එළකිරියේ ගොම බින්දු නැති කරමු........

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    එළකිරියේ ගොම බින්දු නැති කරමු........

    එළකිරිය මම දැකපු ඒවායින් හොඳම ත්‍රේඩ් තියෙන තැනක්.ඒත් අපි දන්න කියන කෙනෙකුට යන්න කියල කියන්න පුලුවන් කමක් නෑ.
    ගොඩාක් හොඳ වටිනා කියන දේවල් තිබුනත් නංගියෙක්ටවත් මල්ලියෙක්ටවත් අඩුම ගානෙ යාලුවෙක්ටවත් ගිහින් බලන්න කියල කියන්න බෑ.
    මේකෙ ඉන්න සමහර අය මේකෙ දාන දේවල් දැක්කම කොහොමද දෙයියනේ කාටවත් කියන්නෙ.කුණුහරුප....අම්මට බනින ඒව.....
    තම තමන්ගෙ මානසික තත්වයන් මෙතන ප්‍රදර්ශනය කරනව.හිතනව ඇති කුණු කිවුවම තමන් මාර පොරක් කියලත්.අම්මලාට බැන්නම මමනෙ පොර කියල.
    තවත් කෙනෙක්ගෙ අදහසක් ඉදිරිපත් කරද්දි ඒ ගැන කරුනු පෙන්නල් දීල කථා කරන්න නොදන්නකම වහගන්න මෙහෙම කියනවත් ඇති.මොන හේතුවක් නිසා හරි වේවා ඒක ඒ අයගෙ මානසික තත්වය වෙන්න ඕන.
    මේ තත්වයන් වෙනස් උනු දවසක මේ එළකිරිය තවත් සුන්දර වෙයි.තවත් වැඩිපුර අය තමන්ගෙ මතය ඉදිරිපත් කරයි.බොහෝ දෙනෙක් එකතු වෙයි.අන්න එදාට එළකිරිය එළකිරියක්ම වෙයි.එතෙක් ...............
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කුණු කියන්නම අම්මලාට බනින්නනම ඕනෙනම් pm කරන්න පුලුවන්නේ.
     
    සහතික ඇත්ත අන්න ඒ දේවල් නැතිකරගන්න පුලුවන්නම් ලංකාවම මීට වඩා ගොඩාක් ලස්සන තැනක් වේවි
    එලකිරිය අයියටයි නංගිටයි එක තැන ඉදලා බලන්න පුළුවන් තැනක් කරන්න හැමෝම එක්වෙමු
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ශ්‍රී ලංකා;12379612 said:
    සහතික ඇත්ත අන්න ඒ දේවල් නැතිකරගන්න පුලුවන්නම් ලංකාවම මීට වඩා ගොඩාක් ලස්සන තැනක් වේවි
    එලකිරිය අයියටයි නංගිටයි එක තැන ඉදලා බලන්න පුළුවන් තැනක් කරන්න හැමෝම එක්වෙමු


    රටක නාමයක් යූසර් එකවුන් එකකට යොදාගැනීම නීතියට පටහැනි බැවින් රිපෝට් කලෙමි. :cool: