එක නෙමේ කොහොමද නන්දසේනගේ ඇන්දිල්ල ?මොනව කියන්නද....? ආයෙත් ඇවිල්ල යන්නෙ කොහේද මල්ලේ පොල් වගේ ජාම බේරගන්න ට්‍රයි කරයි.... වේලෙන කොට ආයෙත් ඇවිල්ල නානවා... මේ දවස්වල නිව්මෝනියාව හොද නෑ... කොරෝනා ආවොත් සීරියස් වෙනවා.... (විහිලුවක් කළේ...)
මේක උපුටා පල කිරිම ගැන ගොඩක් ස්තුතියි... නාගා ගොඩක් එවුන් ඇන්දුවා... දැනටත් අන්දනවා.... ඉස්සරහටත් ඔය වගේ පිස්සෝ ඇවිල්ලා බොලද විදියට හිතන එවුන්ගේ ඔලු කුරුවල් කරල රටම අරාජික කරනවා.... මම මේ ත්‍රෙඩ් එක දැම්මෙම විනිසුරු යැයි කියා ගන්නා කෙනෙක් දාලා තිබ්බ කමෙන්ට් එකකට පිළිතුරක් විදියට... මොකද මම ඒ ත්‍රෙඩ් එකේම ඒකට රිප්ලයි කලා නම් ගොඩක් අයට ඒක මග හැරෙනවා... අනිත් අතට ජජ් කෙනෙක් කිව්වනේ කියල උඩ පැනගෙන ඒ පස්සේ යන නරි රැුලකුත් මේකේ ඉන්නවා... මගේ අරමුණ වුණේ ඇස් පාදන්නයි.... නැත්තං මට මූව නාවන්න වුවමනාවක් තිබ්බේ නෑ.... ඌ බලෙන් නාගත්තේ..... ඔය උඩ කියල තියන තර්ක ඔක්කොම මම මේකේ දිගින් දිගටම කිව්වා... හැබැයි තනුජකයයි ඌ නාවන නරි ටිකයි කෝචෝක් කළා මිසක තාර්කික නීතිමය රාමුවකට ආවේ නෑ.... ඇත්තම කතාව ඔ්ක තමයි.... ව්‍යවස්ථාදායකයට පයින් ගහන්න බෑ.... එහෙම පයින් ගහනවා නම් ගහන්න වෙන්නේ හමුදා පාලනයකට ලෑස්ති වෙලා මුලු ලෝකෙන්ම කොන්වෙලා කුජීත වෙලා... නාගා එන්නේ ඒකට නම් මොන පකටද ඒ වගේ එකෙකුට චන්දෙ දෙන්නේ.... තනුජක සියල්ලම දත් අය නැතත් දත යුතු සියල්ල දැන ගැනීමයි වැදගත් වෙන්නේ.... මගේ අවවාදය ඒකයි....
ස්වයං ජාත මනස්ගාත (මෙය උපුටා පල කිරීමකි.... මන්ද යත් මෙයද ඉතාමත් පැහැදිලි අර්ථකථනයකි....)
නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානතම ප්රචාරක උපක්‍රමය වී ඇත්තේ ඔහුගේ ස්වයංජාත ව්‍යවස්ථාවයි. සරලව ගතහොත් එමගින් ඔහු ප්‍රකාශ කරන්නේ ඊලඟ ජනාධිපතිවරණයට ඔහු විසින් නිර්මාණය කර ඇති ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සඳහා ජනවරමක් ලබා ගන්නා බවයි. ඒ හරහා දැනට බලාත්මක ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් බලරහිත වී පත්වී පැය 24ක් ඇතුලත ඔහුගේ ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය බවට පත් වෙන බවයි. ඒ තුලින් දැනට පාර්ලිමේන්තුවේ සිටින නියෝජිතයන් 225 දෙනාම බලරහිත වී ශ්‍රේෂ්ඨාධිකරණය වැනි ආයතනයන් සඳහාද අලුතින්ම විනිසුරුවරුන් පත් වෙන බවයි.
වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනමත විචාරණයකින් තොරව වෙනස් කළ නොහැකි වගන්ති 12ක් අඩංගු වේ. එය ව්‍යවස්ථාවේ පාදමයි. ඒ පාදම මත සිට ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයෙන් සම්මත කරගත හැකිය. වගන්ති 12 කින් යුතු පාදමේ කොටසක් හෝ සම්පූර්ණයෙන් ගලවා දැමීමට නම් පාර්ලිමේන්තුවේ 2/3 ක් සහ ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය වේ. මේ වගන්ති 12 ක ආවරණය ලබා ඇති අංශ වන්නේ රටේ නම , රට ඒකීය රාජ්‍යයක් යන බව, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවිය යුතුය යන්න, ජාතික කොඩිය , ජාතික ගීය ,පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ ධූර කාලය වෙනස් කිරීම , ජනතා පරමාධිපත්‍යය ජනතාව සතුය යන අතිශක තීරණාත්මක කරුණුය. ව්‍යවස්ථාව තුල එවැනි ආවරණයක් යොදා ඇත්තේ හිතෙන හිතෙන කෙනෙකුට හිතෙන හිතෙන පරිදි මේ පාදම වෙනස් කිරීමට ඇති ඉඩ අහුරමිනි. ජේ ආර් ජයවර්ධන මහතාගේ 77 ව්‍යවස්ථාව පිළිබඳ කොතරම් විවේචන තිබුණත් මේ වගන්ති 12න් ලැබුණු ආවරණය නම් පැසසිය යුත්තකි.
නාගානන්ද මහතාට මේ කිසිවක් වැඩක් නැත. ඔහු විස්තර කරන ක්‍රියාවලියේ ඇති ඇති අප්‍රායෝගිකත්වය ව්‍යවස්ථා සම්පාදන නීතිය පිළිබඳ අග්‍රගණ්‍ය විශාරදයෙකු සේ සැලකෙන ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා “ව්යයව්ස්ථා සංශෝධන” ග්‍රන්ථයේ අඩංගු පහත වගන්ති කිහිපයෙන් පැහැදිලි විය යුතුය.
“වර්තමාන ව්‍යවස්ථාවට අනුව ජනතා පරමාධිපත්‍ය ජනතාව සතු වන බවත් අය අන්සතු කළ නොහැකි බවත් , පරමාධිපත්‍යට පාලන බලතල ,මූලික අයිතිවාසිකම් හා ජන්ද බලයද ඇතුළත් වන බවත් ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියේ දැක්වේ.
මේ වගන්තියේ ගැබ් වී ඇති අදහස නම් ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය සමස්ථ ශ්‍රී ලංකා ජනතාව සතු බවත් සමස්ථ ජනතාව සතු මේ පරමාධිපත්‍ය බලය අන්සතු කළ නොහැකි බවත්ය. පරමාධ්හිපත්යයේ කොටසක් වන පාලන බලය විධායක බලය ව්‍යවස්ථාදායක බලය හා අධිකරණ බලය යන තුන් වැදෑරුම් බලයන්ගෙන් සංයුක්ත වේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව , ජනතාව වෙනුවෙන් නීති සෑදීමේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව වෙතත් , ජනතාව වෙනුවෙන් සාදනු ලබන නීතික්රියාත්මක කිරීමේ විධායක බලය ජනාධිපති වෙතත් රාජ්‍යය බලය නිසි ලෙස ක්රියාවේ යෙදෙනවාදැයි පිරික්සීමේ බලය අධිකරණය මගින් පාර්ලිමේන්තුව වෙතත් පවරා ඇත.
ජනතාවගේ මේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියේ විස්තර වේ. ජනතාව සතු ව්‍යවස්ථාදායක බලය සමස්ථ ජනතාව විසින් තෝරා පත් කරගත් මහජන මන්ත්‍රීන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද , ජනතාව සතු විධායක බලය සමස්ථ ජනතාව විසින් ජනාධිපතිවරණයකදී තෝරා පත් කරගත් ජනාධිපතිවරයා විසින්ද ජනතාව සතු අධිකරණ බලය අධිකටණය හරහා පාර්ලිමේන්තුව විසින්ද ක්‍රියාත්මක කරනු ලැබිය යුතු බව ඒ 4 වැනි වගන්තියේ දැක්වේ.”
නාගනන්ද මහතා කියන්නේ ඔහුගේ යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතට අවශ්‍ය බලය ලැබෙන්නේ මේ පරමාධිපත්‍ය බලයෙන් කියාය. එය ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට ලැබෙනවා යැයි කියන ජනවරමෙන් තහවුරු වන බවයි. නමුත් ඔහු වර්තමාන ව්‍යවස්ථාවෙන් ගන්නේ ඒ පරමාධිපත්‍ය බලය කියන වචනය පමණි. අවම තරමේ පරමාධිපත්‍ය බලාත්මක වන් ආකාරය පැහදිලි කරන 4 වැනි වගන්තියද ඔහු අත හැර දමයි. ජනතාව වෙනුවෙන් නීති සෑදීමේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව වෙත පවරා ඇත යනුවෙන් ජනතා පරමාධිපත්‍යය අර්ථ දැක්වෙන කොටස ඔහු අමතක කරන්නේ හිතාමතාය. අනිත් කාරණය නම් ජනාධිපතිවරණයකදී ලැබෙන චන්දය ව්‍යවස්ථාවකට අවශ්‍ය ජනමත විචාරණයක් ලෙස සැලකිය හැකිය යනුවෙන් නාගනන්ද මහතාට බලය ලැබෙන්නේ කොතනින් ද යන්නයි.
වැඩිහිටි මිනිසුන්ට මෙලෙස නොවැඩුණු ළපටි දරුවන් සේ ක්‍රියා කළ හැක්කේ එක්කෝ තමන් කියන ඕනෑම කෙප්පයක් විස්වාස කරන අන්ධයන් සරි පිරිසක් ඇතැයි යන අධි විස්වාසයකිනි. එසේත් නැත්නම් මානසික ව්යාධියකිනි. අපගේ විස්වාසය නම් නාගානන්ද මහතා ඔය දෙවැනි ගණයට අයත් නොවන බවයි.
උපුටා ගැනීම අවසන්....
ව්‍යවස්ථාවේ නැති දෙයක් කරන්න පුලුවන්ලු... ඒකට යූඑන් එකත් සහය දෙනවලු.... නාගගේ ටිකිරි මොලේ උණ්ඩුක පුච්චය කිරියේ ඉන්නවා...![]()


මට ඔ්න වෙල තිබ්බේ මූව නාවන්න නෙවෙයි... කවුරු හරි එකෙක්ට ඇත්ත කියල දෙයක් තියෙනව කියල පෙන්නන්නයි... මම ඒක ඔ්නාවටත් වඩා ඔප්පු කරල පෙන්නුවා... නාගා වගේ එවුන් ෆෝම් වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ ගොබ්බ ඩෑල් හින්දයි.... අන්තිමට උගේ තියරිය කොහොම වුණත් නොමිනේෂන් දීගන්නත් බැරි වුණා... එච්චර සරල දෙයක් බැරි එකෙක් පැය 24 න් මනාව පැහැදිලි කරල තියෙන ව්‍යවස්ථාවක් ව්‍යවස්ථාදායකයට උඩින් වෙනස් කරන්න පුලුවන්ලු.... ඒක බෑ.... ඒක දැන් අපේ ඊකේ සිරිසේනත් දන්නවා.... හැබැයි ගොයියට දැන් වහන් වෙලා යන්න බෑ.... මොකද මම කලින් කිව්ව වගේ මායිම් ප්‍රශ්න, රත්තරන් බඩු කේස්, අනියම් සබදතා වගේ පොඩි පොඩි කේස්වලට ගොඩ පෙරකදෝරුකම් කරල පොරක් කියල හිතාගෙන මම කාලෙකට එළකිරි නෑවිත් ඉදියි කියල කල් යල් බලලා පාලු ගෙදර වළං බිදින්නයි බුවාට ඔ්න වුණේ... ඔන් ද ස්පොට් මම ආවා... බුවාට කෙළ වුණා....

