recording කලා නං 2.5x විතර speed එකෙං අහන්න පුලුවන්
කොලේ කියෝනවට වඩා සෑහෙන වේගෙන් කියවන්න පුලුවන්
recording එක ගෙදර ගෙනල්ල වේගෙන් ඇහුව නං අපරාදෙ නඩු අහන අයට සෑහෙන කාලයක් ඉතුරු කරගන්න තිබ්බ
ඒක මෙහෙමයි බං ප්රායෝගිකව ඒක වෙනස්.
කට උත්තර සමහර ඒවා විනාඩි 20-25 දිගයි.
රෙකෝඩින් එකක් අහනකොට සේරම මතක තියාගන්න ඕනේ.
එක්කෝ පෑනක් කොලයක් අරං අරකට ඇහුම්කම් දිදී ඕන ඒවා ලියාගන්න ඕනේ.
මේක එහෙම නෑ බං අපිට හයියෙන් කියවල පුරුදු වෙලා තියෙන්නේ දැන්.
කියවන් කියවන් ගියා ඕන ටික හයිලයිට් කරා තීන්දුව දුන්නා.
ඊලග දේ කොපීස් ගන්න එක පහසුවීම.
පෙන් උස්සන් ඕවට දාගෙන ඕව ප්ලේ කර කර නටන්න එපැයි බං.
අනිත් එක උසාවියේදි පරිහරණය පහසුයි.
ඒකෙන් වෙන්නේ අපිට තවත් රාජකාරි වැඩිවෙන එක.
අනික ඔය කට උත්තර වල මුල පිටුව දෙක කියවන්නේම නෑ.
ඔයා කවුද, මොනවද කරන්නේ. වයස කීයද ඔය ඔයවගේ පටං ගන්න කෑලි කියවන්නෙම නෑ.
ඕනම නඩු කාරයෙක් ගෙන් ඇහුවොත් ටයිප් කරල දෙනවටද කැමති රෙකෝර්ඩ් එක දෙනවටද කියල එකෙක්වත් කියන්නේ නෑ රෙකෝඩ් එක දෙනවට කියල.
ප්රායෝගික භාවිතයේදි යම් යම් ගැටලු තියෙනවා බං.