චන්ද්‍රිකා දැඩි තීරණයක් ගැනීමට යයි

amasin4u

Banned
Mar 7, 2015
250
25
0
චන්ද්‍රිකා දැඩි තීරණයක් ගැනීමට යයි

3300917a993c70dd1602b786d83c73ae_L.jpg

එස්. බි. දිසානායක මහතාට සභාග ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් ලබාදීම සම්බන්ධයෙන් දැඩි දේශපාලන තීන්දුවක් ගැනීමට ශ්‍රීලනිප උපදේශිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය තීරණය කර ඇත.

එස්. බි. දිසානායක මහතාට අමාත්‍ය ධුරයක් ලබාදීම සම්බන්ධයෙන් ඇය ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට සිය බලවත් විරෝධය පළකර තිබේ.

එස්. බි. දිසානායක මහතාට හා පවිත්‍රා දෙවි වන්නිආරච්චි මහත්මියට අමාත්‍ය ධුර ලබා දීමට ජනාධිපතිවරයාට බලපෑම් කර ඇත්තේ, අමාත්‍ය රාජිත සේනාරත්න මහතාය.

විශේෂයෙන්ම ජනපතිවරණයේදී ජනාධිපතිවරයා දැඩි විවේචනයට ලක් කළ පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරියට සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියට අපහාස කළ එස්බී දිසානායක ඇමතිවරයාට යළිත් වරක් අමාත්‍ය පදවි පිරිනැමීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විවේචනයට ලක් වී තිබේ.

ඇමති එස්.බි. ගැන තවදුරටත් විවේචන :

මේ අතර රාජ්‍ය අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය පවසන්නේ, තමන් නියෝජනය කරන ආණ්ඩුවේම කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස අලූතින් පත්වු එස්.බී දිසානායක මහතා සම්බන්ධයෙන් තමන්ට තවදුරටත් විවේචන පවතින බවයි.

ඉකුත් ජනාධිපතිවරණයට පෙර රෝසි සේනානායක මහත්මිය පැවසුවේ එස්.බී දිසානායක මහතා කාන්තාවන්ට අපහස කරන්නෙකු බවයි.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් සියලූ කාන්තාවන්ටම කෙරුණු අපහසයක් බවද රෝසි සේනානායක මහත්මිය එහිදි කියා සිටියාය.

අපහාස කළ අයත් ඇමතිවරු:

මැතිවරණයේදී තමන් දැඩි විවේචනයට ලක් කරමින් අපහාස කළ පුද්ගලයන්ට පවා අමාත්‍ය ධුර පිරිනැමීම මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ මහත්මා ගුණය ප්‍රදර්ශනය කෙරෙන බව විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පවසයි.

කැබිනට් මණ්ඩලයට අලුත් අමාත්‍යවරුන් පත්කිරීම පිළිබඳව පෞද්ගලිකව තමන්ගේ විරෝධයන් නොමැති බවද අමාත්‍යවරිය කියා සිටියාය.

"අපිට අවශ්‍ය වෙලා තිබුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙනිච්ච ඒ අත්තනෝමතික පවුල්වාදී පාලනය වෙනස් කරන්න සහ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කරවන්න," අමාත්‍යවරිය 'බිබිසි සංදේශය'ට කියා සිටියාය.

එස්බී දිසානායක අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරිය සම්බන්ධයෙන් මැතිවරණ වේදිකාවේ කළ ප්‍රකාශවලට තමා දැඩි විරෝධය පළ කළ බව, අමාත්‍යවරිය පවසයි.

කාන්තාවන්ට කරපු බරපතල අපහාසයක් :

"ඒක කාන්තාවන්ට කරපු බරපතල අපහාසයක් හැටියට මම දකින්නේ. එහෙම කතා කරපු අය පත්වීම් භාර ගන්න කොට පත්වීම් භාරගත්ත එක්කෙනා ගැන තමයි පොඩ්ඩක් කල්පනා කරන්න වෙන්නේ," ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය සඳහන් කළේ බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.

යළිත් වරක් කැබිනට් මණ්ඩලයට එක්වීම පිළිබඳව අදහස් විමසීම පිණිස එස්බී දිසානායක අමාත්‍යවරයා සහ පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය ඇමතීමට දැරූ උත්සාහය සාර්ථක නොවීය.
 
AnuradhaRa

Well-known member
  • එස්. බි. දිසානායක මහතාට හා පවිත්‍රා දෙවි වන්නිආරච්චි මහත්මියට අමාත්‍ය ධුර ලබා දීමට ජනාධිපතිවරයාට බලපෑම් කර ඇත්තේ, අමාත්‍ය රාජිත සේනාරත්න මහතාය.

    විශේෂයෙන්ම ජනපතිවරණයේදී ජනාධිපතිවරයා දැඩි විවේචනයට ලක් කළ පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරියට සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියට අපහාස කළ එස්බී දිසානායක ඇමතිවරයාට යළිත් වරක් අමාත්‍ය පදවි පිරිනැමීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විවේචනයට ලක් වී තිබේ.

