රනිල් කියන්නේ කිසිම වැඩක් නැති නායකයෙක්..මිනිහ පොරක් වෙන්නනම් unp එක ලංකාවේ
හොදම පක්ෂේ වෙන්න එපයි..කරපු තරමක් නාල..ලක්ෂ 05 වඩා චන්ද අඩු උනාම මිනිස්සුන්ට මිනිහගේ
ප්‍රතිපත්ති තේරෙන්නේ නැහැ ඒකයි චන්දෙ නොදුන්නේ වගේ ගොන් කතා පිළිගන්න බැහැනේ.
එක පැත්තකින් විතරයි ඔය මිනිහ පොර අනිත් හැමතනින්න්ම fail
ඔන්න ඔතන තමයි ලංකාව දියුණු කරන්න බැරි ඇයි කියන ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ...
UNP එකට මොකො උනේ.. හිටපු හොඳම මිනිස්සු ටික බෝම්බවලින් මැරුනා.. ලලිත්, ගාමිණී etc
ළමයි පාසල් ගියා විභාග පාස් කරා.. විවිධ ව්‍යාපාර කරලා සල්ලි හෙව්වා.. ඊට පස්සේ ඒ ළමයි දේශපාලනේටත් ආවා...
කොහොමහරි මොකෝ වුනේ කියල බලන කොට තේරෙනවා හොඳ attitudes, clear positive vision නැති ස්ථානෝචිත ප්‍රඥාව නැති මිනිස්සු ටිකක් සමාජගතවෙලා කියල..
එහෙම අය පිරිසක් තමයි දැන් හැම පක්ශෙම වගේ තරුණ පිරිස අතරේ ඉන්නේ
මිනිස්සු අහනවා ඇයි රනිල්ට ආරක්ෂක රැස්වීම්වලට එන්න නොදුන්න එක ගැන පාර්ලිමේන්තුවේ කලින් කිව්වේ නැත්තේ ඇයි කියලා.. රනිල් කියනවා ඒක පාර්ලිමේන්තුවේ කියන්න තරම් විශේෂ කාරනාවක් නෙවෙයි.. ජනාධිපති එන්න කිව්වොත් යනවා නැතන් නෑ, නීතියක් නියමයක් නෑ කියල.. දී.මූ ත් ගියේනැති බව කියනවා...
නමුත් අපි ඒව දන්නේ නෑනේ.. අපි හිතුවද නීතියක් තියෙනව ද නැද්ද කියන එකවත්.. අපි මාධ්‍ය කාරයෝ හදපු රැල්ලේ ජීවත් වෙනවා.. ඒක තමයි ඇත්ත කියල හිතනවා..
දැන් මොකෝ මේ වෙලා තියෙන්නේ.. මිනිස්සු ජීවත් වෙන්නේ එක එක රැල්ලවල් පස්සේ යන්න.. කවුරුහරි මොකක් හරි කතාවක් කිව්වොත් තව කෙනෙකුට කෙලවන්න ඒ කතාව හරිද වැරදිද කියලවත් හිතන්න තරම් මානසිකත්වයක් නෑ.. ඒක නිසා ඕනම පක්ෂයක ජයග්‍රහනය තියෙන්නේ පැවැත්ම තියෙන්නේ ඒ අවස්ථාවේ නිර්මාණය වන රැල්ල හේතුවෙන්.. අපේ රටේ ජනතාව පට්ට මෝඩයි.. බුද්ධියක් නෑ... හිතල බලන්න
මේ වීඩියෝ එකේ උනත් රනිල් සමහර දෙවල් කියාගෙන එද්දි චමුදිත පිස්සෙක් වගේ මැද්දට පැනල වෙන මගුලක් කියවන්න පටන් ගන්නවා.. මූ හිරු එකේ වැඩසටහන කරන්නෙත් ඒ විදියටමයි..
