ඔව් මහත්තය මගෙ view එකේ හැටියට නම් එහෙම පෙන්නන්න දුක්ඛ ආර්ය සත්‍ය මට්ටමට ගැලපෙන දෙයක් එතන නැහැ ඒකට මගෙ තර්කය තමයි මුළු චතුරාර්ය සත්‍යම ශ්‍රාවක ගෝචර වෙන්න ඕනිනෙ (වැරදියට ගන්න එපා - පෘතක්ජන ගෝචර නෙමෙයි මේ කියන්නෙ) නැත්නම් ඒක කිසිම ශ්රාවකකුට ගෝචර වෙන්නෙ නැහැනෙ. ඉතිං ඔය ඔබතුමා කියන දුක චිත්ත සහ චෛතසික මට්ටමේ විග්රහ වෙන සර්වඥ ගෝචර දෙයක් නිසා ඒක ශ්‍රාවක ගෝචර දෙයක් නෙමෙයි. එහෙම නම් ඒක ඔතනට ගැලපෙන දෙයක් නෙමෙයි. දුක්ඛ සමුදය ආර්ය සත්‍යට අයිති වෙනව කිව්වත් මේක විග්රහ වෙන්නෙ අභිධර්මයේනෙ.
නැ මහත්තය, මෙතන චිත්ත, චයිතසික එක එක ඇනලයිස් කරන්න ඕන කියල කතාවක නෙවේ කියන්නෙ...බොහොම සරල දෙයක් මේ කියන්නෙ...ඔබතුමා නිකරුනේ කලබල වෙලා තියෙන්නෙ...ඔතන සිත් 81 කියන්නෙ, සිත් 89න් ලෝකොත්තර සිත් 8 අඩු උනාම එන ලෞකික සිත් 81. ඉතින් ලෞකික සිත් 81 යි ඊට අදාල, චයිතසිකයි, රුප ටිකයි කියන්නෙ මොකක්ද මහත්තය...ඔය කියන්නෙ, පන්ච උපාදාන ස්කන්දයනෙ...අනේ මන්දන්නෙ නැ....
දැනෙ පන්ච උපාදාන ස්කන්දය දකින්න, සර්වන්ය න්යානයක් ඕනෙද? ඕක පිරිසිද දකින්න කියලනෙ හැම තැනම කියන්නෙ...
1. මෙන්න සාක්ෂි
- චිත්ත සහ චෛතසික මට්ටම අනාවරණ ඥානයට පමණක් ගොචරයි කියලම තිබීම සහ අනාවරණ ඥානයට සර්වඥ ඥානයක් පමණක් වීම.
- කිසිම ශ්‍රාවකයෙක් චිත්ත සහ චෛතසික මට්ටමේ දේශනාවක් කර නොතිබීම
2. ඔව් ඒක හරි, නමුත් ඉහත හේතුව නිසා මේ දුක චතුරාර්ය සත්‍ය තුල අඩංගු කරල නැහැ
3. ඔව්, මේත් ශ්‍රාවක ගෝචර නැති දුකේම කොටස් තමයි, මේ ඔක්කොම එකටනෙ මහත්තය වෙන්නෙ.
එහෙම තේරෙන්න තමයි තියෙන්නෙ මහත්තය, නැත්නම් පරස්පරයිනෙ, විග්රහ කරල නැත්තෙ අදාළ නැති නිසා
මේ ටිකත් ඉතින් මහත්තය, පන්ච උපාදන ස්කන්දය ගෝචර කරගන්න බැ කියන කතාවක් තමයි...කමක් නැ, ඔබතුමා මේ කියන්නෙ , පන්ච උපාදනය කියල දැනෙගෙන හිටියෙ නැනෙ..
ඔබතුමා කොහොමද ගහක ඇටයක් පැළවීම කියන ධර්මතාවය කුලකයක් ලෙස අරගෙන එකට ගහක ඇටයකුයි, පැලයකුයි, ගහකුයි දාන්නෙ?
“
මහණෙනි, දුක්ඛාර්‍ය්‍ය සත්‍යය කවරහුද? එයට පඤ්ච උපාදාන ස්කන්ධයයි කියයුතුය. කවර පසක්ද? එනම් රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදාන ස්කන්ධය, සඩ්ඛාර උපාදාන ස්කන්ධය, විඤ්ඤාණ උපාදාන ස්කන්ධය, යන මොහුයි. මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ. - 3. ඛන්ධ සච්ච
“මහණෙනි,
දුක්ඛාර්‍ය්‍යසත්‍ය කවරේද? අධ්‍යාත්මික ආයතන සයයයි කියයුතුය ඒ සය කවරහුද? චක්ඛායතනය, සොතායතනය, ඝානායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය, යන මොහුයි. මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ. - ආයතනසච්ච සූත්‍රය
මහත්තය, බලන්න, මෙතන එලිමෙන්ට් එකක් විදිහටද , දර්ම තාවයක් විදිහට අරන් තියෙන්නෙ කියල..තව මේවගේ සුට්‍ර තියෙනව ඕනෙනම්..
ඔව් තියනවා තමයි, මම ඔබතුමාට කිව්වොත් චෛතසික 52 නෙමෙයි 60ක් තියනව කියල ඔබතුමාට පුලුවන්ද පෙන්නන නෑ ඇත්තටම 52යි කියල, පොතේ තියන නිසා ගන්න කීම හැරුනුකොට?
"ඉතිං හොඳයි ඔබතුමන්ලා අනාවරණ ඥානය ලබාගත්ත යම් දවසක අපිටත් මේක අභිධර්මය වශයෙන් සිත් සහ චෛතසික වලට බෙදල පහදල දෙන්නකෝ ... "
ඉතින් මහත්තය, මට ඔය කියන න්යානය ලබුනොත්, ඕක හරියට පේන්න එපැයි....ඒ පේන එකයි, දැන් බුදුන්, කියපු එකයි වෙනස් වෙන්න බැනෙ...ඉතින් මම කියනකල් බලාගෙන ඉන්නෙ අයි..
අනේ මහත්තය, මේවගේ එවනම් කාලේ කන වැඩ...මූල්ක ටොපික් එකට ෆොකස් එක දීල ඉමු.