කිරි වෙහෙරේ.........කතන්දරේ.......

Dec 30, 2013
1,235
166
0
කිරි වෙහෙරේ.........කතන්දරේ.......

උලල දන්නව ඇතිනේ කිරි වෙහෙරෙන් මේ ලඟදී කිරි බේරුනු තාවක්. ඒකේ විද්‍යාත්මක පැති කඩයි මේ............. කියවල බලපල්ලා.. දැනුමට මොනව හරි එකතු පහදු වෙනවේ.......:P:P:P බුකියෙන් උස්සල දාපු එකක් බන් මම ලියපු එකක් නෙමේ........... වෙන්න පලුවන් දෙයක් හින්දයි දැම්මේ.... කිරි වෙහෙරේ තීන්ත ගාලද නැද්ද කියලනම් මම දන්නෑ

කිරිවෙහෙරේ කිරි ඉතිරීම ගැන විද්‍යාත්මක පැහැදිලි කිරිමක් !
(මිත්‍යාවට එරෙහිව)
----------------------------------------------------------------------
(විද්‍යාව ගැන අබමල් රේණුවක් නොදන්නා අය කොමෙන්ට් නොකලාට කමක් නැත)
.
සාමාන්‍යයෙන් හැම වසරකම අලුත් අවුරුද්ද සහ ඉන් පසු මාසයේ පැමිණෙන වෙසක් පොහොය නිමිතිකොටගෙන ලංකාවේ බොහෝ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය,අලුත් වැඩියාව සහ පිරිසිදු කිරීම සිදුකරයි,සිද්ධස්ථාන බොහොමයක තීන්ත ආලේප කිරීම සිදු කරන අතර කිරිවෙහෙරෙත් සෑම වසරකම අලුත් අවුරුද්දට ප්‍රථමයෙන් මේ කටයුක්ත සිදුකරනු ලබයි.රුවන්වැලි මාහා සෑ රදුන් ගේ හුණු ආලේප කලත් කිරිවෙහෙර සෑයේ ආලේප කරන්නේ තීන්තයි.තීන්ත ගෑමේදී වැඩි පැහැයක් ලබා ගැනීම උදෙසා තීන්ත සාන්ද්‍රණය නොකොට පවතින තත්වයේම ආලේප කරනු ලබයි.
මෙවරත් 12 වෙනිදා තීන්ත ආලේප කරන ලද අතර,එදින හවසත් 13 වන දිනත් කිරිවෙහෙර අවට කාලගුණය සෞම්ය මට්ටමක පැවත ඇත...
14 වන දින කිරිවෙහෙරට ලැබුණු දැඩි හිරුරශ්මියත් සමග උදෑසන 10 පමණ වන විට සෑ රදුන්ගේ ආලේප කළ තීන්ත දියවීමට පටන් ගන්නා ලදී.තීන්ත ඝනව ආලේප කිරීම නිසා දැඩි තාපයට ඔරොත්තු නොදී තීන්ත තට්ටුව ප්‍රසාරණය වීමට පටන් ගනී..එමනිසා එක්වරම තින්ත පහලට ගලාගෙන එයි.
.
****
කටක් වැනි කොටසකින් කිරි ඉතිරුවා යන්නෙහි පදනම------
සාමාන්‍යයෙන් ඔබේ නිවසේ පවා තීන්ත ආලේප කිරීමේදී තීන්ත රැදුණු වා සිදුරු ඇතිවම ස්වාභාවික සිද්දියකි,තීන්ත ආලේප කොට බොහෝ කලක් ගියත් ඒ වා සිදුරු පුපුරා යාමේදී නැවත තීන්ත ද්‍රාවණයක් වශයෙන් ඉන් පිටතට ගලා එනවා බොහෝ දෙනා අනිවාර්යෙන් දැක ඇතුවාට සැක නැත.එවන් තීන්ත පිරුණු වා සිදුරක් තාපය නිසා පුපුරා යාම එක්වරම තීන්ත ගලා ඒමට හේතුවක්...
.
කිරි ගැලුවෙනම් එය ඉක්මනින් වේලි යන අතර ගලා ගිය තීන්ත සටහන හෙට වුවද කිරිවෙහෙර නැරබීමට යන කෙනෙකු හට දැකගැනීමට හැකියාව ලැබෙනු ඇත..!!
.
****
අපොස උසස් පෙළ ට, හෞතික විද්‍යාවේ ඝන ද්‍රව වායු ප්‍රසාරණය,තාපාංක සිග්‍රතාවය,ද්‍රව විස්ථාපනය,ද්‍රව්වයේ ගුණ,ඝන ස්පටික සාමරුපිතාවය වැනි පාඩම් හොදින් මතක ඇති අයටත්,
රසායනික විද්‍යාවේ,ද්‍රව අනු විස්ථාපනය,තාපය මත ද්‍රව ගුණ වෙනස් වීම,රසායනික ප්‍රතික්‍රියා, වැනි පාඩම් හොදින් මතක ඇති අයටත්
අමුතුවෙන් ඉහත රසායනික විපර්යාසය පැහැදිලි කළ දිය යුතු නොවන්නේය..!!
------------------------------------------------
සැබෑ බෞද්ධ ඉගෙන්වීමේ මුලික අර්ථයවත් හරිහැටි නොදැන එවැනි දෘශ්‍ය මායාවන්ට රැවටුනු,පොස්ට් ශෙයා කළ,මිත්‍යාව පැතිරු සියලු දෙනාට බුදු සරණයි !
 
Last edited:

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
8.gif
8.gif
8.gif
8.gif
 
rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සැබෑ බෞද්ධ ඉගෙන්වීමේ මුලික අර්ථයවත් හරිහැටි නොදැන එවැනි දෘශ්‍ය මායාවන්ට රැවටුනු,පොස්ට් ශෙයා කළ,මිත්‍යාව පැතිරු සියලු දෙනාට බුදු සරණයි !
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    උලල දන්නව ඇතිනේ කිරි වෙහෙරෙන් මේ ලඟදී කිරි බේරුනු තාවක්. ඒකේ විද්‍යාත්මක පැති කඩයි මේ............. කියවල බලපල්ලා.. දැනුමට මොනව හරි එකතු පහදු වෙනවේ.......:P:P:P

    කිරිවෙහෙරේ කිරි ඉතිරීම ගැන විද්‍යාත්මක පැහැදිලි කිරිමක් !
    (මිත්‍යාවට එරෙහිව)
    ----------------------------------------------------------------------
    (විද්‍යාව ගැන අබමල් රේණුවක් නොදන්නා අය කොමෙන්ට් නොකලාට කමක් නැත)
    .
    සාමාන්‍යයෙන් හැම වසරකම අලුත් අවුරුද්ද සහ ඉන් පසු මාසයේ පැමිණෙන වෙසක් පොහොය නිමිතිකොටගෙන ලංකාවේ බොහෝ සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය,අලුත් වැඩියාව සහ පිරිසිදු කිරීම සිදුකරයි,සිද්ධස්ථාන බොහොමයක තීන්ත ආලේප කිරීම සිදු කරන අතර කිරිවෙහෙරෙත් සෑම වසරකම අලුත් අවුරුද්දට ප්‍රථමයෙන් මේ කටයුක්ත සිදුකරනු ලබයි.රුවන්වැලි මාහා සෑ රදුන් ගේ හුණු ආලේප කලත් කිරිවෙහෙර සෑයේ ආලේප කරන්නේ තීන්තයි.තීන්ත ගෑමේදී වැඩි පැහැයක් ලබා ගැනීම උදෙසා තීන්ත සාන්ද්‍රණය නොකොට පවතින තත්වයේම ආලේප කරනු ලබයි.
    මෙවරත් 12 වෙනිදා තීන්ත ආලේප කරන ලද අතර,එදින හවසත් 13 වන දිනත් කිරිවෙහෙර අවට කාලගුණය සෞම්ය මට්ටමක පැවත ඇත...
    14 වන දින කිරිවෙහෙරට ලැබුණු දැඩි හිරුරශ්මියත් සමග උදෑසන 10 පමණ වන විට සෑ රදුන්ගේ ආලේප කළ තීන්ත දියවීමට පටන් ගන්නා ලදී.තීන්ත ඝනව ආලේප කිරීම නිසා දැඩි තාපයට ඔරොත්තු නොදී තීන්ත තට්ටුව ප්‍රසාරණය වීමට පටන් ගනී..එමනිසා එක්වරම තින්ත පහලට ගලාගෙන එයි.
    .
    ****
    කටක් වැනි කොටසකින් කිරි ඉතිරුවා යන්නෙහි පදනම------
