කේන්දරේ බලල කියපුවා ඒ විදිහටම හරිගිය උන් ඉන්නවද?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මට කියා තියෙන්නෙ කෝටිපතියෙක් වෙනව කියල. පොර ඒක කිව්වෙ අනාවැකියක් කියල. ලියල තියාගන්නත් කිව්ව දිව් රලා කියන්න වගේ කිව්වෙ ඒ කියන්නෙ පොරට හෙන ශුවර් එකේ.
    කොහොම උනත් මටත් දැන් හිතෙනවා මේ යන විදියට මන් කෝටිපතියෙක් වෙයි කියල. මන් විතරක් නෙමෙයි රටේ සියලූම උදවිය. 😂😂😂😂

    තව එකක් මේක නම් මගේ යාලුවෙක් මට කියපු එකක්. උගේ යාලුව්ව්ක්ට එක දිගට කරදර ටිකක් වෙලා ත්‍රීවීල් එකෙන් වැටිලා කකුල කැඩිලත් තිබිලා. ඉතින් මූ ගිහින් හදහන බලවගෙන. ඒක බලල කිව්වලු කකුල කැඩෙන්න තියෙනවා කියල. මූ ඉතින් හිනාවෙලා කිව්වලු කකුල කැඩුන කියල. ඊට පස්සෙ කියල නෑ ඔතනින් ආයෙමත් කැඩෙනව කියල. 😂😂😂 කිව්ව වගේ ම මුගේ කකුල ආයෙත් එතනින්ම කැඩිලා. මමත් ඊට පස්සෙ පොරගෙන් හදහන බලව ගත්තා මොනාද කියන්නෙ බලන්න. විශේශ දෙයක් කිව්වෙ නෑ ඉතින්. 🤐🤐🤐
    ------ Post added on Aug 28, 2022 at 4:04 PM
    mewage kalawala thamayi athi nathi paratharaya wadi wela
    salli karayo thawath posath wennne.
     
    • Like
    Reactions: Solo Rider

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    කේන්දරේ බලල කියපුවා හරිගියාද? නැත්තං කේන්දර කියන්නෙ බොරුවක්ද?
    මට අපෙ තාත්තා කීවා ගිය අවුරුද්දෙ මාර්තු වලදි වගේ දැන් තමුසෙ වාහන එලවනකොට පාරෙ යනකොට එහෙම පරිස්සමින් පලයන් උඩ නගින එක එහෙම නවත්තපන් කරන හැම දේම පරිස්සමින් කරපන් උබේ මේ කාලෙ හොද නෑ කියලා කියලා මාසයක් ගියෙ නෑ මගෙ දනිස්ස පැන්නා මාස ගානක් බෙහෙත් කරන්න උනා

    ඕක තමයි මට කේන්දර එක්ක තියන ලොකුම අත්දැකීම

    හරියට කියන අය ඉන්නවා. සාමන්යෙන් මම මව්බිම ගන්නවා. එකේ රිවිසරසි එකේ සතියේ පළා පළ 80% මට හරි. නෝ අයිඩියා කොහොමද ඒ කියලා
    පත්තරේ තියන ලග්න පලාපල ලියන්නෙ ලග්න වලට පොදුවේ ඒවා ඉතින් 50/50 වගේ තමා
    ------ Post added on Aug 28, 2022 at 4:29 PM

    මේ කතාව ඇත්ත. මේ වගේ සත්‍යතාවයක් තියෙනවා. එක්කෝ දැන් ඉන්න උන් බොරු කියන්නෙ. එහෙම නැත්තං අපි ඉපදෙන වෙලාව ලකුණු කරලා දෙන්නේ එතන ඉන්න නර්ස් කෙනෙක් හරි ඇටෙන්ඩන් කෙනෙක් හරි නේ. උන් වැරදි වෙලාවක් දුන්නොත් ඉතිං ඒ වෙලාවට තමා කේන්දරය හැදෙන්නේ
    මිනිත්තු පහ හයක් එහෙ මෙහෙ වෙලා නම් ශේප් ද කොහෙද ඒත් ලග්න දෙකක් මාරු වෙන ටයිම් එකක වගේ වෙලාව එහෙ මෙහෙ වෙලා නම් කියන ඒවා වැරදීලු
    ------ Post added on Aug 28, 2022 at 4:33 PM
     
    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    366
    83
    somewhere I belong
    මමත් වෙලාව බලපු තැන් දෙක තුනකින්ම කිව්ව 2023 අගෝස්තු වලින් පස්සෙ ලොකු ටර්නින් පොයින්ට් එකක් එනව කියල. හරි ගියොත් මේකෙ reply එකක් දාන්නම්
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හරියට කියන අය ඉන්නවා. සාමන්යෙන් මම මව්බිම ගන්නවා. එකේ රිවිසරසි එකේ සතියේ පළා පළ 80% මට හරි. නෝ අයිඩියා කොහොමද ඒ කියලා
    Kawda eka liyana kena?
     
    • Like
    Reactions: Solo Rider

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    අනේ මන්ද බන් මගෙත් කේන්දරේ විදියට හරිගියා ඒවානම් adui
     
    • Like
    Reactions: Solo Rider

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මමත් වෙලාව බලපු තැන් දෙක තුනකින්ම කිව්ව 2023 අගෝස්තු වලින් පස්සෙ ලොකු ටර්නින් පොයින්ට් එකක් එනව කියල. හරි ගියොත් මේකෙ reply එකක් දාන්නම්
    ඕක මොන පැත්තට වේවිද

    Piyasena rathuwithana
    JVP member kenekge namak wage
    ------ Post added on Aug 29, 2022 at 5:33 AM
     
    • Like
    Reactions: Solo Rider

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    මේ ගැන මම කලින් ලියාපු එකක් Repost කරනවා..

    80 දශකයේ මැද කාලයේ විතර උන සිද්ධියක්.

    මගේ ඥාති සොහොයුරෙක් අතින් එයාගේ (එකල පෙම්වතිය, පසුව බිරිඳ) කෙල්ල ප්‍රෙග්නන්ට් උනා. මේ සම්බන්ධය ගෙවල් දෙකම දන්නා, ගෙවල් දෙකෙන්ම අනුමැතිය ලැබුන එකක්. මේ කෙල්ලගේ අක්කාගේ වෙඩිං එක අස්සේ තමයි මුන් දෙන්නා හනිමූන් ගිහින් කෙලවාගෙන තියෙන්නේ.

    මේ දෙන්නගේ විවාහය ඊළඟ වසරේ කරන්න තමයි සුදානම් වී තිබුනේ. ඒ නිසා මේ විවාහයත් ඉක්මනින්ම කරගෙන ඔවුන් වසරකට පමණ විදේශගතවී (මේ සොහොයුරා වසර ගණනාවක් විදේශගතව ඉඳ ආපසු ආ කෙනෙක්) දරුවා ලැබුන පසුව ලංකාවට එන්න සැලසුම් කළා. එතකොට විවාහයෙන් මාස හයකට පස්සේ දරුවා ලැබුන බව කාටත් අමතකයිනෙ.

    මේ සැලසුම සඳහා , ගමේ බොහොම පිළිගැනීමක් තියන, හඳහන් නක්ෂත්‍ර වැඩ ගැනත් දැනුමක් තියන (නමුත් කිසිවිටෙක මුදලට හෝ වෘත්තීයක් හැටියට ඒ දේවල් නොකරන විශ්‍රාමික විදුහල්පති කෙනෙක් ) කෙනෙකු ලවා, විවාහය ඉක්මන් කලයුතු යැයි කියවෙන 'බොරු හඳහන් රිපෝට්' එකක් ලියවා ගැනීමයි අපේ අදහස උනේ.

    අපි කිසි කෙනෙක් හඳහන් හෝ ජ්‍යෝතිෂ්‍ය විශ්වාස කරන්නේ නැහැ. නමුත් මේ පුද්ගලයට තියන ගෞරවය නිසා කවුරුත් ඔහුගේ වචනයට ගරු කරනවා. මේ වැඩිහිටි මනුස්සයාට වෙච්ච ඇත්තම දේ අපි කිව්වා. එයා එක පයින්ම වැඩේට එකඟ උනා. හේතුව, උපදින්න ඉන්න ළමයාව abort කරනවාට වඩා, කාගේ කාගේත් නම්බුවත්, දරුවාවත් ඔක්කොම බේරෙන නිසා. ඉතින්, මේ විවාහය ඉක්මනින් කල යුතුයි, නැතිනම් විවාහයට බාධා එනවා කියලා ලියලා දුන්නා. මේ කියූ රිපෝර්ට් එක දුන්නේ හඳහන් බලන්නේත් නැතුවයි. ඒ උනාට එයා හඳහන් දෙකම බලලා මගුලට ඉක්මන්ම නැකත් දිනයක් හදලා දෙන්නත් පොරොන්දු උනා. ඒ අනුව මාසයකින් විතර තියන දිනයක් මගුලට ලැබුනා.

    මේ වැඩේට අතරමැදියා උන මාව ගෙන්නලා, මේ හඳහන් බලාපු වැඩිහිටියා යම් දේවල් කිහිපයක් කිව්වා. ඔහු කිව්වේ හඳහන් අනුවනම්, මේ කුසේ ඉන්න දරුවාගේ උපතක් පෙන්නුම් කරන්නේ නැහැ, ඒ නිසා දරු උපතට පෙර, රට යන්න ටිකට් ගන්න එක, විසා හදා ගන්න එක වගේ දේවල් දැන්මම කරන්න ඉක්මන් වෙන්න එපා. ඒවා ටිකක් කල් දාන්න මගේ සොහොයුරාව පොළඹවා ගන්න කියලයි. ඒ අතරම, මේ ජෝඩුවට දරු ඵල දෙකක් තියනවා, ඒත් එයිනුත් එක දරුවෙකුගේ ජීවිතය බොහොම කෙටි විය හැකි බවත්, මේ සොහොයුරාටත් වැඩි ආයුෂයක් නැති බවත් කිව්වා.

    මම මේ දේවල් කා එක්කවත් කිව්වේ නැහැ. අපි කවුරුවත් හඳහන් පිලිබඳ විශ්වාසයක් තියන අය නොවෙයි. නමුත්, මගුලෙන් පසුව මේ ජෝඩුව ඥාති ගෙවල් විසිට් කරන්න නුවර ගිහින් ඉන්දැද්දී මනමාලිට අසනීප වෙලා ඉස්පිරිතාලේ ඇඩ්මිට් උනා කිව්වාම මට එක පාරටම මතක් උනේ අර ඉහත කී "දරු උපතක් පෙන්නුම් කරන්නේ නැහැ". කියන කතාවයි. ඒ දරු ගැබට Miscarriage එකක් වෙලා තිබුනා. ඒක හඳහන් බලලා කිව්වා නේද කියන එක මට එච්චර බරට හිතට දැනුනේ නැහැ.

    මෙයින් වැඩි කලක් නොගිහින් මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උන නිසා, මේ දේවල් සම්පුර්ණයෙන්ම අමතක වෙලා තිබුනත්, වසර ගණනාවකට පසුව, එක දිනක අම්මා එක්ක කතා කරනකොට කිව්වේ xx අයියාගේ පොඩි දරුවා මොකක් හරි හඳුනා ගත්ත නැති ලෙඩක් හැදිලා Lady Ridgeway Hospital එකට ඇඩ්මිට් කළා කියලයි. මට අර හඳහන් සිද්ධිය මතක් උනා. මම අම්මාට මේ හඳහන් කතාව එදා කිව්වා. අම්මා කිව්වෙත් එහෙම දෙයක් හිතන්නවත් එපා, ඒ දරුවා සනීප වෙලා එයි. ඕවා හිතේ වත් තියා ගන්න එපා කියලයි.ඒ උනාට හඳහන් කාරයා කිව්වා වගේම ඒ දරුවා මැරුණා.

    අවාසනාවකට, ඊළඟ අනාවැකියත් ඇත්ත උනා. ඒ අයියා අවුරුදු 50 ලබන්න පෙරම මියගියා.

    මොනවා උනත්, මම අදටත් ප්‍රතිපත්තියක් හැටියට හඳහන් බලවන්නේ වත්, විශ්වාස කරන්නේ වත් නැහැ. නමුත්, මේ පිළිබඳව හොඳ දැනුමක් තියන මිනිස්සු බොහෝම කලාතුරකින් ඉන්නවා. ඒ අයට අපි ගරු කල යුතුයි කියන මතයේ නම් මම ඉන්නවා.

    Reactions:Kfire, hodakolla, Ragna_SL and 11 others
    Quote Reply
    Report
    කොහෙද බං place එක. මෙතැන බැරි නම් pm එකක්වත් දාපන්.
    අම්බලන්ගොඩ
    අම්බලංගොඩ කොහෙද? මාත් අම්බලන්ගොඩ
     
    • Like
    Reactions: Solo Rider

    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy

    Meya kheda inne. Ape gameth innwa. Porada dhanne na
     
    • Like
    Reactions: Solo Rider

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    කේන්දරේ බලල කියපුවා හරිගියාද? නැත්තං කේන්දර කියන්නෙ බොරුවක්ද?
    මට රාජ යෝගයක් තියනවා කිව්වා . දැන් අතේ සත පහක් නැහැ . හිත ගනින්කෝ තරම :rofl:
     
    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මගේ විවාහය සම්බන්ධ හොඳ කතාවක් තියනවා, හැබැයි මෙතන කියන්න බෑ මේකේ ඉන්න උන් මාව පුද්ගලිකව දන්න නිසා. ඒක නිසා වෙන එකක් කියන්නම්.

    2008 - 2010 වගේ කාලේ අතරතුර (හරියටම කාලේ මතක නැහැ) බණ්ඩාරවෙල පැත්තේ හිටියා නිකන් පිස්සෙක් වගේ මනුස්සයෙක්. මිනිහ අත, කේන්දර එහෙම බලලා විස්තර කියනවා. අපේ අයියල සෙට් එකක් හිටියා මේ මනුස්සය පාරේ යද්දිත් අඬගහල අත පෙන්නලා සාස්තර අහනවා. ඊට පස්සේ හිනා වෙනවා. එකෙක්වත් ඕවා පිළිගත්තේ නැහැ.

    ඔතන එක අයියා කෙනෙක් හිටියා, පොරගේ අත බලල මේ මනුස්සය කිව්වා එයාගේ කේන්දරේ ගේන්න කියල. කට්ටිය සෙට් වෙලා ඉන්න වෙලාවක කේන්දරේ දීල බලන්න. ඒක බලල අර මනුස්සය කිව්වා, මාස තුනක් පරිස්සම් වෙන්න, බරපතල අනතුරක් වෙනවා, හැබැයි මැරෙන්නේ නෑ. කියල. අනතුර වෙන්නෙත් මොනවහරි දෙකකට මැදි වෙලා කියල තිබුන. ඕක ඉතින් වෙනදා වගේම කවුරුවත් ගණන් ගත්තේ නෑ. හොඳම කතාව තමයි එතන හිටිය වෙන අයියා කෙනෙක්ට හොරෙන් කියල තිබුන අනතුරක් උනොත් ඊට පස්සේ අවුරුද්දක් යන්න කලින් මෙයා මැරෙනවා කියල.

    හරියටම මාසෙකට දෙකකට වගේ පස්සේ අර අයියා බයික් එකේ යද්දී ලොරියක් ඉස්සර කරන්න හදනකොට එහා පැත්තෙන් ආපු ලොරියකටයි එයා පහු කරන්න හදපු ලොරියටයි මැදි වෙලා ඇක්සිඩන්ට් උනා. මිනිහට හෙනටම අමාරු වෙලා මැරෙන්නම ගියා. කොහොමහරි මිනිහ බේරුනා. හැබැයි ඇවිදගන්න එහෙම බැරුව හිටියේ. කොහොමහරි ඉතින් බෙහෙත් කර කර හිටියා. හැබැයි හරියටම කිව්වා වගේ නිව්මෝනියාව හැදිලා, හොඳ වෙන්නේ නැතුව එයා මැරුණා.

    ඔය කාලේ මම A/L කරලා හිටියේ. මට රස්සාවක් ගැන හිතකවත් තිබුනේ නැහැ. මිනිහා මගේ අත බලලා, උපන්දිනේ එහෙම අහල කිව්වා, මම අවුරුදු 25-27 අතර රට යනවා ගිහින් පදිංචි වෙනවා කියල. මමත් ඒ කාලේ හිනා වෙලා හිටියා. හැබැයි ඉතින් කිව්ව කතාව හරි.

    මේ කිව්වට මම දැනටත් කේන්දර අනම් මනම් විශ්වාස කරන්නේ නැහැ. කතාව කියන්න ඕන කියල හිතුන.
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    536
    183
    43
    Nadi astrology bambalapitiya

    Anit kendara karayo boru
    Owage attak tiye bageta igena gena balana un nisa kendara chater wela minissunta
    99%un minissunge salli kadanawa minihata raja yoga tiye boru kiyala
    Hodata inna ekata apalai kiyala uta apale hedenne eka ahapu wele tamai
    Hari kendara karayek hita hadanawa kadanne ne e nisa sure nadi astrology witarai
    Youtube balapn
    munuth pal horu. mama giya eka parak. ube katinma okkoma ahagena apahu ubatama kiyanawa. e welawata therenne na. mama record kara horen mulinma prashana ahana tika. mokada un dena recording eke oya ahana prashana tika record karanne na. passe shape eke ahala balapan, uben ahanne nathi kisi deyak amuthuwen kiyanne na. giya gaman ahai family kauru hari othenta awada kiyala. eka ow kiwwoth khomath uba gena kiyanna lesiy. palma horu.

    Un karanne menna meka https://en.wikipedia.org/wiki/Mentalism

    Nightmare Alley (2021) film eka balapan eketh oya wage seen ekak thiyenne, ekamai munuth karanne. nikan sallii denna epa horunta.
     
    • Like
    Reactions: GobbaSira

    Randulaya

    Active member
  • Jul 16, 2022
    223
    224
    43
    මගේ විවාහය සම්බන්ධ හොඳ කතාවක් තියනවා, හැබැයි මෙතන කියන්න බෑ මේකේ ඉන්න උන් මාව පුද්ගලිකව දන්න නිසා. ඒක නිසා වෙන එකක් කියන්නම්.

    2008 - 2010 වගේ කාලේ අතරතුර (හරියටම කාලේ මතක නැහැ) බණ්ඩාරවෙල පැත්තේ හිටියා නිකන් පිස්සෙක් වගේ මනුස්සයෙක්. මිනිහ අත, කේන්දර එහෙම බලලා විස්තර කියනවා. අපේ අයියල සෙට් එකක් හිටියා මේ මනුස්සය පාරේ යද්දිත් අඬගහල අත පෙන්නලා සාස්තර අහනවා. ඊට පස්සේ හිනා වෙනවා. එකෙක්වත් ඕවා පිළිගත්තේ නැහැ.

    ඔතන එක අයියා කෙනෙක් හිටියා, පොරගේ අත බලල මේ මනුස්සය කිව්වා එයාගේ කේන්දරේ ගේන්න කියල. කට්ටිය සෙට් වෙලා ඉන්න වෙලාවක කේන්දරේ දීල බලන්න. ඒක බලල අර මනුස්සය කිව්වා, මාස තුනක් පරිස්සම් වෙන්න, බරපතල අනතුරක් වෙනවා, හැබැයි මැරෙන්නේ නෑ. කියල. අනතුර වෙන්නෙත් මොනවහරි දෙකකට මැදි වෙලා කියල තිබුන. ඕක ඉතින් වෙනදා වගේම කවුරුවත් ගණන් ගත්තේ නෑ. හොඳම කතාව තමයි එතන හිටිය වෙන අයියා කෙනෙක්ට හොරෙන් කියල තිබුන අනතුරක් උනොත් ඊට පස්සේ අවුරුද්දක් යන්න කලින් මෙයා මැරෙනවා කියල.

    හරියටම මාසෙකට දෙකකට වගේ පස්සේ අර අයියා බයික් එකේ යද්දී ලොරියක් ඉස්සර කරන්න හදනකොට එහා පැත්තෙන් ආපු ලොරියකටයි එයා පහු කරන්න හදපු ලොරියටයි මැදි වෙලා ඇක්සිඩන්ට් උනා. මිනිහට හෙනටම අමාරු වෙලා මැරෙන්නම ගියා. කොහොමහරි මිනිහ බේරුනා. හැබැයි ඇවිදගන්න එහෙම බැරුව හිටියේ. කොහොමහරි ඉතින් බෙහෙත් කර කර හිටියා. හැබැයි හරියටම කිව්වා වගේ නිව්මෝනියාව හැදිලා, හොඳ වෙන්නේ නැතුව එයා මැරුණා.

    ඔය කාලේ මම A/L කරලා හිටියේ. මට රස්සාවක් ගැන හිතකවත් තිබුනේ නැහැ. මිනිහා මගේ අත බලලා, උපන්දිනේ එහෙම අහල කිව්වා, මම අවුරුදු 25-27 අතර රට යනවා ගිහින් පදිංචි වෙනවා කියල. මමත් ඒ කාලේ හිනා වෙලා හිටියා. හැබැයි ඉතින් කිව්ව කතාව හරි.

    මේ කිව්වට මම දැනටත් කේන්දර අනම් මනම් විශ්වාස කරන්නේ නැහැ. කතාව කියන්න ඕන කියල හිතුන.
    ඒ මිනිහව හොයාගන්න විදියක් නැද්ද බන්
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කේන්දරේ බලල කියපුවා හරිගියාද? නැත්තං කේන්දර කියන්නෙ බොරුවක්ද?
    බොහෝ දුරට හරි. පිලිගන්නේ නෑ සීන්. ඒ උනාට කියවෙන ඒවා නම් ඇත්ත
     
    • Like
    Reactions: bladeable