කරවලාගේ සයිස්!

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නිදි කරවලෙක් ‍වගේ මුන් නින්දේදි කෑවම වෙදනාවක් දැනෙන්නේ නෑ ගොඩක් අය නින්දෙදිම මැරෙනවා.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ඒ වගේම ලෙඩාව කලබල කරන්නේ නැතුව, හොල්ලන්නේ් නැතුව, අතක පයක නම් උඩින් ටිකක් තද වෙන්න ගැටගහලා ගෙනිය්නන කියනවා නේද?

    ගැටගහන්න හොද නැහැලු බං.හෝදලා දම්මටනම් කමක් නැහැ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බ්ලැක් මම්බා කියල එකෙක් ඉන්නවලු කෑවොත් ඉවරම තමයි ලු ආයිත් මොනව කරලත් බේර ගන්න බෑලු

    black mamba & green mamba hari prathikara lebunoth beraganna puluwan lu ikamanata prathikara one hebei:yes:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ගැරඬි කන්නේ නෑ කන්නේ නෑ කියුවට මාව ගැරඬියෙක් කන්න ආවා මන් වැටි වැටි දිව්වේ හැම සර්පයෙක් ම කනව ගැරඬි කියල වෙනසක් නෑ විස නොවුනත් කනව
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ලොව පුරා සර්ප විශේෂ 300 ක් පමණ දැනට හඳුනාගෙන තිබුණ ද ඉන් 15% ක ප‍්‍රමාණයක් පමණක් මිනිසාට විෂ සහිත බව සනාථ කරගෙන ඇත. ශ්‍රී ලංකාවේ සර්ප දෂ්ඨ කිරීම් හේතුකොට ගෙන වසරකට මරණ 900 ක් පමණ සිදුවන බව සංඛ්‍යා ලේඛන වාර්තා හෙළිදරව් කරයි. විස සහිත සර්ප විශේෂ 200 ක් පමණ තිබෙන අතර ඒවා ප‍්‍රධාන වශයෙන් කාණ්ඩ 4 කට වර්ග කෙරේ.

    Viperidae කාණ්ඩයට - තිත් පොලඟා සහ වැලි පොළඟා වැනි උග‍්‍ර විස සහිත සර්පයන් මෙම කාණ්ඩයට අයත් වේ. පොලොං දෂ්ඨයකදී රුධිරය කැටිගැසීමේ කි‍්‍රයාවලිය අසාමාන්‍ය තත්ත්වයට පත්වන අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මුත‍්‍රා සමඟ ලේ පිටවීම ලේ වමනය, වීදුරු මස් වලින් ලේ ගැලීම යනාදී ලක්‍ෂණ දැකිය හැකිය. මීට අමතරව වකුගඩු අකි‍්‍රය වීමද සිදුවේ.

    Elapidae කාණ්ඩයට - නාගයා, තෙල් කරවලා, මඩු කරවලා සහ හත් කරවලා වැනි උග‍්‍ර විෂ සහිත සර්පයන් මෙම කාණ්ඩයට අයත්වේ. කරවලා දෂ්ඨ කිරීමෙන් පසුව ප‍්‍රථමයෙන්ම උදර වේදනාවක් ඇතිවන අතර එන් පසුව ශ්වසන අපහසුතාවයන් ක‍්‍රමයෙන් ඇතිවේ. නාග දෂ්ඨයක දී දෂ්ඨ කළ ස්ථානය හා ඒ අවට වන වීම ප‍්‍රධාන වශයෙන් සිදුවේ.

    Crotalidae කාණ්ඩයට - කුණකටුවා, පලාපොළඟා සහ මූකලන් තෙලිස්සා වැනි සර්පයන් මේ කාණ්ඩයට අයත්වේ. කුණකටුවා දෂ්ඨ කිරීම ශ්‍රී ලංකාවේ බහුලව දැකිය හැකි අතර එහිදී දෂ්ඨ කළ ස්ථානය හා ඒ අවට වේදනාකාරී ලෙස ඉදිමීමට ලක්වේ.

    Colubridae කාණ්ඩයට - නාගමාපිලා, නිදිමාපිලා, ඇහැටුල්ලා වැනි මඳ විෂ සහිත සර්පයන් මෙ කාණ්ඩයට අයත්වේ.