    සාමාන්‍යයෙන් ඔබේ නිවසේ පවා තීන්ත ආලේප කිරීමේදී තීන්ත රැදුණු වා සිදුරු ඇතිවම ස්වාභාවික සිද්දියකි,තීන්ත ආලේප කොට බොහෝ කලක් ගියත් ඒ වා සිදුරු පුපුරා යාමේදී නැවත තීන්ත ද්‍රාවණයක් වශයෙන් ඉන් පිටතට ගලා එනවා බොහෝ දෙනා අනිවාර්යෙන් දැක ඇතුවාට සැක නැත.එවන් තීන්ත පිරුණු වා සිදුරක් තාපය නිසා පුපුරා යාම එක්වරම තීන්ත ගලා ඒමට හේතුවක්...
    .
    කිරි ගැලුවෙනම් එය ඉක්මනින් වේලි යන අතර ගලා ගිය තීන්ත සටහන හෙට වුවද කිරිවෙහෙර නැරබීමට යන කෙනෙකු හට දැකගැනීමට හැකියාව ලැබෙනු ඇත..!!
    .
    ****
    අපොස උසස් පෙළ ට, හෞතික විද්‍යාවේ ඝන ද්‍රව වායු ප්‍රසාරණය,තාපාංක සිග්‍රතාවය,ද්‍රව විස්ථාපනය,ද්‍රව්වයේ ගුණ,ඝන ස්පටික සාමරුපිතාවය වැනි පාඩම් හොදින් මතක ඇති අයටත්,
    රසායනික විද්‍යාවේ,ද්‍රව අනු විස්ථාපනය,තාපය මත ද්‍රව ගුණ වෙනස් වීම,රසායනික ප්‍රතික්‍රියා, වැනි පාඩම් හොදින් මතක ඇති අයටත්
    අමුතුවෙන් ඉහත රසායනික විපර්යාසය පැහැදිලි කළ දිය යුතු නොවන්නේය..!!
    ------------------------------------------------
    සැබෑ බෞද්ධ ඉගෙන්වීමේ මුලික අර්ථයවත් හරිහැටි නොදැන එවැනි දෘශ්‍ය මායාවන්ට රැවටුනු,පොස්ට් ශෙයා කළ,මිත්‍යාව පැතිරු සියලු දෙනාට බුදු සරණයි !

    එහෙනම් ලංකාවේ අනෙකුත් විහාර වල ඩ මේ වන විට තීන්ත ගන්න එපයි.
    අනික් කරුණ නම් කිරි වෙහෙර තවම තීන්ත අලේප කරවත් නොතිබීමයි.

    උත්සාහය හොඳයි නමුත් ප්‍රයෝගික නැත
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඇත්තටම තාම තීන්ත ගාලා නැත්තං මේක පුදුමයක් තමයි.
     
    Dec 30, 2013
    1,235
    166
    0

    එහෙනම් ලංකාවේ අනෙකුත් විහාර වල ඩ මේ වන විට තීන්ත ගන්න එපයි.
    අනික් කරුණ නම් කිරි වෙහෙර තවම තීන්ත අලේප කරවත් නොතිබීමයි.

    උත්සාහය හොඳයි නමුත් ප්‍රයෝගික නැත

    බුකියෙන් උස්සල දාපු එකක් බන් මම ලියපු එකක් නෙමේ........... වෙන්න පලුවන් දෙයක් හින්දයි දැම්මේ.... කිරි වෙහෙරේ තීන්ත ගාලද නැද්ද කියලනම් මම දන්නෑ :no::no::no:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    උඹ යකෝ පොර වගේ කෑ ගහල අන්තිමට බුකියෙන් ඉස්සුවා කියන්නේ?? :lol::lol::lol::lol:
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    ඔයාගේ පෑහෑදිලිකිරීම වෑරදි මචන්..

    1. කිරිවෙහෙරට තාම හුණුවත් තීන්තවත් ගාල නෑ.. මේ මාසෙ අන්තිම සතියෙ තමා පටන් ගන්නේ හුනු ගාන්න..

    2. තීන්ත සන්ද්‍රනය නොකොර ගෑවා කියා වෑඩි වර්නයක් නොලෑබෙන බව හා ඒසේ සන්ද්‍රනය නොකොට තීන්ත ආලේප කිරීම ඉතාම අපහසු කරුනක් බව රසයන විද්‍යාව නොදත් අයෙකුට වුවත් තේරෙන කරුනකි..

    3.වෙහෙර වලට ගෑමට දාගන්නේ ජලයෙන් දිය කරන රබර් පේන්ට් නම් තින්ත වර්ගයයි.. එය අව්වට දිය නොවන අතර අව්වට හොඳින් වේලීමක් සිදුවේ..

    කේසේ නමුත් කිරිවෙහෙර වහන්සේගේන් වෑහුනේ කිරි කියා විශ්වාස කිරිමට අපහසුය..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බුකියෙන් උස්සල දාපු එකක් බන් මම ලියපු එකක් නෙමේ........... වෙන්න පලුවන් දෙයක් හින්දයි දැම්මේ.... කිරි වෙහෙරේ තීන්ත ගාලද නැද්ද කියලනම් මම දන්නෑ :no::no::no:

    අන්න edit කළා! :lol::lol::lol:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    බුකියෙන් උස්සල දැම්මනම්... එක යටින් වටිල තියෙන කමෙන්ට් ටිකත් දාපන්... එතකොටනෙ සම්පූර්න....:no::no::no::no:
     
    Dec 30, 2013
    1,235
    166
    0
    උඹ යකෝ පොර වගේ කෑ ගහල අන්තිමට බුකියෙන් ඉස්සුවා කියන්නේ?? :lol::lol::lol::lol:

    මම ලියපු එකක් නෙමේ බන් සිරා කියන්නේ.... බොක්ක කියල පේජ් එකක තිබිල දැම්මේ. :angry::angry::angry:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔය එක එක අය එක එක ඒවා කියනවනේ... තව ටිකකින් එකෙක් කියයි ප්‍රතිසංස්කරණදී උඩට ඇදපු වතුර බටයකින් ඉතිරි උන වතුර ටිකක් ආව කියල.. බටේ කට තමා අර හතරැස් කොටුවේ තිබ්බේ කියලා.. ඉර එලියට දිලිසුන නිසා කිරි වගේ පෙනුනා කියයි! :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය එක එක අය එක එක ඒවා කියනවනේ... තව ටිකකින් එකෙක් කියයි ප්‍රතිසංස්කරණදී උඩට ඇදපු වතුර බටයකින් ඉතිරි උන වතුර ටිකක් ආව කියල.. බටේ කට තමා අර හතරැස් කොටුවේ තිබ්බේ කියලා.. ඉර එලියට දිලිසුන නිසා කිරි වගේ පෙනුනා කියයි! :P
    ඔව් තව එකෙක් කියයි ප්‍රතිසංස්කරණ කටයුතු කරපු කෙනෙක් උඩට බොන්න කියලා කිරි වීදුරුවක් ගෙනිහිල්ලා ඒක බොන්න අමතක වෙලා තිබිලා දැන් තමයි හැලිලා තියන්නේ කියලා. ඔය වගේ දෙයක් වුනහම පුහු තර්ක ඉදිරිපත් කරන්න නම් ඇති තරම් අය ඉන්නවා. වෙච්ච ගමන් පිලිගන්න අමාරුයි තමයි. ඒත් බොරු තර්ක ඉදිරිපත් කරන්නේ නැතුව අවශ්‍යම නම් ඒ ගැන හරියට හොයල බලන්න ඕනේ‍්.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හැම දේකටම විද්‍යාත්මක පැහැදිලි කිරීම් දෙන්න ගියාම මෙහෙම නාන්න වෙනවා