කම්මැලි බං

Dammikaper

Active member
  • Aug 22, 2017
    178
    91
    43
    A හා B කියල ඉඩම් දෙකක් තිබ්බා. B ඉඩම අපිට හා තව කෙනෙක්ට අයිතිව තිබ්බා. ලගදි අපි මිනුම්දෝරුවකු ලවා B1 හා B2 ලෙස ඉඩම බෙදා ගත්තා. අපිට B2 ලැබුනා. B1 එම ඉඩමේ කාලයක් පුරාවට හිටි කෙනෙක්. අපි ඒ ඉඩමේ හිටියේ නෑ. B1 විසින් A ඉඩම හරහා ගොස් තම ඉඩමට යනවා. ඔවුන් නෑදෑයන්. අපිට හිමි B2 කොටසට පාරක් ලබා ගන්නේ කෙසේද ?

     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    එයා තමයි ජජ්ට පස්සේ උසාවිය භාරව ඉන්න දෙවනිය.
    උසාව් කාර්‍ය මණ්ඩලයේ ප්‍රධානියා එයා.

    ඒ කියන්නේ පරිපාලනයට අදාල තනතුරක් ද? නීති ක්ෂේත්‍රයට සම්බන්දයක් නැද්ද?
    රෙජිස්ට්‍රාර් නීතීඥයෙක් විදියට දිව්රුම් දීපු කෙනෙක් නම්, එයා තනතුර දරන කාලය Law Practice එක බලද්දී ගණන් ගන්නව ද?
     

    thanujaka

    Well-known member
  • නීතිය ඉගෙන ගන්න අයට සමහර නඩු, දුන්නු තීන්දු එහෙම ඉගෙන ගන්න තියෙනව නේද ? කොහෙද ඒව තියෙන්නෙ :) අපිට බැරිද ඒව අරං කියවන්න ?

    ලේසියෙන්ම කරන්න තියෙන විදිහ තමයි GL peiris ලියලා තියෙන පොත් බලන එක.
    එවා ටිකක් මිල අධික පොත් හැබැයි ලයිබ්රරි වල තියෙනවා.
    අරං කියවන්න.
    එක පාරම කියෝනකොට නිකං පිස්සු ගතියක් එයි ඒ උනාට හිමින් හිමින් කියවන්න එතකොට තේරෙනවා.
     

    thanujaka

    Well-known member
  • A හා B කියල ඉඩම් දෙකක් තිබ්බා. B ඉඩම අපිට හා තව කෙනෙක්ට අයිතිව තිබ්බා. ලගදි අපි මිනුම්දෝරුවකු ලවා B1 හා B2 ලෙස ඉඩම බෙදා ගත්තා. අපිට B2 ලැබුනා. B1 එම ඉඩමේ කාලයක් පුරාවට හිටි කෙනෙක්. අපි ඒ ඉඩමේ හිටියේ නෑ. B1 විසින් A ඉඩම හරහා ගොස් තම ඉඩමට යනවා. ඔවුන් නෑදෑයන්. අපිට හිමි B2 කොටසට පාරක් ලබා ගන්නේ කෙසේද ?



    ඉඩමේ ප්ලෑන් එකේ ඔයාලට පාරක් ඇති කොහොමත්.
    වටෙන් දුරකින් හරි පාරක් දීල නැද්ද?
    එහෙම පාරක් ප්ලෑන් එකේ ඇත්තෙම නැත්තං පරවශ්‍යතා අයිතියට නඩු කියන්න.
    අඩි තුනක පාරක් කොහොමත් හම්බෙනවා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ අයියෙ පාරවල් ගැන ප්‍රස්න ගොඩක් දැකපු නිසා අහන්නේ, දැන් ප්‍රධාන පාරකට දුරින් ඉන්න පාරක් නැති කෙනෙක්ට එහෙම එයාට යන්න පාරක් නෑය කියල පාර අයිනේ අයගේ ඉඩන් උඩින් පාරවල් ඉල්ලන්න පුළුවන්ද.



    අනාගතේ ගැන හිතල දැන්මම මැස්සෙක්ටවත් ඉඩම උඩින් අඩිපාරවල් හදාගෙන යන්න ඉඩ නොදී හිටියොත් ඇඟට ගුණයි ද
     

    thanujaka

    Well-known member
  • ඒ කියන්නේ පරිපාලනයට අදාල තනතුරක් ද? නීති ක්ෂේත්‍රයට සම්බන්දයක් නැද්ද?
    රෙජිස්ට්‍රාර් නීතීඥයෙක් විදියට දිව්රුම් දීපු කෙනෙක් නම්, එයා තනතුර දරන කාලය Law Practice එක බලද්දී ගණන් ගන්නව ද?

    නෑ නෑ එයා නීතී ක්ෂේත්‍රයට සම්බන්ධ නෑ.
    එයා පරිපාලන නිලධාරියෙක්.
    නෑ නෑ ප්‍රැක්ටිස් එක කියන්නේ උසාවියේ නැගලා නඩු කතා කරලා තියෙන කාලය.
    ඒක ගණන් ගන්නේ නෑ.
     

    thanujaka

    Well-known member
  • මේ අයියෙ පාරවල් ගැන ප්‍රස්න ගොඩක් දැකපු නිසා අහන්නේ, දැන් ප්‍රධාන පාරකට දුරින් ඉන්න පාරක් නැති කෙනෙක්ට එහෙම එයාට යන්න පාරක් නෑය කියල පාර අයිනේ අයගේ ඉඩන් උඩින් පාරවල් ඉල්ලන්න පුළුවන්ද.



    අනාගතේ ගැන හිතල දැන්මම මැස්සෙක්ටවත් ඉඩම උඩින් අඩිපාරවල් හදාගෙන යන්න ඉඩ නොදී හිටියොත් ඇඟට ගුණයි ද

    ප්ලෑන් එකේ පාරක් නැතිම වෙන්න ඕනේ එහෙම ඉල්ලන්න.
    දුරින් වට ගහලා ඩොටේ හරි ගිහිං එන්න පාරක් ප්ලෑන් එකේ තිබ්බොට් එහෙම ඉල්ලන්න බෑ.
    නැත්තං ඉඩම් උඩින් ඉල්ලන්න පුළුවන් පරවශ්‍යතා අයිතිය ක්ලේම් කරලා.
     

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    1. පහල උසාවි වල නඩු අහන්නේ සිංහලෙන් විතරයි නේද ? දෙමලෙන්, English වලින් අහනවද?
    2. ශ්‍රේෂ්ටධිකරනයේ නඩු English වලින් යන්නේ මොකද ? (English රාජ්‍ය භාෂාවක් නෙමෙයි නේ )
    3. සමහර නඩු තීන්දු දෙද්දී ඩැනියල්ට එදිවිර මිගෙල්, මිගේල්ට එදිරිව සුමනා වගේ කියල පරණ නඩු තීන්දු කෝට් කරන්නේ මොකද ? වරද හා ඊට අදාල දඩුවම දණ්ඩ නීති සංග්‍රහය හෝ වෙනත් තැනක සදහන් වෙනවා නම් අරවගේ පරණ නඩු තීන්දු කෝට් කරන්නේ මොකද ?
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    අහ්හ් තෑගි ඔප්පුවක් නං ප්‍රශ්නයක් නෑ උසාවි ගිහිල්ලා ඔප්පුව කැන්සල් කරගන්න.

    නඩුවක් දාන්න වෙනවාද​? නැත්නම් නිකන් කරන්න පුලුවනිද​? නඩුවක් දැම්මොත් අනිත් ඉඩම් නඩු වගේ දිගට ඇදිලා යනවද අයියෙ? අනිත් අය සම්බන්ද කරගන්නැතුව (අත්සන් නැතුව​) කරන්න පුලුවනිද​? ගොඩක් ස්තුතියි අයියෙ උත්තර දුන්නට​. ජය වේවා!!!
     

    Dammikaper

    Active member
  • Aug 22, 2017
    178
    91
    43
    ඉඩමේ ප්ලෑන් එකේ ඔයාලට පාරක් ඇති කොහොමත්.
    වටෙන් දුරකින් හරි පාරක් දීල නැද්ද?
    එහෙම පාරක් ප්ලෑන් එකේ ඇත්තෙම නැත්තං පරවශ්‍යතා අයිතියට නඩු කියන්න.
    අඩි තුනක පාරක් කොහොමත් හම්බෙනවා.

    නෑ කොහොමත්ම පාරක් ලකුණු වෙලා නෑ. පාරක් ඇත්තෙත් නෑ. එතකොට A එක්ක නඩුවකට ගිහින් පාරක් ඉල්ලන්නද වෙන්නේ ? අඩි 3ද ගන්න පුළුවන් උපරිම??. (A කුණු කොල්ලෙට ඉඩම ගන්න අපේක්ෂාවෙන් ඉන්නවා)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්ලෑන් එකේ පාරක් නැතිම වෙන්න ඕනේ එහෙම ඉල්ලන්න.
    දුරින් වට ගහලා ඩොටේ හරි ගිහිං එන්න පාරක් ප්ලෑන් එකේ තිබ්බොට් එහෙම ඉල්ලන්න බෑ.
    නැත්තං ඉඩම් උඩින් ඉල්ලන්න පුළුවන් පරවශ්‍යතා අයිතිය ක්ලේම් කරලා.
    ඉතිං ඒක හෙන අසාධාරණයි නෙ අනේ අහක ඉන්න උන්ට පාරවල් දෙන්න ගියාම අපේ ඉඩමෙන් නෙ අඩුවෙන්නෙ. පාරක් නැත්තන් ගෙවල් නොහද ඉන්න උන් දැනගන්න එපැයි.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ප්ලෑන් එකේ පාරක් නැතිම වෙන්න ඕනේ එහෙම ඉල්ලන්න.
    දුරින් වට ගහලා ඩොටේ හරි ගිහිං එන්න පාරක් ප්ලෑන් එකේ තිබ්බොට් එහෙම ඉල්ලන්න බෑ.
    නැත්තං ඉඩම් උඩින් ඉල්ලන්න පුළුවන් පරවශ්‍යතා අයිතිය ක්ලේම් කරලා.

    අයියා...pm එකක් ඇති..රිප්ලයි එකක් එවන්න කො............:eek:
     
    • Like
    Reactions: ryandok

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    නෑ නෑ එයා නීතී ක්ෂේත්‍රයට සම්බන්ධ නෑ.
    එයා පරිපාලන නිලධාරියෙක්.
    නෑ නෑ ප්‍රැක්ටිස් එක කියන්නේ උසාවියේ නැගලා නඩු කතා කරලා තියෙන කාලය.
    ඒක ගණන් ගන්නේ නෑ.

    Thank you!
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඉතිං ඒක හෙන අසාධාරණයි නෙ අනේ අහක ඉන්න උන්ට පාරවල් දෙන්න ගියාම අපේ ඉඩමෙන් නෙ අඩුවෙන්නෙ. පාරක් නැත්තන් ගෙවල් නොහද ඉන්න උන් දැනගන්න එපැයි.

    මචන් නිකම් හිතපන් උබට හෙට උදේ වෙද්දී කව්රුහරි එකෙක් ඒවගේ පිවිසුම් මාර්ගයක් නැති ඉඩමක් උබට ගෙනල්ල නිකම් දුන්න කියල. උබට ගෙවල් හදන්න නෙමෙයි, හදිස්සියට චු කරන්නවත් ඒ ඉඩම පාවිච්චි කරන්න බෑ නේද ?
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    ඉඩමක අපෙ ඔප්පුවේ අයිති නැති කොටසක් අපි බුක්ති විදිනවා නම් අදාළ ඉඩම් කොටස අපේ ඔප්පුවට ඇතුලත් කරගන්නේ කොහොමද .

    අපි නම් දැනට අවරුදු 60 වගේ ඉදන් බුක්ති විදිනවා ලොකු කොටසක් නෙමේ 80sqft වගේ කොටසක් පෞද්ගලික අයිතිකාරයෝ නැහැ රජයේට අයිති කෑල්ලක් වෙන්න ඇති . මෙන් රෝඩ් එකක් තියෙන්නේ
    මේක නිත්‍යානුකුලව අපේ ඔප්පුවට ඇතුලත් කරගන්න පුලුවන්ද රජයට ගානක් ගෙවලා ?
    තක්සේරු මුදල් අමතරව දඩ්යක් කන්න වෙයිද ?

    දැනටනම් කිසිම ප්‍රශ්නයක් නැහැ ගෙදර විකුනන්න යනකොට නැතනම් ප්ලැන් පාස් කරන්න යනකොට ප්‍රශ්නයක් ඇති නොවෙන්න දැනම හදාගන්න බලන්නේ

    මාසෙකට කලින් මගේ ෆෝන් එක නැතිවුනා .
    දැන් ෆෝන් එක ගත්ත කෙනා මගේ ෆෝන් එකේ තිබ්බ විඩියෝ පට , පින්තුර අන්තර්ජාලයට මුදාහරියොත් ඒවා අන්තර්ජාලෙන් අයින් කරගන්න සද්දයක් බද්දයක් නැතුව කරන්න පුළුවන් හොදම විදිය මොකද්ද ?
    අන්තර්ජාලෙට මුදාහරපු කෙනාට නඩු විරුද්දව නඩු මගට ගියොත් හොහෝ ගලා යයිද ?උපරිම දෙන්න පුළුවන් දඩුවම කොපමණද ?
    පොලිසියට අමතරව මෙවා ගැන හොයන්න පෞද්ගලික රහස් පරිස්ෂකයෝ ඉන්නවාද ?

    මාව මගහැරිලා බම්ප්
     

    thanujaka

    Well-known member
  • 1. පහල උසාවි වල නඩු අහන්නේ සිංහලෙන් විතරයි නේද ? දෙමලෙන්, English වලින් අහනවද?
    2. ශ්‍රේෂ්ටධිකරනයේ නඩු English වලින් යන්නේ මොකද ? (English රාජ්‍ය භාෂාවක් නෙමෙයි නේ )
    3. සමහර නඩු තීන්දු දෙද්දී ඩැනියල්ට එදිවිර මිගෙල්, මිගේල්ට එදිරිව සුමනා වගේ කියල පරණ නඩු තීන්දු කෝට් කරන්නේ මොකද ? වරද හා ඊට අදාල දඩුවම දණ්ඩ නීති සංග්‍රහය හෝ වෙනත් තැනක සදහන් වෙනවා නම් අරවගේ පරණ නඩු තීන්දු කෝට් කරන්නේ මොකද ?

    අහනවා.
    දෙමලෙන් නං පොඩ්ඩක් අහන්න අමාරුයි ඒ වෙලාවට ට්‍රාන්ස්ලේටර් කෙනෙක්ගේ සහයෙක් අහනවා.
    English වලින් න්‍රෝ ප්‍රොබ්ලම් උසාවි වල අහනවා.

    2. ඒ බං සුද්දගේ කාලේ ඉදලා නඩු අහපු ස්ටයිල් එක ඇත්තම කිව්වොත්. ඒක තාම වෙනස් වෙලා නෑ.
    ඉහල උසාවි ඉන්ග්‍රීසියෙන් විතරමයි නඩු අහන්නේ.

    3.එහෙම කරන්නේ පහසුවට, නඩුවේ fatcs හුගක්ම similar නං එහෙම කෝටේශන්ස් කරනවා.
    එතකොට වැඩිය වැල් වටාරම් නැතුව නීතිපති උපදෙස් විමසීම් අනං මනං නැතුව නඩුව ඉවර කරන්න පුළුවන්.
    උදාහරණෙකට ඔය අබේසුන්දර V අබේසුන්දර නඩුව අන්න ඒ වගේ එකක්.
    ඒකෙන් තමයි කියන්නේ එක ගෑනියෙක් ඉද්දි තව ගෑනියෙක් බදින්න තියෙන උවමනාවටම මුස්ලිම් වෙන්න බෑ කියල.
    හෙට උඹ එහෙම කලොත් ආයේ මුල ඉදං නඩු අහ අහ වාත වෙන්න දෙයක් නෑ.
    කෙලින්ම අර නඩු තීන්දුවම දෙනවා.
    අන්න එහෙමයි.
     

    thanujaka

    Well-known member
  • මාව මගහැරිලා බම්ප්

    අඩෝ i'm extremely sorry.
    දෙකක්ම මිස් වෙලානේ මම දැක්කේ නෑ.

    1.අවුරුදු කීයක් භුක්ති වින්දත් රජයේ ඉඩම් වලින් එක බිම් අගලක් වත් අපේ ඔප්පුවලට දාගන්න බැ.
    කලාවාරෝධයෙන් රජයේ ඉඩම් කවර් වෙන්නේ නෑ.

    2.trcsl කට පැමිණිල්ලක් කරන්න පුළුවන් නමුත් ඉතිං ප්‍රායෝගිකව ඔය හැම එකක්ම අයින් කරන්න අමාරුයි.
    අන්තර්ජාලයට ගියා කියන්නේ ගියා තමයි ඉතිං.
    කරපු කෙනා දන්නවනං නඩු කියලා වන්දිගන්න පුළුවන් ඒ උනාට උඹේ අසභ්‍ය දේවල් වලට වන්දි ඉල්ලලා නඩු කියන්න ගියාම සෑහෙන්න ලැජ්ජාවකට මූණ දෙන්න වෙනවා ඒක අනිවාර්යයෙන්ම වෙනවා.
    අරූගේ ලෝයර් උඹව නෝන්ඩිම කරලා දානව මිනිස්සු ඉස්සරහා.
    ඒකට ලෑස්ති වෙලා හිත හයිය කරන් පලයං ප්‍රශ්නයක් නැ.
     

    Dilshan94

    Active member
  • Dec 28, 2016
    628
    237
    43
    හවුල් ඔප්පුවක්ද එහෙනං බෙදුම් නඩුවක් කියන්නම ඕනේ.
    හවුල් කාරයො දෙන්න අතර සමගියක් තියෙනවනං අවුරුදු 1 හමාරක් දෙකක් යන්න කලින් මායිම් බෙදලා වෙන් කරගන්න පුළුවන්.
    දෙන්න අතර සමගියක් නැත්තං අවුරුදු 10 පනිනවා ස්ථීරවම.
    උඹලා නාකි වෙනකං නඩු කියාගන්න වෙන්නේ.
    දෙන්නම කතා වෙලා සමථයකට ඇව්ල්ල බෙදුම් නඩුවකින් බෙදාගන්න නැත්තං ඉතිං ඉවරයක් නැති මගුලක් ඕක.

    බොහොම ස්තූතියි..සමාජය තව තවත් යහමගට ගැනීමට ශක්තිය ලැබේවා