ඕලෙවල් කාලෙ විද්‍යාව කරනකොට පෙලක් දවස් වලට ලැබ් එකට යනවා පන්තියෙ සෙට් එකම විද්‍යාව සර් එන්ඩ කියල පණිවිඩයක් එව්වාම. නැත්තම් සර් එනව පන්තියට උගන්වන්ඩ. ගොඩක්ම ලැබ් එකට එන්න කියන්නෙ පරීක්ෂණ මොනව හරි කරන්ඩ තියෙනව නම්, ප්‍රැක්ටිකල් තියේ නම් තමා.
දවසක් පොඩි එකෙක් අතේ පණිවිඩයක් එව්වා ලැබ් එකට එන්ඩ කියලා. අපේ පන්තියේ හිටි එකෙක් පොඩි එකාට කියපි සර්ට ඕන නම් පන්තියට එන්ඩ කියපන් අපි එන්නේ නෑ කියලා. අරූ ගිහින් ඒක සර්ට කිව්ව. සෙනිකවම සර් ක්ලාස් එකට ඇවිත් ඇහුව කවුද එහෙම කියපු එකා කියල. එකෙක් මීක් නෑ. එන්ඩ කිව්ව ක්ලාස් එකේම උන්ට ලැබ් එකට. සෙට් එකම ලැබ් එකේ ඉද්දි කොල්ලො විතරක් එක එකා එලියට වරෙව් කිව්ව. වේවැලකින් නෙලුව පාර හිටින්න හැම එකාටම. ලැබ් එක වටේම දණ ගහගෙන අත් මාරුවෙන් මාරුවට කන් අල්ලන් හිටපියව් කිව්ව කාලච්ඡේදය ඉවර වෙනකම්. ඒ කියල කෙල්ලො ටිකට විතරක් එදා ඉගැන්නුව.
පාවා දුන්නෙ නෑ ඉතින් ඒ කාලෙත් එකට හිටි උන්ව.