මමත් මහින්දට දෙපාරක් ඡන්දෙ දීපු කෙනෙක්. මහින්දගෙ හොඳ වැඩ වලට සතුටු උනා වගේම නරක වැඩ වලට දුක් වෙච්ච කෙනෙක්. වැදගත්ම දේ තමයි මහින්දලා උඩින් පෙන්නගෙන ඉන්න දේ නෙවෙයි යටින් කරන්නෙ කියන එක ගැන හොඳ අවබෝධයකින් හිටපු කෙනෙක්. ඒ නිසයි මහින්දගෙ වශියට අපි අහු උනේ නැත්තෙ. නැත්නම් 2015ත් මහින්දටමයි දෙන්නෙ. 2015 මහින්දට නොදුන්නෙ මෛත්‍රීගෙයි රනිල්ගෙයි තිබ්බ හොඳකටම නෙවේ. ඔය ව්ලොග් කාරයා ලංකාවට ආවයි කියලා ඌව මරන්න තරම් එවුන් ලංකාවේ දැන් නෑ බන්. එහෙම නිවුස් එකක් අපි කාලෙකින් දැක්කෙත් නෑ. ඌ එහේ සැප විඳින ගමන් ගහන ගේමක් යන්නෙ. මේක එස් එල් ව්ලොග් එකා තනියම ගහන ගේමක් නෙවේ යන්නෙ යූපීඑෆ් ඒ පේජ් එකේ එකයි මාධ්‍යවේදියා එකේ එකයි වගේ තව පේජ් හෙන සෙට් එකක් එකතු වෙලා ඉන්නවා. මුන් මේ වටේටම ගහන්නෙ අපේ ඇස් පාදන්න නෙවේ. මුන්ට මුන්ගෙම ප්‍රොපගැන්ඩා එකක් තියෙනවා. ඉතින් මුන් කැමතියි මහින්දගෙන්/රනිල්ගෙන්/මෛත්‍රීගෙන්/ අනුරගෙන් අන්ධ වෙච්ච උන්ගෙ ඇස් පාදලා උන්ගෙ ලෙන්ස් දෙකක් ඇස් දෙකට දාන්න. එතකොට අපි ලෝකය දකින්නෙ උන් පොරවල් කියන මානසිකත්වයෙන්. ඊට පස්සෙ උන් කියන හැමදේටම එහෙයි තමා. ඊට එහා වචනයක් උන්ට නෑ. ඒක තමයි වහල් මානසිකත්වය. ඉතින් මම නම් කියන්න උබට, උබ මහින්දට රැවටුන වලේ මූට රැවටෙන්න එපා.
මට තේරුම් ගිය දේවල් ටිකක් කියන්නම්.
දේශපාලනයෙ තෙම්පරාදු නොවුන කෙනෙක්ට කවදාවත් රටේ නායක කම දෙන්න එපා. මේ වගේ කරප්ශන් ගැන කතා කරලා විතරක් මදි. රටේ නායකයෙක් කියන්නෙ හතර වටෙන්ම හතුරො. දේශපාලන නායකයින්ගෙන් හතුරුකම් තියෙනවා. මිත්‍ර වේශයෙන් ඉන්න සතුරො වගේ නානප්‍රකාර ගේම් කාරයොන්ගෙ ගොදුරක්. ඉතින් ඒ වගේ දේවල් වලට මුහුන දෙන්න දේශපාලනයෙන් තෙම්පරාදු නොවුන කෙනෙකුට මිසක් වෙන කෙනෙකුට බෑ. ඒවා අවබෝධ කරගෙන කල්තියා පාලනය නොකරොත්, රට කරන්නෙ වෙන වෙන එවුන්. එහෙම උනොත් රටටමයි පාඩුව. මේ හැම දේශපාලන පක්ශයක් ඇතුලෙම ඉන්නවා හොඳ සුදුසුකම් තියෙන අය. හැබැයි උන්ට අවස්ථාවක් දෙන්නෙ නෑ. ඒකට අපි ඉදිරිපත් වෙන්න ඕනේ.
කවදාවත් නීතිය ඉගෙනගත්තු කෙනෙක්ව රටේ නායකයා තියා පලාත් සභාවකට වත් යවන්න එපා. මොකද මුන් ඉගෙන ගන්නෙ ඇත්ත කතා කරන්න නෙවේ. මුන් ඉගෙන ගන්නෙ වාසිය පැත්තට කතා කරන්න. ඒකනෙ ඕනම හොරෙක්ට මිනීමරුවෙක්ට ස්ත්‍රී/ළමා දූශකයෙක්ටත් ලෝයර් කෙනෙක් ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ.
පියාගෙන් පුතාට/දූට පා.මේ ප.සා ප්‍රා.ස වලට යවන්න එපා. රටේ නායක කම කවදාවත් යන්න දෙන්න එපා. ලොකු විනාශයක් වෙන්නෙ. චන්ද්‍රිකා ගියේ ඒ පාරේ. හැබැයි එයාට එතනට එන්න පාවඩ එලන්න තාත්තා හිටියෙ නෑ. අම්මගෙන් කිසිම උදව්වක් ලැබුනෙත් නෑ. ලොකු ෆයිට් එකක් කරලා ආවේ. සජිත් යන්නෙත් ඒ පාරේ. ඉස්සර මාත් හිතන් හිටියෙ සජිත්ට සුදුසුකම් තියෙනව කියලා. ඒත් දැන් මට හිතෙනවා එකම පවුලකට දෙපාරක් නොදිය යුතුයි කියලා. අනික ප්‍රේමදාස කියන්නෙ හොඳ මිනිහෙක් නෙවේ. අනිත් එකා තමයි නාමල්. මහින්ද එදත් වැඩ කරේ නාමල් වෙනුවෙන්. අද වැඩ කරන්නෙත් නාමල්ගෙ ජනාධිපතිකම වෙනුවෙන්. මෙක තමයි භයානකම තත්වය. මොකද චන්ද්‍රිකාලට සජිත්ලට තාත්තලා හිටියෙ නෑ උදව්වට. අද නාමල්ට තාත්තා ඉන්නවා. ඕක අද මහින්දට කඩේ යන මොකෙක්ට වත් තේරෙන්නෙ නෑ. 2015 මහින්ද දිනුවනම් 2025 නාමල් එන එක නවත්තන්න බැරුව තිබුන දෙයක්. ඒත් දැන් ඒක වෙනස් උනා. හැබැයි තාමත් මහින්දට කඩේ යන අය තේරුම් ගෙන නැති දෙයක් තමයි මේ විනාශය.





ice gahili kappam pathale scenes nuth iwarai


