::lol::lol::lol:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ම්ම් මම මේ කතාව කොහෙදි හරි අහල තියනවා රිප්‍රෙශ් කරගන්න පුලුවන් උනා ස්තුතියි
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    කතාව නම් හොඳයි.. ඒත් කතාවෙයි ආදර්ශයයි අතර තියෙන සම්බන්ධය නම් තේරුනෙ නෑ :eek:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ♥-Aurora-♥;10217780 said:
    කතාව නම් හොඳයි.. ඒත් කතාවෙයි ආදර්ශයයි අතර තියෙන සම්බන්ධය නම් තේරුනෙ නෑ :eek:

    සම්බන්ධයක් නෑ...:rofl::rofl:
    නිකම්ම ආදර්ශය කියනවට වඩා කතාවක් කියල කියන එක ගතිනේ.. :lol::lol:
    ඒකයි :P:P
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ♥-Aurora-♥;10217780 said:
    කතාව නම් හොඳයි.. ඒත් කතාවෙයි ආදර්ශයයි අතර තියෙන සම්බන්ධය නම් තේරුනෙ නෑ :eek:
    මට හිතෙන්නේ කෙනෙක් දෙයක් කර්න්න ගියාම සමහර විට වටේ ඉන්න අය ඕනවට වඩා මැදිහත් වෙන්න හදනවා.. එතකොට කරගෙනයන යන කෙනාට වැඩක් කරන්න බැහැ...
    උදාහරනයකට මේ ගමට පිට පලාතක කෙනෙක් ආවාම කොහොමද යමක් මාලු වෙලදපොල ගැන දැනගන්නේ.... ඒක නිසා බෝඩ් එක වැදගත්....:)
    ඕකට English වලින් කියනවා too meany cooks spoil the broth කියලා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    හක් හක් පට්ට ආදර්ශේ :lol:
    :P:growl:

    ම්ම් මම මේ කතාව කොහෙදි හරි අහල තියනවා රිප්‍රෙශ් කරගන්න පුලුවන් උනා ස්තුතියි
    :)
    ♥-Aurora-♥;10217780 said:
    කතාව නම් හොඳයි.. ඒත් කතාවෙයි ආදර්ශයයි අතර තියෙන සම්බන්ධය නම් තේරුනෙ නෑ :eek:
    :no:anthimata bod lalla visi karanne akaletane:rofl::P
    හිකිස්.......
    පට්ටයි නේ:lol::lol::lol:
    :)
    :P
    සම්බන්ධයක් නෑ...:rofl::rofl:
    නිකම්ම ආදර්ශය කියනවට වඩා කතාවක් කියල කියන එක ගතිනේ.. :lol::lol:
    ඒකයි :P:P
    :oo::P
    මට හිතෙන්නේ කෙනෙක් දෙයක් කර්න්න ගියාම සමහර විට වටේ ඉන්න අය ඕනවට වඩා මැදිහත් වෙන්න හදනවා.. එතකොට කරගෙනයන යන කෙනාට වැඩක් කරන්න බැහැ...
    උදාහරනයකට මේ ගමට පිට පලාතක කෙනෙක් ආවාම කොහොමද යමක් මාලු වෙලදපොල ගැන දැනගන්නේ.... ඒක නිසා බෝඩ් එක වැදගත්....:)
    ඕකට English වලින් කියනවා too meany cooks spoil the broth කියලා
    :nerd::yes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කථාවේ ආදර්ශය: කසල නිවැරදිව බැහැර කරන්න. කැලයට කුණු විසි කරන්න එපා.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කථාවේ ආදර්ශය: කසල නිවැරදිව බැහැර කරන්න. කැලයට කුණු විසි කරන්න එපා.