මචන් උබ සෑහෙන ලොකු බූට් එකක් කෑවා නේද? කෙල්ලෝ ගැන විස්වාසයක් නෑ නේ? මේකිත් අරකි වගේ යයි, තව එකෙක් ඇති හොරෙන්.... මාත් ගොඩක් ආදරය කරපු එකක් දාල ගියා මටත් ඔහොම හිතෙනවා.. ඒත් මන් ඒකෙන් දෙයක් ඉගෙන ගත්තා..
මචන් ආදරයයි, කැමැත්තයි දෙකක්..ඒ කිව්වේ අපි ගැන කෙල්ලෙක්ට crush එකක් තියලා affair එකක් පටන් ගත්තොත් ඒක බන් වැඩි කල් තියෙන්නේ නෑ.කොල්ලෝ වගේ නෙමෙයි කෙල්ලෝ..අපිට crush එකක් තියෙලා පටන් ගත්තත් කාලෙත් එක්ක අපිට ආදරයක් ඇති වෙන සම්බාවිතාව වැඩී..කෙල්ලෙක් එහෙම අපි ගැන කැමත්තක් තියලා affair එකක් පටන් ගන්නවනම් උන් අපේ මොකකට හරි කැමැත්තකින් තමයි ඒ, එක්කෝ කොල්ලා handsome, නැත්නම් අහින්සකයි සැර නෑ, නැත්නම් හෙන පොශ් සීන් එකේ,, ඔය වගේ හේතු ගොඩක් තියනවා, පස්සෙ බන් දවසක් ඒ කොල්ලා ඒකිට බැන්නොත් ඒකි හිතන්නේ " මෙයා නෙමෙයි මන් හිතපු කෙනා, අපෝ අහින්සක නෑ මූ....එච්චර handsome නෑ නේ, ඊට වඩා මගේ යාලුවාගේ කොල්ලත් හැන්ඩියා..." ඔය වගේ බන් කෙල්ලෝ compare කරනවා, එතකොට සාමනයයෙන් අපිට තේරෙනවා " ආ මේකි දැන් වෙනස්, ඉස්සර වගේ නෑ., එතකොට සාමාන්නයෙන් කොල්ලො තවත් ආදරය කරනවා..කොහොම උනත් දැන් ඒකිට ඕන අයින් වෙන්න, හිත වෙනස් උනා ඒ ඒ කෙල්ල හිතපු කෙනා නෙමෙයි පස්සේ අපිට වැරද්දක් දාලා හරි යනවා..ඔය මචන් crush එකක් නිසා ඇති උන ගොඩක් සම්බන්දාවල වෙන දේ...අවුරුදු 3 4 5 8 ... ඒවා ඉදන් කැඩෙන්නේ බන්.
ඒත් බන් හැම කෙල්ල එක වගේ නෑ.. කලාතුරකින් ගොඩක් හොද කෙල්ලෝ ඉන්නවා බන්. එහෙම ඒවා සෙට් වෙන්න පෙර පිනක් හා වාසනාවක් ඕනා..හොද උදාහරනයක් කියන්නම් උබ දැකල ඇති නේද පට්ට ලස්සන කෙල්ලෝ සාමාන්‍ය කොල්ලෝ එක්ක යාලු වෙලා ඉදලා marry කරනවා..ඒවල ගොඩක් ඒවල ආදරය තමා තියෙන්නේ..ඒ කියන්නේ බන් ආදරයක් ඇති උනොත් කෙල්ලවත් කොල්ලවත් ලේසියෙන් ඈත් වෙන්නේ නෑ මොකද උන් ආදරය කරන්නේ ලස්සනටවත් , සල්ලිවලවත් නෙමෙයි, ඒක feeling එකක් උබ මා එක්ක එකග නොවෙන්න පුලුවන් මට හිතෙන්නේ එහෙම. එහෙම උනාම බැන්නයි කියලා රන්ඩු උනා කියලා, ජොබ් එකෙන් අයින් උනා කියලා වැරදි දාලා දාලා යන්නෙ නෑ...
ඉස්සර වගේ නෑ බන් කොහොමත් මිනිස්සු ඉවසනවා අඩුයි, අපේ දෙමව්පියන්ගේ කාලවල් වගේ නෙමෙයි දැන් පොඩි දේටත් divorce තමා. ලන්කාවේ divorce rate එක වැඩී.. ඉස්සර මොන මගුල තිබ්බත් මිනිස්සු ලමයි නිසා හරි මොකක් හරි නිසා පවුල කැඩෙන්නෙ නැතුව ඉන්නවා..
සැබෑ ආදරය - "ඔබ අනෙකාගෙන් අපේක්ශා කරන්නේ කුමක් ද කියන එක මත නොව අනෙකාගෙන් කිසිවක් නොලැබෙද්දි ඔබට අනෙකා වෙනුවෙන් කොතරම් කැපවීම් කල හැකිද යන්නයි ,,, ඔබට අනෙකාගෙන් කොතරම් ලැබෙනවාද කියන එක මත අනෙකාට කැමැත්ත දැක්වීම නොව අනෙකාගෙන් කිසිවක්ම නොලැබෙද්දිත් ඔබට අනේකා වෙනුවෙන් කොතරම් කැපවීම් කිරීමේ හැකියාවයි"