මේක ලංකාවේ සමාජයේ හැමදාටම තියන ප්‍රශ්නයක්. කෙනෙකුට වැදගත් විදියට ආමන්ත්‍රණය කරන්න ඒ තැනැත්තාගේ තනතුර අදාළ කර ගැනීම අපේ සමාජයේ තියන පහත් ගතියක්. විවිධ වෘත්තීන් කලත්, විවිධ උගත් මට්ටම් තිබුනත්, දුප්පත් පෝසත් භේදයක් තිබුනත් සියලු දෙනාට මනුස්සයන් ලෙස යම් ගෞරවයක් ඇතිව කතා බහ කිරීම ලංකාවේ සිදු වෙන්නේ බොහොමත්ම කලාතුරකින්. පාරේ වාහනයක් එලවන කෙනා රියදුරෙක් මිසක් දොස්තරද නඩුකාරයෙක්ද ටැක්සිකාරයෙක්ද කියන එක වැදගත් නැහැ. නමුත් අපේ සමාජය පුරුදු වෙලා තියෙන්නේ, ඒ වාගේම ජනමාධ්‍ය වලින් කියවෙන්නේ රියදුරාගේ වෘත්තීය තත්වය අනුව උසස් හෝ පහත් කරලයි. මේ කැත පුරුද්ද කවදාවත් අපේ සමාජයෙන් තුරන් වෙන බවක් පේන්නේ නැහැ. එළකිරි එක වගේ සමාජ එකමුතුවකදීත් එකිනෙකාට ආමන්ත්‍රණය කිරීමේදී ඒ ඒ සාමාජිකයාගේ වෘත්තීය/ උගත්කම/සමාජ තත්වය/වයස වැනි දේවල් අදාළ කරගැනීම කනගාටුවට කරුණක්. හැම සාමාජිකයෙකුගේම ගෞරවය රැකෙන ආකාරයට කතා බහ කරනවා මිසක්, කෙනෙක් උසස්, තවකෙනෙක් පහත් කියා සැලකීම නොකළයුතු දෙයක්.




තාමත් මුරට ඉන්න කෙනෙක් දැක්කාම අවධානෙන් හිටියෙ නැත්තං කතා කලොත් කියවෙන්නෙ මුර අංකල් කියල
