පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴


පේ‍්‍රම කීර්ති ද අල්විස් නම් ප‍්‍රතිභාපූර්ණ පද රචකයා විසින් ලියන ලද මේ ගීතය සංගීතවත් කොට ගයන ලද්දේ වික්ටර් රත්නායකයන් විසිනි.
:yes: ස්තූතියි
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුවඳ මේ ඔබෙ නම්
    සුවඳ විඳගන්නම්
    ආදරේ නැතිනම්
    මම එය දරාගන්නම්

    සිතට දැනෙනා මිහිරි සිතුවිලි
    ඔබ ගැනයි තුන් තිස් පැයේ
    ඈත සිට එන සුලඟ කීවෙත්
    ඔබ ගැනයි රහසින් වගේ
    ඔබට එය නැතිනම්
    මම එය දරාගන්නම්

    සුවඳ මේ ඔබෙ නම් ...........

    හදට හුරු නැති සො‍‍ඳුරු සිතුවම්
    ලඟ මැවැයි නිදි නැති රැයේ
    දරන්නට බැරි දුකක් තිබුණත්
    එය ද සතුටක් ලෙස සිතේ
    ඔබට එය නැතිනම්
    මම එය දරාගන්නම්

    සුවඳ මේ ඔබෙ නම් ...........

    ගායනය :- කුමාරසිරි පතිරණ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    සිත බැදුනේ...
    ඔබ නෙතඟින් ගිළිහුනු කඳුළැල් මට දැනුනේ
    ඉකි බිඳිමින් සිටි ඔබ හට
    සඳ කිරණක් වාගේ මා හමු වූයේ...

    සීත සුළං රැල් පාවී එන සේ
    වන වදුලෙන් තුරු පීරා
    ඔබ හසරැල් රැදුනේ
    මා නෙත් අබියස සැමදා...
    මිතුරන් ලෙස වූ
    අප ඇසුරක් මැද තනිවී
    සිටිනා යම් කෙදිනක හෝ
    ඔබ යළි ඔබ වෙත ළං වී
    මා හද තනිකර යන්නේ...

    B &S
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0

    සිත බැදුනේ...
    ඔබ නෙතඟින් ගිළිහුනු කඳුළැල් මට දැනුනේ
    ඉකි බිඳිමින් සිටි ඔබ හට
    සඳ කිරණක් වාගේ මා හමු වූයේ...

    සීත සුළං රැල් පාවී එන සේ
    වන වදුලෙන් තුරු පීරා
    ඔබ හසරැල් රැදුනේ
    මා නෙත් අබියස සැමදා...
    මිතුරන් ලෙස වූ
    අප ඇසුරක් මැද තනිවී
    සිටිනා යම් කෙදිනක හෝ
    ඔබ යළි ඔබ වෙත ළං වී
    මා හද තනිකර යන්නේ...

    B &S




    MP3 plssssssssssssss
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දැල්වෙනා පහන් නිවා දමා මගෙ අතින්
    දල්වමී ඔබේ නුවන් පහන් සදා ඉතින්
    ලෝකයෙන් ළඟා වෙනා අනේක වූ රිදුම්
    මාරුතේ හොවන්නෙමී ප්‍රියේ ඔබේ නමින්
    මල් උයන් දැවූ කුණාටුවෙන් පවා මිදී
    බලන්න මේ බලන්න මේ අපේ පැතුම් පිපී
    මල් උයන් දැවූ කුණාටුවෙන් පවා මිදී
    බලන්න මේ බලන්න මේ අපේ පැතුම් පිපී
    ජීවිතේ පෙමින් අරන් එමී
    ඕ ඔබේ නමින් පළන්දමී
    ජීවිතේ පෙමින් අරන් එමී
    ඕ ඔබේ නමින් පළන්දමී
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    MP3 plssssssssssssss


    තිළිza දීලානෙ
    11.gif
    ..ඕක බී n එස් ළඟෙ මුළ්ම සීඩී එකේ( වසන්තයේ) වෙනස්ම ආරේ ( ඒ කාළේ විදිහට) සිංදුවක්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ
    ඔබව පෙනේ..
    ප්‍රංශ යුවතියන් හදේ කොණ අරං
    ලිලී මල් සුළං
    මීදුමෙන් වහං
    මායාවී මායාවී පමාවී....
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    [FONT=&quot]උණුහුම මදි වගෙ නම්[/FONT]
    [FONT=&quot]උණු කඳුලක දැවටෙන්නම්[/FONT]

    [FONT=&quot]හදවත ගැහෙන සරින් මා නැළවෙන්නම්[/FONT]

    [FONT=&quot]මට නිදිමත වෙනකම්[/FONT]

    [FONT=&quot]තුරුලේ හැංගෙන්නම්:love::love:[/FONT]
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ නොදැක ගෙවුණු එක මොහොතක්
    කල්පයක් තරම් මටනම්
    ආදරේ හිතට දැනුනා
    ඔබෙ රුව සිහිනෙන් දකිමින්

    දිගු වරල කඩා ඉහිරවමින්
    නෙත් කොනින් කියන රස කියමන්
    මුදු දෙතොල් සලා සනසවමින්
    ඔබ පාන සිනා මිණි පහනක්

    ඔබ නොදැක ගෙවුණු .............

    මා පතා උන්නෙ පෙර සසරෙත්
    ඔබ කියා සිතේ මට සැනෙකින්
    නෙතු පියන් වැසී යන දවසෙත්
    ඔබ පමණි සරණ මතු ස‍සරෙත්

    ඔබ නොදැක ගෙවුණු .............


    ගායනය :- ඉන්දික ප්‍රසාද්
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    මල් හසරැල් සැලෙන ලොවක්
    මල් හසරැල් සැලෙන ලොවක්
    දුල් රසුදැල් අසිරි සලා සොඳුරු ඉසව්වක්
    හිත් කතරක නෙත් දනවන සොඳුරු දනව්වක්

    කතරක් මැද කොතැනක හෝ

    කෙම් බිම් යලි හමුවෙනවා..
    දුක් අරගෙන යන ගමනේ
    හසරැල්ලක් මුසු වෙනවා
    කඳුලින් සරුවූ උයනේ
    මිනිසත්කම් දළු ලනවා...

    මල් හසරැල් සැලෙන ලොව


    සිත තෙත් ගති නැති දා ලෝ

    කොතැනත් කතරක් වෙනවා
    හදවත් පිවිතුරු වූ දා
    නව කෙම්බිම් බිහි වෙනවා
    දෙසිතක් මුසුවූ දැහැනේ
    දහසක් මල් පිබිදෙනවා

    ගායනය - විජය කුමාරතුංග, චන්ද්‍රලේඛා පෙරේරා, කීර්ති පැස්කුවෙල්
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දෝරෙ ගලා යන කඳුළු ගංගා සිදී
    දෑස් මායිමේ ඔබෙ රුව මත මල් පිපේ..
    ආලයෙන් කියාදුන් නේක සෝ දුක් නිවී
    පීරු අහසෙ තරුමල් මෙන් හිත විකසිත වී
    මා සුපෙම් ප්‍රීයාවියේ..
    මේ පණ නලත් ඔබේ...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    දෑස තෙමිලා හීන පෙගුනා.. ඔබට තිබු ආදරේ හින්දා..

    ඔබම පතලා සිතැගි ගලපා..ආදරේ ටජ් මහලක් බැන්දා..
     
    Status
    Not open for further replies.