ගහපු මඩක් ..මගේ පලවෙනි පොස්ට් එක ...
යාලුවනේ මේක මම ගොඩක් කාලෙකට කලින් ගොසසිප් එකේ ගියපු නිව්ස් එකකට ලියපු කවි ටිකක් gmail එකේ drafts එකේ තිබිල හම්බුනේ...මතක් කරල බලන්නකෝ ඔය සීන් එක tv එකෙත් පෙන්නුවා.හැබයි මම කවියෙක් නම් නෙමෙයි.
දුප්පත් කොල්ලෙක්ය මා දකුණේ ඉන්නා
කුලී වැඩක් කරමින් කල් ගත වෙන්නා
දෙදහස් පන්සීය ටික ටික මදි වෙන්නා
විළි වහ ගැනීමට ඇඳුමක් නැති වෙන්නා
අයියෝ දෙයියනේ මේ මොනවද වෙන්නේ
කමිසය ඉරී වැරිසල් වීගෙන එන්නේ
තිබු එක කලිසමත් දිය වී ගෙන යන්නේ
තව ටික දිනයි හෙළුවෙන් ඉන්නට වෙන්නේ
ඇදුමක් ගන්න විදිහක් නෑ සිහි වෙන්නේ
හෙළුවෙන් යන්න බෑ ගුටි කන්නට වෙන්නේ
විදුලි කණුවකට නැගලා මිය යන්නේ
සිතමින් උසම කණුවටයි නැග ගන්නේ
ජීවත් වෙන්න තව වැඩි වේලා නැත්තේ
කමිසය අදින්නට අමතක වී ඇත්තේ
කලිසම ඉරුණු තැන වත් නෑ මහ ගත්තේ
කිසි සැලසුමක් නැතුවනෙ මේ නැග ගත්තේ
කණුව වටේ කට්ටිය දැන් වට වෙනවා
පොලිස් ජිප් එකේ හඬ ඇතින් එනවා
උන් ආවොතින් නම් කුදලාගෙන යනවා
හොද අදහසක් දැන් දැන් සිහියට එනවා
කැමරා කාරයොත් පහලට ඇවිත් ඇතී
ටීවි එකේ ගියොතින් නම් මාර ගතී
පත්තරේ උනත් විස්තර දමනු ඇතී
වීර කමක් යැයි කියලා කියනු ඇතී
ලයිට් කණුව උඩ දෙපයින් සිට ගන්නේ
දන්නා ශිල්ප සෙල්ලම් දැන් පෙන්නන්නේ
අධිබල රැහැන් මත කරණං ගසමින්නේ
විදුලිය කැපුව බව නම් තව නෑ දන්නේ
ඔබෙගෙන් එකම ඉල්ලීමකි ඉල්ලන්නේ
අත් දිග කමිසෙකුයි මට ඕනෑ වන්නේ
ඩෙනිමක් දුන්නොතින් නම් පිං අත්වන්නේ
ඒවා ලැබුනොතින් කණුවෙන් බැස යන්නේ
පහළ බලන විට මුළු ඇඟ වෙව් ලන්නේ
පොලිස් කාරයෝ අම්බානට ඉන්නේ
නැගපු විදිහ නම් දැන් අමතක වෙන්නේ
දෙවියනි කොහොමදෝ මම පහළට යන්නේ
පෙර පිනකට වගේ මණ්ඩලයෙන් එන්නේ
උස ඉනිමගකි කණුවට දැන් ලං වෙන්නේ
අලුත් ඇදුම් ලැබෙනා සැටි සිතමින්නේ
ඉනිමග දිගේ ප්රවේසමෙන් බැහැ ගන්නේ
බැහැපු ගමන් කාකි ඇදුම් වට වෙන්නේ
මේ මොනවටද මට නම් නෑ තේරෙන්නේ
තමුසෙට පිස්සුදැයි මට දොස් කියමින්නේ
බැටන් පොලු වලින් ඔලුවට ගුටි දෙන්නේ
මේ නම් පලදුන්නෙ මා හට පරණ පවක්
කණුවට නග්ගටත් පාඩුයි නෑනෙ සෙතක්
මහන්සි වෙලා නැග්ගා නම් ගහට පුවක්
කන්නට තිබුන හොඳවායින් බුලත් විටක්
යාලුවනේ මේක මම ගොඩක් කාලෙකට කලින් ගොසසිප් එකේ ගියපු නිව්ස් එකකට ලියපු කවි ටිකක් gmail එකේ drafts එකේ තිබිල හම්බුනේ...මතක් කරල බලන්නකෝ ඔය සීන් එක tv එකෙත් පෙන්නුවා.හැබයි මම කවියෙක් නම් නෙමෙයි.දුප්පත් කොල්ලෙක්ය මා දකුණේ ඉන්නා
කුලී වැඩක් කරමින් කල් ගත වෙන්නා
දෙදහස් පන්සීය ටික ටික මදි වෙන්නා
විළි වහ ගැනීමට ඇඳුමක් නැති වෙන්නා
අයියෝ දෙයියනේ මේ මොනවද වෙන්නේ
කමිසය ඉරී වැරිසල් වීගෙන එන්නේ
තිබු එක කලිසමත් දිය වී ගෙන යන්නේ
තව ටික දිනයි හෙළුවෙන් ඉන්නට වෙන්නේ
ඇදුමක් ගන්න විදිහක් නෑ සිහි වෙන්නේ
හෙළුවෙන් යන්න බෑ ගුටි කන්නට වෙන්නේ
විදුලි කණුවකට නැගලා මිය යන්නේ
සිතමින් උසම කණුවටයි නැග ගන්නේ
ජීවත් වෙන්න තව වැඩි වේලා නැත්තේ
කමිසය අදින්නට අමතක වී ඇත්තේ
කලිසම ඉරුණු තැන වත් නෑ මහ ගත්තේ
කිසි සැලසුමක් නැතුවනෙ මේ නැග ගත්තේ
කණුව වටේ කට්ටිය දැන් වට වෙනවා
පොලිස් ජිප් එකේ හඬ ඇතින් එනවා
උන් ආවොතින් නම් කුදලාගෙන යනවා
හොද අදහසක් දැන් දැන් සිහියට එනවා
කැමරා කාරයොත් පහලට ඇවිත් ඇතී
ටීවි එකේ ගියොතින් නම් මාර ගතී
පත්තරේ උනත් විස්තර දමනු ඇතී
වීර කමක් යැයි කියලා කියනු ඇතී
ලයිට් කණුව උඩ දෙපයින් සිට ගන්නේ
දන්නා ශිල්ප සෙල්ලම් දැන් පෙන්නන්නේ
අධිබල රැහැන් මත කරණං ගසමින්නේ
විදුලිය කැපුව බව නම් තව නෑ දන්නේ
ඔබෙගෙන් එකම ඉල්ලීමකි ඉල්ලන්නේ
අත් දිග කමිසෙකුයි මට ඕනෑ වන්නේ
ඩෙනිමක් දුන්නොතින් නම් පිං අත්වන්නේ
ඒවා ලැබුනොතින් කණුවෙන් බැස යන්නේ
පහළ බලන විට මුළු ඇඟ වෙව් ලන්නේ
පොලිස් කාරයෝ අම්බානට ඉන්නේ
නැගපු විදිහ නම් දැන් අමතක වෙන්නේ
දෙවියනි කොහොමදෝ මම පහළට යන්නේ
පෙර පිනකට වගේ මණ්ඩලයෙන් එන්නේ
උස ඉනිමගකි කණුවට දැන් ලං වෙන්නේ
අලුත් ඇදුම් ලැබෙනා සැටි සිතමින්නේ
ඉනිමග දිගේ ප්රවේසමෙන් බැහැ ගන්නේ
බැහැපු ගමන් කාකි ඇදුම් වට වෙන්නේ
මේ මොනවටද මට නම් නෑ තේරෙන්නේ
තමුසෙට පිස්සුදැයි මට දොස් කියමින්නේ
බැටන් පොලු වලින් ඔලුවට ගුටි දෙන්නේ
මේ නම් පලදුන්නෙ මා හට පරණ පවක්
කණුවට නග්ගටත් පාඩුයි නෑනෙ සෙතක්
මහන්සි වෙලා නැග්ගා නම් ගහට පුවක්
කන්නට තිබුන හොඳවායින් බුලත් විටක්



