+++එළකිරි දුම්රිය අංගනය+++

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    M9 එන්ජිම ලංකාවේ අසාර්ථක වෙන්න හේතුව තමයි ලංකාවට නොගැලපීම සහ M9 පිළිබද කාර්මික දැනුම තිබුණු කාර්මික ශිල්පීන් නොමැති වීම. M9 තිබ්බ හුගක් sensors මුලදීම ගලවන්න සිද්ධ උන. ලංකාවට කොච්චර නොගලපෙනව කියුවොත් ලන්වට ගෙනාපු වෙලේ වාරයේ ඉදන් දෙමටගොඩට ගෙන්න බෑ කියල sensors වලින් කියල තිබ්බ track එක අවුල් කියල. ඒ නිසා මේ sensors අවශ්‍ය උනත් ගලවන්න වෙලා තියෙනවා.

    සමහර sensors නම් අනවශ්‍ය ලෙස අයින් කරලා තියෙනවා. කොටින්ම රියදුරු කුටියේ තියෙන සංකීර්ණ විද්‍යුත් උපකරණ ආරක්ෂා කරන්න දල තිබුණු A/C එක පවා අයින් කරලා තිබ්බ. මේ නිසා දොර ජනෙල් අරගෙන යාමෙන් සැහෙන දුවිලි ප්‍රමාණයකුත් මේවට යන්න ඇති. තව මේකට දාන coolent අධික ලෙස ගණන් නිසා සාමාන්‍ය වතුර පාවිච්චි කල කියලත් මම අහල තියෙනවා.

    මීට අමතරව මේකේ engine එකත් ලංකාවට ගැලපෙන්නේ නෑ කියල සමහරු කියනවා. ඒ ගැනනම් වැඩි විස්තරයක් මම දන්නේ නෑ. එකී කාරණා සහ නොකී තවත් කාරණා නිසා ලංකාවේ engine එක අසාර්ථක උන. නමුත් දැනටත් ලංකාවේ තියෙන powerfulම engine අතරින් එකක් තමයි M9 engine එක. තාම Main Line එකේ රඹුක්කනින් උඩට රුමේනියන් පෙට්ටි 9 ට වඩා තනියම අදින්න පුළුවන් එකම engine එක M9 විතරයි.

    සමස්තයක් විදිහට බැලුවොත් M9 අසාර්ථක මිලදී ගැනීමක්. කොහොමත් ගන්න කලින්ම චන්ද්‍රිකාට කියල තියෙනවා මේක ගන්න එපා, ලංකාවට ගැලපෙන්නේ නෑ කියල. දැන් ඉතින් ලංකාවේ ඉන්න කාර්මික ශිල්පීන්ට සහ Arthur C Clark මද්‍යස්තානයට පින්සිද්ද වෙන්න ගෙනාපු 10න් 4ක් ධාවන මට්ටමේ තියෙනවා.

    Thanks machn danne nathi deyak igenagaththa :cool::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලංකාවේ ධාවනය වන දුමිරිය වල ප්‍රධාන වශයෙන්ම brake වර්ග 3ක් තියෙනවා. Vaccum brake, Air brake සහ Dynamic brake. මේවා පිළිබද භෞතික විද්‍යාත්මක දැනුම නම් මට එච්චරටම නෑ. නමුත් භාවිතය පිළිබද පොඩි සටහනක් දාන්නම්.

    ලංකාවේ රුමේනියන් මැදිරිවල තියෙන්නේ vaccum brakes. උඩ රුපයේ තියෙන්න රුමේනියන් මැදිරි සමග ධාවනය වන දුම්රියක්. ලංකාවේ සෑම engine එකකම vaccum brakes තියෙනවා. chinese මැදිරිවල තිබෙන්නේ air brakes.ලංකාවේ සෑම engimeකම air brakes නෑ. ඒ නිසා එම මැදිරි සමග ධාවනය කල හැක්කේ air brakes තිබෙන engine වලට විතරයි. M2, M4, M8, M9 සහ M10 engineවල air brakes පහසුමකම තියෙනවා. මීට අමතරව M5 කාණ්ඩයේ M5c 775 enigime පමණක් air brake තියෙනවා.