    සර්පයාගේ ඇසට පිටුපසින් පිහිටි විෂ ග‍්‍රන්ථිය තුළ සර්ප විෂ නිපදවෙන අතර එහි සිට ප‍්‍රනාලයක් ඔස්සේ උඩ හනුවේ පිහිටි විෂ දල වෙත විෂ සංක‍්‍රමණය කෙරේ. විෂ දල යනු, විෂ ගොදුර තුළට විඳීම පිණිස අනුවර්තනය වූ දත් යුගලයකි. සර්ප විස යනු කි‍්‍රයාකාරී රසායනික සංයෝග රාශියක මිශ‍්‍රණයකි. රසායනික වශයෙන් සර්ප විසෙහි සංයුතිය විශ්ලේෂණය කළ විට ප්‍රෝටියේස්, එස්ටරේස්, පොස්ෆොලයිපේස්වැනි නියුරොටොක්සදීන, හිමොටොක්සීන සහ සයිටොටොක්සීන වැනි විවිධ රසායනිකයන් ගෙන සංයුක්ත වන බව පෙන්වාදිය හැකිය. එකම විශේෂයේ සර්පයන් අතර පවා භූගෝලීය ව්‍යාප්තිය අනුව සර්ප විසෙහි සංයුතිය වෙනස් විය හැකිය.

    Elapidae කාණ්ඩයට - අයත් සර්පයන්ගේ (උදා:- නයා, කරවලා) විසෙහි නියුරොටොක්සීන ප‍්‍රධාන වශයෙන් අඩංගුවන අතර එමගින් මාංශපේශි අප‍්‍රාණික කරනු ලබයි. මෙහිදී ශ්වසන පේශිඅකි‍්‍රය වීමෙන් ශ්වසන අපහසුතාවයන් ඇතිවී මරණය පවා සිදුවිය හැකිය. Neurotoxins මගින් මොලයටද බලපෑමක් ඇතිවය හැකිවන අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සිහිය නොමැති වීම වැනි ලක්‍ෂණ මතුවේ. මීට අමතරව ගිලීමට අපහසුවීම, කථා කිරීමට නොහැකිවීම දෘෂ්ඨ අසාමාන්‍යතාවයන්, ස්පර්ශ සංවේදනයේ අසාමාන්‍යතාවයන් සහ මුඛය තුළ ඛේඨය රැදීම වැනි ලක්‍ෂණ Neurotoxins කි‍්‍රයාත්මකවීම හේතු කොටගෙන ඇතිවිය හැකිය.

    සර්පවිෂෙහි අන්තරගත හීමොටොක්සීන කි‍්‍රයාත්මක වීමෙන් රුධිරය කැටිගැසීමේ අසාමාන්‍යතාවයන් රතු රුධිර සෛල බිඳීයාම (Haemolysis) ප‍්‍රධාන වශයෙන් සිදුවේ. රතු රුධිර සෛල බිඳීයාමෙන් නිදහස් වන හිමොග්ලොබින් වකුගඩු තුළ තැන්පත් වීමෙන් වකුගඩු කි‍්‍රයාකාරිත්වය අඩපණ විය හැකිය. තිත්පොළගා සහ වැලි පොලඟා වැනි සර්පයන් දෂ්ඨ කළ විට මෙම තත්ත්වය ප‍්‍රකටව දැකිය හැකිය. සර්ප විෂෙහි තිබෙන ප්‍රෝටියේස් සහ හයි ඇලිරොනයිඩේස් වැනි කි‍්‍රයාකාරි එන්සයිම හේතු කොටගෙන දෂ්ඨ කළ ස්ථානය හා ඒ අවට පටක විනාශ වේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඉදිමීම හා වණවීම වැනි ලක්‍ෂණ ස්ථානීය වශයෙන් ඇතිවිය හැකිය.

    මීට අමතරව හෘදයට හා එහි කි‍්‍රයාකාරිත්වයට බලපෑම් ඇතිවීම, රුධිරයේ පොටෑසියම් සාන්ද්‍රණය වැඩිවීම, පිටියුටරි සහ අධිවෘක්ත ග‍්‍රන්ථිවල කි‍්‍රයාකාරිත්වය දුර්වල වීම සහ මාංශ පේශි බිඳහෙලීම වැනි සංකීර්ණ තත්ත්වයන් සර්ප විෂ හේතු කොටගෙන මතුවිය හැකිය.
    සර්ප දෂ්ඨයකදී ප‍්‍රථමයෙන්ම රෝගියාගේ බිය පහකර ඔහු හෝ ඇය අස්වසාලිය යුතුය. දෂ්ඨ කරන ලද ස්ථානය විෂබීජ නාශකයකින් පිරිසිදු කොට වේදනාව සමනය කිරීම පිණිස පැරසිටමෝල් වැනි ඖෂධයන් ලබාදිය හැකිය. වේදනා නාශක වශයෙන් ඇස්පිරින් වර්ගයට අයත් ඖෂධ දීමෙන් වැළකිය යුතුය. දෂ්ඨ කළ ස්ථානය කපා ලේ ඉවත් කිරීම හෝ වෙනත් ද්‍රව්‍ය යොදා ඇතිල්ලීමෙන් වැලකිය දෂ්ඨ කිරීමෙන් පැය 24 ක කාලයක් තුළ අධික වශයෙන් දියර වර්ග සහ ඝණ ආහාර නොගත යුතුය. දෂ්ඨකරන ලද සර්පයා නිවැරැදිව හඳුනා ගැනීම ප‍්‍රතිකාර සඳහා ඉමහත් පහසුවක් වේ. හැකිනම් රෝගියා සමඟ දෂ්ඨ කරන ලද සර්පයා රෝහලට රැගෙන යා යුතුය. සර්ප දෂ්ඨයක් සඳහා ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය කරන ප‍්‍රත්‍යක්‍ෂ ඖෂධ රජයේ රෝහල්වල තිබෙන බැවින් රෝගියා නොපමාව රජයේ රෝහලකට ඇතුළත් කිරීම ඉතා වැදගත්ය. රෝගියා රෝහල් ගත කළ වහාම ඔහු හෝ ඇය සායනිකව පරීක්‍ෂාකිරීමෙන් පසුව රෝගියාගේ රුධිරය කැටිගැසීම පරීක්‍ෂා කොට සර්ප විෂ ශරීරගත වීමෙන් ඇතිවී තිබෙන බලපෑම ඇගයීමට ලක් කෙරේ. ඒ අනුව ප‍්‍රතිවිෂ ශරීරගත කිරීම තීරණය කෙරේ. ප‍්‍රතිවිෂ මගින් සර්ප විස උදාසීන කෙරෙන අතර සර්ප දෂ්ඨයකින් පසුව අප‍්‍රමාදව එය ලබාදිය යුතුය. ප‍්‍රතිවිෂ ශරීරගත කිරීමේදී අසාත්මිකතාවයන් ඇතිවූවද ඒවා පාලනය කිරීමට භාවිතා කරන ඖෂධ සමඟ ප‍්‍රතිවිෂ ලබාදේ. රෝගියාට ශ්වශන අපහසුතාවයන් ඇතිවී ඇත්නම් දැඩි සත්කාර ඒකකයකට ඇතුලත් කොට යන්ත‍්‍ර මගින් කෘති‍්‍රමව ශ්වසනය ලබාදේ. Elapidae කාණ්ඩයට අයත් කරවලා වැනි සර්පයන් දෂ්ඨ කළ විට ස්වශන අපහසුතාවන් ඇතිවීම ප‍්‍රකටව දැකිය හැකිය. පොලොන් දෂ්ඨයකදී මතුවන සංකූලතාවයක් වන වකුගඩු අකි‍්‍රයවීම සඳහා විශේෂිත ප‍්‍රතිකාර ලබාදිය යුතුවේ. නාග දෂ්ඨයකදී දෂ්ඨ කළ ස්ථානය හා ඒ අවට සිදුවන වණවීම සඳහා වණවූ කොටස් ශල්‍ය කර්මයකින් ඉවත්කර සමක් බද්ධ කිරීමට අවශ්‍යවේ. මීට අමතරව සර්ප දෂ්ඨයකදී ඇතිවිය හැකි අනෙකුත් සංකූලතාවයන් සඳහා නියමිත ප‍්‍රතිකාර රෝගියාට අප‍්‍රමාදව ලබාදිය යුතුය.

