උඹලා ඇයි බන් අපේ ආගම සම්භන්ධ වචන උඹලගේ ආගම සම්භන්ධ දේට පාවිච්චි කරන්නේ. දිනක් මම මගේ අන්‍යාගමික මිතුරෙක්ගෙන් ඇසීමි. ඒක මාර මගුලක්නේ සිංහල වචන අපිටත් පාවිච්චි කරන්න අයිතියක් තියනවා... මගේ රතු කට්ට පැන්නේ මෙවේලේය. ඒවා ලස්සන නිසා පාවිච්චි කරනවා හෝ වෙන යමක් කිවා නම් මට කේන්තියන්නේ නැත. නමුත් අයිතිවාසිකම් කීම නිසා මට ඔහු ගැන මහත් අපුලක් දැනිනි.
එතකොට නමෝ කියන වචනේ සිංහලද? මම ඇසීමි. නැතුව නමෝ කියන්නේ නමස්කාර කරනවා කියන එක. නොදන්න මගුල් කියවන්න එපා පොල් බූරුවෝ දන්නේ නැත්තන් අහගනින් කියා මා මිතුරාට නමෝ යන්නෙහි අර්ථය පෙන්වා දුන්නෙමි.. නිකන් ආගම්වාද ඇති කරන්න එපා බන් ඔහු මට කියා ලෙස්සා ගියේය. කතෝලික සහෝදරයන් මුසල්මානුවන් ආගම ඇදහීම නම් මට කොහෙත්ම ගැටලුවක් නැත.. නමුත් බෞද්ධ අපට සංවේදී දෑ විකෘති කිරීම හා සමහර වචන හා සංකේත භාවිතයට නුසුදුසු තැන්වලදී භාවිතා කිරීම සිත රිදවන කාරනයකි.
මාගේ සියලූම මිතුරන්ගෙ දැන ගැනීම පිනිස නමෝ යන වචනය විග්රහ කරමි (නමස්කාරයේ සෑම වචනයකටම මෙවැනි අර්ථයක් ඇත, දැනගැනීමට කුකුසක් ඇති අය වේ නම් වෙනම ලිපියකින් කියා දිය හැක).
නමෝ යන වචනය සිංහල වචනයක් නොවේ. එය පාලි වචනයකි එය භාවිතා කිරීමට පෙර එහි අර්ථය දැනගැනීම වඩා යහපත්ය. නමෝ යන වචනය මුලින්ම සඳහන් කළේ සාතාගිරි යක්ෂයා විසිනි. දිනක් මොහු යක්ෂ සමාගමට යෑමට අහසින් ගමන් කරන අතර ජය ශ්‍රී මහා බෝධිය උඩින් යෑමට පිටත් විය. එහෙත් බුදුරජාණන් වහන්සේට ඉහළින් කිසිම අයෙකුට මේ ලෝකයේ ගමන් කළ නොහැකිය. එය ධර්මතාවයකි. මේ අනුව යක්ෂයා තුන් වතාවක් උත්සාහ කළද නොහැකි විය. අනතුරුව බෝධි මූලයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේ මෝක්ෂය අවබෝධ කල සම්මා සම්බුදු රජානන් වහන්සේ බව දැන ‘නමෝ’ කියා වන්දනා කළහ. නරකයෙන් මුදවාගන්නා යන වාක්‍යයෙන් "න" ශබ්ධයද මෝක්ෂය හෙවත් නිවන වෙත පමුනුවන යන්නෙන් "මෝ" ශබ්ධයද ගෙන නමෝ ලෙසින් වන්දනා කලේය.
ඉතින් "නමෝ" යන වචනයෙන් හුදෙක් නමස්කාර කල හැක්කේ නිර්වානයට මග පෙන්වන මහා උතුමෙකුට පමනය. දෙවි කෙනෙක්ටවත් නමෝ කියා වන්දනා කල නොහැක. මන්ද නිර්වානය හා දේවත්වය යනු අහසට පොලව මෙන් වෙනස් දෙයකි. ඉතින් ඔබත් කල්පනා කර බලන්න මේ වැනි වැරදි ඔබට අනන්තවත් හමුවනු ඇත. අන්‍යාගමික මිතුරන්ට කිව යුත්තේ මේ ලෙස වචන සංකේත භාවිතයෙන් සිදුවන්නේ අපගේ සිත් රිදීමක් මිස ආගමික සහජීවනය වර්ධනය වීමක් නම් නොවේ.