මෙකල විවිද මතවාද වලට ලක්වුණු මාතෘකාවක් වූ නිර්මාශ ආහර අනුබවය පිලිබදව නුවනින් තෙරුන් ගැනීම කාලින අවශ්‍යතාවයක් බවට පත්වී තිබේ.
කෙනෙකු නිර්මාංශ අහර අනුබවයට යොමු වීමට විවිද හේතු මුල්වෙයි.එනම් සත්ව හිංසාව පිටුදැකීම, තම කොලෙස්ටරෝල් මට්ටම පාලන කර ගැනීම දැක්විය හැක.නමුත් විවාද විවේචන වලට බදුන් වූ එසේ හෙයින්ම නිරවුල් කර තේරුම් කර ගැනීමට අපහසු වුත් සාදකය නම් බෞද්ධ පසුබිම තුල නිර්මාශ වීමය. අද අප මෙම ලිපියෙන් විමසනුයේ මෙම කරුණයි.
තිසරණ සරණ ගිය එනම් බෞද්ධයකු පිවිසෙන්නේ අංග අටකින් යුත් ආර්ය මර්ගයටය. ඒ අනුව අප විමසා බැලිය යුත්තේ නිර්මාංශ වීම ආර්ය මාර්ගයට අනුකුල වන්නේද එසේ නොමැතිනම් ඉන් පරිබාහිර වූ කරුණක් ද යන වගයි. මෙම කරුණ නිවැරදිව තේරුම් ගතහුතු වන්නේ යමකු නිර්මාශ වීම වීමට හේතුව ආහාරයෙන් සත්වයා පිරිසිදු වන්නේය යන මිත්‍යා දෘෂ්ටිය බස ගෙන තිබීම විය හැකි නිසාය.
බෞධයකු නිර්මාශ වන පදනම වනුයේ අසීමිතව පැතිරුණු සත්ත්ව කරුණාවත් ප්‍රාණ ඝාතයට අනුබල දීමට ඇති නොකැමැත්ත නිසාත්ය. ප්‍රාණ ඝාත ශික්ෂාපදය පනවන තැන්හිදී “දඩු මුගුරු අවි ආයුධ හැර දැමුවේ වෙයි , සියලු සතුන් කෙරෙහි හිතනුකම්පිකව වාසය කරන්නේ වෙයි” කියා පාඨයක් ද ඇත. මෙහි තේරුම දඩු මුගුරක් අතට ගත පමණින් ප්‍රාණ ඝාතය වෙන බව නොවේ. ඒ අර්ථයෙන්ම මස් මාළු කෑ පමණින්ම ප්‍රාණ ඝාතයක් නොවේ. එහි කිසිදු විවාදයක් නැත. එසේ වුවත් සියලු සතුන් කෙරෙහි හිතනුකම්පිකව වාසය කරනකු නිර්මාංශ බවට කැමතිව තම සිතිවිලි දහරාව හසුරුවයි නම් එය තම පිරිසිදු සිලයට අනුග්‍රය පිණිස පවතිනක් බව තේරුම ගැනීමට උක්ත පාඨය උපකාරී වෙයි.අනුග්‍රය පිණිස පවතින දෙයක් නැතිවූ පමණින් සීලය අපිරිසිදු වන්නේ ද නොවේ.මක් නිසාද යත් එය සිලයට පරිබාහිර වූ දෙයක් නිසාය.
නිර්මාංශ වීම සිලයට අනුග්‍රය පිණිස පමණක් වූ දෙයක් බවත් එය තමා උසස් කර දැක්වීමට හෝ අනුන් හෙළා දැක්වීමට භාවිතා නොකළයුතු බවත් හොදින් මතක තබා ගතු කරුණකි. එසේ නොවුවහොත් වන්නේ සිලබ්බත පරාමර්ශනයට ගොදුරුවිමය.
සීලය සමාධිය පිණිස පවතින බවත් සමාධිය ප්‍රඥාව පිණිස පවතින බවත් අප දන්නා කරුණකි. එසේ නොමැතිව සීලයෙන්ම කෙලෙසේ නැතිවීමක් කතා කරන්නේ නැත.සීලයෙන් සවාර කලයුතු ආසව කොටසක් ඇතැයි සබ්බාසව සුත්‍රයෙහි සදහන් වේ. එහි තේරුම අනෙකුත් ආසව සංවර වීමට සීලය ප්‍රමාණවත් නොවන බවයි.එසේ නම් අප තේරුම් ගත යුත්තේ සීලයට අනුග්‍රය පවතිනකින් පමණක් කෙසේවත් පරිසිදු බවක් නොලැබෙන බවය. එනම් නිර්මාශ වීම සිලයට අනුග්‍රය පිණිස පවතිනක් විනා කෙලෙස් නැතිකිරීමට කෙලින්ම සම්බන්දවන්නක් නොවන බවයි.
නිර්මාංශ වීම පාරමිතාවක් සේ පුරන්න....