    ශ්වසනය අවහිරවීම, වකුගඩු අකි‍්‍රය වීම, රුධිරයේ පොටෑසියම් අයන සාන්ද්‍රණය අසාමාන්‍ය ලෙස ඉහළයාම, කම්පනය හා හෘද කි‍්‍රයාකාරිත්වය අසාමාන්‍ය තත්ත්වයට පත්වීම, ශරීරයේ ප‍්‍රධාන ඉන්ද්‍රියන් කිහිපයක් කි‍්‍රයාවිරහිත වීම සහ රුධිරය කැටිගැසීමේ අසාමාන්‍යතාවයන් වැනි සංකුලතාවයන් සර්ප දෂ්ඨයකදී මරණය ඇති කිරීමට ප‍්‍රධාන වශයෙන් හේතුවේ.

    සර්ප දෂ්ඨ වළක්වා ගැනීමට ගතයුතු පියවර

    සර්පයන් ගැවසෙන ස්ථානවල ඇවිදීමේදී කකුල් ආවරණය වනසේ බූට් වැනි පාවහන් පැලදිය යුතු අතර ඝණ දිගු ගලිසම් හෝ දිගු සරම් පැලද සිටීමද ආරක්‍ෂාකාරී වේ.

    අඳුරෙහි ඇවිදින විට හොඳින් එළිය තිබෙන විදුලි පන්දමක් භාවිතා කළ යුතුය.

    සර්පයන් ගැවසෙන ස්ථානවල ඇවිදින විට කෝටුවකින් පොළොව තට්ටු කරමින් ඇවිදීම සහ පොළව මත බරට අඩි තබා ඇවිදීම සුදුසුය. මෙම කි‍්‍රයාවලිය මඟින් පොළොවේ පෘෂ්ඨය මත කම්පනයක් ඇති කෙරෙන අතර ඊට සංවේදි සර්පයන් එම සර්පයන් එම ප‍්‍රදේශයෙන් ඉවත්ව යෑමට පෙළැඹේ.

    ගෙවත්ත හොඳින් එළිපෙහෙළී කර පිරිසිදුව තබාගත යුතුවන අතර සියළුම හුඹස් කඩා ඉවත්කල යුතුවේ. නිවෙස්වල ජලය ගලා බසින නල මාර්වල අග කොටස් අදැල් දමා ආවරණය කළ යුතුයි.

    නිවෙස් වල තිබෙන දොර ජනෙල් ක‍්‍රමවත්ව වැසිය හැකි පරිදි සකස් කරගත් යුතුවන අතර රාත‍්‍රී කාලයට ඒවා හොඳින් වසා තැබිය යුතුයි.

    නිවෙස් තුළ හෝ ඉන් පිටත බිම නිදා ගැනීමෙන් වැළකිය යුතුයි.

    ගස්වල බෙණ, වේයන්ගේ ගුල්, පඳුරු සහ කොටන් යටට අපරීක්‍ෂාකාරී ලෙස අත දැමීමෙන් වැළකිය යුතුයි.

    පේරාදෙණිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගි අංශයේ සහ මූලික සත්කාර ඒකකයේ කාර්යභාර වෛද්‍ය - ලලිත් නන්දික විජේසේකර
     
    • Like
    Reactions: Beeper

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගැරඬි කන්නේ නෑ කන්නේ නෑ කියුවට මාව ගැරඬියෙක් කන්න ආවා මන් වැටි වැටි දිව්වේ හැම සර්පයෙක් ම කනව ගැරඬි කියල වෙනසක් නෑ විස නොවුනත් කනව
    :yes::yes:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    බ්ලැක් මම්බා කියල එකෙක් ඉන්නවලු කෑවොත් ඉවරම තමයි ලු ආයිත් මොනව කරලත් බේර ගන්න බෑලු

    ඔව් ඔව් අහලා තියෙනවා :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ගැරඬි කන්නේ නෑ කන්නේ නෑ කියුවට මාව ගැරඬියෙක් කන්න ආවා මන් වැටි වැටි දිව්වේ හැම සර්පයෙක් ම කනව ගැරඬි කියල වෙනසක් නෑ විස නොවුනත් කනව

    :baffled:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    තව මොකෙක්ද එකෙක් ඉන්නවලු ඌ කෑවොත් බෙහෙත් කරල බේර ගන්න පුලුවන් ඒත් කාපු දවස ඉඳල අර මිනිහා මැරෙනකම් ඒ සර්පයගේ වර්ගේ උන් එනවලු පස්සෙන්ම අරූට වැඩේ දෙන්න දාඩිය දාපු ගමන් ඒ දාඩිය ගඳට එනවලු ඒ සර්පයා
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අර අක්කා පවු බන්. අනේ මල්ලි නැති වුනා නේද. හරිම දුකයි. :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තව මොකෙක්ද එකෙක් ඉන්නවලු ඌ කෑවොත් බෙහෙත් කරල බේර ගන්න පුලුවන් ඒත් කාපු දවස ඉඳල අර මිනිහා මැරෙනකම් ඒ සර්පයගේ වර්ගේ උන් එනවලු පස්සෙන්ම අරූට වැඩේ දෙන්න දාඩිය දාපු ගමන් ඒ දාඩිය ගඳට එනවලු ඒ සර්පයා

    හත් දෙනෙක් එන්නෙ මාපිලාද කොහෙද :shocked::shocked:
     
    :shocked: රේඩාර් එකට අහුවෙනවද ?
     
    Sep 4, 2015
    3,212
    269
    0
    හත් දෙනෙක් එන්නෙ මාපිලාද කොහෙද :shocked::shocked:

    Forsten's+Cat+Snake.jpg
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඒ වගේම ලෙඩාව කලබල කරන්නේ නැතුව, හොල්ලන්නේ් නැතුව, අතක පයක නම් උඩින් ටිකක් තද වෙන්න ගැටගහලා ගෙනිය්නන කියනවා නේද?

    gata gahanna epa kiyalai man ahala thiyenne,gata gahuwama lee gamanaagamanaya wadi welaa wisa udu duwanawaluu :eek:

    karanna oone, ledaawa baya nokara ,mokuth kanna bonna nodi hospital aran yana eka:yes:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ගැරඬි කන්නේ නෑ කන්නේ නෑ කියුවට මාව ගැරඬියෙක් කන්න ආවා මන් වැටි වැටි දිව්වේ හැම සර්පයෙක් ම කනව ගැරඬි කියල වෙනසක් නෑ විස නොවුනත් කනව

    උබ දුවද්දි උබෙ බඩෙලිය වලට ගැරඩියා ලිස්සන්ඩ ඇති:yes::yes:
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    ලොව පුරා සර්ප විශේෂ 300 ක් පමණ දැනට හඳුනාගෙන තිබුණ ද ඉන් 15% ක ප‍්‍රමාණයක් පමණක් මිනිසාට විෂ සහිත බව සනාථ කරගෙන ඇත. ශ්‍රී ලංකාවේ සර්ප දෂ්ඨ කිරීම් හේතුකොට ගෙන වසරකට මරණ 900 ක් පමණ සිදුවන බව සංඛ්‍යා ලේඛන වාර්තා හෙළිදරව් කරයි. විස සහිත සර්ප විශේෂ 200 ක් පමණ තිබෙන අතර ඒවා ප‍්‍රධාන වශයෙන් කාණ්ඩ 4 කට වර්ග කෙරේ.

    Viperidae කාණ්ඩයට - තිත් පොලඟා සහ වැලි පොළඟා වැනි උග‍්‍ර විස සහිත සර්පයන් මෙම කාණ්ඩයට අයත් වේ. පොලොං දෂ්ඨයකදී රුධිරය කැටිගැසීමේ කි‍්‍රයාවලිය අසාමාන්‍ය තත්ත්වයට පත්වන අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මුත‍්‍රා සමඟ ලේ පිටවීම ලේ වමනය, වීදුරු මස් වලින් ලේ ගැලීම යනාදී ලක්‍ෂණ දැකිය හැකිය. මීට අමතරව වකුගඩු අකි‍්‍රය වීමද සිදුවේ.

    Elapidae කාණ්ඩයට - නාගයා, තෙල් කරවලා, මඩු කරවලා සහ හත් කරවලා වැනි උග‍්‍ර විෂ සහිත සර්පයන් මෙම කාණ්ඩයට අයත්වේ. කරවලා දෂ්ඨ කිරීමෙන් පසුව ප‍්‍රථමයෙන්ම උදර වේදනාවක් ඇතිවන අතර එන් පසුව ශ්වසන අපහසුතාවයන් ක‍්‍රමයෙන් ඇතිවේ. නාග දෂ්ඨයක දී දෂ්ඨ කළ ස්ථානය හා ඒ අවට වන වීම ප‍්‍රධාන වශයෙන් සිදුවේ.

