චන්ද්‍රිකා දැඩි තීරණයක් ගැනීමට යයි
එස්. බි. දිසානායක මහතාට සභාග ආණ්ඩුවේ අමාත්‍ය ධුරයක් ලබාදීම සම්බන්ධයෙන් දැඩි දේශපාලන තීන්දුවක් ගැනීමට ශ්‍රීලනිප උපදේශිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය තීරණය කර ඇත.
එස්. බි. දිසානායක මහතාට අමාත්‍ය ධුරයක් ලබාදීම සම්බන්ධයෙන් ඇය ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට සිය බලවත් විරෝධය පළකර තිබේ.
එස්. බි. දිසානායක මහතාට හා පවිත්‍රා දෙවි වන්නිආරච්චි මහත්මියට අමාත්‍ය ධුර ලබා දීමට ජනාධිපතිවරයාට බලපෑම් කර ඇත්තේ, අමාත්‍ය රාජිත සේනාරත්න මහතාය.
විශේෂයෙන්ම ජනපතිවරණයේදී ජනාධිපතිවරයා දැඩි විවේචනයට ලක් කළ පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරියට සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනාධිපතිනියට අපහාස කළ එස්බී දිසානායක ඇමතිවරයාට යළිත් වරක් අමාත්‍ය පදවි පිරිනැමීම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විවේචනයට ලක් වී තිබේ.
ඇමති එස්.බි. ගැන තවදුරටත් විවේචන :
මේ අතර රාජ්‍ය අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය පවසන්නේ, තමන් නියෝජනය කරන ආණ්ඩුවේම කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස අලූතින් පත්වු එස්.බී දිසානායක මහතා සම්බන්ධයෙන් තමන්ට තවදුරටත් විවේචන පවතින බවයි.
ඉකුත් ජනාධිපතිවරණයට පෙර රෝසි සේනානායක මහත්මිය පැවසුවේ එස්.බී දිසානායක මහතා කාන්තාවන්ට අපහස කරන්නෙකු බවයි.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධයෙන් ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් සියලූ කාන්තාවන්ටම කෙරුණු අපහසයක් බවද රෝසි සේනානායක මහත්මිය එහිදි කියා සිටියාය.
අපහාස කළ අයත් ඇමතිවරු:
මැතිවරණයේදී තමන් දැඩි විවේචනයට ලක් කරමින් අපහාස කළ පුද්ගලයන්ට පවා අමාත්‍ය ධුර පිරිනැමීම මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ මහත්මා ගුණය ප්‍රදර්ශනය කෙරෙන බව විදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පවසයි.
කැබිනට් මණ්ඩලයට අලුත් අමාත්‍යවරුන් පත්කිරීම පිළිබඳව පෞද්ගලිකව තමන්ගේ විරෝධයන් නොමැති බවද අමාත්‍යවරිය කියා සිටියාය.
"අපිට අවශ්‍ය වෙලා තිබුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙනිච්ච ඒ අත්තනෝමතික පවුල්වාදී පාලනය වෙනස් කරන්න සහ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කරවන්න," අමාත්‍යවරිය 'බිබිසි සංදේශය'ට කියා සිටියාය.
එස්බී දිසානායක අමාත්‍යවරයා හිටපු ජනාධිපතිවරිය සම්බන්ධයෙන් මැතිවරණ වේදිකාවේ කළ ප්‍රකාශවලට තමා දැඩි විරෝධය පළ කළ බව, අමාත්‍යවරිය පවසයි.
කාන්තාවන්ට කරපු බරපතල අපහාසයක් :
"ඒක කාන්තාවන්ට කරපු බරපතල අපහාසයක් හැටියට මම දකින්නේ. එහෙම කතා කරපු අය පත්වීම් භාර ගන්න කොට පත්වීම් භාරගත්ත එක්කෙනා ගැන තමයි පොඩ්ඩක් කල්පනා කරන්න වෙන්නේ," ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය සඳහන් කළේ බීබීසී යේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමිනි.
යළිත් වරක් කැබිනට් මණ්ඩලයට එක්වීම පිළිබඳව අදහස් විමසීම පිණිස එස්බී දිසානායක අමාත්‍යවරයා සහ පවිත්‍රා වන්නිආරච්චි ඇමතිවරිය ඇමතීමට දැරූ උත්සාහය සාර්ථක නොවීය.

awurudu 6ne ban jvp unuth hariyata kale naththan unwath elawala daanawa.