සිංහල අලුත් අවුරුද්දට අපි ඉතින් මාර්තු මාසේ ඉදං වගේ ලක ලෑස්ති වෙනවනේ. ඉතිං අවුරුද්ද කිව්වොත් කොකිස්, කැවුම් තමයි මතක් වෙන්නේ.
අද අපි අවුරුද්දට කලින් කැවුම්, කොකිස් ටිකක් හදලා බැලුවා. මෙතන තියෙන්නේ තෙත හාල් පිටි ග්රෑම් 500 කින් හදපු ටිකක්. මේක හැදුවේ පදම කොහොමද බලන්න.
මේකෙදි ලැබුණු අත්දැකීම් එක්ක ආයේ හෙට අනිද්දා ටිකක් වැඩියෙන් කැවුම්, කොකිස් හදන්න ඉන්නේ.
කොකිස් හැදුවේ නං අලුත් කොකිස් අච්චුවකින්. මම පහුගිය දවසක මාර්කට් ගියාම දැක්කා නන්ස්ටික් කොකිස් අච්චුවක්. ඒක ගත්තා. එකේ තමයි හැදුවේ. හොදට ගැලවිලා එනවා කොකිස්. රුපියල් 1,600 උනේ.
බොරැල්ල ලේඩි ජේ එකෙන් ගත්තේ. කොකිස් හදද්දී බිත්තර එහෙම දාන්න ඕනි නැහැ, මේ අච්චුවෙන් හදද්දී කියලා එකේ කවරේ ගහලා තියෙනවා. ඉතින් බිත්තර කන්නේ නැති යටත් හොදයි ඒ නිසා.
කැවුම්, කොකිස් රසට ආවා. පදම තව ටිකක් වෙනස් කරන්න ඕනි. පෙනුම තව ලස්සනට ගන්න.
කැවුම් මිශ්රණයේ ෆොටෝ එකක් පහලින්.
හදපු හැඳි කැවුම් දෙක තුනක්
කොකිස් අච්චුව සහ එකෙන් හදපු කොකිස්. මේකෙත් මිශ්රණය තව ටිකක් වෙනස් කරන්න ඕනි හැඩය තව ලස්සනට ගන්න.