    Crotalidae කාණ්ඩයට - කුණකටුවා, පලාපොළඟා සහ මූකලන් තෙලිස්සා වැනි සර්පයන් මේ කාණ්ඩයට අයත්වේ. කුණකටුවා දෂ්ඨ කිරීම ශ්‍රී ලංකාවේ බහුලව දැකිය හැකි අතර එහිදී දෂ්ඨ කළ ස්ථානය හා ඒ අවට වේදනාකාරී ලෙස ඉදිමීමට ලක්වේ.

    Colubridae කාණ්ඩයට - නාගමාපිලා, නිදිමාපිලා, ඇහැටුල්ලා වැනි මඳ විෂ සහිත සර්පයන් මෙ කාණ්ඩයට අයත්වේ.

    සර්පයාගේ ඇසට පිටුපසින් පිහිටි විෂ ග‍්‍රන්ථිය තුළ සර්ප විෂ නිපදවෙන අතර එහි සිට ප‍්‍රනාලයක් ඔස්සේ උඩ හනුවේ පිහිටි විෂ දල වෙත විෂ සංක‍්‍රමණය කෙරේ. විෂ දල යනු, විෂ ගොදුර තුළට විඳීම පිණිස අනුවර්තනය වූ දත් යුගලයකි. සර්ප විස යනු කි‍්‍රයාකාරී රසායනික සංයෝග රාශියක මිශ‍්‍රණයකි. රසායනික වශයෙන් සර්ප විසෙහි සංයුතිය විශ්ලේෂණය කළ විට ප්‍රෝටියේස්, එස්ටරේස්, පොස්ෆොලයිපේස්වැනි නියුරොටොක්සදීන, හිමොටොක්සීන සහ සයිටොටොක්සීන වැනි විවිධ රසායනිකයන් ගෙන සංයුක්ත වන බව පෙන්වාදිය හැකිය. එකම විශේෂයේ සර්පයන් අතර පවා භූගෝලීය ව්‍යාප්තිය අනුව සර්ප විසෙහි සංයුතිය වෙනස් විය හැකිය.

    Elapidae කාණ්ඩයට - අයත් සර්පයන්ගේ (උදා:- නයා, කරවලා) විසෙහි නියුරොටොක්සීන ප‍්‍රධාන වශයෙන් අඩංගුවන අතර එමගින් මාංශපේශි අප‍්‍රාණික කරනු ලබයි. මෙහිදී ශ්වසන පේශිඅකි‍්‍රය වීමෙන් ශ්වසන අපහසුතාවයන් ඇතිවී මරණය පවා සිදුවිය හැකිය. Neurotoxins මගින් මොලයටද බලපෑමක් ඇතිවය හැකිවන අතර එහි ප‍්‍රතිඵලයක් වශයෙන් සිහිය නොමැති වීම වැනි ලක්‍ෂණ මතුවේ. මීට අමතරව ගිලීමට අපහසුවීම, කථා කිරීමට නොහැකිවීම දෘෂ්ඨ අසාමාන්‍යතාවයන්, ස්පර්ශ සංවේදනයේ අසාමාන්‍යතාවයන් සහ මුඛය තුළ ඛේඨය රැදීම වැනි ලක්‍ෂණ Neurotoxins කි‍්‍රයාත්මකවීම හේතු කොටගෙන ඇතිවිය හැකිය.

    සර්පවිෂෙහි අන්තරගත හීමොටොක්සීන කි‍්‍රයාත්මක වීමෙන් රුධිරය කැටිගැසීමේ අසාමාන්‍යතාවයන් රතු රුධිර සෛල බිඳීයාම (Haemolysis) ප‍්‍රධාන වශයෙන් සිදුවේ. රතු රුධිර සෛල බිඳීයාමෙන් නිදහස් වන හිමොග්ලොබින් වකුගඩු තුළ තැන්පත් වීමෙන් වකුගඩු කි‍්‍රයාකාරිත්වය අඩපණ විය හැකිය. තිත්පොළගා සහ වැලි පොලඟා වැනි සර්පයන් දෂ්ඨ කළ විට මෙම තත්ත්වය ප‍්‍රකටව දැකිය හැකිය. සර්ප විෂෙහි තිබෙන ප්‍රෝටියේස් සහ හයි ඇලිරොනයිඩේස් වැනි කි‍්‍රයාකාරි එන්සයිම හේතු කොටගෙන දෂ්ඨ කළ ස්ථානය හා ඒ අවට පටක විනාශ වේ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් ඉදිමීම හා වණවීම වැනි ලක්‍ෂණ ස්ථානීය වශයෙන් ඇතිවිය හැකිය.