    5250796843_fb579a6061_b.jpg

    Dynamic brake පාවිච්චි කරන්න පුළුවන් දුම්රියක් ධාවනය වෙනකොට විතරයි, දුම්රියක් නැවත්වීම සදහා මෙය පාවිච්චි කරන්න බෑ. මේකෙදී වෙන්නේ ඉදිරියට ධාවන වෙන රෝද වල චලනයෙන් වෙනම ඩයිනමොවක් කරකවල brake උපදනවා වගේ දෙයක්. ලංකාවේ මේ වෙනකොට dynamic brake තියෙන්නේ M2c 626, M2c 627 , M5b, M5c, M7, W3, M9 සහ M10 යන engine වල විතරයි (miss උණු ඒවා ඇති :sorry:). දන්නා තරමින් M4, M8a engine වල මුල් කාලයේ dynamic brake තිබී තියෙනවා. රබුක්කන දුම්රිය අනතුරින් පස්සේ රබුක්කනින් එහා ධාවනයට dynamic brake අනිවාර්ය කල නිසා දැන් උඩරට ධාවනයට යොදාගන්නේ dynamic brake තිබෙන engine විතරයි.

    Thanks lokka :)Dynamic brakes ethakota vahana vala engine brake wage neda? slow karanna use karanne?
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ටොම් අයිය උඹේ උපන්දිනේ දවසේ පතුරු ගහල තිබුණ වගේ මතකයි හොඳ කෝච්චි පිස්සෙක් කියලා...:rofl:
    දැන් එහෙනම් වැඩේට බැහැල...:P
    Subscribed;)
     
    • Like
    Reactions: RIDER89

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1. ලංකාවෙ තියන සෑම දුම්රියක්ම ඩීසල් එලෙක්ට්‍රික් ද...

    Diesel Hydrolic ඒවත් තියෙනවා. දැන් නන් ඒවා වැඩිය දුවන්නේ නෑ. ඔය W කියලා නම් කරන්න‍ෙ ඒවා. තව Shunters තියෙනවා.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට බන් දුප්පතාගේ හිතවතා ..

    එන්ගින් එනම් මනම් ගැන දන්නේ නැ .එත් ශ්‍රී ලංකා දුම්රිය සේවය කියන්නේ හොද ඉතිහාසයක් ඇති ආයතනයක් ..මෙයින් මිනිස්සුන්ට වෙන සේවාව සල්ලි වලින් මනින්න බැ .
    මේකේ වටිනාකම දවසක් හරි කෝච්චියක ගිය කෙනෙක්ට තේරුම් කරලා දෙන්න ඕනේ නැහැ ..

    කෝච්චිය අපේ රටේ උප සංස්කෘතියක් බිහි කරලා තියෙන්නේ .උදේ හවසදුම්රියෙන් වැඩට යන එන මිනිස්සුන්ගේ ජීවිතේ වැදගත් රසවත් සිදදී ඕනේ තරම් .ඒවත් මෙත් එක්ක කතාකරමු .

    බම්පියකින් හරි තල්ලුවක් දෙන්නම් දිගටම ඇදගෙන යන්න :love::love::love::love:

    රේප් බැලු
     
    • Like
    Reactions: RIDER89

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    M9 එන්ජිම ලංකාවේ අසාර්ථක වෙන්න හේතුව තමයි ලංකාවට නොගැලපීම සහ M9 පිළිබද කාර්මික දැනුම තිබුණු කාර්මික ශිල්පීන් නොමැති වීම. M9 තිබ්බ හුගක් sensors මුලදීම ගලවන්න සිද්ධ උන. ලංකාවට කොච්චර නොගලපෙනව කියුවොත් ලන්වට ගෙනාපු වෙලේ වාරයේ ඉදන් දෙමටගොඩට ගෙන්න බෑ කියල sensors වලින් කියල තිබ්බ track එක අවුල් කියල. ඒ නිසා මේ sensors අවශ්‍ය උනත් ගලවන්න වෙලා තියෙනවා.

    සමහර sensors නම් අනවශ්‍ය ලෙස අයින් කරලා තියෙනවා. කොටින්ම රියදුරු කුටියේ තියෙන සංකීර්ණ විද්‍යුත් උපකරණ ආරක්ෂා කරන්න දල තිබුණු A/C එක පවා අයින් කරලා තිබ්බ. මේ නිසා දොර ජනෙල් අරගෙන යාමෙන් සැහෙන දුවිලි ප්‍රමාණයකුත් මේවට යන්න ඇති. තව මේකට දාන coolent අධික ලෙස ගණන් නිසා සාමාන්‍ය වතුර පාවිච්චි කල කියලත් මම අහල තියෙනවා.

    මීට අමතරව මේකේ engine එකත් ලංකාවට ගැලපෙන්නේ නෑ කියල සමහරු කියනවා. ඒ ගැනනම් වැඩි විස්තරයක් මම දන්නේ නෑ. එකී කාරණා සහ නොකී තවත් කාරණා නිසා ලංකාවේ engine එක අසාර්ථක උන. නමුත් දැනටත් ලංකාවේ තියෙන powerfulම engine අතරින් එකක් තමයි M9 engine එක. තාම Main Line එකේ රඹුක්කනින් උඩට රුමේනියන් පෙට්ටි 9 ට වඩා තනියම අදින්න පුළුවන් එකම engine එක M9 විතරයි.

    සමස්තයක් විදිහට බැලුවොත් M9 අසාර්ථක මිලදී ගැනීමක්. කොහොමත් ගන්න කලින්ම චන්ද්‍රිකාට කියල තියෙනවා මේක ගන්න එපා, ලංකාවට ගැලපෙන්නේ නෑ කියල. දැන් ඉතින් ලංකාවේ ඉන්න කාර්මික ශිල්පීන්ට සහ Arthur C Clark මද්‍යස්තානයට පින්සිද්ද වෙන්න ගෙනාපු 10න් 4ක් ධාවන මට්ටමේ තියෙනවා.

    413505620_435468e0ae_z.jpg

    3220 hp :shocked:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    1. ලංකාවෙ තියන සෑම දුම්රියක්ම ඩීසල් එලෙක්ට්‍රික් ද...

    මේක මචං ඩීසල් හයිඩ්‍රොලික් ;)

    s8-6.jpg

    S8
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    දැං මම දන්නැති දෙයක් උඹලගෙන් අහන්නං...
    1. බලවේග දුම්රිය (පවර්සෙට්)
    2. ෂන්ටින්

    මේවයෙ තේරුම හරියට දන්න කෙනෙක් නැද්ද ?
     
    • Like
    Reactions: IcedEarth

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    කොච්චි වල යන්න සෙට් වෙන්නෙ නැහැ :baffled:. තාම ජීවිතේටම ගිහින් තියන්නේ දෙපාරයි :sorry:

    මමත් එහෙම තමා
     
    • Like
    Reactions: RIDER89

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    දැං මම දන්නැති දෙයක් උඹලගෙන් අහන්නං...
    1. බලවේග දුම්රිය (පවර්සෙට්)
    2. ෂන්ටින්

    මේවයෙ තේරුම හරියට දන්න කෙනෙක් නැද්ද ?

    ෂන්ටින් කියන්නෙ නම් යාඩ් එක ඇතුලෙම කෝච්චි එන්ජින්, පෙට්ටි එහෙම මූව් කරන්න ගන්න පොඩි එන්ජින් නේද:nerd:.
    පවර් සෙට් නම් මමත් දන්නෙ නෑ :sorry:
     
    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    දැං මම දන්නැති දෙයක් උඹලගෙන් අහන්නං...
    1. බලවේග දුම්රිය (පවර්සෙට්)
    2. ෂන්ටින්

    මේවයෙ තේරුම හරියට දන්න කෙනෙක් නැද්ද ?

    බලවේග දුමිරි කියන්නේ ධාවනයේදී වෙනම engimak සවි කරන්නට අවශ්‍යතාවක් (engine ඈදු දුම්රියන්) නැති දුම්රිය වර්ගයක් , මොකද මේවයේ දුම්රිය පැමිණෙන්නේ එන්ජිමත් සමාගමයි. එම නිසා වෙනම එන්ජිමක් ඈදීමේ අවශ්‍යතාවයක් නෑ. ලංකාවේ S class එකේ තියෙන සෑම දුම්රියක්ම බලවේග දුම්රියන්. මේවයින් S7,S8,S9,S10,S11 සහ S12 පමණයි දැනට ධාවන කරන්නේ. උඩරට මාර්ගයේ ධාවනය වන S12 බලවේග දුම්රියේ පමණක් දෙපැත්තෙන්ම engine දෙකක් තියෙනවා. අනික් සෑම බලවේග දුම්රියකම enigimak සහ dummy පෙට්ටියක් ( රියදුරු පාලන ලීවර සහිත) දෙපැත්තේ තියෙනවා.

    s12-1.jpg

    ෂන්ටින් engine කියන්නේ දුමිරියක් දිගු දුර ධාවනයට කල නොහැකි, නමුත් දුම්රිය මැදිරි එහා මෙහා රැගෙන යාම සදහා භාවිත කරන engine වර්ගයක්. ලංකාවේ Y class එකෙන් හදුන්වන්නේ මෙවැනි ෂන්ටින් engine. ලංකාවේ සෑම ප්‍රධාන දුම්රිය ස්ථානයකම වගේ ෂන්ටින් engine තියෙනවා. ෂන්ටින් engine ලංකාවෙත් හදල තියෙනවා, නමුත් වර්තමානයේ භාවිතයේ නෑ ඒ එකක්වත්. M3 engine එක පවා මුලින්ම නිර්මාණය කරලා තියෙන්නේ ෂන්ටින් engine එකක් විදිහටයි.

    440px-Class_y.jpg
     
    Last edited:

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43

    උබට මාර මතකයක්නේ බොල තියෙන්නේ:eek:...සුපිරියි
    11.gif
    .....

    පුංචිට නිවන් සුව ලැබේවා!!!

    මොකේටද මචං
    Cowcatcher කියන්නේ...

    ප්‍රශ්න ආපු එන්ජින් කිව්වේ අර M9 වගේ ඒවා...ඒව ගොඩක් අයින් කරල නේ තියෙන්නේ
    :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලංකාවේ ධාවනය වන දුමිරිය වල ප්‍රධාන වශයෙන්ම brake වර්ග 3ක් තියෙනවා. Vaccum brake, Air brake සහ Dynamic brake. මේවා පිළිබද භෞතික විද්‍යාත්මක දැනුම නම් මට එච්චරටම නෑ. නමුත් භාවිතය පිළිබද පොඩි සටහනක් දාන්නම්.

    ලංකාවේ රුමේනියන් මැදිරිවල තියෙන්නේ vaccum brakes. උඩ රුපයේ තියෙන්න රුමේනියන් මැදිරි සමග ධාවනය වන දුම්රියක්. ලංකාවේ සෑම engine එකකම vaccum brakes තියෙනවා. chinese මැදිරිවල තිබෙන්නේ air brakes.ලංකාවේ සෑම engimeකම air brakes නෑ. ඒ නිසා එම මැදිරි සමග ධාවනය කල හැක්කේ air brakes තිබෙන engine වලට විතරයි. M2, M4, M8, M9 සහ M10 engineවල air brakes පහසුමකම තියෙනවා. මීට අමතරව M5 කාණ්ඩයේ M5c 775 enigime පමණක් air brake තියෙනවා.

