ඔන්න සිංහලු අද කොත්තු හැදුවා...
බලමු ඕන කරන දේවල් ටික
චිකන් කොත්තු
1. කපා ගත් ගොදම්බ රොටි (මම නම් ගත්තේ MDK කොත්තු 1KG පැකට් එකක් 750g ක් ඇති කිලෝ එකක් වැඩියි 3න් දෙනෙක්ට 4 දෙනෙක්ට )
2. කපා ගත් ලොකු බි ළුණු ගෙඩියක්
3. මිරිස් කරල් 4ක් පමණ
4. සිහින්ව ලියා ගත් ලීක්ස් ස්වල්පයක්
5. සිහින්ව ලියා ගත් කැරට් ස්වල්පයක්
6 සිහින්ව ලියා ගත් ගෝවා ස්වල්පයක්
7. සිහින්ව ලියා ගත් සුදුලුනු බික් කිහිපයක්
8. ඉඟුරු තලාගත්
9. බිත්තර 2ක් පමණ
10. කපාගත් කුකුල් මස් ග්රෑම් 250ක් පමණ
11. ගම්මිරිස් කුඩු
12. ලුණු කුඩු
13. සෝයා සෝස්
14. ටොමැටෝ සෝස්
15. කැබලි මිරිස්
ප්රථමයෙන් කුකුල් මස් වලට ගම්මිරිස් ළුණු කුඩු සෝයා සෝස් රස පදමට ගෙන එකතු කර මදක් තබා හොඳින් බැදගන්න..
දෙවනුව ඉඩ ඇති භාජනයක් ලිප තබා තෙල් එකතු කර තෙල් රත් වූ පසු සුදුලුනු, ඉඟුරු දමා බැදගන්න ...පසුව එකින් එක එළවලු හා කපා ගත් මිරිස් කරල් එක් කරගන්න..ලුණු, ගම්මිරිස්,කැබලි මිරිස් එකතු කර තෙම්පරාදු කර ගන්න ...පසුව බිත්තර දෙක කඩා මිශ්රනයට එකතු කර බැදෙන්නට හරින්න..ඊට පසුව කලින් බැදගත් කුකුල් මස් එකතු කර නැවත කලවම් කරන්න (කැමති නම් චීස් ද එකතු කර රසය වැඩි කර ගත හැක ...)
දැන් ටිකෙන් ටික කපාගත් රොටි එකතු කර ගෙන කලවම් කරන්න..සෝයා සෝස්..ටොමැටෝ සෝස් ද රස පදමට එකතු කරගෙන හොඳින් කලවම් කරන්න

කොත්තු ලෑස්තියි