ගූගල් ඇතුළේ දසුන් එළියට එයි !!

numeric

Member
Jun 7, 2010
1,467
602
0
ගූගල් ඇතුළේ දසුන් එළියට එයි !!

ඇමෙරිකාවේ දැවැන්තම තාක්ෂණික සමාගමක් වන ගූගල් විසින් පසුගියදා අපූරු රූප පෙලක් අන්තර්ජාලයට මුදාහැර තිබුණි.
ඒ, ඔවුන්ගේ අතිශය රහස්‍ය අංශයක් වන දත්ත මධ්‍යස්ථාන වල වර්ණවත් ඡායාරූප පෙළකි.
විවිධ දත්ත මධ්‍යස්ථාන, වර්ණවත් කේබල් හා පයිප්ප, වර්ණ සලකුණු යොදා ඇති දැවැන්ත සර්වර් පද්ධති, අතිවිශාල කර්මාන්තශාලා වල ගමන් කිරීම සඳහා සේවකයන්ට ලබාදී ඇති ගූගල් සමාගමේ වර්ණ ගැන්වුනු පාපැදි, සිසිලන පද්ධති, විනාශ කරන ලද අකී‍්‍රය වූ දෘඩ තැටි ආදිය මෙම ඡායාරූප වලින් දැක්වේ.
ගූගල් දත්ත මධ්‍යස්ථාන වල
ඡා​
යාරූප මෙලෙස නිකුත් කෙරුනේ එම සමාගම් ඉතිහාසයේ පළමු වරටයි.
මීට අමතරව ලොවපුරා දැකිය හැකි ගූගල් ස්ටී‍්‍රට් විව් සේවාව මගින් ද ඇමෙරිකාවේ උතුරු කැරොලයිනා ප‍්‍රදේශයේ පිහිටි දත්ත මධ්‍යස්ථානයේ ඇතුලාන්තය දැක ගත හැකි බව ගූගල් සමාගම කියයි.
ඇමෙරිකාව, ෆින්ලන්තය හා බෙල්ජියම තුළ ගූගල් සමාගමට අයත් දත්ත මධ්‍යස්ථාන 08ක් පවතියි.
ඊට අමතරව, හොංකොං, තායිවානය, සිංගප්පූරුව හා චිලී රාජ්‍යය යන රටවලද ඉදිරියේදී දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීමට ගූගල් සමාගම බලාපොරොත්තු වෙයි.
ගූගල් සමාගමේ වර්ණවත් දත්ත මධ්‍යස්ථාන කොනී සූ නම් ඡායාරූප ශිල්පියාගේ කැමරා ඇසට හසුවූ අයුරු පහත දැක්වේ.

වර්ග අඩි එක්ලක්ෂ පහළොස් දහසක පමණ පමණ ඉඩකඩක අසුරා ඇති සර්වර්.

10660201.jpg


ගුගල් කලර් කෝඩ්ස් : පයිප්ප වල පැහැයෙන් එහි ගෙන යන දත්ත වර්ගකොට ඇත.

70595331.jpg


දත්ත මධ්‍යස්ථාන කෙතරම් විශාලද කියහොත් එහි වටා යාමට සේවකයන්ට බයිසිකල් ලබාදී ඇත.

95529377.jpg


දත්ත මධ්‍යස්ථාන ආරක්ෂාවට යොදා ඇත්තේ රොබෝවෙක්?

robop.jpg


සරවර් සිසිල් කිරීම සඳහා විශාල ප්‍රමාණයකින් යුතු කුලින් ෆෑන් ක්‍රියාත්මක වන අයුරු
කොළ පැහැයෙන් දැක්වෙන්නේ සර්වර් හි ක්‍රියාකාරිත්වය (server status ) දක්වන එලිය

24637224.jpg


සිසිලන පද්ධතියක් ලෙස වතුර ක්‍රියාත්මක වන අතර විවිධ පැහැයෙන් යුතු බට මගින් සිසිල් වතුර ඇතුලටත් රත්වූ වතුර පිටතටත් ගෙන යාම සිදු කරනවා.

16497987.jpg


අයෝවා හි පිහිටා ඇති ගුගල් දත්ත මධ්‍යස්ථනයක්.

lowa1w.jpg


lowa2.jpg


ගුගල් ඉංජිනේරුවරයෙකු රත්වූ ප්‍රොසෙසරයක් පරික්ෂා කරන අයුරු.

29367717.jpg


google17.jpg


google20.jpg


google19.jpg


ස්ට්‍රීට් විව් තුලින් නැරඹිය හැකි අයුරු පහත විඩියෝවෙන් බලන්න



Source:-Gossip9





 
Last edited: