නැන්දම්මා විරෝදී සංගමය

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18338434 said:
    ප්‍රියාදර හිතවතුනි... ඔන්න කතාව අහගනිල්ලකෝ.. ඊට පස්සේ ඇනලයිස් කරපන්

    මෙහෙමයි අපේ නැන්දම්මගෙයි මාමන්ඩියගෙයි ජීවිත කතාව(අම්මා තාත්තා ලෙස නම් කරලා කතාව කියන්නම් ). බැදලා තියෙන්නේ ප්‍රපෝසල් එකකින්. දෙන්නම විශ්වවිද්‍යාල උපාදිදාරීන්. ඒත් අම්මා තමන්ගේ රැකියාව කරන් ඉන්න කෙනෙක්. තාත්තා ජීවිතෙන් 50%ක් දේශපාලනේ 50%ක් බිස්නස් කරන කෙනෙක්. රැකියාව මායිම් කරනවද නැද්ද දන්නේ නෑ. බුවා උදේට කිට මරපු ගමන් රෑ වෙනකන් එහෙමම තමා. හෙන සැරයි. කෙලින්ම හමුදා පාලනේ. බල්ලත් මෑන්ස්ව දැක්කහම ඔලුව පාත්කරන් මග අරින තත්වයක් තියෙන්නේ:lol:. ඔන්න කුකුලනේ දවසක් මම ඉන්න ගමන් වැක්ස් එකක් තිබිලා වයිපරෙයි මමයි එකතුවෙලා වයිපරේ වැක්ස් කලා, දන්නවනේ ඉතින් මුන් පෝර්ශේ එකක් මේන්ටේන් කරනවට හපන්නේ:lol:. ඔන්න එදා හවස අම්ම එක්ක කතා කරනකොට මම නිකමට කිව්ව ඔන්න අම්මේ දැන් මයිල් ගලවන්න වෙලත් තියෙන්නේ මටයි කියලා:eek::eek:. එදා අපි දෙන්නා දිහා බලන් අම්ම කිව්ව තාත්තනම් කවදාවත් ඔලුවවත් පීරලා දීලා නෑ කියල. ඉතින් අම්ම හෙන බයෙන් තමා ජීවිතේ ගෙවල තියෙන්නේ. දෙන්නා දෙමහල්ලෝ හෙන රෙස්පට් පිට සර් මැඩම් කියාගෙන ජීවත් වෙන්න ඇති. මායි වයිෆුයි යාලුවෝ වගේ ඉන්නේ. වෙඩිමකට ගියත් වයිපරේ අරන් යන්නේ ශොට් එකක් දැම්මහම එලවන්න පුලුවන් නිසා. ඕන පිස්සුවක් කෙලියහැකි. පන්සල් යමන් කිව්වොත් පන්සල් ක්ලබ් එකකට යමන් කිව්වොත් ක්ලබ් (ලංකාවේ නම් ජීවිතේට ක්ලබ් යන්නේ නෑ ). අද රෑට හොද හෝටලේකින් කමු කිව්වොත් හෝටලෙන්, නොකා නිදියමු කිව්වොත් නොකා නිදියනවා. අනිත් කාරනාව තමා අපි කවදාවත් වෙන වෙනම වියදම් කරන්නේ නෑ. ගෙදර වියදම් සියල්ල වයිෆ්ගේ අතින් වෙන්නේ. මම ඕක කරන්න ගියොත් දෙල් තමා ඉතින්. බැන්ද දවසේ ඉදන් අද වෙනකන් ෆික්ස් ඩිපෝසිට් එකක් දැම්මත් වයිටයි මටයි දෙන්නටම හව්ලේ දාන්නේ. වයිෆ්ටයි මටයි කියලා වෙන වෙනම කිසිමම දෙයක් නෑ. අන්න ඒකට අම්මා බයයි.ඒක වෙන්නේ මෙහෙමයි, ඒත් මාමන්ඩියගෙයි නැන්දම්මගෙයි සීන් එක වෙනස්. ගෙදර වැඩකරන උන්ට පඩි ගෙවන තැන සිට සියල්ල මාමන්ඩියා කරන්නේ. අම්මට හම්බ වෙන සල්ලි වලින් තමා අම්මගේ අමතර වියදම් කරන්නේ. උදාහරනෙකට අපි හිතමු මොකෙක් හරි ලගම නෑයෙක්ට ටිකක් වටිනා කියන දෙයක් දෙන්න උනා කියල. අම්මට ගට්ස් නෑ තාත්තට කියන්න. ඉතින් සදාගල් ගෙවල තියෙන්නේ නිකන් එල්එච් 30ක කතරගම යනවා වගේ කොයිවෙලේද කියල ශුවර් නෑ නෑ වගේ ජීවිතයක්. අන්න ඒ රාමුවෙන තමා වයිෆ් ගැනත් නැන්දම්මා බලන්නේ. නැන්දම්මා හෙන ගේමක් දෙනවා වයිෆ්ට ස්වාදීන ජීවිතයක් ගොඩනගන්න

    ඉතින් හැම උට්ටම හොයනවා

    අනිත් පැත්තෙන් මට මාර ආදරෙයි.. ඕනෑම දේකට උදව් කරන්න ලෑස්තියි.. ඈඩියාව තමයි අව්ල

    ඔව්වා ගනන් නොගෙන දෙන්නත් එක්ක ඔය ඉන්න විදියටම වැඩ ටික කරන් යන්න අයියේ... ඕව ගැන හිතන්නවත් කාලය නාස්තිකරන්න එපා කියලයි මංනම් කියන්නේ...:)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව්වා ගනන් නොගෙන දෙන්නත් එක්ක ඔය ඉන්න විදියටම වැඩ ටික කරන් යන්න අයියේ... ඕව ගැන හිතන්නවත් කාලය නාස්තිකරන්න එපා කියලයි මංනම් කියන්නේ...:)

    මමත් හිතන්නේ මගේ උගත් මිත්‍රයා ඕව ගැන ඕනවට වඩා හිතනව කියලා. ඇත්තටම මූට ලැබිල තියන්නේ හොද නැන්දම්මෙක්. මුගේ යටි සිතේ තියන මොකක්දෝ සීන් එකක් නිසයි නැන්දම්ම මූට අල්ලන්නේනැත්තේ.
    ඒ නිසා දැන්වත් මේ ත්‍රෙඩ් එක ක්ලොස් කරලා වාහන ගැන මොනවහරි කතා කරන්න වරෙං. නැත්තං මොකක්ද බං මේ චීත්තයක් අල්ල ගත්ත වගේනේ. උඹ යකඩයෙක් නේද :eek:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැත්තං පෙට්‍රල් ලෑන්ඩ් කෘසරේකිං කතරගම ගියා වගේ කියලා දාපං..
    කොයි වෙලේ මගද දන්නෑ නේ.. තෙල් නැති වෙලා :sorry:

    ඩබල් ටෑන්ක් බන්.. කලා වැවෙන් භාගයක් ගැහුවහැකි ඒ මගුලට:eek::eek:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව්වා ගනන් නොගෙන දෙන්නත් එක්ක ඔය ඉන්න විදියටම වැඩ ටික කරන් යන්න අයියේ... ඕව ගැන හිතන්නවත් කාලය නාස්තිකරන්න එපා කියලයි මංනම් කියන්නේ...:)

    හ්ම්ම්.. එකත් ඇත්ත..

    මමත් හිතන්නේ මගේ උගත් මිත්‍රයා ඕව ගැන ඕනවට වඩා හිතනව කියලා. ඇත්තටම මූට ලැබිල තියන්නේ හොද නැන්දම්මෙක්. මුගේ යටි සිතේ තියන මොකක්දෝ සීන් එකක් නිසයි නැන්දම්ම මූට අල්ලන්නේනැත්තේ.
    ඒ නිසා දැන්වත් මේ ත්‍රෙඩ් එක ක්ලොස් කරලා වාහන ගැන මොනවහරි කතා කරන්න වරෙං. නැත්තං මොකක්ද බං මේ චීත්තයක් අල්ල ගත්ත වගේනේ. උඹ යකඩයෙක් නේද :eek:

    මුගේ යටි සිතේ තියන මොකක්දෝ සීන් එකක් නිසයි නැන්දම්ම මූට අල්ලන්නේනැත්තේ. - යම් සත්‍යතාවක් ඇත:yes::yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රත්තරං;18332771 said:
    55ක් විතර මගෙ හිතේ:rolleyes::rolleyes:

    මගේ කරුමේ අනුවනම් 95ක් 100ක් වෙනකන් ගොරොක් අත්ත වගේ වේලි වේලි ඉදී..:oo::oo::oo:

    කොහොම උනත් මම මලාට පස්සේ තමා මැරෙන්නේ.. ඒක ශුවර්:(:(:(

    මචං රත්තරන්... ඊයෙ පිටු 30 ක් කියවලා මාර්ක් කරල අද එතන ඉඳන් පටන් ගත්තා... උඹේ සුමධුර රචනා කෞශල්‍ය දැක්කාම හිතෙනවා පොතක් දෙකක් ලිව්වනම් හොඳ නද්ද කියලා... මල් පොත් නෙවි.. යකඩ පොතුත් නෙවි...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕකට සරලම සහ පහසුම විසඳුම තමයි "එකඟ වී එකඟ නොවීමේ න්‍යාය" අ............එජිම මිස් කරනවානම් ටියුන් කරලා ස්ටාර්ට් කරන්න බැහැ බන්.. මිස් එක පිටින්ම ස්ටාර්ට් කරලා එහෙමම දුවන්න ඇරලා තමයි හෙමින් සැරේ ටියුන් කරගන්න ඕන..
    ..

    :eek::baffled:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඔකේ තව පැත්තක් තියෙනවා. නැදයින්ගෙන් (නැන්දම්මා ඇතුළුව) ගොඩක් දේවල් කතා කරනවනේ. අපි කරන වැරද්දක් තමයි ඒවායින් ගත යුතු දේ අරගෙන ඉවත්දමන්න ඕන දේවල් අයින් නොකරන එක. මම කරන්නේ අම්ම කිව්වත් එක පවුලේ සමගියට හානිකර නම්,වැරදි කියල හිතනවානම් අයින් කරලා දන එක. හාමිනේ නම් ගෙදරින් කියන්නේ මොකද්ද එක හරි දේ කියල බෝහෝ විට නිගමනය කරනවා. ඒ නිසා හාමිනේ "හදාගන්න" එක තමයි විසදුම. හැබැයි එක ලේසි නැහැ.

     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම නම් තාම ගැටගහගත්තේ නැ එත් දැන් ඉදලාම ලෙඩ දානවා බන් වෙලාවකට
    හිතුනොත් නැන්දම්මාටම දුව තියාගන්න කියලා නිකන් ඉන්නවා
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    :eek::eek:
    5.gif
    මං මේකට විරුද්දයි..
    වහාම ඉල්ලා අස් කර ගනිවු :sorry:
    2.gif

    kshanika wedanawa :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචං රත්තරන්... ඊයෙ පිටු 30 ක් කියවලා මාර්ක් කරල අද එතන ඉඳන් පටන් ගත්තා... උඹේ සුමධුර රචනා කෞශල්‍ය දැක්කාම හිතෙනවා පොතක් දෙකක් ලිව්වනම් හොඳ නද්ද කියලා... මල් පොත් නෙවි.. යකඩ පොතුත් නෙවි...

    කියපු එක තේරුනේ නෑනේ බන්:eek:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැන්දම්මා ගෙදර ඇවිල්ලා.......
    මට අලුතින් "ටොපි" ගෙනවිල්ලා......
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    නැන්දම්මට දොස් කියන්න යන්න එපා..බලන්න අද සමාජේ වෙන දේවල් එක්ක බැලුවම ඔච්චර ලස්සනට දුවෙක් හැදුවා ඔයාට බඳින්න..ඒ අම්මා පස්සෙන්ම හිටපු නිසානේ ඔයාගේ වයිෆ් ඔහොම හොඳට වැදගත් විදිහට ඉන්නේ..අම්මා වැරදි කලානන් ඒ අඩිපාරේ තමයි ගොඩක් වෙලාවට දුවත් යන්නේ..අපි අදටත් හොඳින් ජීවත් වෙන්නේ අපේ අම්මලා අපි පස්සෙන්ම හිටපු නිසා..මොකද අපිට වැරදි කරන්න අවස්ථාවක් ලැබුනේ නෑ..අම්මා කරදරයක් කියලා වෙලාවකට හිතුනත් අද කාලේ කෙල්ලන්ට වෙන දේවල් දැක්කම අපේ අම්මලා බුදුන් දැක නිවන් දකින්න ඕනේ අපිව ආරක්ෂා කලාට..මම හිතන්නේ ඔයාගේ වයිෆ්ගේ අම්මත් දුවගේ පස්සෙන්ම හිටපු කෙනෙක් වෙන්නැති..එයාටත් දරුවන්ට වඩා වෙන ජීවිතයක් තියෙන්න නෑ...ඒක නිසා බන්ඳලා දුන්නා කියලා තාම ඒ පුරුද්ද අතඇරගන්න බැරුව ඇති..ඒ නිසා එයා ගැන මානුෂිකව හිතලා ටිකක් කල් දෙන්න එයාට...අනික නැන්දම්මගේ අගය දැනෙන්නේ දෙන්නා තුන්දෙනා,තුන්දෙනා හතර දෙනා වෙච්ච කාලෙක..:Dසල්ලි වලට වැඩට අය ගන්න පුලුවන් තමයි..ඒත් තමන්ගේ දරුවෝ වගේ සැලකිල්ලෙන් ආදරෙන් හදන්නෙනෑ වෙන කිසිම කෙනෙක්..හදිස්සිවෙලා කලබල වෙලා බනින්න යන්න එපා..මොකද එලියට දාන වචන ආපහු ගන්න බෑ කවදාවත්..දවසක ඒ මිනිස්සු මැරෙනකන්ම ඔය සම්බන්ධකම් තියාගන්න එපැයි..:yes::yes::yes:

    මගේ නැන්දම්මා ගැන කිව්වොත් වෙලාවකට මගේ අම්මට වඩා හොඳයි...:love:ඇත්තට්ම මගේ මහත්තයට තමයි එයාගේ අම්මා එක්ක ඉන්න බැරි...ඒ දෙන්නා එකට හිටියොත් වලි තමයි ඉතින්..:rofl:මගේ නැන්දම්මට පුත්තුම 4ක් විතරයි ඉන්නේ..4දෙනාම කසාද බැඳලා හොඳ ජීවිත ගත කලත් අම්මා(නැන්දම්මා) ඒ කිසිකෙනෙක්ගේ ගෙදරක එක රැයක් ඉන්නේ නෑ..:dull:මගේ නැන්දම්මා මටනන් ලොකු ශක්තියක්...ඕනේ වෙලාවක ඕනේ තැනක මට කිසිම බයක් සැකක් නැතුව මගේ දරුවෝ දාලා ගිහින් එන්න පුලුවන්..:Dඅනික මගේ දරුවන්ට මගේ ඇස් වලින් බේරිලා දෙයක් කරන්න හැදුවත් අම්මගේ ඇස් වලින් බේරෙනවා බොරු...:lol:මගේ නැන්දම්මා ගොඩක් උගත් කෙනෙක් නෙමෙයි,බොහොම සාමාන්‍ය ගෘහනියක්...:)ඒත් හොඳම වැඩේ කියන්නේ අපි එයාට නොතේරෙන්න සමහරවෙලාවට ඉන්ග්‍රීසියෙන් මොනා හරි කිව්වත් එයා ගානට අහනවා මේක නේද කිව්වේ ඔයාලා කියලා...:rofl:මම බැඳ දවසේ ඉඳන් මා එක්කමයි හිටියේ ඒ අම්මා...දවසක එයා එකතැන් වෙච්ච කාලෙක කවමදාවත් අහක බලන්නෑ මම ජීවත්ව හිටියොත්..මගේ දරුවෝ දෙන්නටත් මම කියලා තියෙන්නේ...because she really deserves it..:):):)

    :cool::cool::cool::cool: how cool that