ආතල් ලෙස චාටර් වූ අවස්ථා

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    අවුරුදු 10 ක් වගේ කලින් හදිසියෙම සිම් එකක් ගන්න බස් එකේ නැගල ගියා. බහින්න ලන් වෙද්දි බෙල්ල කහනව වගේ දැනුනා . හැමිනෙන්න ටී සර්ට් එක අනික් පැත්ත ඇදලා කියහන්කෝ. :lol:
    Matath scl yana kale oka una class 1kta yaddi 🙃 pattakata gihn change karagatta. Who cares 🤹
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    මේ තියෙන්නෙ, ඔය ට්‍රික් එක කරන්න ගිහින්, මගේ මහපට ඇඟිල්ලෙ හිටපු මතක සටහනක්. හත වසරෙදි විතර පිච්චුනේ තාම කැලල තියෙනව. මමනං බේත් දැම්මෙ නෑ. ගෙදරටත් හංගගෙන තුවාලෙ තියාගෙන හිටිය...
    View attachment 159393
    Mmmm sexy 😍
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මම කොටයි වැඩිය උස නෑ 155cm :rolleyes: දවසක් හවස ගාලු ගිහින් ගෙදර එන්න බස් එකට නැග්ගා..ඒකෙ සෙනග ඇගිල්ලක් ගහන්නවත් ඉඩ නෑ.. කොන්දොස්තර මම නගින්නෙ නැතුව ඉන්නකොට ශීට් තියෙනවා ළග බහින අය ඉන්නෙ කියලා නගින්න කියුවා. ගොනා වගේ නැග්ගා ඉතින් බස් එකට.ඒත් අල්ලගන්න තැනක් නෑ. උඩ තියෙන බාර් එක අල්ලගන්නත් බෑ උස නෑ. ඩ්‍රයිවර් අංකල් බ්‍රේක් ගහනවා නිකන් කැරකි කැරකි හිටියා.. ඉදලා බැරිම තැන උඩ බාර් එක අල්ලගන්න ට්‍රයි කරද්දි ඔෆිස් ගිහින් එන අයියා කෙනෙක්ද කොහේද නෝන්ඩි හිනාවක් දාලා එයා හිටපු තැනින් මෙහාට වෙලා මට සීට් එක අල්ලගන්න ඉඩ දුන්නා..ඒ වෙලාවෙ හැටියට ලොකු උදව්වක් හැබැයිඒ දාපු නෝන්ඩි හිනාව නම් තාම මතකයි.. අර ගොං කොන්දොස්තර ශීට් තියෙනවා කියුවට පැය එකහමාරක් විතර හිටගෙනම ආවෙ.:angry:

    තව දවසක් ඒ ලෙවල් කාලෙද කොහේද ඉස්කෝලෙ ගිහින් බස් එකේ එනකොට අයියා කෙනෙක් බෑග් එක අල්ලගන්න දුන්නා මම වාඩි වෙලා හිටියෙ. ඒ අයියා ලස්සනයි ☺️ මම ඉතින් බෑග් එක තියන් ඉන්නකොට මට නින්ද ගිහින්.. අර උස ශීට් තියෙනකොට ඔලුව තියන්නෙ යන්නෙ එතකොට නින්ද යනවා.. ඉතින් බහින තැනටආවම මට ඇහැරුනා.. එතකොට අරඅයියා ළගට ඇවිත් බෑග් එක ගන්න ගමන් නංගි අනිත් දවසෙ නිදාගන්නකොට කට වහගෙන නිදාගන්න කියුවා හිනා වෙවී.. මට කට ඇරගෙන නින්ද ගිහින් තියෙන්නෙ..🥴

    අයියෝ ඔයානම්...
    තාමත් කට ඇරගෙනද නිදාගනේ?
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    සර්ට් ඒක කනපිට ඇදගන ගිහිං තියනවා කීප වතාවක්ම.
     
    • Wow
    Reactions: B.Chat

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    අළුත් ජොබ් එකකට ගියපු මුල් දවසෙ ඔෆිස් එක ගාවදිම බාගෙට වේලුන බලු බෙට්ටක් පෑගුන. බල්ලගෙ පරම්පරාවේම අළුතින් ඉපදෙන එවුන්ට පුකක් නැතුව ඉපදෙන්න කියල සාප කරන ගමන් ඔෆිස් එක ඉස්සරහ තණකොළ බිස්සෙ සපත්තුව අතුල්ලනකොට එතන තව හොට් හොට් බලු බෙට්ටක් තිබිල 🥴.
    අවුලක් නෑ, එතන අවුරුදු හතර පහක් වැඩ කරා 😂.
    Parliament 1ke neda job 1??? :lol::lol::lol::lol::lol:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    1. ඉස්සර මම ටෙක් යන කාලේ බස් එකේ ගෙදර එනකොට අපේ ඉස්කෝලෙ කෙල්ලෙක් හිටියා බස් එකේ මැද හරියේ බස් එකේ සෙනග කට කපලා මම සෙනග අස්සෙන් ඒ කෙල්ල ගාවට කිට්ටු කලා පොඩ්ඩක් කතා කරන්න කෙල්ල වාඩි වෙලා හිටියේ බස් එකේ ජනේලේ පැත්තේ.
    ටිකක් වෙලා කතා කර කර ඉන්න කොට එතන ශීට් එකේ වාඩිවෙලා හිටියා අම්මකෙනෙකුයි පොඩි බබෙකුයි. අර පොඩි එකා වමනේ පාරක් දැම්ම කලිසම ඉවරයි.
    අර ගෑනු කෙනා ලේන්සුවක් අරන් පිහිද්නවා කලිසමේ ශිප් එක හරියත් එක්ක මම පිහිදගන්නම් කමක් නෑ කියල මම මගේ ලේන්සුව අරන් පිහිද ගත්තා. අර කෙල්ලත් බලාගෙන ලැජ්ජාවේ බෑ. ගෙදර ගිහින් පැයක් විතර නෑවා.

    2. මේකත් බස් සීන් එකක් ක්ලාස් යනකොට චූ බරක් හැදුනා. ඒ දවස්වල මගේ ක්‍රශ් එකකුත් බස් එකේ හිටපු නිසා චූබර පැත්තකින් තියලා ඒ බස් එකටම නැග්ගා.
    ටික දුරක් යනකොට ඉන්නම බෑ. බැස්ස බස් එකෙන් මගින් ක්‍රශ් එකත් බලාගෙන..
    පාර අයිනේ ගෙවල් දෙක තුනකම බලන් ගියා කොල්ලෙක් වත් ඉන්නවාද කියල කෙල්ලො මිදුල අතුගානවා.
    දිගටම ගෙවල් ඔන්න ටික දුරක් පයින් යනකොට ඉකෝලයක් තිබ්බ ගේට්ටුවත් ඇරලා ගියා කවුරුවත් පේන්න නෑ.
    ඉස්කෝලේ ටොයිලට් එකක් හොයන් යන්න තරම් ඉන්නෙ බෑ බිල්ඩින් දෙකක් අස්සට ගියා බිත්තියට ඇල්ලුවා.
    බර නිදස් කරගෙන වට් පිට බැලුවා. ඊට පිටිපසෙ හෝල් එකක සර් කෙනෙක් ක්ලාස් එකක් කරනවා. ලැජ්ජාවේ සන්තෝසේ බෑ..
    එහෙම්ම හැරුනා කෙලින්ම පාරේ.. එතන ඉදන් හෝල්ට් 3ක් විතර ඉස්රහට පයින් ආවා ලැජ්ජවට.
    තාමත් ඒ ඉකෝලෙ ලගින් යනකොට ඒක මතක් වෙනවා.

    3. මේකත් ටෙක් යන කාලෙ එකක් මම බස් එකේ පිටිපස්සෙන් නැග්ගෙ සෙනක සූගාල නැග්ග වෙලේ ඉදන් කොන්දා කෑගහනව ඉස්සරහට එන්න කියලා.
    සීටීබී බස් එකක් උනත් ඒ කොන්දට ටිකක් පුපේ අමාරුව යන්කම්ම කෑගනනවා ඇදුමේ පාට කිය කිය ඉස්සරහට පස්ස්ට එන්න කියනවා යන්න ඉඩත් නෑ.
    මූ මගේ ඇදුමෙත් පාට කියලා ඔය මල්ලිත් ඉස්සරහට එන්න කිව්ව මම අත දික්කරලා තව කොහේද ඕයි එන්න ඉඩ තියෙන්න කියලා හෙම්මීට කිව්ව අත දික්කරන එක විතරයි ඌට පේන්නෙ මම කියන එක ඇහෙන්නේ නෑ. ඒතරමට සෙනග.
    මූ ටික දුරක් ගිහින් ඔය පිටි පස්සෙ කට්ටිය බැහැලා ඉස්සරහින් නගින්න කිව්ව. ඉස්සරහා ඉඩ තියෙනවා කිව්ව.
    මටත් බහින්න උනා මම අන්තිමට නගින්න හිටියේ මූ මම නගින්න කලින් බෙල් එක ගහලා හර් හරි යන් කිව්වා.. ඩර්යිවරයත් ඌටම හරියන එකෙක් මම නගින්න කලින් ඇද්දා මම ආපහු පස්සෙ දොරෙන් එල්ලෙන්න හැදුවා යන වේගෙ වැඩියි.
    ඊට පස්සෙ වෙන බස් එකක ගියා..
    ඊට පස්සෙ ඌ ඉන්න බස් එකට නගින්නෙ නෑ මම.
     
    Last edited:
    kela berila uge bag ekata watila thibbanam tamai wade
    එච්චට සැරට නින්ද ගියේ නෑ.. :baffled:
    අයියෝ ඔයානම්...
    තාමත් කට ඇරගෙනද නිදාගනේ?
    නෑ කරුමෙට එදාම එහෙම උනානෙ. :(
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,407
    113
    Colombo, Sri Lanka
    Mmmm sexy 😍
    gay lgbt GIF
     
    දවසක් පොඩි කාලෙ මම 4වසරෙ වගේ මට මාමා රට ඉදන් එනකොට ගෙනාපු බයිසිකලයක් තිබුනා. ටියුබ්ලස් එකක්. මම හරි ඔලුවෙන් හිටියෙ ඒ දවස් වල අපේ ගෙවල් පැත්තෙ සෙට් එකේ වෙන කාටවත් එහෙම එකක් නැති නිසා. :lol: ඒ කාලෙ මන් ගේ පිටිපස්සට ගියත්ඕකෙ තමයි නැගලා යන්නෙ.:rofl: දවසක් මම කඩේ ගියා මොනව හරි ගේන්න.ඒ කඩේ තියෙන්නෙ ලොකු කන්දක උඩම. කන්ද කොච්චර ලොකු උනත් මම බැහැලා යන්නෙ නෑ කොහොම හරි උඩටම පැදන් යනවා.. මගේ බයිසිකලේ බ්‍රේක් තිබුනෙ නෑ එදා කොහොමහරි..