    Dynamic brake පාවිච්චි කරන්න පුළුවන් දුම්රියක් ධාවනය වෙනකොට විතරයි, දුම්රියක් නැවත්වීම සදහා මෙය පාවිච්චි කරන්න බෑ. මේකෙදී වෙන්නේ ඉදිරියට ධාවන වෙන රෝද වල චලනයෙන් වෙනම ඩයිනමොවක් කරකවල brake උපදනවා වගේ දෙයක්. ලංකාවේ මේ වෙනකොට dynamic brake තියෙන්නේ M2c 626, M2c 627 , M5b, M5c, M7, W3, M9 සහ M10 යන engine වල විතරයි (miss උණු ඒවා ඇති :sorry:). දන්නා තරමින් M4, M8a engine වල මුල් කාලයේ dynamic brake තිබී තියෙනවා. රබුක්කන දුම්රිය අනතුරින් පස්සේ රබුක්කනින් එහා ධාවනයට dynamic brake අනිවාර්ය කල නිසා දැන් උඩරට ධාවනයට යොදාගන්නේ dynamic brake තිබෙන engine විතරයි.

    :)
    M4 ලා 14ක් ලංකාවට ගෙනාවා නේ. එතනින් 753 (සමනළ), 754 (මැණික්), 755 (මහවැලි), 756 (ලක්ෂපාන) කියන ඇන්ජින් 04 විතරයි ඔරිජිනලි කැනඩාවෙන් එනකොට ඩයිනමික් බ්‍රේක් එක්ක ගෙනාවේ. ඒ ඇන්ජින් 04 කහ පාට ඉරක් ගිහින් තියෙනවා. ඒක තමා ඩයිනමික් බ්‍රේක් ඇන්ජිමේ අයිඩින්ටිෆිකේශන් එක. ඒක ගෙන්වන්න හේතුව උනේ M4 එක Main Line එකේ ධාවනය කරවන්න අවශ්‍ය වෙච්චි නිසයි. ඒත් ඒක සාර්ථක උනේ නෑ. හේතුව ඇන්ජිම දිගින් වැඩි වීම. මේකේ බොගියේ වීල් බේස් එක අඩි 11කටත් වඩා දිගයි. Main Line එකේ උපරිම බොගි විල් බේස් දිග අඩි 10යි අඟල් 07කට සීමා කරලා තිබුනා. මම නම් ඒ තර්කය කොහෙත්ම පිලිගන්නේ නෑ. හරියට රේල් පාර නඩත්තු කරනවා නම් M4 එකට ගේමක් නැතුව බදුලු යන්න පුළුවන්. අනිත් එක තමා දැං M6 ඇන්ජින් දෙකකින් දුවන බදුල්ල නයිට් මේල් එක M4 එක එක ඇන්ජිමකින් බදුලු ගෙනියලා තියෙනවා වැගන් 03ම. හිතා ගන්න පුළුවන් නේ M4 වල පවර් එක. අද වෙනකොට M4 ඇන්ජින් 14ම කිසි කරදරයක් නැතුව දුවනවා. මේ හාදයා ගැන දවසක් ලියන්න කරුණු කාරනා තියේ...

    තව එකක්.. මේක තමා වැදගත්ම. M4 752 (පේදුරුතුඩුව) ත් එක්ක මගේ ලොකු ආත්මීය බැදීමක් තියෙනවා.. :love: :love: :love:

    282464_10150329906831418_2930460_n.jpg

    විස්ථර පසුවට... (හිතුනොත්) මේ පින්තුරේ ගත්තේ එලකිරියේ Djpata.. :cool: හලාවත ඉස්ටේසමේදී..
     
    • Like
    Reactions: AnuradhaRa

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    RePost බුවා;19366898 said:
    තෝ පුදුම එකෙක්නෙ අයියේ,
    උබ දන්න දේවල් ප්‍රවාහන ඇමති වත් දන්නේ නැතුව ඇති,
    ඇත්ත කියහන්, උබ අනන්තෙන් ආපු තරු කුමරා නේද?

    :eek:
    ඕන එකක් කියලා බැනපං.. අනන්තයෙන් ආපු ප** කියන්නේ නැතුව... :angry: