ඉන්දියාවෙන් බුද්ධිය අපනයන කරන්නයි, අපි හවුස් මේඩ් ලා, කම්කරුවෝ වගේ පහල ස්ථරයේ රැකියා වලට සේවකයන් යවන්නයි හේතු උන් කාරනා ගොඩක් තියෙන්න පුළුවන්.
නමුත්, "ඉංග්‍රීසි නොදැනීම" කියන කාරණය ඒවා අතරින් මුල් තැනක් ගන්නවා. 56 දී බණ්ඩාරනායක රජය සිදු කල සිංහල, රාජ්‍ය භාෂාව කිරීම නිසාත්, පාසල් වල උගැන්වීම සිංහල භාෂාවෙන් පමණක් සිදු කිරීම නිසාත් ලංකාව වසර ගණනාවක් ආපස්සට ගියා.
ඉන්දියන් කාරයෝ අධිරාජ්‍ය විරෝධී පිළිවෙතක් (අපිට වඩා බොහෝ අධිරාජ්‍ය විරෝධී පිළිවෙතක්) අනුගමනය කලත්, ඉංග්‍රීසි භාෂාව නැති කර ගත්තේ නැහැ. බ්ර් බ්ර් ගාලා ඉන්දියන් ඇක්සන්ට් එකෙන් කතා කලාට, උන්ගේ ඉංග්‍රීසි දැනුම ලංකාවේ සිංහලෙන් ඉගෙනගත් අයට සාපේක්ෂව ඉහලයි.
මම දන්නා ලංකාවේ දොස්තර කෙනෙක් ඕස්ට්‍රේලියාවේ AHPRA registration එක ගන්න, (එයා සංක්‍රමණය උනේ වයිෆ් ගේ සුදුසුකම් වලින්) IELTS හය පාරක් නැත්නම් හත් පාරක් කළා. ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ගේ ඉංග්‍රීසි දැනුම ගැන කතා කරලා වැඩක් තියනවද??