    ඉතින් උඩට යද්දි හිතන් ගියේ එනකොට නම් බැහැලා තල්ලු කරන් යනවා කියලා..ඒ උනාට එනකොට මට බැහැලා එන්න කම්මැලියි.ඕන එකක් කියලා නැග්ගා බයිසිකලේට. බ්‍රේක් ඇත්තෙම නෑ. පල්ලමේ එනකොට මට හැන්ඩ්ල් එක control කර ගන්නම බැරි උනා.. වේගෙන් ඇවිත් පාරෙ තිබුණු ගලක හැපිලා උඩින් ගිහින් පිදුරු ගොඩක් උඩට වැටුනා කන්ද පල්ලමේ තිබුණු.ඒ දවස් වල කුඹුරු වැඩ කරන කාලෙ.. අපේ තාත්තා අදුරන මාමලා වගයක් කුඹුරෙ හිටියා බලාගෙන ලැජ්ජාවෙ බෑ.. මම බිම බලාගෙන ඉක්මනටආවා. වැටෙන වෙලාවෙ කොහේ හරි තිබිලා කෝටුවකට හරි මොකකට හරි බඩ හීරිලා තිබුනා. විස ගහනකොට ඒක දැක්කෙත්.ඊට පස්සෙ ගෙදර ඇවිත් කාටවත් කියන්නෙ නැතුව හිටියා. එදාම හවස තාත්තට අර මාමලා කියලා දූ උඩින් ඇවිත් වැටුනා කියලා.. එතන ඉදන් ඉතින් කියන්න දෙයක් නෑනෙ..:baffled:
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    1. ඉස්සර මම ටෙක් යන කාලේ බස් එකේ ගෙදර එනකොට අපේ ඉස්කෝලෙ කෙල්ලෙක් හිටියා බස් එකේ මැද හරියේ බස් එකේ සෙනග කට කපලා මම සෙනග අස්සෙන් ඒ කෙල්ල ගාවට කිට්ටු කලා පොඩ්ඩක් කතා කරන්න කෙල්ල වාඩි වෙලා හිටියේ බස් එකේ ජනේලේ පැත්තේ.
    ටිකක් වෙලා කතා කර කර ඉන්න කොට එතන ශීට් එකේ වාඩිවෙලා හිටියා අම්මකෙනෙකුයි පොඩි බබෙකුයි. අර පොඩි එකා වමනේ පාරක් දැම්ම කලිසම ඉවරයි.
    අර ගෑනු කෙනා ලේන්සුවක් අරන් පිහිද්නවා කලිසමේ ශිප් එක හරියත් එක්ක මම පිහිදගන්නම් කමක් නෑ කියල මම මගේ ලේන්සුව අරන් පිහිද ගත්තා. අර කෙල්ලත් බලාගෙන ලැජ්ජාවේ බෑ. ගෙදර ගිහින් පැයක් විතර නෑවා.

    2. මේකත් බස් සීන් එකක් ක්ලාස් යනකොට චූ බරක් හැදුනා. ඒ දවස්වල මගේ ක්‍රශ් එකකුත් බස් එකේ හිටපු නිසා චූබර පැත්තකින් තියලා ඒ බස් එකටම නැග්ගා.
    ටික දුරක් යනකොට ඉන්නම බෑ. බැස්ස බස් එකෙන් මගින් ක්‍රශ් එකත් බලාගෙන..
    පාර අයිනේ ගෙවල් දෙක තුනකම බලන් ගියා කොල්ලෙක් වත් ඉන්නවාද කියල කෙල්ලො මිදුල අතුගානවා.
    දිගටම ගෙවල් ඔන්න ටික දුරක් පයින් යනකොට ඉකෝලයක් තිබ්බ ගේට්ටුවත් ඇරලා ගියා කවුරුවත් පේන්න නෑ.
    ඉස්කෝලේ ටොයිලට් එකක් හොයන් යන්න තරම් ඉන්නෙ බෑ බිල්ඩින් දෙකක් අස්සට ගියා බිත්තියට ඇල්ලුවා.
    බර නිදස් කරගෙන වට් පිට බැලුවා. ඊට පිටිපසෙ හෝල් එකක සර් කෙනෙක් ක්ලාස් එකක් කරනවා. ලැජ්ජාවේ සන්තෝසේ බෑ..
    එහෙම්ම හැරුනා කෙලින්ම පාරේ.. එතන ඉදන් හෝල්ට් 3ක් විතර ඉස්රහට පයින් ආවා ලැජ්ජවට.
    තාමත් ඒ ඉකෝලෙ ලගින් යනකොට ඒක මතක් වෙනවා.

    3. මේකත් ටෙක් යන කාලෙ එකක් මම බස් එකේ පිටිපස්සෙන් නැග්ගෙ සෙනක සූගාල නැග්ග වෙලේ ඉදන් කොන්දා කෑගහනව ඉස්සරහට එන්න කියලා.
    සීටීබී බස් එකක් උනත් ඒ කොන්දට ටිකක් පුපේ අමාරුව යන්කම්ම කෑගනනවා ඇදුමේ පාට කිය කිය ඉස්සරහට පස්ස්ට එන්න කියනවා යන්න ඉඩත් නෑ.
    මූ මගේ ඇදුමෙත් පාට කියලා ඔය මල්ලිත් ඉස්සරහට එන්න කිව්ව මම අත දික්කරලා තව කොහේද ඕයි එන්න ඉඩ තියෙන්න කියලා හෙම්මීට කිව්ව අත දික්කරන එක විතරයි ඌට පේන්නෙ මම කියන එක ඇහෙන්නේ නෑ. ඒතරමට සෙනග.
    මූ ටික දුරක් ගිහින් ඔය පිටි පස්සෙ කට්ටිය බැහැලා ඉස්සරහින් නගින්න කිව්ව. ඉස්සරහා ඉඩ තියෙනවා කිව්ව.
    මටත් බහින්න උනා මම අන්තිමට නගින්න හිටියේ මූ මම නගින්න කලින් බෙල් එක ගහලා හර් හරි යන් කිව්වා.. ඩර්යිවරයත් ඌටම හරියන එකෙක් මම නගින්න කලින් ඇද්දා මම ආපහු පස්සෙ දොරෙන් එල්ලෙන්න හැදුවා යන වේගෙ වැඩියි.
    ඊට පස්සෙ වෙන බස් එකක ගියා..
    ඊට පස්සෙ ඌ ඉන්න බස් එකට නගින්නෙ නෑ මම.
    Hammata Bus Piccek detected.... :rofl:
     
    Acc2021

    Active member
  • Oct 12, 2021
    88
    122
    43
    umbe amma awilla fan eka off karala tak gaala ethanata muuna lan kara.. baladdi eekita fart fetish :lol: wenasak danuna umba hari
    ඉතිං උඹේ අම්මයි තාත්තයි දෙන්නම මගේ පුකේ හිලට නාහෙ තියාගත්ත ගමන්ම තමා ඉන්නේ. බලනකොට උන් දෙන්නට fart fetish + + බං.😜😜🤪🤪👍👍👍
     
    NotoriousMMA

    Active member
  • Dec 15, 2018
    125
    176
    43
    චාටර් වුන සේරම එව්වා චාටර් විදිහටම තමා මට වුනෙ :(
     
    • Wow
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    චාටර් වුන සේරම එව්වා චාටර් විදිහටම තමා මට වුනෙ :(
    මටත් ගොඩක් ඒවා එහෙම වෙලා තියෙනවා. ආතල් වගේ වුන ඒවත් එහෙන් මෙහෙන් තියෙනවා. ඔයාටත් එහෙම එකක් හරි ඇති :yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,008
    113
    -In Darkness-
    A/L Class යන කාලේ සිද්ධියක්. බස් එකේ ෆුට් බෝඩ් එකේ යන්න පට්ට ආසවක්නේ තියෙන්නේ ඉතින් ඒකාලෙ කොල්ලෙක් වුනාම. දවසක් ක්ලාස් ඉවර වෙලා කොල්ලෝ සෙට් එක ඉන්නවා හෝල්ට් එකට වෙලා බස් එකක් එනකන්. සෙට් දෙකක් ඉන්නවා යාලුවෝ හැබැයි යන්නේ බස් ජාති දෙකක( කෙලින් පාර, රවුම් පාර) මම ෆුට් බෝර්ඩ් එකේ යන්න ආස නිසා අන්තිමට නැග්ගේ. කොහොමත් මට හෝල්ට් 3ක් වගේ තමා යන්න තියෙන්නේ. මාත් අනික් වුන්ට පේන්නත් එක්ක ෆුට් බෝඩ් එකේ නැවතිලා හේත්තු වුනා. කැරි කොන්දා ඉස්සරහා දොරෙන් එලියට එබිලා මල්ලි ෆුට් බෝඩ් යන්න බෑ ඇතුලට යන්න කට්ටියට නගින්න බෑනේ කියලා හයියෙන්ම කිව්වා :growl: :growl: බස් එකේ හිටි එවුනුයි හෝල්ට් එකේ හිටි එවුනුයි ඔක්කොමලා මගේ දිහා බලලා කින්ඩියට හිනා වෙනවා. ඒ අස්සේ අනික් බස් එකේ යන්න ඉන්න යාලුවො සෙට් එකේ ඊයා බං චාටර් කිය කිය හයියෙන් හිනා වෙනවා. බල්ලා වගේ ශේප් එකේ ඇතුලට ගියා. :(:(
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,584
    17,762

