"නමෝ ........" කියා කියන්න පුළුවන්ද?

සුදු පුතා

Well-known member
  • Jul 4, 2014
    1,199
    658
    113
    වලස්ගුහාව.
    ඇයි එහෙනම් සුද්දෝ කියන ගරු මල්කම්රන්ජිත් කාදිනල් තුමා ලංකාවේදී මැල්කම් රන්ජිත් හිමිපාණන් වහන්සේ උනේ??

    හිමිපාණන් වහන්සේ කියන්නේ බෞද්ද භික්ෂුවක් අමතන වචන. සිංහල බෂාවේ තව සමාන වචන තිබෙනවා. ගරුත්වය දෙන. ඇයි මේ හිමිපාණන් වහන්සේ යන වචනයම තෝරාගත්තේ?? ගරු කාදිනල් තුමා කියල සුද්දෝ අමතන කොට ඇයි ඔයාල ඔහුව බික්ෂුවක් ලෙස අමතන්නේ??

    කිතු දහමේ එන ආමන්ත්‍රණ නාම යොදා නොගෙන ඇයි පාලි බසින් සිහල බසට ලැබුණු වචන යොදාගන්නේ??
    මට ඇති අවුල තමා ඒක..
     
    mala1st

    Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka
    menna me post 1 daapu eka tag karala thiyana ewa.. niyama sinhala bawuddhayek wagei penne... gon arthal ganna epa yakoo me wage kaalakanni wada karala... kawuru kalath maha jaraa wadak.. mewata reply daala wadak na thawath... :angry: :angry:

    2zqznu1.jpg
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කව්ද බන් මේ tag දාල තියන එකා මේ වගේ උන් නම් මොන ආගමකටවත් අයිති උන් වෙන්න බෑ
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    සිරාවට මුන් හිමිපාණන් කියන එක මුලින් ඉස්සුවා. හිමිපාණෝ කියන්නෙ හාමුදුරුවන්ට. ඒක ක්‍රිස්ටියානි පූජකයොන්ට කියනකොට මට හතරකොනින් හිනායනවා. නමක් නැත්තම් හදාගනින්කෝ. අනුන්ගේ ඒවා උස්සන්නෙ නැතුව

    හිමිපාණෝ කියන්නේ ගරුත්වය පෙන්වන්න.
    ගොන් තර්ක ගෙන්න එපා බන්.
    උබ ඔහොම කියනවනම්, ඉංග්‍රීසියෙන් "Lord Buddha" කියල කියන්නත් බැරි වෙනවනේ බන්, ඇයි ඉතින් "Lord Jesus" කියලත් කියනවනේ.
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    සුදු පුතා;17741570 said:
    ඇයි එහෙනම් සුද්දෝ කියන ගරු මල්කම්රන්ජිත් කාදිනල් තුමා ලංකාවේදී මැල්කම් රන්ජිත් හිමිපාණන් වහන්සේ උනේ??

    හිමිපාණන් වහන්සේ කියන්නේ බෞද්ද භික්ෂුවක් අමතන වචන. සිංහල බෂාවේ තව සමාන වචන තිබෙනවා. ගරුත්වය දෙන. ඇයි මේ හිමිපාණන් වහන්සේ යන වචනයම තෝරාගත්තේ?? ගරු කාදිනල් තුමා කියල සුද්දෝ අමතන කොට ඇයි ඔයාල ඔහුව බික්ෂුවක් ලෙස අමතන්නේ??

    කිතු දහමේ එන ආමන්ත්‍රණ නාම යොදා නොගෙන ඇයි පාලි බසින් සිහල බසට ලැබුණු වචන යොදාගන්නේ??
    මට ඇති අවුල තමා ඒක..

    මචන්, "හිමිපාණන්" කිව්ව ගමන් කාගේත් ඔලුවට එන්නේ හාමුදුරු කෙනෙක්ව තමයි, එක මම පිලිගන්නවා. "හිමිපාණන්" කියන වචනේ ඔය TV එකේ ඔච්චර කිව්වට, පල්ලියේදී අපි ඔය විදියට කතා කරන්නේ නැහැ. ඒ නිසා ඕක එච්චර අවුලක් කරගන්න එපා. පල්ලියේදී කියන්නේ, අති උත්තම පාප් වහන්සේ කියල.

    වචනයක් අල්ලගෙන ඔච්චර නහින්න එපා බන්. ගරු කරන්න විතරයි ඔය වචනේ යොදාගෙන තියෙන්නේ.

    දැන් හිතපන්කෝ "නඩුකාර හාමුදුරුවෝ" (Magistrate Court Judge) කියන වචන දෙක...
    ඔය වචන දෙක ඇහුවම උබට ඔය තරම් මල පනිනවද?
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land

    හිමිපාණෝ කියන්නේ ගරුත්වය පෙන්වන්න.
    ගොන් තර්ක ගෙන්න එපා බන්.
    උබ ඔහොම කියනවනම්, ඉංග්‍රීසියෙන් "Lord Buddha" කියල කියන්නත් බැරි වෙනවනේ බන්, ඇයි ඉතින් "Lord Jesus" කියලත් කියනවනේ.
    සිංහල ඉගෙනගෙන වරෙන් . අපි නම් හිමි කිව්වෙත් කියන්නෙත් හාමුදුවන්ට. එස් මහින්ද හිමි කිව්වෙ එස් මහින්ද හාමුදුරුවන්ට දළදා හිමි කිව්වෙ දළදා හාමුදුරුවන්ට. ගරුත්වය කියන්න හිමි යොදන එක තැනක් පෙන්නපන්. අපි ආමෙන් කිය කිය බුදුන් වදින්න ගත්තොත් උඹලට යන ආතල් එක කොහොමද ? ඒ වගේ තමයි
     
    • Like
    Reactions: mdrc111

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,539
    1,504
    113
    දක්ශින දේශය
    සිංහල ඉගෙනගෙන වරෙන් . අපි නම් හිමි කිව්වෙත් කියන්නෙත් හාමුදුවන්ට. එස් මහින්ද හිමි කිව්වෙ එස් මහින්ද හාමුදුරුවන්ට දළදා හිමි කිව්වෙ දළදා හාමුදුරුවන්ට. ගරුත්වය කියන්න හිමි යොදන එක තැනක් පෙන්නපන්. අපි ආමෙන් කිය කිය බුදුන් වදින්න ගත්තොත් උඹලට යන ආතල් එක කොහොමද ? ඒ වගේ තමයි
    :yes::yes::yes:
     
    • Like
    Reactions: Gatapolos

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සහෝ මම ඇත්ත ඇති සැටියෙන් කිව්වෙ.
    මේ විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් එක්ක සිදුවුණු පරිහාණිය තමයි.
    මේ මොකද ගල් යුගයේදී කොක්කු හිටියේ කකුල් දෙකෙන්.
    දැන් හැදෙන ගෙම්බෝ කමකට නැහැ.
     
    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    සිංහල ඉගෙනගෙන වරෙන් . අපි නම් හිමි කිව්වෙත් කියන්නෙත් හාමුදුවන්ට. එස් මහින්ද හිමි කිව්වෙ එස් මහින්ද හාමුදුරුවන්ට දළදා හිමි කිව්වෙ දළදා හාමුදුරුවන්ට. ගරුත්වය කියන්න හිමි යොදන එක තැනක් පෙන්නපන්. අපි ආමෙන් කිය කිය බුදුන් වදින්න ගත්තොත් උඹලට යන ආතල් එක කොහොමද ? ඒ වගේ තමයි

    මචන්, වචන යොදන තැන අනුව තේරුම කෙසේවෙතත් අඟවන දේ වෙනස් වෙනවා. මගේ මීට කලින් දාපු පොස්ට් එක ටිකක් කියපන්කො. එකේ මම උදාහරණයක් දීල ඇති.
    හාමුදුරුවෝ කියන වචනය නාමපදයක් විදියට තනියම කියන්න පුළුවන් උනාට "හිමි"කියන් වචනය එහෙම කියන්න බැහැ. එකයි මම කිව්වේ ගරුත්වය හඟවන වචනයක් කියල.
    "හිමි" කියන වචනය තනියම කිව්වොත් එයින් හැඟවෙන්නේ "අයිතිය".
     
    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    එහෙනම් ජාතික ගීය ලියපු ආනන්ද සමරකෝන් මහත්තයටත් වැරදිලා වගේ නේද? හැම ශ්‍රී ලාංකිකයෙක්ටම ජාතික ගීය කියද්දී "නමෝ නමෝ මාතා" කියන්න වෙනවනේ ඉතින්. ඔයාගේ පැහැදිලි කිරීමට ස්තුතියි. නමුත් සාමාන්‍ය භාවිතයේදී මිනිස්සු නමෝ කියන වචනය භාවිතා කරන්නේ "නමස්කාර වේවා" කියන තේරුම අදහස් කරගෙන. ඒකෙන් බුද්ධ දර්ශනයට හානියක් කරන්න හිතාගෙන නෙවෙයි. බොහොමයක් ගාථා වල නමෝ වචනය පැහැදිළි කරන්න යොදාගෙන තියෙන්නේ "නමස්කාරය වේවා" කියන තේරුම. ඒ අදහසින් තමයි අනිත් ආගම් වල අයත් ඒ වචනය තමන්ගේ ආගමට අදාල කරගන්න ඇත්තේ. වචනයක් භාවිතා කරපු පලියට බුද්ධාගම විනාස වෙන්නේ නැහැ. ඒක විනාස කරන්නේ බුදු හාමුදුරුවන්ගේ දර්ශනයේ නියම අර්ථය වටහා නොගත්ත, උප්පැන්න සහතිකේ විතරක් ආගම බුද්ධාගම උනු, අනිත් මිනිස්සුන්ගේ හිත් වලටත් වෛරය ඉර්ෂ්‍යාව බීජ වපුරන, බුද්ධ දර්ශනයේ මූලික හරයවත් තේරුම් නොදැන බුදු දහම රැකගන්න කෑ ගහන සමහරක් තමයි. දර්ශනයක රැක ගන්න දෙයක් නැහැ. නීති රීති නැහැ. එතන තියෙන්නේ බුද්ධිමත් මිනිහෙක්ට හීන් සීරුවේ අවබෝධ කරගන්න පුළුවන් දෙයක්. වෙනත් ආගමක උනත් මොලේ තියන මිනිහෙක්ට තේරුම් ගන්න පුළුවන් දෙයක්. එහෙම නම් නැකත් විශ්වාස සියල්ලම බුද්ධ දේශනාවෙන් බැහැර කරපු දේවල්. තෙරුවන් සරණ ගිය කෙනාට අන් සරණක් අවශ්‍ය නැහැ. එහෙම කෙනා වචනෙක වෙනසකට සැලෙන්නේ නැහැ.

    ඛුද්දක නිකායේ යුත්ත නිපාතයේ මහා නිද්දේස පාලියේ ඒ සම්බන්ධ බුදු වදනක් සඳහන් වෙනවා. මෙන්න මෙහෙම.
    “නැකැත් කියන්නෝ නැකත් දක්වති. නැකැත් විසි අටෙකි. මේ නැකැතින් ගෙට ගෙවදීම කළ යුතුය. මේ නැකැතින් කිරුළු පැළඳීම කළ යුතුය. මේ නැකැතින් ආවාහ විවාහ කළ යුතුය. මේ නැකැතින් බිජ වැපිරීම පැළ සිටුවීම් කළ යුතුය. මේ නැකැතින් සංවාසයේ යෙදිය යුතුය. ආදී වශයෙන් නැකැත් කියන්නෝ නැකැත් දක්වති. එහෙත් තෙරුවන කෙරෙහි අචල විශ්වාසය දරන්නෝ මේවා සේවනය නොකරති.”
    http://www.lakbima.lk/index.php?opt...-46-58&catid=48:2012-04-02-08-50-52&Itemid=75
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0

    :yes::yes:
     
    wishver

    Junior member
  • Feb 25, 2008
    169
    10
    18
    ආගම් බෙධ අති කරන්න එපා යාලු...

    ආගම් බෙධ අති කරන්න එපා යාලු... දෙන් වත් සමගියෙන් ඉන්න බලපන්. ලොකයම සින්හල කියනකොට ගනන් ගන්නෙනැ. තවත් පල්හයාට දන්න එපා.. තමනගෙ වාසියට. :no:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    නැකැත් රාල;17740439 said:
    උඹලා ඇයි බන් අපේ ආගම සම්භන්ධ වචන උඹලගේ ආගම සම්භන්ධ දේට පාවිච්චි කරන්නේ. දිනක් මම මගේ අන්‍යාගමික මිතුරෙක්ගෙන් ඇසීමි. ඒක මාර මගුලක්නේ සිංහල වචන අපිටත් පාවිච්චි කරන්න අයිතියක් තියනවා... මගේ රතු කට්ට පැන්නේ මෙවේලේය. ඒවා ලස්සන නිසා පාවිච්චි කරනවා හෝ වෙන යමක් කිවා නම් මට කේන්තියන්නේ නැත. නමුත් අයිතිවාසිකම් කීම නිසා මට ඔහු ගැන මහත් අපුලක් දැනිනි.

    එතකොට නමෝ කියන වචනේ සිංහලද? මම ඇසීමි. නැතුව නමෝ කියන්නේ නමස්කාර කරනවා කියන එක. නොදන්න මගුල් කියවන්න එපා පොල් බූරුවෝ දන්නේ නැත්තන් අහගනින් කියා මා මිතුරාට නමෝ යන්නෙහි අර්ථය පෙන්වා දුන්නෙමි.. නිකන් ආගම්වාද ඇති කරන්න එපා බන් ඔහු මට කියා ලෙස්සා ගියේය. කතෝලික සහෝදරයන් මුසල්මානුවන් ආගම ඇදහීම නම් මට කොහෙත්ම ගැටලුවක් නැත.. නමුත් බෞද්ධ අපට සංවේදී දෑ විකෘති කිරීම හා සමහර වචන හා සංකේත භාවිතයට නුසුදුසු තැන්වලදී භාවිතා කිරීම සිත රිදවන කාරනයකි.

    මාගේ සියලූම මිතුරන්ගෙ දැන ගැනීම පිනිස නමෝ යන වචනය විග්‍රහ කරමි (නමස්කාරයේ සෑම වචනයකටම මෙවැනි අර්ථයක් ඇත, දැනගැනීමට කුකුසක් ඇති අය වේ නම් වෙනම ලිපියකින් කියා දිය හැක).

    නමෝ යන වචනය සිංහල වචනයක් නොවේ. එය පාලි වචනයකි එය භාවිතා කිරීමට පෙර එහි අර්ථය දැනගැනීම වඩා යහපත්ය. නමෝ යන වචනය මුලින්ම සඳහන් කළේ සාතාගිරි යක්‍ෂයා විසිනි. දිනක් මොහු යක්‍ෂ සමාගමට යෑමට අහසින් ගමන් කරන අතර ජය ශ්‍රී මහා බෝධිය උඩින් යෑමට පිටත් විය. එහෙත් බුදුරජාණන් වහන්සේට ඉහළින් කිසිම අයෙකුට මේ ලෝකයේ ගමන් කළ නොහැකිය. එය ධර්මතාවයකි. මේ අනුව යක්‍ෂයා තුන් වතාවක් උත්සාහ කළද නොහැකි විය. අනතුරුව බෝධි මූලයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේ මෝක්ෂය අවබෝධ කල සම්මා සම්බුදු රජානන් වහන්සේ බව දැන ‘නමෝ’ කියා වන්දනා කළහ. නරකයෙන් මුදවාගන්නා යන වාක්‍යයෙන් "න" ශබ්ධයද මෝක්ෂය හෙවත් නිවන වෙත පමුනුවන යන්නෙන් "මෝ" ශබ්ධයද ගෙන නමෝ ලෙසින් වන්දනා කලේය.

    ඉතින් "නමෝ" යන වචනයෙන් හුදෙක් නමස්කාර කල හැක්කේ නිර්වානයට මග පෙන්වන මහා උතුමෙකුට පමනය. දෙවි කෙනෙක්ටවත් නමෝ කියා වන්දනා කල නොහැක. මන්ද නිර්වානය හා දේවත්වය යනු අහසට පොලව මෙන් වෙනස් දෙයකි. ඉතින් ඔබත් කල්පනා කර බලන්න මේ වැනි වැරදි ඔබට අනන්තවත් හමුවනු ඇත. අන්‍යාගමික මිතුරන්ට කිව යුත්තේ මේ ලෙස වචන සංකේත භාවිතයෙන් සිදුවන්නේ අපගේ සිත් රිදීමක් මිස ආගමික සහජීවනය වර්ධනය වීමක් නම් නොවේ.

    Very Good explanation.

    Boho pin __/\__
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    නැකැත් රාල;17740580 said:
    ඕකට උත්තරේ මෙහෙම දෙන්නම්කෝ

    සමන්තා චක්ක වාලේසූ – අත්ත්‍රා ගච්චන්ත්තු දේවතා
    සද්ධම්මං මුනිරාජ්ස්ස – සුනන්ත්තු සග්ග මොක්ඛදං
    පරිත්තස්සවන කාලෝ – අයං බදන්තා
    පරිත්තස්සවන කාලෝ – අයං බදන්තා
    පරිත්ත ධම්මස්සවන කාලෝ – අයං බදන්තා

    හාත්පස සක්වල සිටිනා පින් කැමති දෙවියෝ
    අප මුනිරජුන්ගේ සඳහම් අසනු රිසියෙන්
    මෙහි පැමිනෙත්වා.
    ස්වර්ග මෝක්ෂ සුව පිණිස හොඳින් අසත්වා
    මේ එයට සුදුසු කාලයයි

    Saadu Saadu Saadu __/\__
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අහෝ නැකත් රාලේ.. මෝඩකම මෙහෙම වෙන්දේසියේ දාන්න එපා..

    ලොක්කා උඹ හරි බෞද්ධයෙක් නම් සන්තොසවෙන්න ඕන අන්‍යාගමිකයෙක් අපේ බෞද්ධ වචනයක් කියනවට. උඹ හරි බෞද්ධයෙක් නම් කලයුත්තේ අන්යාගමිකයින්ගේ මිත්‍යාදෘෂ්ටිය නැති කරන්න උත්සහ ගැනීමයි. උඹ කොයි තරම් මුලාවේ වැටිලද කියනවනම් බෞද්ධ වචනයක් අන්‍යාගමිකයෙක් පාවිච්චි කරොත් හිත රිදෙනවලු. බුදුරජානන් වහන්සේ දේශනා කරපු දර්ශනය හරි හැටි අවබෝධයක් නැතුව ගොන් කතා කියවල බෞද්ධයෝ තිරිසන්නු ගානට ලෝකෙට පෙන්නන්න එපා..
     
    You have a point too .....

    But someone has to say something when the other ; in this instance uses a word in wrong manner without knowing the meaning.