Cruise Control කියන්නේ මචන් දැනට අවුරුදු දහයකට දොළහකට විතර කලින් වාහන වලට ආපු option එකක්. වාහනේ එකම වේගෙකින් ධාවනය කරන්න පුළුවන් හයිවේ එකක හෝ traffic නැති පාරක යන වෙලාවට මේ Cruise Control ස්විච් එක දැම්මාම accelerator එක පාගන් ඉන්නේ නැතුව accelerator එකෙන් කකුල අරගෙන steering wheel එක විතරක් අතින් control කරගෙන යන්න පුළුවන්. වාහනේ තියන පරිඝනකයෙන් වාහනේ වේගය ස්ථායීව තියාගන්නවා. බ්රේක් එකට කකුල තියපු ගමන් Cruise Control off වෙනවා. මේ රටවල් හුඟක් ලොකු හින්ද ගමනක් යනකොට හැතැක්ම සිය ගණන් එක දිගට එකම පාරේ යන්න වෙනවා. එතකොට මේ Cruise Control එක දෙයියෙක් වගේ. මම එතන දාල තිබ්බ පින්තුරේ රවුම් කරලා තියෙන්නේ Cruise Control switch එකයි ඒක on උනාම පත්තුවෙන ලයිට් එකයි.