මචං හමුදුරුවන්ට ගෙදර දානයක් දෙනකොට උඹලා සාමාන්‍යයෙන් කරන්නෙ කොහොමද? මම මෙහෙම අහන්නෙ පහුගිය දවසක දැකපු සිද්ධියක් නිසා. මේ සිද්ධිය වුනු තැන හාමුදුරුවරුන්ට උදේ දානේට ඕන කෑම බීම/කිරි පැණි එහෙම මුලින්ම ගෙදර මේසයක් උඩ තියලා තිබ්බා. හාමුදුරුවන්ට ඒ වටේට තමයි ආසන තියලා තිබ්බා. ඊට පස්සෙ හාමුදුරුවො ඒ මේසෙ තිබ්බ කෑම බීම සාංඝික කරා. මම අහලා තියෙන විදියට සාංඝික කරායින් පස්සෙ ඒවට ගිහියන්ට අයිතියක් නෑ නේද? ඒත් මචං මෙතන හාමුදුරුවරුන්ට දානෙ පිලිගන්වලා ඉවර වෙලා එතන ඉතුරු උන කෑම බීම එලියෙ මිනිස්සුන්ට කන්න දුන්නා.
සාම්ප්‍රදායිකව එහෙම කරනවද බං? ඒකෙ වරදක් නැද්ද? සිද්ධ වෙන්න ඕන හරි විදිය මොකක්ද මේ වගේ වැඩකදි?
සාම්ප්‍රදායිකව එහෙම කරනවද බං? ඒකෙ වරදක් නැද්ද? සිද්ධ වෙන්න ඕන හරි විදිය මොකක්ද මේ වගේ වැඩකදි?


