සෙසමි ඔයිල්,ඔයෙස්ටර් සෝස්,සෝයා සෝස් සහ අජිනමොටෝ. ඔව්වා තමයි ප්රධාන රසකාරක. හැබැයි ගොඩක් වෙලාවට දාන්නේ අජිනමොටෝ සහ සෝයා සෝස්.
අජිනමොටෝ බොහොම ස්වල්පයක් කෑමට ගත්තට කමක් නෑ. ඒ කියන්නේ එක් කෙනෙක්ට ගිනිකුරු හිසක තියෙන වෙඩි බෙහෙත් ප්රමාණය වගේ ටිකක්.
අජිනමොටෝ දාන්න අකමැති නං හොද කොලිටි ඔයෙස්ටර් සෝස්,සෝයා සෝස් සහ සෙසමි ඔයිල් පාවිච්චි කරන්න. මෙව්වා අවුලක් නෑ. (හොද කොලිටි එව්වම ගන්න.)
කඩවල් වල අය රයිස් කියන්නේ ෆ්රයිඩ් රයිස් වලට. උදාහරණයක් විදියට කඩේකට ගිහින් චිකන් රයිස් එකක් දෙන්න කියලා ඉල්ලුවොත් දෙන්නේ චිකන් ෆ්රයිඩ් රයිස් එකක්.
හැබැයි චිකන් කෑම එකක්,චිකන් බත් එකක් දෙන්න කිව්වොත් දෙන්නේ චිකන් සහ එළවලු සමගින් ප්ලේන් රයිස්.