    මීට අමතරව හෘදයට හා එහි කි‍්‍රයාකාරිත්වයට බලපෑම් ඇතිවීම, රුධිරයේ පොටෑසියම් සාන්ද්‍රණය වැඩිවීම, පිටියුටරි සහ අධිවෘක්ත ග‍්‍රන්ථිවල කි‍්‍රයාකාරිත්වය දුර්වල වීම සහ මාංශ පේශි බිඳහෙලීම වැනි සංකීර්ණ තත්ත්වයන් සර්ප විෂ හේතු කොටගෙන මතුවිය හැකිය.
    සර්ප දෂ්ඨයකදී ප‍්‍රථමයෙන්ම රෝගියාගේ බිය පහකර ඔහු හෝ ඇය අස්වසාලිය යුතුය. දෂ්ඨ කරන ලද ස්ථානය විෂබීජ නාශකයකින් පිරිසිදු කොට වේදනාව සමනය කිරීම පිණිස පැරසිටමෝල් වැනි ඖෂධයන් ලබාදිය හැකිය. වේදනා නාශක වශයෙන් ඇස්පිරින් වර්ගයට අයත් ඖෂධ දීමෙන් වැළකිය යුතුය. දෂ්ඨ කළ ස්ථානය කපා ලේ ඉවත් කිරීම හෝ වෙනත් ද්‍රව්‍ය යොදා ඇතිල්ලීමෙන් වැලකිය දෂ්ඨ කිරීමෙන් පැය 24 ක කාලයක් තුළ අධික වශයෙන් දියර වර්ග සහ ඝණ ආහාර නොගත යුතුය. දෂ්ඨකරන ලද සර්පයා නිවැරැදිව හඳුනා ගැනීම ප‍්‍රතිකාර සඳහා ඉමහත් පහසුවක් වේ. හැකිනම් රෝගියා සමඟ දෂ්ඨ කරන ලද සර්පයා රෝහලට රැගෙන යා යුතුය. සර්ප දෂ්ඨයක් සඳහා ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය කරන ප‍්‍රත්‍යක්‍ෂ ඖෂධ රජයේ රෝහල්වල තිබෙන බැවින් රෝගියා නොපමාව රජයේ රෝහලකට ඇතුළත් කිරීම ඉතා වැදගත්ය. රෝගියා රෝහල් ගත කළ වහාම ඔහු හෝ ඇය සායනිකව පරීක්‍ෂාකිරීමෙන් පසුව රෝගියාගේ රුධිරය කැටිගැසීම පරීක්‍ෂා කොට සර්ප විෂ ශරීරගත වීමෙන් ඇතිවී තිබෙන බලපෑම ඇගයීමට ලක් කෙරේ. ඒ අනුව ප‍්‍රතිවිෂ ශරීරගත කිරීම තීරණය කෙරේ. ප‍්‍රතිවිෂ මගින් සර්ප විස උදාසීන කෙරෙන අතර සර්ප දෂ්ඨයකින් පසුව අප‍්‍රමාදව එය ලබාදිය යුතුය. ප‍්‍රතිවිෂ ශරීරගත කිරීමේදී අසාත්මිකතාවයන් ඇතිවූවද ඒවා පාලනය කිරීමට භාවිතා කරන ඖෂධ සමඟ ප‍්‍රතිවිෂ ලබාදේ. රෝගියාට ශ්වශන අපහසුතාවයන් ඇතිවී ඇත්නම් දැඩි සත්කාර ඒකකයකට ඇතුලත් කොට යන්ත‍්‍ර මගින් කෘති‍්‍රමව ශ්වසනය ලබාදේ. Elapidae කාණ්ඩයට අයත් කරවලා වැනි සර්පයන් දෂ්ඨ කළ විට ස්වශන අපහසුතාවන් ඇතිවීම ප‍්‍රකටව දැකිය හැකිය. පොලොන් දෂ්ඨයකදී මතුවන සංකූලතාවයක් වන වකුගඩු අකි‍්‍රයවීම සඳහා විශේෂිත ප‍්‍රතිකාර ලබාදිය යුතුවේ. නාග දෂ්ඨයකදී දෂ්ඨ කළ ස්ථානය හා ඒ අවට සිදුවන වණවීම සඳහා වණවූ කොටස් ශල්‍ය කර්මයකින් ඉවත්කර සමක් බද්ධ කිරීමට අවශ්‍යවේ. මීට අමතරව සර්ප දෂ්ඨයකදී ඇතිවිය හැකි අනෙකුත් සංකූලතාවයන් සඳහා නියමිත ප‍්‍රතිකාර රෝගියාට අප‍්‍රමාදව ලබාදිය යුතුය.