    අපේ එකෙක් ට කිව්වා "මල්ලි සර්කස් පෙන්නන්නේ නැතුව උඩට නගින්න.. නැත්තං ඊලග බස් එකේ එන්න" :baffled:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ඉස්කෝලෙදී හදිසියෙම බොකක් සෙට්වෙලා දිව්ව ටොයිලට් එකට..
    කරුමෙ කියන්නෙ ඒ කිට්ටුව තිබුනෙ තනි කරුවල ජරාම ටොයිලට් එකක්..
    කලබලේ නිසා වෙන එකකට යන්න ටයිම් නෑ ඉතිං කාමරේක දොර ඇරගෙන ඇතුලට ගියා විතරයි ලිස්සල ගියා..
    මට කළින් කව්ද එකෙක් රීල වලෙන් පිටත් එක්ක.. වතුර නොගහ ගිහිල්ල..
    ඒක පෑගිලා මම ලිස්සල වැටිල තියෙන්නෙ..
    ඒ මදිවට පන්තියෙ මෝඩ ජෝඩුවක් පස්සෙන් ඇවිත් ජනේලෙකින් උඩ පැන පැන හිනාවෙනව.
    අන්තිමට පන්තියෙ කොල්ලො දෙන්නෙක් එක්ක එකතු වෙලා වරුවක් විතර ඇඳුම් හේදුව :oo:
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,188
    4,884
    113
    Abyss
    මම කොටයි වැඩිය උස නෑ 155cm :rolleyes: දවසක් හවස ගාලු ගිහින් ගෙදර එන්න බස් එකට නැග්ගා..ඒකෙ සෙනග ඇගිල්ලක් ගහන්නවත් ඉඩ නෑ.. කොන්දොස්තර මම නගින්නෙ නැතුව ඉන්නකොට ශීට් තියෙනවා ළග බහින අය ඉන්නෙ කියලා නගින්න කියුවා. ගොනා වගේ නැග්ගා ඉතින් බස් එකට.ඒත් අල්ලගන්න තැනක් නෑ. උඩ තියෙන බාර් එක අල්ලගන්නත් බෑ උස නෑ. ඩ්‍රයිවර් අංකල් බ්‍රේක් ගහනවා නිකන් කැරකි කැරකි හිටියා.. ඉදලා බැරිම තැන උඩ බාර් එක අල්ලගන්න ට්‍රයි කරද්දි ඔෆිස් ගිහින් එන අයියා කෙනෙක්ද කොහේද නෝන්ඩි හිනාවක් දාලා එයා හිටපු තැනින් මෙහාට වෙලා මට සීට් එක අල්ලගන්න ඉඩ දුන්නා..ඒ වෙලාවෙ හැටියට ලොකු උදව්වක් හැබැයිඒ දාපු නෝන්ඩි හිනාව නම් තාම මතකයි.. අර ගොං කොන්දොස්තර ශීට් තියෙනවා කියුවට පැය එකහමාරක් විතර හිටගෙනම ආවෙ.:angry:

    තව දවසක් ඒ ලෙවල් කාලෙද කොහේද ඉස්කෝලෙ ගිහින් බස් එකේ එනකොට අයියා කෙනෙක් බෑග් එක අල්ලගන්න දුන්නා මම වාඩි වෙලා හිටියෙ. ඒ අයියා ලස්සනයි ☺️ මම ඉතින් බෑග් එක තියන් ඉන්නකොට මට නින්ද ගිහින්.. අර උස ශීට් තියෙනකොට ඔලුව තියන්නෙ යන්නෙ එතකොට නින්ද යනවා.. ඉතින් බහින තැනටආවම මට ඇහැරුනා.. එතකොට අරඅයියා ළගට ඇවිත් බෑග් එක ගන්න ගමන් නංගි අනිත් දවසෙ නිදාගන්නකොට කට වහගෙන නිදාගන්න කියුවා හිනා වෙවී.. මට කට ඇරගෙන නින්ද ගිහින් තියෙන්නෙ..🥴
    අඩේ මේ අක්ක හෙන ආතල් වගේ....

    මම වෙනතරමක් චාටර් වෙලා තියෙන්නෙ කෙල්ලො ඉස්සරහ.. මම 8/9 පන්තියේ
    හරි ඉන්නකොට අම්ම කිව්ව වී එකක් මෝලට දාල තියෙනවා ඒක අරන් එන්න කියලා..
    ගත්ත බයික්කේ pulsar bike එකක්.. මම දැන් වී එකත් බයික් එකේ පිටි පස්සේ බැඳගෙන
    එනවා.. එද්දි හතරමන් හන්දියක් තියෙනවා.. එතන මගෙ යාලුවො වගයක් හිටියා clz
    ඇරිලා පොඩ්ඩක් රංචු ගැහිලා..

    උන්ව දැකලත් කතා කරන්නේ නැතුව ගියොත් උගෙ ලොකු line වගේ කතා කියන හින්දා
    වුන් හිටිය පැත්තට බයික්කේ හරවව්වා.. ඒකරලා නවත්තන්න යද්දි හාල් එක පොඩ්ඩක්
    ඇල වුණා .. මම හාල් එක වැටෙන එක නවත්තන්න අත පිටිපස්සට කරද්දි බයික්කෙ බිම..
    මම වටෙන්නේ නැතුව බේරුණා..

    ඒත් ඒවෙලාවෙ clz ඇරෙන වෙලාවක් clz 04 ක් ඇරෙලා කට්ටිය එනගමන් ඒ හතරමන්
    හන්දියට. විලිලැජ්ජෑවේ සන්තෝසෙ බෑ..කෙල්ලො ඔක්කොම දැක්ක.. හරි සන්තෝසයි දැන්..

    ඊට පස්සේ කොල්ලො ටික බයික්කෙත් උස්සලා හාල් එකත් දාල දුන්න.. ඒට පස්සේ මට
    දැන් එතනින් තනියෙන් ගෙදර යන්න මොකදෝ වගේ.. මගෙ යාලුවෙක්ට කිව්ව යමන්
    මම scooter එකේ ගෙනත් දාන්නම් කියලා.. ඌත් නැග්ග හාල් ඒක ඔඩොක්කුවෙ
    තියාගත්තේ...

    ගෙදර ගිහින් වී එක දාල එද්දි.. පාර අයිනෙ හිටපු කෙල්ලො set එකක් මට වැටුණා
    නේද කියලා කිව්වා.. මම උන් ඉන්න හරිය වේගයෙන් පාස් කරගන්න 80 ට විතර
    ගියා... ඒක අතුරු පාරක් carpet කරලවත් සිමෙන්ති දාලවත් තිබුනේ නෑ.. මට
    අරුන් වැටුණා නේද කියන එක විතරයි ඇහුණේ හතරමං හන්දිය ගාවටත් ඇවිල්ල..
    break ගහපු පාර වැලිත් එක්ක ලීස්සලා පොඩ්ඩක් දුර ගියා (වැටුණෙ නැ )

    පිටිපස්සේ එකා වැලි සද්දෙට භය වෙලා බයික්කෙන් පැන්න පිටිපස්ස්ට. ඌ පයිද්දි
    මට bike එක control නැතුව ගිහින් අර හතරමන් හන්දියේ වැටුණා.. අම්මෝ !!!
    එකම තැන විනාඩි 05ක් යන්නත් කලින් දෙපාරක් වැටුණා..
    මේක ලියද්දිත් ඇඟ හිරි වැටෙනවා.. ඒපාරත් ඔක්කොම දැක්කා..

    අරූ කලින් පැන්න හින්දා උගෙ දනිහ පොඩ්ඩක් කෙටිලා තිබ්බ.. වූ පාර දිගේ
    ඇවිදන් ඇවිත් එතන හිටපු කෙල්ලෙක්ගෙන් අහනවා මොකද නන්ගි වුනේ
    කියලා.. කොල්ලො ටික හිනා වුණා ඇතිවෙනකන්.. තාමත් හම්බුනොත් ඕක කියලා මාව
    නොන්ඩි කරනවා.

    ඒකලෙ උන් එකෙක්ටවත් bike පදින්න බෑ...:angry::angry::angry: