මේ මොහොතේ රටේ ඒක පුද්ගල ආදායම අනුව එක පුද්ගලයෙකුගේ සෙනසුරු රවී මහා දසාව අපගේ අතිගරු හිටපු ජනාධිපතු තුමාගේ මහා තේජස් සිහිත කේන්දරයේ කන්යා රාශියට එකතු කල විට මට පෙනී ගියා අපගේ වර්තමාන ජනාධිපති මෛත්රී පාල සිරිසේන මහතා මගේ බොහොම පැරණි කල්යාන මිත්රයෙක් බව. ඉතින් මහත්තයෝ අපේ මිත්ර කමේ සංකේතයක් විදිහට මම එතුමාට ලියුමක් පවා ඇරිය. එත් ඉතින් ඊට පස්සේ දන්නවනේ ... මේ .. අහ්හ් මොකක්ද ? වසීම් තාඩුජීන් ගැනද ඇහුවේ ? අනේ මහත්තයෝ රාජකීය දෛවඥයෝ වෙන එකේ කරුමේ ඕකනේ .. අපේ ජීවිත ආරක්ෂාව ගැන වගකීමක් නෑ නේ .. ඒ හින්ද මම අනාවැකි කියන එක ටික කාලෙකට නතර කරා .. ඔව් .. ඔව් ..
~සුමනදාස අබේගුණවර්ධන~