පද පේලි .....

Status
Not open for further replies.

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මා හද සැලෙනා
    ගී හඩ මුමුණා
    ඔබට ගයන්නට මට හිතුනා
    නීල දෑසින් ඉඟිකළ රහසක්
    කිවමැන මට මුමුණා
    තටු සිදුනා කිරිල්ලියේ
    තටු සිදුනා කිරිල්ලියේ
    යොවුන් වුයේ හැගුම් දරා නෙතින් නෙතට පියාසලා
    තටු සිදුනා කිරිල්ලියේ
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    If blood will flow, when flesh and steel are one
    Drying in the colour of the evening sun..
    Tomorrow's rain, will wash the stains away..
    But something in our minds will always stay..
    Perhaps this final act was meant,
    To clinch a lifetime's argument..
    That nothing comes from violence and nothing ever could..
    For all those born beneath an angry star,
    Lest we forget how fragile we are..

    On and on, the rain will fall..
    Like tears from a star.. like tears from a star..
    On and on, the rain will say..
    How fragile we are.. how fragile we are..
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴



    Broken skies,
    Heartaches that flowers won't mend
    Say goodbye
    Knowing that this is the end
    Tender dreams, shadows fall
    Love too sweet, to recall
    Dry your eyes, Face the dawn

    Life will go on
    All day long thought
    That we still had a chance
    Letting go, this is the end of romance
    Broken hearts find your way
    Make it through just this day
    Face the world on your own
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මල්මුතු දා මේ ගෙළ සැරසූ සේ අරුණොදේ දකින්නේ
    වනවිල් තීරේ පියුමී වාගේ වසන්තියයි මාගේ
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    මේ සඳ වුනත් පායා ඇවිත් ඉස්සර වගෙ එලිය දුන්නා වුනත්
    මේ සුලග මත් ආයෙත් ඇවිත් නුබ ඉද්දි දුන් සිසිල දුන්නා වුනත්
    පෙර හැමදේම නුබ නැතුව ලැබුනා වුනත්
    මේ හෙට රෑට නුබ නැතුව තැවෙනා දෙනෙත්..
    හෙට එන රෑට නුබ නැතුව කෙලෙසක මම පවසම් දෝ
    මේ ගෙවෙන්නෙ අවසන් රෑයම වේ
    ආයේ නම් රෑය අවසන් වේ..
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හිරු විකසිත වී මියයන පොලවේ
    එලිය අදුර සම සමව බෙදයි
    ගත පන නල වන් රුදිරය මව්ගේ
    කිරට හැරී කුසගිනි දුරලයි
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    එපා වෙන්නට පෙර ඔබට මට අවසරයි නික්මී යන්න
    ලියූ දහසක් කවිවලින් මට එකම කවියක්වත් දෙන්න
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඇවුලුනු ගිණි දැල් නිවි නිවි යද්දී
    ඈ මට හමුවූවා
    සුපිපුණු වන මල් සුවඳ හමද්දී
    ඈ මට හමුවූවා
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොල්ලනේ මේක සිංදු දානකොට සම්පූර්ණ සිංදුවම දාපල්ලකො.. සමහර අය පද දෙකයි ලියන්නෙ.. සිංදුව මොකක්ද කියලවත් හිතාගන්න බැහැනේ.. මුළු සිංදුවම දැම්ම ලස්සනයිනේ..
    :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කින්නර ලිය හුරතල් ඇයි ආඩම්බර ඔතරම්
    හොඳ නෑ උඩඟු රැගුම් ඔය හැටි තරහා අරන්
    ගස්සන තාලෙ කොමලියේ බඳේ අගේ...

    ඔරවන් අහක බලන් මල් මුව පුළටු කරන්
    පියතර සිනහ පොඳක් ආසයි මුවගින්වත්
    පිහිටක් වෙන්න දෙවියනේ පවක් නැතේ

    රූ පියකරු මනරම් ගොස් නෙත මැවූ කුසුමන්
    කුමුදු සමන් කුසුමන් සුවඳින් වසගෙ අරන්
    බහ දෙනකන් එතකන් ඉන්නම් සසර මගෙත්
    එක් රිදවුම් නොමදෙන් තනිකඩ හිතට බරක්

    නුවන් ඇන්ඩ් කොලීන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිහිරැති වසන්ත කාලේ
    කිම ඔබ මෙතෙක් නොආවේ
    ගිම්හානයේ ගිලන් වී
    තනි වී මේ වේදනාවේ
    මිහිරැති වසන්ත කාලේ

    සිතුවිලි සිතුම් සඳැල්ලේ
    ලතැවී රැදී නිදැල්ලේ
    මිහිරක් කොහේද ඇත්තේ
    කිව මැන මටත් වසන්තේ

    දාහය ගතේ වෙලීලා
    කඳුළැලි නෙතින් ගලාලා
    ඈතට ඇදී ගලා ඒ
    සොයමින් ගෙවූ අතීතේ
    සෙනෙහස ඔබෙන් උදාවූ
    යුගයකි ගෙවා නිමා වූ

    - සතිෂ් පෙරේරා -
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කඳුළු වලින් පෙම් හසුන ලියන්නට
    කඳුළු නැතේ මා ළඟ ළඳුනේ
    චපල සිතින් හැරදා දුර යන්නද
    මෙමට ළඳේ ආදරය කළේ ඔබ
    කඳුළු වලින් පෙම් හසුන ලියන්නට

    ඇස කඳුලින් බර වී හැඬුවා
    ඒ කඳුලේ ඔබෙ රුව දුටුවා
    සිත දැවෙමින් මුළු රැය ගෙවුනා
    ඔබ නැති දා තනිකම දැනුණා
    මම ඔබට ආදරෙයි සැමදා

    ලොව මාගෙන් ඔබ ගැන ඇසුවා
    මුව ගොලු වී අසරණ වූවා
    කියූ වඳන් අමතකර දා
    ඇයිද ගියේ ඔබ මා හැරදා
    මම ඔබට ආදරෙයි සැමදා

    - සතිෂ් පෙරේරා -
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට කියාදෙන්න ඈත යන්න වරද මා කෙරෙන්
    හිත හදාගන්න හිත නිවෙන්න බැඳුණු ආදරෙන්

    සුදු සේල වලා වියන් බඳින සොඳුරු රාත්‍රියේ
    හිත් අහස පුරා කොහොමද කටු කිනිති රැදෙව්වේ

    සිත අමාවකයි පෑයුවත් සඳ නිලම්බරේ
    නුඹ සිනාසෙන්න කඳුළු බින්දු වුනත් මගෙ නෙතේ

    - ඉන්දික ප්‍රසාද් -
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාව අමතක කළාට
    වෙන කෙනෙකු වෙත ගියාට
    තාම ආදරෙ ඔයාට
    නෙතු සැරසෙයි කඳුළකට

    අප සිපගත් පළමු දිනේ දැන් සිහිනයක් වෙලා
    ඔබ ගැන මුළු ලොවටම කී දේ මුසාවක් වෙලා
    පිවිතුරු මගෙ ආදරෙ සැමටම විහිලුවක් වෙලා
    අන්සතු වී ඔබ වෙන හදකට සිසිලසක් වෙලා

    ආදරයයි කඳුළයි සුසුමයි හදට හිර කරන්
    මම ඉන්නම් තාමන් නුඹ මගෙ පෙම්වතී කියන්
    සිත් බිඳිලා තනිවුණ මං වගෙ හඬන පෙම්වතුන්
    ආදරයක් නැතිවුණ කෙනෙකුට සිනා නොමවෙයන්

    - නොයෙල් රාජ් -
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එක හිතක් නුඹට පෙම් කරමින් දුක් විඳින තරම්
    ඒ හිත ගාවට නුඹට එන්න බැරිද රත්තරන්
    තව වරක් නුඹේ රුව දකින්න මඟ බලන නෙතින්
    කඳුලක් වී නුඹ ඈතට යන්නෙපා මගෙන්

    පෙම් කරනා තරම් ඔබට මගේ හදවත
    නෙත තෙමුනේ ඒ හින්දද රැයේ හෙමිහිට
    එක මොහොතක් නුඹ නොමැතිව බැන්ඳ ප්‍රේමෙට
    දුක දැනුණා කියාගන්න බැරි තරම් මට

    හිත නොරිදා හිටියා නම් ඇවිත් මා ළඟ
    දුර ඈතට පාවීලා යාවි තනිකම
    තව දවසක් නතර වෙලා මගේ ඇස් ළඟ
    හිනහෙනවද ආදරයෙන් බලා මා දෙස

    - අරෝෂ විජේසිංහ (Super Friends) -
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔබ මගේ වෙනවා නම් යන්නෙ ඇයි වෙන්වෙමින්
    ආදරේ දුකද මට උරුම තාමත් ඉතින්
    වෙන් වුනත් ළංවෙලා මං තවත් තනිවෙලා
    ජීවිතේ උරුම වැඩිපුරම දුකදෝ සදා

    ඔබ කොහෙද මං කොහොද තනිවීලා ඉන්නේ
    දැකගන්න ඔය මූහුණ ඇයි දැන් නොඑන්නේ
    හිත තාම හැමදාම නුඹමයි සොයන්නේ
    දුක නැද්ද මං කොහොම තනියෙන්ම ඉන්නේ

    ලෝකයට හිරු කිරණ හැමදාම වැටුණේ
    ගහ කොළද හිනැහීළා සතුටින්ම ඉන්නේ
    මගෙ හිතට නුඹෙ අඩුව නැතිවයි රිදෙන්නේ
    ඒ දුකම විඳගන්න ඇයි මං උපන්නේ
    :no::no:

    - තුෂාර ජීවන්ත -
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අතීතයේ එක් සොඳුරු සැඳෑවක..
    සුපිපුනු මල් ඇති උයන් තලාවක..
    නෙතට නෙතක් මුනගැසුන වෙලාවක..
    මතකද ඔබ ඉඟි කෙරුවා ආලය..

    අතීතයේ තව මියුරු සැඳෑවක..
    රුක් ගොමුවෙන් වට උයන් තලාවක..
    මුවින් මුවට සිපගත් ඒ මොහොතක..
    මතකද ඔබ පැවසුව ඔබෙ ආලය..

    අතීතයේ තව අඳුරු සැඳෑවක..
    අඳුරින් වටවුනු පාළු සුසානෙක..
    සිතින් ගතින් වෙන්වුනු ඒ මොහොතක..
    මතකද ඔබ හැර ගිය ඒ ආලය..
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔබ නොදැක ගෙවුනු එක මොහොතක්..
    කල්පයක් තරම් මට නම්..
    ආදරේ සිතට දැනුනා..
    ඔබෙ රුව සිහිනෙන් දකිමින්..

    දිගු වරල කඩා ඇහිරවමින්..
    නෙතු කොනින් කියන රස කියමන්..
    මුදු දෙතොල් සලා සනසවමින්..
    ඔබ පාන සිනා මිනි පහනක්..

    මා පතා උන්නෙ පෙර සසරෙත්..
    ඔබ කියා සිතෙයි මට සැනෙකින්..
    නෙතු පියන් වැසී යන දවසෙත්..
    ඔබ පමනි මතු සසරෙත්..
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සඳ පිණි දියේ හිම කුමරියේ..
    ජීවිත කැලේ පිපි මල් වැලේ..
    මා හා බැඳී ගිනි කාශ්ටකේ..
    කඳු හෙල් දිගේ සැඩ මාරුතේ..
    ඔබ හමා යනවා..අපි හමා යනවා..

    නෙතින් ගලනා කඳුළු වැල් ගංගාවෝ..
    සවිය දෙනවා පරදන්න මායාවෝ..
    මල් රොනින් මලින් පිරී දිනෙන් දිනේ ගෙවේ..
    ආදරේ සදා සුසුම් නොවේ...

    මෙලෝ වසනා තුරා ලඟ මා ඉන්නම්..
    කඳුළු පිසදා ඔබව සනහාලන්නම්..
    ආදරේ හිනා වෙවී ආදරේ හඬයි..
    ජීවිතේ කාහටත් ඔහොමයි..​
     
    Status
    Not open for further replies.