අහස ලස්සන මදී....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ අහසේ වැදගත් දෙකට තියෙනේ හඳ විතරයිනේ... එකත් චුටියි කපාටයි... අපිට තියන්නේ ඔක විතරක් නිසා අපිට ඕක වටිනා උනාට ඔයිට වඩා කොච්චාර ලස්සන විදියට උපග්‍රහයෝ තියෙන්නේ පුලුවන්ද....:dull: හිතපන් පාට පාට උප ග්‍රහයෝ 6-7ක් විතර අහසේ තිබ්බ නම් කොච්චර ශෝක් ද කියල.... එත් ඉතින් පෘතුවියේ ගුරුත්වාකර්ශනෙ අඩු නිසා එහෙම සැකැස්මක් තියෙන්නේ බෑ ඉතින් උප ග්‍රහයෝ ලොකු ගානක... හොදම දේ පෘතුවිය බ්‍රහස්පති වගේ ගෑස් ග්‍රහලෝකෙක උප ග්‍රහයෙක් උනා නම්, එතකොට හැමදාම අහසේ විශාලව බ්‍රහස්පතිව දකිනව... මිනිස්සුන්ගේ චින්තනය , පරිනාමය හැමදේම වෙනස් වෙන්න තිබුන එහෙම උනා නම්.. ආගම් විශාල ප්‍රමාණයක් ගොඩ නැගෙන්නේ නෑ එහෙනම්, අහසේ ඉන්න දැවැන්තයට එහා දෙයියෙක් මිනිස්සු නිර්මාණය කරන්නේ නෑ... බ්‍රහස්පතිව විශාලවත් අනිත් උප ග්‍රහයෝ පොඩියටත් දකිද්දී මිනිස්සු ඒ සිද්දිය විස්තර කරන කතා හදයි... අවුරුධු මිලියන ගානකට සැරයක් බ්‍රහස්පති වටේ කරගෙන ග්‍රහලෝකයක් පිපිරිලා යන්න පුළුවන්, එහෙම දෙයක් මිනිස් ශිෂ්ටාචාරයක් පවතින කාලෙක සිද්ද උනොත් තවත් ලස්සන කතා ගොඩක් හදයි මිනිස්සු... මිනිස්සු ඉරට බය උනාට වඩා ගොඩක් බය වෙනවා ගොඩක් ලඟින් විශාලව ඉන්න බ්‍රහස්පතිට. අපේ ලෝකෙ තමයි විශ්වයේ කෙන්ද්‍රය බ්‍රහස්පති කරකෙන්නෙත් අපි වටේ කියල කියන්න මිනිස්සු පෙළඹෙන එකක් නෑ...
     
    • Like
    Reactions: DangerMan119

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ලස්සන රචනාවක් අක්ෂර වින්‍යාසය නිසා ලකුණු 20ක් අඩු කරනවා
     
    • Like
    Reactions: KasunKDP

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    හිස් බඩ හින්ද වෙන්න ඇති ඔය මෝල් කලන්තෙ ගතිය..
    ඉදිආප්ප 10ක් වත් කාපං මිනිහෝ ඕක ඇරිල යයි තව ටිකකින්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    989c6-manymoons.jpg
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    එහෙම බ්‍රහස්පතිව පෙන්නුනත් සාපේකෂ විශාලහ්වය ගැන අදහසක් නැති නිසා බ්‍රහස්පතිට, ආලෝකය දෙන ඉරට වඩා ලොකු වැදගත්කමක් ලැබෙන එකක් නෑ
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පත ග්‍රහලෝකයක් ලග තියනකොට ඒකෙ ගුරුත්වාකර්ශනේට අපිට විනාඩියක් වත් ඉන්න හම්බෙන්නෙ නෑ මිනිහො .මරියානා ආගාදෙ ගිල්ලුව වගේ ඇබරිල යයි
     
    • Like
    Reactions: KasunKDP

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම බ්‍රහස්පතිව පෙන්නුනත් සාපේකෂ විශාලහ්වය ගැන අදහසක් නැති නිසා බ්‍රහස්පතිට, ආලෝකය දෙන ඉරට වඩා ලොකු වැදගත්කමක් ලැබෙන එකක් නෑ

    අනිත් උප ග්‍රහයන් වලට සාපේක්ෂව බලනවනේ බන්...

    පත ග්‍රහලෝකයක් ලග තියනකොට ඒකෙ ගුරුත්වාකර්ශනේට අපිට විනාඩියක් වත් ඉන්න හම්බෙන්නෙ නෑ මිනිහො .මරියානා ආගාදෙ ගිල්ලුව වගේ ඇබරිල යයි

    එහෙම නෑ බන්... :no:
    බ්‍රහස්පතිට කොච්චර ළඟ ග්‍රහලෝකෙක හිටියත් ගුරුත්වාකර්ෂණ නියම අනුව අපි ඉන්න ග්‍රහලෝකෙන් අපිට එන ගුරුත්වාකර්ෂණ බලපෑමට සාපේක්ෂව බ්‍රහස්පතිගෙන් අපිට එන ගුරුත්වාකර්ෂණ බලය ගොඩක් අඩුයි...:yes:
     
    • Like
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අනිත් උප ග්‍රහයන් වලට සාපේක්ෂව බලනවනේ බන්...

    එහෙම නෑ බන්... :no:
    බ්‍රහස්පතිට කොච්චර ළඟ ග්‍රහලෝකෙක හිටියත් ගුරුත්වාකර්ෂණ නියම අනුව අපි ඉන්න ග්‍රහලෝකෙන් අපිට එන ගුරුත්වාකර්ෂණ බලපෑමට සාපේක්ෂව බ්‍රහස්පතිගෙන් අපිට එන ගුරුත්වාකර්ෂණ බලය ගොඩක් අඩුයි...:yes:

    තඩි ග්‍රහලෝකයේ බලපෑම නිසා කැරකෙන වේගෙ වැඩි වෙනවනෙ :confused::confused:. නැත්තම් කොහොමද කක්ශයක ඉන්නෙ

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තඩි ග්‍රහලෝකයේ බලපෑම නිසා කැරකෙන වේගෙ වැඩි වෙනවනෙ :confused::confused:. නැත්තම් කොහොමද කක්ශයක ඉන්නෙ

    ඔව් උපග්‍රහය පහලට ඇදෙන ගුරුත්ව බලය වැඩි වෙනකොට එක බැලන්ස් කරන්න කැරකෙන්න ඕන වේගේ වැඩි වෙනවා තමයි...එත් ඉතින් එහෙම ප්‍රවේගේ වැඩි උනා කියල ග්‍රහ ලෝකේ ඉන්න මිනිස්සුන්ට බලපෑමක් නෑ....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් උපග්‍රහය පහලට ඇදෙන ගුරුත්ව බලය වැඩි වෙනකොට එක බැලන්ස් කරන්න කැරකෙන්න ඕන වේගේ වැඩි වෙනවා තමයි...එත් ඉතින් එහෙම ප්‍රවේගේ වැඩි උනා කියල ග්‍රහ ලෝකේ ඉන්න මිනිස්සුන්ට බලපෑමක් නෑ....

    නෑ මන් හිතන්නෙ ඒ වේගෙත් එක්ක මිනිස්සුන්ට ඉන්න බැරි වෙයි .ඒ කියන්නෙ රුධිර සන්සරනය කරන්න බැරි වෙයි .කැරපොත්තන්ට වගේ නම් අවුලක් නැතිවෙයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    නෑ මන් හිතන්නෙ ඒ වේගෙත් එක්ක මිනිස්සුන්ට ඉන්න බැරි වෙයි .ඒ කියන්නෙ රුධිර සන්සරනය කරන්න බැරි වෙයි .කැරපොත්තන්ට වගේ නම් අවුලක් නැතිවෙයි

    එහෙම නෑ බන්...
    පෘතුවියේ තියෙන හැමදේම ඒ වේගෙන්ම කැරකෙන නිසා අවුලක්නෑ...
    දැනටත් පෘතුවිය ඉරට සාපෙක්ශව තත්පරයට කිලෝමීටර් 30ක විතර වේගෙකින් යනවා...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම තිබුන නං උඹ වගේම ඒ ලෝකේ එකෙක් එහෙ ෆෝරම් එකක ත්‍රෙඩ් එකක් දාන්න තිබුන බලන්න මේ අහස නිකන් පිස්සිගේ පලා මල්ල වගේ හැමතැනම එක එක ග්‍රහ වස්තු පිරිලා හරිම අපිළිවෙලයි, අපිට රෑට එලිය ගන්න එක පුංචි හඳක් විතරක් තිබුන නං කොච්චර හොඳද කියල.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම තිබුන නං උඹ වගේම ඒ ලෝකේ එකෙක් එහෙ ෆෝරම් එකක ත්‍රෙඩ් එකක් දාන්න තිබුන බලන්න මේ අහස නිකන් පිස්සිගේ පලා මල්ල වගේ හැමතැනම එක එක ග්‍රහ වස්තු පිරිලා හරිම අපිළිවෙලයි, අපිට රෑට එලිය ගන්න එක පුංචි හඳක් විතරක් තිබුන නං කොච්චර හොඳද කියල.

    ඔව් එහෙම දාන්න පුළුවන්.. ඉතින් ඒ මට වඩා වෙනස් විධියට හිතන එකෙක්, මම වගෙ එකෙක් නෙමෙයි....:baffled:
    සමහර විට මේ මොහොතේ එ වගේ විශාල ග්‍රහලෝකයක් වටේ යන උපග්‍රහයෝ කොටි ගානක ඉන්න මම වගේ නොවන උන් ඔය උබ කිව්වා වගේ ත්‍රෙඩ් දානවා ඇති... ඒ වගේම අපේ ග්‍රහලෝකේ වගේ ග්‍රහලෝක කොටි ගානක ජිවියොත් මේ ත්‍රෙඩ් එක වගේ ත්‍රෙඩ් දානවා ඇති...