ස්තුතියි මචන් අනිත් වුන්ව දැනුවත් කලාට. මේ වගේ කරුණු මාර වටිනවා. උබට දැන් හොදටම හොදයි නේද? පරිස්සම් වෙයන් මචන්, ගෙදර වුන්වත් පරිස්සම් කර ගනින්.
මචන් ඕක දැන් හැමතැනම පැතිරිලා තියෙන්නේ..රෝහල් වල ඇදන් මදි ලෙඩ්ඩු වලට..
තව ඊට අමතරව බිමටත් දාලා තියෙනවා..
එනවා එනවා ඉවරයක් නෑ ඔක්කෝම ඩෙන්ගු..
වයිරස් උණකුත් තියෙනවා..දෙකටම තියෙන්නේ පොදු ලක්ෂණ
ප්‍රයිවට් චැනල් කරලා බෙහෙත් ගන්න එපා
කෙලින්ම රෝහලට යන්න..
ප්යිවට් ගන්නවා නම් රු.1000 ලේ ටෙස්ට් එක කර ගන්න..පැයක් ඇතුලත බලා ගන්න පුලුවන්
එකෙන් ඩෙන්ගු ද නැද්ද කියලා..
පැගිරි තෙල් හෝ මිනෝ ඔයිල් ගාලා හෝ මදුරු දැලක් ඇතුලට වෙලාම ඉදපල්ලා..
අපෙත් පවුලේ දෙන්නෙක් දැනටම රෝහලේ..අම්මෝ සසර කලකිරෙනවා රෝහලට ගියාම..
මටත් ඩෙන්ගු ආව බන්..පෙරේදා රෑ ටිකට් කපන් ආවේ.රක්‍තපාත තත්වය.මගේ ප්ලේට්ලට් 15000 වෙනකන් අඩු වුනා..ලීකින් ඇවිත් තිබ්බා..පැයෙන් පැයට මූත්‍ර මනිනවා.වතුරත් බොන්න දුන්නේ පැයට 50ml .එපාම වුනේ මූත්‍ර බටයක් දාන්න ගියාම,50000 ට වඩා අඩු වුනාම අනිව මුත්‍ර බටයක් දානවා..හොද පන යනවා ඒක දාන කොට .ගලවන කොටත් ඒ විදිහමය්.ප්ලේට්ලට් 150000 ට වඩා අඩු වුනු ගමන් ඇඩ්මිට් වෙන එක හොදාය්.කොල ඇපල් ජුස් විතරය් බිව්වේ..රතු පාට,අදුරු පාට මොකුත් හොද නැහැ.



එහෙම යනකන් දියර වර්ග බොන එක පුලුවන් තරම් අඩු කරපල්ල ඩොකෙක් ගාවට ගිහින් උපදෙස් ගන්නකන් .අඩු කරන්න කියන්නෙ බොන්නම එපා .අම්මෝ ලීකින් වෙනව කියන්නෙ ඉතින් ඕන නෑ .

epa karapu ledakne ban

