10-17. බොරු ගොතා එය අල්ලාහ්ට ආරෝපණය කරන්නාට හෝ ඔහු(අල්ලාහ්)ගේ ආයාත් බොරු යැයි කියන්නාටද වඩා දරුණු පව්කාරයා කවරකුද? වැරදිකරන්නවුන් නියත වශයෙන්ම(කිසිම දාක) ජය ලබන්නේ නැත.
10-18. අල්ලාහ් හැර, ඔවුනට විපතක් සිදුනොකරන්නා වූද, ඔවුනට සැපතක් නොකරන්නා වූද අන් දෑට ඔවුහු නමදිති. තවද මේ අය, අල්ලාහ්ගේ සන්නිධානයෙහි අපගේ අතරමැදියන් යැයි ඔවුහු කියති. අහස්වල හෝ මහපොළොවෙහි ඔහු නොදන්නා දැයින් නුඹලා අල්ලාහ්ට දන්වන්නෙහුද? ශ්‍රී විභූතිය ඔහු(අල්ලාහ්)ටමය. ඔවුන් සමානයන් තබන දැයට වඩා ඔහු(අල්ලාහ්) උත්තරීතර යැයි (නබි මුහම්මද්) පවසනු.
10-21. (ජනයා හැසිරෙන්නේ මෙලෙසයි.) ඔවුනට සිදුවන විපතකට පසු අප මිනිසුනට දයාලූභාවයේ රස බලන්නට සැලැස් වූ කල්හි, ඔවුහු අපගේ ආයාත්වලට එරෙහිව (වංචා සහගත) කුමන්ත්‍රණ යොදා ගනිති. සැලැසුම් කිරීමේදි අල්ලාහ් (නුඹලාට වඩා) ඉක්මන්ය. නියත වශයෙන්ම නුඹලා කුමන්ත්‍රණය කරන දෑ අපගේ දූතයෝ (මලායිකාවරු) සටහන් කර ගනිතියි (නබි මුහම්මද්) පවසනු.
10-24. නියත වශයෙන්ම මෙලොව ජීවිතයේ උපමාව අප අහසින් පහළ කළ ජලය බඳුය. එවිට මනුෂ්‍යයින් සහ සත්වයින් අනුභව කරන මහපොළොවේ බෝගවර්ග ඒ සමඟ මිශ්‍ර විය. මහපොළොව එහි සාරය උකහා ගෙන සරුසාර ඵලදාවෙන් විභූෂිත වී, තවද ඒවායේ අයිතිකරුවෝ නියත වශයෙන්ම ඒවා(ප්‍රයෝජනය ගැනීම)ට තමන්ට බලය ඇතැයි සිතා සිටියහ. එවිට රාති්රයෙහි හෝ දිවා කාලයෙහි හෝ (හිටි හැටියේම) අපගේ ආඥාව ඒ වෙත පැමිණියේය. පෙර දින (කිසිවක්) නොතිබුණාක් මෙන් අපි එය ඵල නෙළා ගත් පාලූවක්(බිමක්) බවට පත් කෙළෙමු. මෙනෙහි කරන ජනතාවන් වෙත (අපගේ) ආයාත් අපි මෙසේ පැහැදිලි කෙළෙමු.
10-25. (නුඹලා මෙලොව දිවියෙන් මුළා වී සිටිති.) අල්ලාහ් සාමයේ නිවහනට ඇරියුම් කරයි. තමන් අභිමත කෙනකුට ඔහු සෘජු මඟපෙන්වයි.
10-26. යහපත කළ අයට යහපතද, තවද වැඩියෙන්ද (ඔවුන්ගේ කුසල්වලට තිළිණ හිමිවනු ඇත.) අඳුර හෝ අවමානය ඔවුන්ගේ මුහුණු නොවසයි. ස්වර්ගවාසීහු ඔවුහු වෙති. ඔවුහු එහි සදාකල් වෙසෙති.
10-27. තවද, නපුරුකම ඉපැයූ අයට ඊට සමාන නපුරු ඵලවිපාක ඇත. නින්දාව ඔවුන් වසා සිටිනු ඇත. අල්ලාහ්ගෙ(දඬුවමි)න් ආරක්ෂකයකු ඔවුනට නැත. රැුයේ කලූකඩතුරා ඔවුන් මත වැටී ඇත්තා සේ ඔවුන්ගේ මුහුණු(අඳුරින්) වැසෙනු ඇත. ඔවුහුය අපාගාමීහු. ඔවුහු එහි සදාකල් වෙසෙති.
@ 10-36. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අනුමානය මිස අනුගමනය නොකරති. නියත වශයෙන් අනුමානය සත්‍යය වෙනුවෙන් කිසිදැයකින් නොපිරිමැසෙයි. මොවුන් කරන දෑ ගැන නියත වශයෙන්ම අල්ලාහ් මැනවින් දනියි.
@ 10-40 ඔවුන් අතුරින් සමහරු එය විශ්වාස කරති. තවද ඔවුන් අතුරින් එය විශ්වාස නොකරන අයද සිටිති. නුඹගේ (පරමාධිපති) රබ් (මෙවැනි) කලබලකාරීන් ගැන මැනවින් දනියි.
@ 10-41. (නබි මුහම්මද් ණී) ඔවුන් නුඹ බොරුකාරයකු යැයි පවසනවා නම්, මාගේ කි‍්‍රයාව (ගැන වගකීම) මටයි. නුඹලාගේ ක්‍රියාව (ගැන වගකීම) නුඹලාටය. මා කරන දෑට නුඹලා වගකිව යුතු නැත. තවද නුඹලා කරන දෑට මා වගකිව යුතු නැතැයි පවසනු.
@ 10-42. (නබි මුහම්මද්ණී) නුඹට සවන් දෙන(මෙන්) ඔවුන්ගෙන් සමහරු සිටිති. බිහිරන්ට ඇසීමට සැලැස්වීමට නුඹට හැකිවන්නේද? ඔවුන් වටහා නොගනිත්දී.
@ 10-43. තවද, නුඹ දෙස බලන (මෙන් අඟවන) සමහරුද ඔවුන් අතර සිටිති. අන්ධයින්ට මඟපෙන්වීමට නුඹට හැකිද, ඔවුන් කිසිවක් නොදකී නම්?
@ 10-44. නියත වශයෙන් අල්ලාහ් කිසි ලෙසකින් මිනිසුනට අසාධාරණය නොකරයි. නමුත් මිනිසුන්මය තමන්ට අසාධාරණය කරගන්නේ.