එල කොල්ලෙක් සහ P dial එකක්
එල කොල්ලෙක්.. අන්න එමෙහයි කොල්ලෝ ඉන්න ඕනේ
(රට වටා දුම්රිය මගීන්ගේ සමූහයට ගීත් උදාර තැබූ සටහනක්....)ඊයේ කෝච්චියේ කොටුවේ ඉඳලා හබරණ ආවා... එන ගමන් මහවෙදි මට ඉස්සරහ හිටපු අවුරුදු 40ක විතර පුද්ගලයෙක් කිරි කෝපි එකක් අරන් බීලා කෝප්පේ එහෙම්ම ප්ලැට්ෆෝම් එකට විසික්කා...ට්‍රේන් එක යන ගමන්.. "මොකද්ද අංකල් ඒ කරපු කැත වැඩේ" මට කියවුනේ එහෙම්ම... අංකල්ට ඒකට උත්තර දෙන්න හම්බුනේ නෑ.... එහාපැත්තේ හිටපු තව කොල්ලෙක් එතෙන්ට ඇවිත් "ඔබතුමා කරපු වැඩේ ඉතාම වැරදියි" කියලා පැහැදිලි කරලා දුන්නා ආයේ ඒ වරද නොකරන්නම....
ඔන්න ඉතින් අද හබරණින් පොළොන්නරුවට යන්න ට්‍රේන් එකට නැග්ගා... තන්ත්‍රි එකෙන් අලුත්වැඩියා කරපු අලුත්ම රුමේනියන් මැදිරි...ආසාවෙ බෑ... දෙවෙනි පන්තියේ මැදිරියක් වගේ කන්ඩිෂන්... ඉතින් ඔය ටික බලාගෙන පිටිපස්සටම යනකොට සපත්තු දෙක සීට් එක උඩ තියන් අවුරුදු 30ක විතර කොල්ලෙක් නිදි... ඉතින් ඇහැරලවලා පැහැදිලි කරා මේ මැදිරි අලුත්වැඩියා කරන්න අපේ සල්ලි කෝටි ගාණක් ගියා අපි ඕවා රැකගන්න ඕනේ මොකද තවත් පුද්ගලයෙක් මේ ට්‍රේන් එකේ මේ සීට් එකේ යන්න ඕනේ කියන එක...
ලැබුන පිළිතුර තමා "උඹට මොකද මං කොහොම ගියත්"
හරි මචන් එල කියලා ෆොටෝ එකක් ගහන් ගල්ඔය හන්දියේදි ගාර්ඩ් ට දුන්නා...ලස්සනට දුම්රිය ආරක්ෂක බලකායේ නිලධාරීන් දෙන්නෙක් එක්ක ගියා...
"පවු කියලා වරද සාධාරණීකරණය කරන්න එපා....අපි වරදට එරෙහි නොවන තාක් කල් වැරදිකරුවෝ දිගින් දිගටම වැරදි කරනවා"
ඉස්සරට වඩා දැන් මිනිස්සු වෙනස්...වරදට එරෙහිව කෙනෙක් කතා කරනවා නම් එයාගේ සහයට මිනිස්සු එනවා...ඉතින් සිස්ටම් එක වෙනස් කරන්න නම් කට අරින්නම වෙනවා...
.
එල කොල්ලෙක්.. අන්න එමෙහයි කොල්ලෝ ඉන්න ඕනේ






ටග් ගාලා කකුල් දෙක උඩට ගන්න. කෝප්ප හලන්න wt ever u want