ඉතිහාසය අමතක නාවික හමුදාපතිට බණින උං

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඉතිහාසය අමතක නාවික හමුදාපතිට බණින උං

    ෆේස් බුක් එකේ විතරක් නෙවෙයි එළකිරියෙත් සමහර උන්ට කොහෙදෝ යන අපත මාධ්‍යවේදියෙක් මහ ලොකු වෙලා. රටට සේවයක් කරපු නාවික හමුදාපතිට මුං බනින්නේ හරියට චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුවට පත්වෙච්ච අපතයෙක් මාධ්‍ය වේදියෙකුට ගැහුව වගේ. එහෙම අපතයෙකුට නම් බැන්නත් කමක් නැ. මෙතනදි දේශපාළනය වැඩක් නෑ. මොන ආන්ඩුවෙන් එතුමාව නාවික හමුදාපති කරත් ඒ අපේ රටේ නාවික හමුදාපති. දේශපාළනය අපිට වැඩක් නෑ. නමුත් නාවික හමුදාපතිට විරුද්ධව යන මේ ප්‍රචාර නම් පිළිකුලෙන් හෙලා දකින්න ඕනේ.

    කව්ද මේ නාවික හමුදාපති
    උඹලට මතක නැද්ද යුද්දෙ කාලෙදි කොටින්ට ප්‍රහාර එල්ල කරන්න මුහුදේ රොකට් වගේ ගිය බෝට්ටු. ඒ විශේෂ යාත්‍රා බලඝණයේ මෙහෙයුම්. කව්ද මේ විශේෂ යාත්‍රා බලඝණයේ පළමු අණදෙන නිලධාරීතුමා කියලවත් මිනිස්සුන්ට දැන් අමතකයි.

    ශ්‍රීලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය 1993 ජනවාරි 13 දින, ලුතිනන් කමාන්ඩර් රවීන්ද්‍ර විජේගුණරත්න ගේ නායකත්වයෙන් යුතු ව අධිකාරිලත් නිලධාරින් 2ක් හා සෙසු නිලයන් 76 කගෙන් සමන්විතව යාපනය කරෙයිනගර් වල පිහිටි ශ්‍රිලං.නා.නෞ. එළාර හිදී ආරම්භ කරන ලදි. විශේෂ පුහුණුවකින් පසුව 25 දෙනෙකුගෙන් යුතු ප්‍රථම විශේෂ යාත්‍රා බලඝණය පිහිටුවන ලදි . මෙම ඒකකයේ පළමු මෙහෙයුම වූයේ 1993 නොවැම්බර් මසදී ත්‍රස්තවාදීන් විසින් අත්පත් කරගත් පූනරීන් නාවික කඳවුර නැවත අත්පත් කර ගැනීමයි. වි.යා.බ විසින් ශ්‍රීලංකාවේ පැවති රිවිරැස, දිරිතර , අග්නිඛීල වැනි ප්‍රධාන මෙහෙයුම් රැසකදී තම දායකත්වය මාතෘභූමිය වෙනුවෙන් සපයා ඇත. තවද අවසන් මානුෂීය මෙහෙයුමේදී ක්‍රියාකාරීව තම දායකත්වය වි.යා.බ විසින් විශිෂ්ට ලෙස දක්වා ඇත.
    යුද්ධයේ අවසාන කාල පරිච්ඡේදයේ වේග ප්‍රහාරක ජෙට් බෝට්ටු වැනි කුඩා ප්‍රහාරක යාත්‍රා මගින් මුහුදු කොටින්ගේ යාත්‍රා හා මරාගෙන මැරෙන කොටි බෝට්ටු වලින් සිදු කල ප්‍රහාර වලට එරෙහිව ක්‍රියාන්විත දියත් කිරීම විශේෂ යාත්‍රා බලඝණය මගින් සිදුවිය.

    Training22.jpg

    වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විශේෂ යාත්‍රා බලඝණයේ ප්‍රථම අණදෙන නිලධාරියා වූ අතර, සිය කීර්තිමත් නාවික දිවියේ දෙවතාවක් එම බලඝණයට අණදීමට භාග්‍ය ලද්දකු වේ. ලොව අනෙකුත් විශේෂ බලකායන් සමග සමවිය හැකි පරිදි විශේෂ බලඝණය දියුණු කරලීම සඳහා ඔහු ඉමහත් කැපවීමක් හා දායකත්වයක් දක්වා ඇත. විශේෂ යාත්‍රා බලඝණ සාමාජිකයින් හට ඔහු විසින් ලබාදෙන ලද ආවේණික හැකියාවන් සහ යුද උපක්‍රම විශේෂ යාත්‍රා බලඝණයේ වෘත්තීය නිපුනතාවයන් ගොඩනැංවී‍මේ පදනම ලෙස වර්තමානය දක්වා ද නොසැලී පවතී.

    විශේෂ යාත්‍රා බලඝණයේ නිර්මාතෘ කියන්නේ මාද්‍ය වේදියට උම්මා එකක් දීලා යවන සිගිති පොරක් වෙන්න ඇතිද? මේ මාධ්‍ය වේදියා හිරු එකෙන් කියනවා උන්ගේ එකෙක් කියලා, ලංකාදීපෙන් කියනවා උන්ගේ එකෙක් කියලා. අපේ සමහර උන් මේ මිනිහව ලොකු කරගෙන විශේෂ යාත්‍රා බලඝණයේ නිර්මාතෘ වරයා හමුදාවෙන් ඉල්ලා අස්වෙන්න ඕනේ කියනවා. මාර ජාතික හැගීමක් තමයි ඒක නම්.

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Prabakaran kiuwalu "sinhalayata onima deyak mathaka thiyenne sathiyai 2i kiyala"ithin dan yudde iwara wela kochchara kalda???

    ඒක ඇත්ත.

    වීරෝධාර විභූෂන, දෙවරක් රන වික්‍රම පදක්කම්, රනශූර පදක්කම, උත්තම සේවා පදක්කම යන පදක්මම් තියන, විශේෂ යාත්‍රා බලඝණයේ ප්‍රථම අණදෙන නිලධාරියා වෙලා යුද්දෙට ඒ තරම් දායකත්වයක් දීපු ලංකා නාවික හමුදාවේ හමුදාපතිට අයින් වෙන්නලු මේ කබ්බ මාධ්‍ය වේදියෙක් නිසා. :lol:
     
    Old Is Gold

    Member
    Jul 22, 2015
    76
    15
    0
    searchingggggggg
    බෑ බෑ මාද්යවේදීන්ට උපරිම නිදහසක් දෙන්න ඕනි. උබලගේ ගෙවල් වලට පැනලා රෙකෝර්ඩ් කරගෙන යන්න තරම් නිදහසක් ඕනි. මිනිස්සුන්ගේ වැරදි මාකට් කරන්න නිදහස ඕනි. මාද්‍ය අතර තියෙන තරගේ වෙනුවෙන් අපිට උපරිම නිදහස ඕනි. රණවිරුවා?? ඒ මොකාද ඒ මීට අවුරුදු බරගානකට කලින්නේ. අපිට එයාගේ ඉතිහාසෙන් වැඩක් නෑ දැන් .අපිම තමා උන්ව රණවිරුවෝ කලේ.අපිට මිනිස්සුන්ව වීරයෝ කරන්නත් පුලුවන් ද්‍රෝහියෝ කරන්නත් පුලුවන්. ඒ හින්දා උන්ට අපිට අත තියන්න බෑ. අත තිබ්බ හින්දා ඉල්ලා අස්වෙයවු. දැන් අපි තමා මේ රට පාලනය කරන්නේ.

    මීට නමට නිදහස් මාද්‍යවේදීන්.
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Bump
    සියල්ලට ඉහලින් සියල්ල දකිමින් :angry: :angry: මෑණියන්ගේ වස්ත්‍රය තමයි.
     
    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කැමරාවයි මාධ්‍ය හැදුනුම්පතකුයි ගත්තහම මාධ්‍යවේදියෙක් වෙන රටක මාධ්‍යවේදියො හිතන් ඉන්නෙ පාර්ලිමේන්තුවෙ ඉන්න හරක් මන්ත්‍රි වරප්‍රසාද වලට මුවාවෙලා ජරා වැඩ කරනව වගෙ මාධ්‍යවේදීන්ට මාධය නිදහසට මුවාවෙලා ඕනම තැනකට කැමරාව අල්ලන එක මාධ්‍ය වලට තියන අයිතියක් කියලා
    අපෙ රටෙ ගොඩක් අය තමාන්ගෙ අයිතිවාසිකම් ගැන කතා කලාට තමාගෙන් වෙන්න ඕන යුතුකම් ඉටුකරන්නෙ නෑ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඌ කරේ ගෙවල් වලට පැනලා මිනිස්සුන්ගේ ප්‍රයිවසි එක උල්ලංඝණය කරපු එක නෙවෙයි.පොදු ස්ථානයක පැවති උද්ඝෝසනයක් ආවරණය කරපු එකයි. ඕනම මාධ්‍යය වේදියෙක්ට පොදු රජයේ ස්ථානයකට ගිහින් වාර්තා කරන්න අවසරය තියෙනවා. පොලිසිය/හමුදාව ඒකට කැමති නැත්නම් උන්ට පුලුවන් එතන ඉන්න උන්ව අයින් කරන්න, නමුත් ගහන්න අවසරය නෑ. අනික ඔතන මාධ්‍යය වේදියෙක්ට ගහන්න තරම් දෙයක් වුනේ නෑ. ඌ පාඩුවේ තමන්ගේ රාජකාරිය කරේ ඕනම මාධ්‍යය වේදියෙක් වගේ. ඒක මාධ්‍යය වේදින්ගේ වගකීම සහා අයිතිය.
    හමුදාපතිට අවසරය නෑ එහෙම එකෙක්ට ගහන්න, අර නැව් බලෙන් තියාගෙන හිටපු එකෙක්ට ගැහුවා නම් වෙනම එකක්, නමුත් අහක යන මිනිහෙක්ට ගහන එක අනුමත කරන්න බෑ. හමුදපති කොටි එලවන්න ඇති, රටට සේවයක් කරන්න ඇති නමුත් ඒවා මෙතනට අදාළ නෑ. හමුදාපති වැරැද්දක් කරා, ඒකට දඩුවම් දෙන්න ඕනේ. අන්න ඔය වගේ තැන් වලින් තමයි නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගන්න ඕනේ. හමුදා පතිව ඕකෙන් අයින් කරන්න ඕනේ නෑ, නමුත් අදාළ වරදට දඩුවම් දෙන්න ඕනේ, උසවි දාන්න ඕනේ, අර ගහපු එකාගෙන් සමාව ගන්න ඕනේ. ආයි ඔය වගේ වැඩ දෙකක් කරොත් අයින් කරලා දාන්න ඕනේ. රටක් හදන්න බෑ ඔහොම හැමෝටම එක එක හැදිවලින් බෙදන කොට. හමුදාපති කියන්නෙත් නිතියේ යටතේ ඉන්න කෙනෙක්, ඉතින් හමුදාපතිට උනත් සලකන්න ඕනේ අපි හැමෝටම සලකන විදියටමයි. අරූ මාධ්‍යය වේදියෙක් උනා කියලා ඌව බල්ලට දාලා කතා කරන්න එපා, ඌත් මනුෂ්‍යයෙක්. හෙට උබටත් ඔය වගේ දෙයක් උනොත් උබට ලොකු පට්ටමක් තියෙන එකෙක් ගැහුවොත් අන්න එදාට මිනිස්සු උබ ඔය කිව්වා වගේම කිව්වොත් අන්න එදාට උබට හිතෙන්නේ මොනවද කියපන් බලන්න? අද මිනිහෙක් ගෑනියෙක්ට ගැහුවා නම්? ප්‍රසිද්ධ පුද්ගල්යෙක්ට ගැහුවා නම්? ඇමතියෙක්ට ගැහුවා නම්? සල්ලි තියෙන එකෙක්ට ගැහුවා නම්? පොලිසිය ඔහොම ඉදියිද? එහෙනම් එදාම ගිහින් අරූව කුදලගෙන හිරෙත් දාලා. ඉතින් හමුදාපතිට විතරක් මොකද විශේෂ සැලකිලි? යුද්ධේ දින්නා,රටට සේවයක් කරා, ලොකු තනතුරු දැරුවා, සල්ලි තියෙනවා කියලා එහෙම විශේෂ සැලකිලි දක්වන්න ගත්තම උන් තව මොනවා කරයිද. අනික ඒවා මෙතනට අදාළ නෑ, යුද්දේ දින්නා නම් ඒකට ගරු කරන්න ඕනේ, ඒ වගේම තමයි වැරැද්දක් කරා නම් ඒකට නිසි දඩුවම් දෙන්න ඕනේ. හැමෝටම එකාමෙන් සලකන්න ගත්ත දවසකට තමයි මේ රට හැදෙන්නේ. ඒක මෙතනින් හරි පටන් ගන්නවා නම් හොදයි.

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කැමරාවයි මාධ්‍ය හැදුනුම්පතකුයි ගත්තහම මාධ්‍යවේදියෙක් වෙන රටක මාධ්‍යවේදියො හිතන් ඉන්නෙ පාර්ලිමේන්තුවෙ ඉන්න හරක් මන්ත්‍රි වරප්‍රසාද වලට මුවාවෙලා ජරා වැඩ කරනව වගෙ මාධ්‍යවේදීන්ට මාධය නිදහසට මුවාවෙලා ඕනම තැනකට කැමරාව අල්ලන එක මාධ්‍ය වලට තියන අයිතියක් කියලා
    අපෙ රටෙ ගොඩක් අය තමාන්ගෙ අයිතිවාසිකම් ගැන කතා කලාට තමාගෙන් වෙන්න ඕන යුතුකම් ඉටුකරන්නෙ නෑ

    :yes::yes::yes:
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    බෑ බෑ මාද්යවේදීන්ට උපරිම නිදහසක් දෙන්න ඕනි. උබලගේ ගෙවල් වලට පැනලා රෙකෝර්ඩ් කරගෙන යන්න තරම් නිදහසක් ඕනි. මිනිස්සුන්ගේ වැරදි මාකට් කරන්න නිදහස ඕනි. මාද්‍ය අතර තියෙන තරගේ වෙනුවෙන් අපිට උපරිම නිදහස ඕනි. රණවිරුවා?? ඒ මොකාද ඒ මීට අවුරුදු බරගානකට කලින්නේ. අපිට එයාගේ ඉතිහාසෙන් වැඩක් නෑ දැන් .අපිම තමා උන්ව රණවිරුවෝ කලේ.අපිට මිනිස්සුන්ව වීරයෝ කරන්නත් පුලුවන් ද්‍රෝහියෝ කරන්නත් පුලුවන්. ඒ හින්දා උන්ට අපිට අත තියන්න බෑ. අත තිබ්බ හින්දා ඉල්ලා අස්වෙයවු. දැන් අපි තමා මේ රට පාලනය කරන්නේ.

    මීට නමට නිදහස් මාද්‍යවේදීන්.

    :yes::yes: මෙහෙම තමයි හිතාගන ඉන්නේ
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    කැමරාවයි මාධ්‍ය හැදුනුම්පතකුයි ගත්තහම මාධ්‍යවේදියෙක් වෙන රටක මාධ්‍යවේදියො හිතන් ඉන්නෙ පාර්ලිමේන්තුවෙ ඉන්න හරක් මන්ත්‍රි වරප්‍රසාද වලට මුවාවෙලා ජරා වැඩ කරනව වගෙ මාධ්‍යවේදීන්ට මාධය නිදහසට මුවාවෙලා ඕනම තැනකට කැමරාව අල්ලන එක මාධ්‍ය වලට තියන අයිතියක් කියලා
    අපෙ රටෙ ගොඩක් අය තමාන්ගෙ අයිතිවාසිකම් ගැන කතා කලාට තමාගෙන් වෙන්න ඕන යුතුකම් ඉටුකරන්නෙ නෑ

    :yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මාධ්‍යවෙදියාට පහරදීම අනුමත කරන්න බැහැ බන්, මොකද ඔහු නිරායුධ පුද්ගලයෙක් . හැබැයි මාධ්‍යවෙදියාට අයිතියක් නැහැ මෙහෙයුමක් වැනි දෙයක් සිද්ධ වෙන වෙලාව් එක වාර්තාකරලා මීඩියාස් වලට දෙන්න හමුදාවෙ අවසරයකින් තොරව. කවුරුහරි අහාවි මෙතන කොයින්ද මෙහෙයුමක් කියලා, නැවක් බලෙන් රඳවාගෙන සිටීම ජාත්‍යන්තර නාවික නීතියට අනුව මුහුඳු කොල්ලකෑමක් හා සමානයි. එක නිසා එයින් නැව මුදවාගෙන නැවත සිය ගමනාන්තය කරා ගමන් ගැනිමට ඉඩ සලසා දෙන එක අදාල නැව පිහිටි මුහුඳු සීමාවෙ බලාධිකාරය හිමි රටෙ නාවික හමුදාවට අයිති වැඩක්. ඉතිං මෙතන උනෙ එවැන්නක්. නිකන් හිතපල්ලා නැවක් වත් එන්නෙ නැහැ කියලා චාටර් කාපු වරායකට ඉඳලා හිටලා හරි ආපු මෙහෙම නැව් වලට අපෙ උන් දෙන සැළකිල්ල මෙහෙම නම් ආයෙ නැව් ඒවිද ??
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    දෑන් ඉන්න මාධ්‍යවේදියො කියන්නේ news හිගාකන එවුන්, උන්ට ගුටි කාලා හරි කමක් නෑ news එකක් දාගන්න තියෙනවනම්. Media Id එක කියලා Id එකක් පෙන්නුවම උන් හිතන්නේ FBI එකේ වගේ ID පෙන්නලා උන්ට ඕන දෙයක් කරන්න ඉඩ දෙන්න ඕන කියලා. කන පෑලෙන්න ගහන්න තිබ්බේ...
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මාධ්‍යවෙදියාට පහරදීම අනුමත කරන්න බැහැ බන්, මොකද ඔහු නිරායුධ පුද්ගලයෙක් . හැබැයි මාධ්‍යවෙදියාට අයිතියක් නැහැ මෙහෙයුමක් වැනි දෙයක් සිද්ධ වෙන වෙලාව් එක වාර්තාකරලා මීඩියාස් වලට දෙන්න හමුදාවෙ අවසරයකින් තොරව. කවුරුහරි අහාවි මෙතන කොයින්ද මෙහෙයුමක් කියලා, නැවක් බලෙන් රඳවාගෙන සිටීම ජාත්‍යන්තර නාවික නීතියට අනුව මුහුඳු කොල්ලකෑමක් හා සමානයි. එක නිසා එයින් නැව මුදවාගෙන නැවත සිය ගමනාන්තය කරා ගමන් ගැනිමට ඉඩ සලසා දෙන එක අදාල නැව පිහිටි මුහුඳු සීමාවෙ බලාධිකාරය හිමි රටෙ නාවික හමුදාවට අයිති වැඩක්. ඉතිං මෙතන උනෙ එවැන්නක්. නිකන් හිතපල්ලා නැවක් වත් එන්නෙ නැහැ කියලා චාටර් කාපු වරායකට ඉඳලා හිටලා හරි ආපු මෙහෙම නැව් වලට අපෙ උන් දෙන සැළකිල්ල මෙහෙම නම් ආයෙ නැව් ඒවිද ??

    ඔව් මචං පහරදීම අනුමත කරන්න බෑ තමයි. එතනදි එහෙම හරි පහරදිමක් වෙලා තියන්ෙන් ඔය කියන මාධ්‍ය වේදියටනේ. අනිත් මාධ්‍ය වේදීන්ට හෝ අනිත් අයට නාවික හමුදාපති ගහලා නෑ. නමුත් දැන් නාවික හමුදාපතිට බණින උන් බනින්නේ හරියට නාවික හමුදාපති ජාතික හතුරෙකුට දාලා. එක්කෝ අරූට අසාධ්‍ය වෙන්නම නෙලුවා වගේ. නාවික හමුදාපති ඉල්ලා අස්වෙන්න ඕනිලු, නාවික හමුදාවේ ඉතිහාසය විනාස කරාලු. අරූගෙන් සමාව ගන්න ඕනිලු. ඔක්කොටම වැඩිය නීතිය අතට අරගෙන තියන්නේ එහෙම කියන එව්න්. මාධ්‍යවේදියා එතන හැසිරුණ හැටි සම්පූර්ණයෙන් අපි දන්නෙ නෑනේ. පොඩි වීඩියෝ ක්ලිප් එකක් දිහා බලලා නාවික හමුදාපතිව දූරයෙන් එලවන්න තරම් තීන්දු දෙන්න දක්ෂ උන් තමයි ඔන්ලයින් මහ කෙරුමෝ කියලා හිතගන ඉන්නේ.
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    ඌ කරේ ගෙවල් වලට පැනලා මිනිස්සුන්ගේ ප්‍රයිවසි එක උල්ලංඝණය කරපු එක නෙවෙයි.පොදු ස්ථානයක පැවති උද්ඝෝසනයක් ආවරණය කරපු එකයි. ඕනම මාධ්‍යය වේදියෙක්ට පොදු රජයේ ස්ථානයකට ගිහින් වාර්තා කරන්න අවසරය තියෙනවා. පොලිසිය/හමුදාව ඒකට කැමති නැත්නම් උන්ට පුලුවන් එතන ඉන්න උන්ව අයින් කරන්න, නමුත් ගහන්න අවසරය නෑ. අනික ඔතන මාධ්‍යය වේදියෙක්ට ගහන්න තරම් දෙයක් වුනේ නෑ. ඌ පාඩුවේ තමන්ගේ රාජකාරිය කරේ ඕනම මාධ්‍යය වේදියෙක් වගේ. ඒක මාධ්‍යය වේදින්ගේ වගකීම සහා අයිතිය.
    හමුදාපතිට අවසරය නෑ එහෙම එකෙක්ට ගහන්න, අර නැව් බලෙන් තියාගෙන හිටපු එකෙක්ට ගැහුවා නම් වෙනම එකක්, නමුත් අහක යන මිනිහෙක්ට ගහන එක අනුමත කරන්න බෑ. හමුදපති කොටි එලවන්න ඇති, රටට සේවයක් කරන්න ඇති නමුත් ඒවා මෙතනට අදාළ නෑ. හමුදාපති වැරැද්දක් කරා, ඒකට දඩුවම් දෙන්න ඕනේ. අන්න ඔය වගේ තැන් වලින් තමයි නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගන්න ඕනේ. හමුදා පතිව ඕකෙන් අයින් කරන්න ඕනේ නෑ, නමුත් අදාළ වරදට දඩුවම් දෙන්න ඕනේ, උසවි දාන්න ඕනේ, අර ගහපු එකාගෙන් සමාව ගන්න ඕනේ. ආයි ඔය වගේ වැඩ දෙකක් කරොත් අයින් කරලා දාන්න ඕනේ. රටක් හදන්න බෑ ඔහොම හැමෝටම එක එක හැදිවලින් බෙදන කොට. හමුදාපති කියන්නෙත් නිතියේ යටතේ ඉන්න කෙනෙක්, ඉතින් හමුදාපතිට උනත් සලකන්න ඕනේ අපි හැමෝටම සලකන විදියටමයි. අරූ මාධ්‍යය වේදියෙක් උනා කියලා ඌව බල්ලට දාලා කතා කරන්න එපා, ඌත් මනුෂ්‍යයෙක්. හෙට උබටත් ඔය වගේ දෙයක් උනොත් උබට ලොකු පට්ටමක් තියෙන එකෙක් ගැහුවොත් අන්න එදාට මිනිස්සු උබ ඔය කිව්වා වගේම කිව්වොත් අන්න එදාට උබට හිතෙන්නේ මොනවද කියපන් බලන්න? අද මිනිහෙක් ගෑනියෙක්ට ගැහුවා නම්? ප්‍රසිද්ධ පුද්ගල්යෙක්ට ගැහුවා නම්? ඇමතියෙක්ට ගැහුවා නම්? සල්ලි තියෙන එකෙක්ට ගැහුවා නම්? පොලිසිය ඔහොම ඉදියිද? එහෙනම් එදාම ගිහින් අරූව කුදලගෙන හිරෙත් දාලා. ඉතින් හමුදාපතිට විතරක් මොකද විශේෂ සැලකිලි? යුද්ධේ දින්නා,රටට සේවයක් කරා, ලොකු තනතුරු දැරුවා, සල්ලි තියෙනවා කියලා එහෙම විශේෂ සැලකිලි දක්වන්න ගත්තම උන් තව මොනවා කරයිද. අනික ඒවා මෙතනට අදාළ නෑ, යුද්දේ දින්නා නම් ඒකට ගරු කරන්න ඕනේ, ඒ වගේම තමයි වැරැද්දක් කරා නම් ඒකට නිසි දඩුවම් දෙන්න ඕනේ. හැමෝටම එකාමෙන් සලකන්න ගත්ත දවසකට තමයි මේ රට හැදෙන්නේ. ඒක මෙතනින් හරි පටන් ගන්නවා නම් හොදයි.

    මේක පොදු ස්ථානයක වෙන picket එකක් vedio කිරීමක් නොවෙයි මගේ හිතේ .මෙහෙයුමක් vedio කිරීමක් .eka හමුදාවේ අවසරයක් නැතුව සිදුකිරීම තහනම් .මෙම මාධ්‍ය wediyata eka කලින් කීවාට ගණන් නොගැනීම නිසා පහර දීලා ඇත ........
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුරුවෙක් වගේ අදුම් නැතුව ඇවිත් ගහපු එකෙන් මුලු නාවික හමුදාවටම උනේ කැලලක්...හමුදාපතිකෙනෙක් හැසිරෙන්නෙ මෙහෙමද??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මචං පහරදීම අනුමත කරන්න බෑ තමයි. එතනදි එහෙම හරි පහරදිමක් වෙලා තියන්ෙන් ඔය කියන මාධ්‍ය වේදියටනේ. අනිත් මාධ්‍ය වේදීන්ට හෝ අනිත් අයට නාවික හමුදාපති ගහලා නෑ. නමුත් දැන් නාවික හමුදාපතිට බණින උන් බනින්නේ හරියට නාවික හමුදාපති ජාතික හතුරෙකුට දාලා. එක්කෝ අරූට අසාධ්‍ය වෙන්නම නෙලුවා වගේ. නාවික හමුදාපති ඉල්ලා අස්වෙන්න ඕනිලු, නාවික හමුදාවේ ඉතිහාසය විනාස කරාලු. අරූගෙන් සමාව ගන්න ඕනිලු. ඔක්කොටම වැඩිය නීතිය අතට අරගෙන තියන්නේ එහෙම කියන එව්න්. මාධ්‍යවේදියා එතන හැසිරුණ හැටි සම්පූර්ණයෙන් අපි දන්නෙ නෑනේ. පොඩි වීඩියෝ ක්ලිප් එකක් දිහා බලලා නාවික හමුදාපතිව දූරයෙන් එලවන්න තරම් තීන්දු දෙන්න දක්ෂ උන් තමයි ඔන්ලයින් මහ කෙරුමෝ කියලා හිතගන ඉන්නේ.
    ගොන් කතා කියන්ඩ එපා ඔයි, මාධයවේදිය තියා එතන හිටපු එකෙක්වත් නාවික හමුදාව එක්ක හැප්පෙන්ඩ ගියෙ නැ..අර නාවික හමුදාපති කියන බුරුව ඔතනට යන්නෙ නැතුව වෙන එකෙක් ගියානම් ඔහොම හත්පොලේ ගාගන්ඩ වෙන්නෙත් නැ.... අනික ඔතන සාමන්ය සෙබ්ලෙක් ගැහුවනම් අවුලක් නැ ගැහුවෙ නාවික හමුදාපති ඒකයි ඔතන තියෙන අවුල, හමුදාපති බුරුවෙක් වගේ හැසිරිලා හරියන්නෙ නැ.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    බුරුවෙක් වගේ අදුම් නැතුව ඇවිත් ගහපු එකෙන් මුලු නාවික හමුදාවටම උනේ කැලලක්...හමුදාපතිකෙනෙක් හැසිරෙන්නෙ මෙහෙමද??

    ඒක හමුදා යුනිෆෝම් එක නොව්නට නිල් ටීෂර්ට් එක, කොට කලිසම කියන්නේ දන්න තරමින් නාවිකයෙකුගෙ ඇදුමක්. එතනට හමුදාපති ආවේ අන දෙන්න. ඇතිවුන හදිස්සි තත්වයකට ප්‍රතිචාරයක් දැක්වුවා. එච්චරයි. නැතුව අරූට එලව එලව ගැහුවෙ නෑනේ.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ගොන් කතා කියන්ඩ එපා ඔයි, මාධයවේදිය තියා එතන හිටපු එකෙක්වත් නාවික හමුදාව එක්ක හැප්පෙන්ඩ ගියෙ නැ..අර නාවික හමුදාපති කියන බුරුව ඔතනට යන්නෙ නැතුව වෙන එකෙක් ගියානම් ඔහොම හත්පොලේ ගාගන්ඩ වෙන්නෙත් නැ.... අනික ඔතන සාමන්ය සෙබ්ලෙක් ගැහුවනම් අවුලක් නැ ගැහුවෙ නාවික හමුදාපති ඒකයි ඔතන තියෙන අවුල, හමුදාපති බුරුවෙක් වගේ හැසිරිලා හරියන්නෙ නැ.

    ගොන් කතා කියන්නේ කව්ද ඕයි. හැප්පෙන්න ගියේ නෑ තමයි. කොහොමත් හමුදාවක් එක්ක සිවිල් පුරවැසියන්ට හැප්පෙන්න බෑනේ. නාවික හමුදාපති හිටියේ නිරායුදව. ගැහුවා කිව්වට එලව එලව ගැහුවෙ නෑනේ. අරූ ඉස්පිරිතාලේ ගියාද. උඹේ කතාවෙන් තේරෙන්නේ උඹ නාවික හමුදාපති එක්ක පුදුම තරහකින් ඉන්නවා වගේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක හමුදා යුනිෆෝම් එක නොව්නට නිල් ටීෂර්ට් එක, කොට කලිසම කියන්නේ දන්න තරමින් නාවිකයෙකුගෙ ඇදුමක්. එතනට හමුදාපති ආවේ අන දෙන්න. ඇතිවුන හදිස්සි තත්වයකට ප්‍රතිචාරයක් දැක්වුවා. එච්චරයි. නැතුව අරූට එලව එලව ගැහුවෙ නෑනේ.
    බුරුවක් වගේ ඇදුනුත් නැතුව බැස්සෙ රටේ නාවික හමුදාපති...කොහෙවත් දැකල තියෙනවද රටක හමුදාපති කෙනෙක් කොට කලිසමක් ගහගෙන නිල රාජකාරියක යෙදෙනව??? හමුදාපති ගහපු නිසයි මේ, නිකන් සොල්ජර් කෙනෙක් ගැහුවනම් අවුලක් නැ, හමුදාපති කියන්නෙ ලොකු තනතුරක් මෙහෙම බලු වෙන්ඩ ඔනෙ නැ.:no::no: