මේක උනේ මගේ ඒ කාලේ හොඳම යාලුවෙක්ට, දැන් නම් ඉන්නවද මැරිලද මන්දා. ක්ලාස් එක ගම්පහ පැත්තෙ එකක්. අපේ ක්ලාස් එකේ හිටියා මාලෝ කියලා කෙල්ලෙක්. පට්ට කඳ ඉතින් සුදුම සුදුයි, දකින දකින එක ටෝක් කරනවා ඒකි ලස්සන නිසා. කොහොම හරි මාස 2ක් 3ක් කට්ට කාලා මගේ යාලුවා කෙල්ලව දා ගත්තා. කෙල්ල ලස්සනයි වගේම අයියලා ඉන්නවා 4ක් විතර, සේරම මාළු බිස්නස් කරන උන්. උන්ගෙන් මන්න පාර කන්න බය නිසා යාළුවා ක්ලාස් එකේ විතරයි ලව් එක කරන්නෙ. කෙල්ල බ්‍රයිට නිසා මුලින්ම ඉස්සරහම පේලියේ ඉන්නෙ පස්සෙ ටික ටික පස්සට ඇවිත් ඉන්නෙම කෙල්ලන්ගේ අන්තිම පේලියෙ. අපි සෙට් එක ඉන්නෙ කෙල්ලන්ගේ පෝලිම පස්සෙ, කොල්ලන්ගේ ඉස්සරහම පේලියේ
ඔන්න ඉතින් මුන් දෙන්නා කයිය ගහනවා ඇහෙන නෑහෙන ගානට. ශේප් එකේ ඩෙස්ක් එක යටින් පොඩි පොඩි ටච් එහෙම දෙනවා. දවසක් සර් පාඩම කරන ගමන් අපේ පේලියේ උන්ගෙන් ඇහුවා ජොබ් එක කරන්න කැමති කොහෙද කියලා. කට්ටියම ඉතින් එක එක කොම්පැනි වල නම් කිව්වා. අන්තිමට යාළුවාගෙන් අහලා ඌ උත්තරේ දෙන්න කලින්ම සර් කිව්ව "තෝ නම් ඉතින් පුක හෝදන්න නෙ දන්නෙ, ඒකටම පල" කියලා. කට්ටිය හොල්මන් වෙලා හිටියේ. බලද්දි අරූ එදා කෙල්ලගෙ පස්සට ටච් එක දිදී ඉන්න කොට සර්ට ඒක නෝට් වෙලා. ඌ ක්ලාස් එකේ පස්සට ගිහින් ආයෙ ඉස්සරාට එද්දි බලන් ඇවිත් තියෙන්නෙ. පස්සෙ පැය භාගයක් විතර උගේ අම්මලට තාත්තලාට බැන්නා. ඒ උනාට කෙල්ලට කිසිම දෙයක් කිව්වෙ නැහැ. අන්තිමට කෙල්ල අඬා ගෙන් නැගිටලා "සර් ඕක නවත්තන්න" කිව්වා. පස්සෙ සර්කාරයා පොඩ්ඩක් හෙමින් බැනලා පංතිය වේලාසන ඇරියා
ඒලෙවල් අන්තිම දවසේ උන් දෙන්නා පැනලා ගියා කියලා
ආරන්චියක් ආවා
දැන් නම් කොහොමද දන්නෙ නැහැ