ක්‍රිකට් ගහන උන් නම් හම්බෙලා තියනවා එක එක තැන වලදී. ඉස්සරහ ගෙදර එකා first class ගහන එකෙක්. උගේ ගෙදර පාටි වලට සමහර උන් සෙට් වෙනවා හම්බෙලා තියනවා , අනිත් උන් බිග් මැච් වලදි .
මදු මාදවයා හම්බුනා දවසක් ෆෝන් කඩේදී.
සුපිරිම සිද්දියක් උනා දවසක් අලුත්කඩේ හරියෙදි . මමයි තව යාළුවෙකුයි(ලෝයර් කෙනක් ඒ යකත්) ත්‍රි විල් එකක් උගේ place එකට යන ගමන් , ගිය ත්‍රිවිල් එක පිටිපසෙන් ඇවිත් වැද්දුවා ට්‍රැෆික් එකේදී.. driver බැහැල ගියාම අපි දෙන්නත් ගේමට වගේ බැහැල ගියා උගේ සපෝර්ට් එකට. කාර් එකේ පිටිපස්සෙන් බැස්සේ අපේ පොලිස් මාද්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මාත්තියා නේ.

කොහේ ගේම ඉල්ලන්නද. පොරත් උසාවි යන කිට් එකෙන් හිටියේ. ඇවිත් මුකුත් අවුලක් නෑ නේද කියලා හෙන හොදට කතා කර. අපි ඉතින් ආයිත් බල්ලෝ වගේ ඇවිත් වීල් එකට නග්ගා. මිනිහා සැහෙන උසයි හිතුවට වඩා.

අප්පට සිරි දැන් මතක් උනේ දමිත් අසංකය ආව අපිත් එක්ක ක්‍රිකට් ගහන්න දවස් තුනක් විතර. ඌ ඒ හරියේ ඉන්නේ. සනිදප එකේ sound බාර එකා කොහොමත් සෙල්ලන් කරන්න සෙට් වෙන එකෙක්. ඌත් එක්ක අරුත් ආවා. ඒ කාලේ දැන් වගේ සයිකෝ නෑ