හේතුව- මුන්ට ඕනේ නෑ රනිල් එක්කවත් වෙන කා එක්කවත් සාකච්ඡා කරන්න.. මුන්ට ඕනේ "අපි ඇහුවම අරයට උත්තර නෑ" වගේ දෙයක් සමාජගත කරන්න
රනිල් මෛත්‍රී දෙන්නවම වෙන වෙනම සාමාන්‍ය විදියට සාකච්ඡාවක් කරා නම් සාමාන්‍ය ජනතාව වෙච්ච අපිට තියෙන කුතුහලයන් නැතිව යනවා... නමුත් හැමදාම අපි කරන්නේ මුන්ගේ මැද්දට පැනිලි හින්දා බාගෙට සමාජ ගතවෙන කරුණුවලට assumptions අපි එකතු කරගෙන ජීවත් වීමයි
චමුදිත/රනිල් කොර වෙච්චගෙන් අපිට වැඩක් නෑ.. අපිට ඕනේ රනිල් දන්න දේ රනිල් කරපු දේ දැන ගැනීමයි, ඒවගේ ම මෛත්‍රී....
මිනිස්සුන්ව හිතන්න බැරි උන් කරලා අවුරුදු ගානක් තිස්සේ මේ රටේ ක්‍රියාත්මක වෙච්චපුහු රටාව නිසා..
ඒක නිසා UNP එකට ඊලඟට බර අදින්න කෙනෙක් නෑ.. රනිල් කරු වගේ අය විතරයි ඉන්නේ...
ඊලඟට අනිත් පැත්තෙන් මහින්ද මෛත්‍රී වගේ මිනිස්සු විතරයි.. ඒ පක්ශෙත් තරුණ පෙල මෙලෝ රහක් නෑ.. පේනවනේ විවාද/සාකච්ඡාවලට ඇවිත් නවක මන්ත්‍රී/ජ්‍යේෂ්ට මැති ඇමතිවරු පවා ගොංකතා කියල නානවා.. සහරාන්ට පඩි ගෙවපු එක එලි නොවූ කාරනාවක්.. ඒවා එලිකරේ කවුද?
අන්න ඒකයි කියන්නේ හිතන්න බැරි පුස් ජාතියක් විභාග සහතික/ මොනයම් ක්‍රමයකින් උපයාගත් මුදල් සමගින් සමාජගතවෙලා උන් හිතනවා උන් හරි බුද්ධිමත් උන්ට පුලුවන් කියලා
මේ රටට ආයෝජන එන්නේ නැත්තේ ඇයි?
මේ රටේ තමයි කලාපයේ විදුලිය මිළ අධිකම රට... ඒක විසඳන්න කිසිමරජයක් ක්‍රියාත්මකවුනේ නෑ.. ප්‍රධානතම හේතුවක් තම විදුලිබල මණ්ඩලයේ අධික දූෂණ...
ඒ අස්සේ සල්ලි නෑ කිය කිය අත්‍යවශ්‍ය නොවන highway හදනවා.. මොනෝ රේල් වගේ ක්‍රම මගින් රට ඇතුලේපෞද්ගලික වාහන භාවිතය අවම කරල ප්රතිලාභ රැසක් ලබන්න කටයුතු කරන්නේ නෑ..
හේතුව පුස් ජනතාව සංවර්ධනය මනින්නේ හදන බිල්ඩින්, පාරවල්, බෝක්කු ගනනින්,
ගම්වල ඉන්න එවුනුත් සංවරධනය මනින්නේ බිල්ඩින්වලින්..
මිනිසාගේ ජීවන තත්වය උසස් වෙන එක තමයි සංවර්ධනය කියන්නේ.. මොකද රටක් සංවර්ධනය වෙන්නේ මානව සම්පතේ ජීවන තත්වය උසස්වීම තුලයි.. ඒක සල්ලිවලින්, උපකරණ, බිල්ඩින්වලින් විතරක් නෙවෙයි මනින්නේ..