    ශ්වසනය අවහිරවීම, වකුගඩු අකි‍්‍රය වීම, රුධිරයේ පොටෑසියම් අයන සාන්ද්‍රණය අසාමාන්‍ය ලෙස ඉහළයාම, කම්පනය හා හෘද කි‍්‍රයාකාරිත්වය අසාමාන්‍ය තත්ත්වයට පත්වීම, ශරීරයේ ප‍්‍රධාන ඉන්ද්‍රියන් කිහිපයක් කි‍්‍රයාවිරහිත වීම සහ රුධිරය කැටිගැසීමේ අසාමාන්‍යතාවයන් වැනි සංකුලතාවයන් සර්ප දෂ්ඨයකදී මරණය ඇති කිරීමට ප‍්‍රධාන වශයෙන් හේතුවේ.

    සර්ප දෂ්ඨ වළක්වා ගැනීමට ගතයුතු පියවර

    සර්පයන් ගැවසෙන ස්ථානවල ඇවිදීමේදී කකුල් ආවරණය වනසේ බූට් වැනි පාවහන් පැලදිය යුතු අතර ඝණ දිගු ගලිසම් හෝ දිගු සරම් පැලද සිටීමද ආරක්‍ෂාකාරී වේ.

    අඳුරෙහි ඇවිදින විට හොඳින් එළිය තිබෙන විදුලි පන්දමක් භාවිතා කළ යුතුය.

    සර්පයන් ගැවසෙන ස්ථානවල ඇවිදින විට කෝටුවකින් පොළොව තට්ටු කරමින් ඇවිදීම සහ පොළව මත බරට අඩි තබා ඇවිදීම සුදුසුය. මෙම කි‍්‍රයාවලිය මඟින් පොළොවේ පෘෂ්ඨය මත කම්පනයක් ඇති කෙරෙන අතර ඊට සංවේදි සර්පයන් එම සර්පයන් එම ප‍්‍රදේශයෙන් ඉවත්ව යෑමට පෙළැඹේ.

    ගෙවත්ත හොඳින් එළිපෙහෙළී කර පිරිසිදුව තබාගත යුතුවන අතර සියළුම හුඹස් කඩා ඉවත්කල යුතුවේ. නිවෙස්වල ජලය ගලා බසින නල මාර්වල අග කොටස් අදැල් දමා ආවරණය කළ යුතුයි.

    නිවෙස් වල තිබෙන දොර ජනෙල් ක‍්‍රමවත්ව වැසිය හැකි පරිදි සකස් කරගත් යුතුවන අතර රාත‍්‍රී කාලයට ඒවා හොඳින් වසා තැබිය යුතුයි.

    නිවෙස් තුළ හෝ ඉන් පිටත බිම නිදා ගැනීමෙන් වැළකිය යුතුයි.

    ගස්වල බෙණ, වේයන්ගේ ගුල්, පඳුරු සහ කොටන් යටට අපරීක්‍ෂාකාරී ලෙස අත දැමීමෙන් වැළකිය යුතුයි.

    පේරාදෙණිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගි අංශයේ සහ මූලික සත්කාර ඒකකයේ කාර්යභාර වෛද්‍ය - ලලිත් නන්දික විජේසේකර
    :yes:
     
    • Like
    Reactions: kickass

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,933
    4,597
    113
    ගැරඬි කන්නේ නෑ කන්නේ නෑ කියුවට මාව ගැරඬියෙක් කන්න ආවා මන් වැටි වැටි දිව්වේ හැම සර්පයෙක් ම කනව ගැරඬි කියල වෙනසක් නෑ විස නොවුනත් කනව

    ගැරඬියෙක් අපේ සියගේ කකුලේ කෑවා .ව්ෂ නැල්ලු බෙහෙත් මොකුත්ම කලේ නැහැ