    වැඩක් නෑ ඉතිං මේව ගැන කියල.. කලකිරෙනව

    bbbbm

    Member
    Mar 25, 2015
    31
    1
    0
    අනේ මන්දා බන්. මෙහෙම ගියොත් වැඩි කල් ඉන්න හමබ්වෙන්නේ නෑ.

    mama nan kiyanne oya okkoma ekai.jvp unta deela balanna ona.unp,sri lanka un degolloma andu kalane mechchara kal.dan jepponta denna ona inda karapan kiyala hamadama waradi kiyawa kiyawa inne nathuwa.
     
    bbbbm

    Member
    Mar 25, 2015
    31
    1
    0
    දහසක් වැව් වගේ තියෙයි :lol:

    hari ban un kala wada walin oka witharane poddak case wune.eth balapanko hitapu un kochchara naa ganili naagena thiyenawada kiyala:Pawurudu 6ne ban jvp unuth hariyata kale naththan unwath elawala daanawa.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    කෝමද සමාජවාදේ පතුරවන්න කියලා විප්ලවවාදී කැරැල්ලක් පටන් ගත්තොත්? :shocked::baffled:
     
    bbbbm

    Member
    Mar 25, 2015
    31
    1
    0
    කෝමද සමාජවාදේ පතුරවන්න කියලා විප්ලවවාදී කැරැල්ලක් පටන් ගත්තොත්? :shocked::baffled:

    ehema kaloth nan ithin un illan tinkiri gaaganeemak wenne.mama hithanne naha e wage gobba theerana ai un gani kiyala.un mahaloku development nokalath kamak naha.un horakan karanne nathuwa neethiya hariyata karai kiyana eka wisawaasa karanna puluwanne.e tika kalath athi ban.dan inna un amathikam walata ehetai mehetai paninawane.
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    කෝමද සමාජවාදේ පතුරවන්න කියලා විප්ලවවාදී කැරැල්ලක් පටන් ගත්තොත්? :shocked::baffled:

    samajawadhaya pathurawanna wiplawa karanne balaya allaganna :)
    unwa wedi chanden path unot unta wiplawa oni naha..
    JVP anduwak ena eka sure karanna baha, habai 30k 40k parliment eke hitiyot loku balapaamak karanna puluwan..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ehema kaloth nan ithin un illan tinkiri gaaganeemak wenne.mama hithanne naha e wage gobba theerana ai un gani kiyala.un mahaloku development nokalath kamak naha.un horakan karanne nathuwa neethiya hariyata karai kiyana eka wisawaasa karanna puluwanne.e tika kalath athi ban.dan inna un amathikam walata ehetai mehetai paninawane.
    මේක කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ :no:
    දැකලා තියෙනවද සල්ලි හම්බෙනකොට ගෑණු වෙනස් වෙන හැටි?? :lol:
    අන්න ඒ වගේ තමයි දේසපාලුවොත්, බලය හම්බුනාම බලය ගන්න කිව්ව කරපු දේවල් මතක නෑ
    පරම්පරා ගානකට හම්බකරන් ආපහු යන්නේ :lol:
    samajawadhaya pathurawanna wiplawa karanne balaya allaganna :)
    unwa wedi chanden path unot unta wiplawa oni naha..
    JVP anduwak ena eka sure karanna baha, habai 30k 40k parliment eke hitiyot loku balapaamak karanna puluwan..

    ඒකට කරන්න ඕනි අනිත් උන්ට බැන බැන ඉන්න එක නෙමෙයි
    ආපුවාම වැඩපිලිවෙල ගැන සවිස්තරාත්මක සැලැස්මක් පෙන්නන එක ;)
    මිනිස්සු විශ්වාස කරොත් ඡන්දෙ දෙයි
    (බැන බැන හිටියම කැමති උන්ටත් එපා වෙනවා, මුන් හැමදාම බනිනව විතරනේ කියලා :lol:)
     
    bbbbm

    Member
    Mar 25, 2015
    31
    1
    0
    මේක කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ :no:
    දැකලා තියෙනවද සල්ලි හම්බෙනකොට ගෑණු වෙනස් වෙන හැටි?? :lol:
    අන්න ඒ වගේ තමයි දේසපාලුවොත්, බලය හම්බුනාම බලය ගන්න කිව්ව කරපු දේවල් මතක නෑ
    පරම්පරා ගානකට හම්බකරන් ආපහු යන්නේ :lol:

    ithin ban uba kiyana widiyata kaatawath anduwa denna bahane ban:lol:mama kiwwe mechchara kal karapu un ai awoth aniwa kalin karapu dewalma karanne kiyala sure ne.jvp unta deela balanna ona.unuth ehema wunoth bye kiyala unwath gedara yawanawa.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ithin ban uba kiyana widiyata kaatawath anduwa denna bahane ban:lol:mama kiwwe mechchara kal karapu un ai awoth aniwa kalin karapu dewalma karanne kiyala sure ne.jvp unta deela balanna ona.unuth ehema wunoth bye kiyala unwath gedara yawanawa.

    ජවිපෙට දීලා ආය ගන්නව බොරු :lol:
    මගේ මතයට අනූව හොරු පෙරල ගන්න චන්දෙ දෙන උන් දැනගන්න ඕනි ;)
     
    bbbbm

    Member
    Mar 25, 2015
    31
    1
    0
    ජවිපෙට දීලා ආය ගන්නව බොරු :lol:
    මගේ මතයට අනූව හොරු පෙරල ගන්න චන්දෙ දෙන උන් දැනගන්න ඕනි ;)

    :lol::lol:lankawe inna unta bath packet ekai gal baagayai dunnama ona ekekta puka wunath dei ban.ehema un koheda chande thorala denne.adu gaane nomination deddi wath paksha walin honda unta denna ona.ehemath nahane.
     
    Last edited:

    Similar threads