බලන් ඉඳලා මේ බැරිම තැන ලියන්නේ.. මොකද්ද බන් දැන් මේකේ තේරුම.. හැම තැනම ගෝටා ගූ හෝම් ගෑවට බලපන් ඌ පුකෙන්වත් ගනන් ගත්තේ නෑ.. යහමින් වැජඹෙනවා.. හා හා පුරා කියලා, මාත් කික් එකේ ගේමේ හිටියේ මිරිහාන වට කලාම... ආසාවෙන් ලයිව් එක බැලුවා එළි වෙනකන්.. දැන් කුදලන් එයි.. දැන් කුදලන් එයි වගේ හිටියේ.. ජීවිතේ එදා වගේ ආතල් එකක් විංදේ නෑ.. එදා ඉඳන් ගැම්මෙන් වැඩ කලා.. හෑෂ් ටැග් ගැහුවා.. පේජ් වලට ලයික් දුන්නා.. එකක් බ්ලොක් කලාම අනෙක් ඒවට අත හිත දුන්නා.. ප්‍රොපයිල් පික් කළු කොඩි දැම්මා.. බැරිම තැන සිංහ කොඩිය දැම්මා.. ගැම්මෙන් අප්‍රේල් 3 වැඩේට සෙට් උනා පෝස්ටර් ඇන්දා.. ඇඳිරි නීතිය දැම්මා, වැඩේ අල උනා.. 4 සමහරු බැස්සා.. රොසාන් මහානාමත් බැස්සා.. පොෂ් යැයි කියා ගන්නා කළාකරුවෝ සැන්ගීලා බැස්සා.. සිහානුත් වොයිස් කට් දුන්නා.. බැරිම තැන මලපොතේ අකුරක් නොදන්න එනෝනිමස්ට හෑෂ් ටැග් ගැහුවා..දුක් අඳෝනාව කිව්වා.. නාකි මයිනගේ එකවුන්ට්ස් හැක් කරලා දෙන්න කිව්වා.. ම්ම්හ්හ්.. බඩු වැඩ නෑ.. පේරාත් බැස්සුවා, ජපුරත් ආවා.. සන්නගේ කතාවත් ඇහුවා.. ලෝයර්ස්ලගේ ගැම්මත් බැලුවා.. පොලීසියෙත් ජෝගී බැලුවා.. මන්ත්‍රීලට ගැහුවා.. ගෙවල් ගිනිබත් කලා.. පණ යනකන් පේජ් ඉල්ලන හෑස් ටැග් ගැහුවා උඩ පැනගෙන.. පාර්ලිමේන්තුව රැස් උනා.. උන්ගේ විගඩම් බැලුවා.. අන්තිමේ ගෝල් පේසුත් ගියා.. හ්ම්ම්ම්ම්ම්....
දැන් මොකද්ද කරන්නේ කියපන්කෝ ?????
නායකත්වයක් නැති අරගලයක් නේද.....
එදා පාස්කු ප්‍රහාරේ 225 ම එපා කියපු මහා හෙළ කැරි සිංහළු, යස අගේට පිල් බෙදිලා චන්දේ කලේ.. මේකත් ඔච්චරයි බන්... කාලෙත් එක්ක ඔක්කොම යට යනවා.. වෙනස් වෙනවා.. ඒ මොහොතේ කට්ට කාගේන ඉවසන් හිටියටම මිනිස්සුන්ට නිකන්ම අමතක වෙලා යනවා.. ඒකයි ගෝඨත් කරන්නේ.. අද මේ දුක් වින්ඳට බලපන්කෝ ඡන්දයක් ලංවෙලා...
පළි: එරෝසාන් උඩ පැනීමෙන් වළකින්න.! සුරාන්තයට ලක්වීමෙන්ද වළකින්න!