කාපිය කොත්තු

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    කොත්තු ලංකාවේ ජනප්‍රියම කෑමක්. ඉස්සර රෑට විතරක් ගන්න තිබුන කොත්තු දැන් දැන් දවාලටත් ගන්න තැන් තියෙනවා.
    අහල තියෙන හැටියට නම් පුත්තලම් පැත්තෙ රෑ කඩවල ඉතුරු උන පරාටයි දවසෙ ඉතුරු හොදියි එළවළුයි දාල තමයි මුලින්ම කොත්තු හදල තියෙන්නෙ. ඒ කියන්නෙ කොත්තුවේ ආරම්භයත් මෙහෙම තමයි.
    කොත්තු කියන්නේ සම්පූර්ණ ආහාර වේලක්. බත් උයල මසක් මාළුවක් එක්ක එළවළු දෙකතුනක් හදනවට වඩා පහසුවෙන් අංග සම්පූර්ණ ආහාර වේලක් කොත්තුවකින් ලබාගන්න පුළුවන්.ගෙදරදි කොත්තුවක් හදන්න වැඩි දෙනෙක් හිතන්නෙම නෑ. ඒ නිසාම වෙනස්ම රසයකට ගෙදරදීම පහසුවෙන් කොත්තු හදාගන්න හැටි කියල දෙන්න අපි හිතුවා.
    හැමදාම එකම විදියට කනකොට කොත්තු උනත් එපා වෙනවනෙ. වෙනසක් කරමුද? මෙන්න මේ අපි කියන විදි 5ට කොත්තු හදල බලන්න. මෙතෙක් කල් කාපු කොත්තු වලට වඩා වෙනස්ම රසයක් එක් කරාවි.
    ලට්ට ලොට්ට එකතු කරල දවසෙ ඉතුරු හරිය… සද්ද බද්ද දාල හදන මේක කොත්තු රොටිය


    ගෝදම්බ රොටිය



    KottuRecipes-01-768x403.jpg


    කොත්තු හදන්න කලින් රොටිය හදාගන්න ඕන. MDK එකෙන් දැන් හදල කපල කොටලම එන කොත්තු පැකට් එකකුත් තියෙනවා. එහෙම නැත්නම් කඩෙන් ගොදම්බ රොටි අරගෙන කපල ගන්නත් පුළුවන් එහෙමත් අකමැති නම් අපි මේ විදියට ලේසියෙන්ම රොටිය හදාගමු.
    පිටි කප් 3, බේකින් පව්ඩර් තේ හැන්දයි, ලුණු, තෙල් මේස හැඳි 4 වතුරෙන් අනාගන්න සොෆ්ට් බෝලයක් වෙනකම්. අනන කොට අතේ තව තෙල් ටිකක් ගාගන්න. මේකෙන් තව පොඩි බෝල 6ක් හදාගෙන ඒ හැම බෝලෙකටම හොඳට තැවරෙන්න තෙල් ගාලා පැයක් තියල තුනීයට රොටී හදාගෙන පුච්ච ගන්න. තුනී කරද්දිත් අතේ තෙල් ටිකක් ගාගෙනම තුනී කරගන්න.


    1. Mixed Kottu



    KottuRecipes-02-768x403.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය

    1. පොඩියට කපාගත් රොටි කප් 5 (දෙදෙනෙකුට ඇති)
    2. සුද්ද කරගත් ඉස්සන් 100g
    3. චිකන් බ්‍රෙස්ට් එකෙන් 100g
    4. චිකන් පීකුදු 100g
    5. මාළු 100g (තලපත් හෝ කෙලවල්ලන්)
    6. කපාගත් කැරට්, ලීක්ස්, ලූනු සියල්ලම කප් 1 1\2
    7. තලාගත් ඉඟුරු, සුදු ලූනු
    8. කපාගත් අමුමිරිස් කරල් 2ක්
    9. තක්කලි සෝස් මේස හැඳි 4
    10. සෝයා සෝස් මේස හැඳි 3
    11. බිත්තර 2
    12. කෑලි මිරිස්, ලුණු, ගම්මිරිස් කුඩු
    13. මස් කරි කප් 1\4
    14. රම්පෙ, කරපිංචා


    • ඉස්සන්, පීකුදු, චිකන් සහ මාළු සියල්ලටම ලුණු, ගම්මිරිස් අතගා වෙන වෙනම ගැඹුරු තෙලේ බැදගෙන පසෙකින් තබාගන්න.
    • තරමක් ලොකු බාජනයක තෙල් ටිකක් රත්වෙන්න තබා එයට ඉඟුරු, සුදු ලූනු, රම්පෙ, කරපිංචා දමා තෙම්පරාදුකරගන්න.
    • එයට සෝස් වර්ග ටික, අමු මිරිස්, ලුණු, කෑලි මිරිස් සහ ගම්මිරිස් එක් කර මස් කරි ටික දමා උතුරුවා ගන්න. (මස් කරිවල, සෝස්වල සහ රොටියේ ලුණු රස ඇති නිසා ලුණු රස බලා දාගන්න.)
    • දැන් එයට එළවලු ටික සහ බැදගත් මස්, ඉස්සන්, මාළු සහ පීකුදු එක් කර කලවම් කරගෙන එයට කපාගත් රොටි ටික එක් කර මිශ්‍ර කරගන්න.
    • වෙනම පෑන් එකක බිත්තර දෙක ස්ක්‍රැම්බල් කරගෙන කොත්තුවට එක් කර මිශ්‍ර කරගන්න.
    2. Chinese Kottu



    KottuRecipes-03-768x403.jpg


    වශ්‍ය ද්‍රව්‍ය

    1. තරමක් ලොකුවට කොටු කපාගත් රොටි කප් 5
    2. ලොකුවට කොටු කපාගත් ලූනු,කැරට් කප් 1 1\2
    3. ලොකුවට කපාගත් මාළු මිරිස් කරල් 2ක්
    4. කපාගත් ලූනු කොළ මිටක්
    5. තක්කලි සෝස් මේස හැඳි 3
    6. සෝයා සෝස් මේස හැඳි 2
    7. ඔයිස්ටර් සෝස් මේස හැඳි 3
    8. ගම්මිරිස් කුඩු, කෑලි මිරිස්, ලුණු
    9. සීනි චුට්ටක්
    10. සේර පොඩි කෑල්ලක්
    11. තලාගත් ඉඟුරු සුදු ලූනු
    12. බිත්තර 2


    • ඉඩ කඩ ඇති බාජනයක තෙල් රත් වෙන්න තියන්න.එයට ඉඟුරු, සුදු ලූනු සහ සේර කැබැල්ල දමා තෙම්පරාදු කරගන්න.
    • එයට ලූනු, මාළු මිරිස් සහ කැරට් එක් කර තරමක් බැදෙන්න හැර බිත්තර දෙක එක් කර බිත්තර ස්ක්‍රැම්බල් වන තුරු හොඳින් මිශ්‍ර කරන්න.
    • තෙම්පරාදු කරගත් මිශ්‍රණයට කපාගත් රොටි එක් කර කලවම් කර ගන්න.
    • වෙනම බෝල් එකක සෝස්වර්ග 3 සහ වතුර මේස හැඳි 2ක් රස අනුව ගම්මිරිස්, කෑලි මිරිස්, සීනි එක් කර මිශ්‍ර කරගෙන රොටි මිශ්‍රණයට එක් කර හොඳින් කලවම් කරගන්න.
    • අවසානයට ලූණු කොළ ටික එක් කර නැවත මිශ්‍ර කරගන්න.
    3. Tuna Kottu



    KottuRecipes-04-768x403.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය

    1. පොඩියට කපාගත් රොටි කප් 5
    2. සැමන් හෝ ටුනා පොඩි ටින් 1 (කරියක් හදාගෙන)
    3. කපාගත් කැරට්, ලීක්ස්, ලූනු සියල්ලම කප් 1 1\2
    4. හීනියට කපාගත් මාළු මිරිස් කරලක්
    5. තලාගත් ඉඟුරු, සුදු ලූනු
    6. කපාගත් අමුමිරිස් කරල් 2ක්
    7. තක්කලි සෝස් මේස හැඳි 4
    8. බිත්තර 2
    9. කෑලි මිරිස්, ලුණු, ගම්මිරිස් කුඩු
    10. රම්පෙ, කරපිංචා


    • ඉඩ කඩ ඇති භාජනයක තෙල් ටිකක් රත් වෙන්න තබා එයට තලාගත් ඉඟුරු, සුදු ලූනු , රම්පෙ, කරපිංචා දමා තෙම්පරාදු කරගන්න.
    • එයට ලීක්ස් හැර කැරට්,මාළු මිරිස්, අමුමිරිස් සහ ලූනු එක් කර එයටම බිත්තර දෙක ගසාගෙන එක් කර ස්ක්‍රැම්බල් කරගන්න. (එළවළු ටික ගොඩක් තැම්බෙන්න දෙන්න එපා එළවළු එක් කල හැටියෙම බිත්තර දමා ගන්න)
    • එයට සාදාගත් ටූනා හෝ සැමන් කෑලි ටික විතරක් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
    • එයට රස අනුව කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු සහ ලුණු සමඟ තක්කලි සෝස් ටික එක් කර ලීක්ස් සහ රොටි ටිකද දමා හොඳින් මිශ්‍ර කරගන්න. අවසානයට සැමන් හෝ ටූනා කරි ටිකක් එක් කරගන්න.
    4. Vegetable Kottu



    KottuRecipes-05-768x403.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය

    1. හීනියට කපාගත් රොටි කප් 4
    2. තම්බාගත් කඩල කප් 1\4
    3. තම්බාගත් ග්‍රීන් පීස් කප් 1\4
    4. ස්වීට් කෝන් හෝ බේබි කෝන් කප් 1\4
    5. කපාගත් කැරට්, ලීක්ස්, ලූනු කප් 1
    6. සෝයා සෝස් මේස හැඳි 4
    7. තක්කලි සෝස් මේස හැඳි 4
    8. තලාගත් ඉඟුරු, සුදු ලූනු
    9. කපාගත් අමුමිරිස් කරල් 2ක්
    10. කෑලි මිරිස්, ලුණු, ගම්මිරිස් කුඩු
    11. කිරි හොදි කප් 1\4
    12. රම්පෙ, කරපිංචා


    • ඉඩකඩ ඇති භාජනයක තෙල් ටිකක් රත් වෙන්න තබා එයට ඉඟුරු, සුදු ලූනු,රම්පෙ, කරපිංචා එක් කර තෙම්පරාදු කරගන්න.
    • එයට කපාගත් එළවළු, කඩල, ග්‍රීන් පීස්, කෝන් එක් කර මිශ්‍ර කරගන්න. එයට සෝස් වර්ග දෙක සහ අමු මිරිස්, කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු එක් කර මිශ්‍ර කරගන්න.
    • එයට කිරි හොඳි ටික එක් කර මද වේලාවකින් රොටි ටික එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.
    5. Cheese Kottu



    KottuRecipes-06-768x403.jpg


    අවශ්‍ය ද්‍රව්‍ය

    1. පොඩියට කපාගත් රොටි කප් 5
    2. කපාගත් කැරට්, ලීක්ස්, ලූනු සියල්ලම කප් 1 1\2
    3. තලාගත් ඉඟුරු, සුදු ලූනු
    4. කපාගත් අමුමිරිස් කරල් 2ක්
    5. බිත්තර 2
    6. ලුණු, ගම්මිරිස් කුඩු
    7. රම්පෙ, කරපිංචා
    8. කිරි හොදි කප් 1\4
    9. හැපී කව් චීස් වෙජස් 3
    10. ඇන්කර් ෆ්‍රෙශ් මිල්ක් කප් 1\2


    • ඉඩකඩ ඇති භාජනයක තෙල් ටිකක් රත් වෙන්න තබා එයට ඉඟුරු, සුදු ලූනු,රම්පෙ, කරපිංචා එක් කර තෙම්පරාදු කරගන්න.
    • එයට අමු මිරිස්, කපා ගත් එළවළු එක් කර මදක් තෙම්පරාදු කර ෆ්‍රෙශ් මිල්ක් සහ කිරි හොදි ටික කරගන්න. (වියලි ගතියට කොත්තු කන්න කැමති නම් කිරි ප්‍රමාණය අඩු කරගන්න.)
    • එය උතුරන විට එයට රොටි ටික, ගම්මිරිස්, රස අනුව ලුණු එක් කර හොඳින් මිශ්‍ර කරගෙන වෙනම ස්ක්‍රැම්බල් කරගත් බිත්තර සහ කැබලි කඩාගත් චීස් එක් කර කලවම් කරගන්න. මෙයට ඔබ කැමති ආකාරයට රෝස්ට් චිකන් හෝ මාළු හෝ එක් කරගන්න පුළුවන්.
    http://www.aniwa.lk/2016/04/16/5-kottu-recipes/

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මම දැන් කොත්තු කනවා අඩුයි එත් උබ ඇවිස්සුවා මාව. :sorry:
    You must spread some Reputation around before giving it to jodubaba again.
     

    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28
    මේවා කාලා බඩේ ගිනියම හදෙඉද දන්නේ නෑ :shocked::shocked::sorry::(
     

    UNIC0DE

    Banned
    Oct 7, 2016
    62
    8
    0
    ආපෝ අපි නම් ඔය ජරාවල් කන්නේ නෑ. මගේ බෙඩ් ටී එක ගේන්නෙත් හිල්ටන් එකෙන් :cool:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Machan kottu kiyanne agata hoda kamak newei....siyaluma wasa wisa koththu thiyenawa Piti thel sini hama dema...eka nisa asawata ekak kawata kamak na...wadiya kanna epa....