රොෂාන් රවීන්ද්‍ර, ස්ටීව්, කෞශල්‍යා සහ සුරංගාට ප්‍රබල චරිත
ආන්දෝලනාත්මක වෛද්‍යවරයකු හා තරුණියක වටා ගෙතෙන ප්‍රබල කතාවක්
සුළඟ එනු පිණිස චිත්‍රපටය හදා ජාත්‍යන්තර කීර්තියට පත් විමුක්ති ජයසුන්දර සිය තෙවැනි සිනමා නිර්මාණයට අත ගසා තිබේ.
විමුක්ති වෙනුවෙන් මේ දැවැන්ත සිනමා කෘතිය නිපදවන්නේ වාණිජ චිත්‍රපට අතර බෙහෙවින් ජනපි‍්‍රය තරුණ නිෂ්පාදකවරයකු වූ ජනිත මාරසිංහයි.
තවමත් නමක් තබා නැති මෙම දැවැන්ත සිනමා පටය ආන්දෝලනාත්මක වෛද්‍යවරයකුගේ ජීවන රටාව වටා ගෙතෙන කතාන්දරයක් අළලා තැනෙයි.
තරුණ පරපුරේ අතිදක්‍ෂ නළු නිළි යුවලක් වන රොෂාන් රවීන්ද්‍ර සමඟ කෞශල්‍යා ප්‍රනාන්දු මෙහි ප්‍රබල චරිත දෙකකට පණ පොවයි. රොෂාන් එහි වෛද්‍යවරයකුගේ රියදුරකු වෙයි. කෞශල්‍යා ජීවත් වෙන්නට වෙරදරන ගැහැනියකගේ ප්‍රබල චරිතයකට පණ දෙයි. ආන්දෝලනාත්මක වෛද්‍යවරයාගේ චරිතය ස්ටීව් ඩි. ලා. සිල්වාට
(Steew.de. la. zilva) ලැබී තිබේ. අති දක්‍ෂ ඉංගී‍්‍රසි වේදිකා නළුවකුවන ස්ටීව් ගේ ප්‍රථම චිත්‍රපට රංගනය මෙයයි. එහි එන ප්‍රබල තරුණිය ගේ චරිතයට පණ පෙවීමට වාසනාව උදා වී ඇත්තේ අලිමංකඩ හරහා රිදී තිරයට පා තැබූ සුරංගා රණවකටයි.
මීට අමතරව රිදී තිරයේ දක්‍ෂ නළු නිළි පිරිසක් ද මෙයට එක්වෙති. චන්න දේශපි‍්‍රය කැමරාව මෙහෙයවන මෙම චිත්‍රපටයේ කලා අධ්‍යක්‍ෂණය ලාල් හරින්ද්‍රනාත් ගෙනි. සමරසිරි කඳනගේ මෙහි වේශ නිරූපණය කරයි. ලක්‍ෂමන් ජෝශප් ද සේරම් මෙම දැවැන්ත සිනමා කෘතියේ සංගීතය අධ්‍යක්‍ෂවරයා වේ. ලක්රුවන් විතානගේ මෙහි සහාය අධ්‍යක්‍ෂවරයායි.
මෙහි තිර පිටපත ද විමුක්තිගේම වීම විශේෂයකි.
සුළඟ එනු පිණිස හදා සම්මානනීය වූ විමුක්ති සිය දෙවැනි සිනමා නිර්මාණය ද මේ වන විට නිර්මාණය කොට තිබේ. එය අහසින් වැටෙයි නම් වෙයි. එකී සිනමා කෘතිය වෙනුවෙන් විමුක්ති ජයසුන්දර ඉකුත් දා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බෙන් හි පැවැති තුන්වැනි ආසියා පැසිපික් ජාත්‍යන්තර සම්මාන උළෙලේ නිර්දේශිත නාමයන් අතරට ද එක්විය.
ජනිත මාරසිංහ වාණිජ සිනමාවේ ජනපි‍්‍රයම චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. මීට පෙර ලේ කිරි කඳුළු සහ රන්කෙවිට 01 සහ රන්කෙවිට 02 ( ගොපලුගේ වික්‍රමය) චිත්‍රපට වෙනුවෙන් නිෂ්පාදනයෙන් හවුල් වූ ජනිත තව නොබෝදිනකින් මගෝඩි ගොඩයි චිත්‍රපටය සිනමා ප්‍රේක්‍ෂකයින්ට තිළිණ කරන්නට සූදානම් කොට තිබේ.
විමුක්ති – ජනිත සුසංයෝගයට සරසවියෙන් සුබ පැතුම්!
මොකක්ද බන් මෙ film එක