අටහමාර වෙද්දි යන්න. ලස්සනට ඇදල යන්න. අනිවා ශර්ට් එක යටකරල යන්න. තව කෙනෙක් එක්ක යන්න. උසාවියෙ ලග ඕනෙ තරම් ලෝයර් ඔෆිස් තියෙනව. එතනින් එකෙක්ව අල්ලන්න. වරද පිලිගනින්. ලෝයර්ට 500ක් ඇති. ඕනෙ නම් 1000 ක් දියන්. අපි නම් 500යි දෙන්නෙ පොලිස් නඩු වලට. ෆෝන් ගෙනියන්න දෙන්නෙ නෑ. එ නිසා ලෝයර් ඔෆිස් එකෙන් හරි වෙන ලග කඩේකින් හරි තියන්න වෙනව. හොරෙන් ගෙනිහින් අහුවුනොත් කූඩුවේ දඩත් එක්ක.
ලෝයර්ට බොරුවක් කියන්න කියපන් ගන්න බැරි උන හේතුවට. අසනීප උනා වගේ. එතකොට පොඩ්ඩක් දඩේ අඩු කරගන්න පුලුවන්. ඇතුලට ගිහින් වාඩි වෙයන්. ඉඩ නැත්නම් පැත්තකින් හිට ගනින්. පොලිස් නඩු තමා මුලින් ගන්නෙ. තෝක්ලය කෑගහල උබේ නම කියනව. එතකොට දුවල පලයන් ඉස්සරහ නඩු අහන කූඩුවට ඉක්මනට. එතකොට උබ අල්ලපු ලෝයර් උබ වෙනුවෙන් කතා කරනව. උබ මුකුත් කියවන්න එපා. ලෝයර් වරද පිලි අරගනී. උබට දඩයක් ගහයි. දඩය 1500 - 5000 පොලිස් නඩු නම්, ආදායම් බලපත්‍රයට 5000-25000 වගේ මතක. 18000 එකපාරක් දන්න කෙනෙකුට ගැහුව. 25ක් වත් අරන් යන්න.
මේටික උසාවිය අනුව වෙනස්. උබ ගොනා වගේ ඔලුව නම්න් හිටපන්. එතකොට අවම දඩය ගහනව. ඊට පස්සෙ උබව කූඩුවට දානව. උබත් එක්ක ආපු එකාට නඩු අහන තැනින් එලියෙ උසාවිය ඇතුලෙම ගෙවන්න තැනක් ඇති ඒකට දඩය ගෙවන්න කියපන්. ඒකට අඩුම පැයක් යනව. මොකද නඩුවෙ තීන්දුව ටයිප් සෙටින්ග් වෙලා එතනට එන්න ඕනෙ. එතනදිත් නම කතාකරනව. එතකොට ගෙවල රිසිට් එක කූඩුවේ පොලිස්කාරයට දියන්. ඌ පොතක ලියල උබල දෙන්නව එලියට දානව. උසාවියෙන් යද්දි ඔලුව පාත්කරල අවසර අරන් යන්න. ඕකටත් කුඩුවට දාන්න පුලුවන්. වරුවක්ම ඉවරයි 2න් පස්සෙ දාගන්න වැඩක් දාගනින්.
loyal ta 500 deepan athi. salli tika ubath ekka yana ekata deepan


