ගොඩක්~සංවේදී

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    94714643.jpg


    ගොඩක් සංවේදී ෆොටෝ එකක්,දැකපු ගමන් හිත ඇදිලා ගියා,ලොකු කතාවක් මේ ෆොටෝ එක නිහඩව කියනවා කියලා හිතුනා.ෆොටෝ එක අරන් තියෙන්නේ කමාන්ඩෝ බලකායේ 40 වෙනි කණ්ඩායමේ විසිර යාමේ උත්සවේදී.

    දසමසක් කුසේ දරාගෙන ඉදලා මෙලොවට බිහි කරලා ලේ කිරි කරලා පොවලා උස් මහත් කරපු තමන්ගේ පුතාට තමන්ගේ අතින්ම කමාන්ඩෝ නිල ලාංඡන පලදවන ඒ මොහොත ඒ අම්මට කොච්චර අභිමානවත් මොහොතක් වෙන්න ඇතිද?
    ඒ පුතාට කොච්චර හැගුම්බර මොහොතක් වෙන්න ඇතිද?මම හිතන්නේ ඔහු ලොකු ආයාසයකින් ඇස් දෙකෙන් කදුලු පිට නොකර ඉන්නවා ඇති.

    ඒ වගේම මේ අම්මා වගේ තවත් අම්මලා දස දහස් ගණනක් තමන්ගේ පුතුන්ව යුද හමුදාවට කැප කල නිසා නේද අද අපි මේ නිදහස් ලංකාවක ජීවත් වෙන්නේ? මම හිතන්නේ නෑ කිසිම අම්මා කෙනෙක් කැමතීයි කියලා තමන් ගේ පුතා යුද හමුදාවට බැදෙනවට. ඒ නිසා මට හිතෙන්නේ යුද සෙබළු යුද බිමේදී කරන කැප කිරීම් වලටත් වඩා වැඩි කැප කිරීමක් මේ අම්මලා තමන්ගේ ඇස් දෙක වගේ ඇති දැඩි කරපු පුතුන්ව යුද හමුදාවට කැප කරලා කරලා තියනවා කියලයි.

    ඒ උදාර මව්වරුන්ට කරන උපහාරයක් ලෙස මෙය SHARE කරන්න


    උපුටා ගැනීම මූණු පොතෙන්​