පද පේලි .....

Status
Not open for further replies.

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    මේ.. නගරය මා ඔබ
    මුණ ගැසුනු නගරයයි
    මේ.. නගරය මා ඔබ
    වෙන් කෙරුණු නගරයයි

    වැව් ඉවුරේ දිය රැළ පෙර සේම බි‍ඳෙනවා
    නුග ගස්පෙල අප නැතුවත් තව දළුලනවා
    සරසවි බිම කඳුරැල්ලෙන් එතෙර පෙනෙනවා
    ඔබත් එක්ක ආයෙත් මෙහි යන්න හිතෙනවා..

    ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා..
    සිඟිති පුතා අතැගිල්ලක එල්ලී එනවා
    ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
    ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා..

    ගායනය-මර්වින් පෙරේරා
    පබැදුම-ප්‍රේමකීර්ති ද අල්විස්
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එකතු වෙන්න හීන මැව්ව කල්ප කාලයක්...
    එකට ඉන්න හම්බ වෙන්නෙ අල්ප කාලයක්...
    ඕනෙ වෙන්නෙ නෑ ගිලෙන්න පෙම් තටාකයක්...
    මට ඕනෙ වෙන්නෙ තතු කියන්න පුංචි කාලයක්...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුළඟ සේ පාවී ඈ ‍යලි ‍යාවි
    මා ‍යලි තනිවී පෙර ලෙසේ...
    පෙර දිනේ හමුවී රහසින් තනිවි
    කී බස් ගොලුවී අද මෙසේ...

    ඈ ‍යලිනොඒ සිහින‍යේ පෙර ලෙසේ...
    මා තනිවෙලා නොසිතුසේ මේ රැ‍යේ...

    මේ මාවතේ අප එදා හමුවෙලා...
    ඒ කී කතා බොඳවෙලා වි‍යැකිලා
    ...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කියන්න කියන්න
    හද රැදි දේ මා සමගේ..
    කියන්න කියන්න...
    ඇති සැම දේ රිසි සේ

    හද පුරා ආදරේ ඔබටයි ඉඩ හදවතේ
    දිස්වෙයි මුතුවන් සිනා
    දෙනුවන් යුග ළඟ මගේ
    මන්මත් සිත පුරා කැළඹෙයි වේදනා හැඟුම්
    නොදැනී ඒ ඇසිල්ලේ
    කියවෙයි ඔබ නම හොරෙන්

    නිදිවරා ජීවිතේ මා ගෙතූ ගීතයේ
    දැවටෙයි ඔබ කී වදන්
    දෙසවන් යුග ළඟ මගේ
    සුදුවන් පිටු පුරා බිහිවෙයි ගී ඔබේ නමින්
    නොසිතා ඒ පිටු කොනේ
    ලියවෙයි ඔබ නම හොරෙන්
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සිහින රෑන මුරට ඉන්න රෑ තුන් යාමේ..
    ස්වේත වර්ණ පහන් කන්ද ඔබයි ප්‍රේමයේ..
    පියුම් නිතර නොපෙනුනාට නේත්‍ර මායිමේ..
    සුසුම් ස්වරය නොතිබුණාට හෘද රිද්මයේ
    මාත්‍රා‍ව වෙන්නම් ජීවිත ගීතාවේ..


    §අනුරාධා පෙරේරා§
     
    • Like
    Reactions: rcccc

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෑස විදා මූණ බලා කෝල සිනා මට හෙලලා
    මා සනසා මා නලවා පා නගලා ඔබ යනවා
    වේදනා මගේ නිවාල හදේ රැඳීලා
    ආදරේ කියා ගියා ද මා දිහා බලා

    ඉඳුනිල් දෑසේ නව කැළුම් පුරෝලා
    පැහැඳුල් මූණේ රස හැඟුම් මවාලා
    මේ ඔබ කීව රහස කිම ද කියලා
    මා හට තෝර දෙන්න නිහඬ නොවීලා

    දෑස විදා ...............

    සිත දැන් මාගේ ඔබ වෙත ම ඇදීලා
    සැනසෙන්නා සේ මට දැනෙයි බැඳීලා
    පාලුව නෑ දැනෙන්නෙ ඔබ ලංවීලා
    කෝ ඔය දෑත දෙන්න සසල නොවීලා

    දෑස විදා ...............


    ගායනය :- රාජ් වික්‍රමසිංහ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    තනිකළේ ......
    කෙලෙසද මා ඔබෙන් වෙන් කළේ
    සැඟවුණේ.......
    කොතැනද ඒ නුවන් සැඟවුණේ

    මසිත හොවා රුදුරු පාළුවේ
    දුරක මැකී ගියද ඔබ මෙසේ
    සිතින් ඔබේ ළඟයි මා සදා
    ජීවිතේ

    තනිකළේ ......
    කෙලෙසද මා ඔබෙන් වෙන් කළේ
    සැඟවුණේ.......
    කොතැනද ඒ නුවන් සැඟවුණේ



    Sunil Edirisinghe



     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සීතල සරත් සමේ නැඟෙ තරිදාන...
    වි‍යරුණු ඝන අඳුරට පෙම් කෙරුවාද...
    කුමරි‍ය තනි ‍යහනේ නිදි වැරුවාද...
    තනිකර ආ මට තව පෙම් කෙරුවාද
    ...
    සීතල සරත් සමේ නැඟෙ තරිදාන...
    වි‍යැරුණු ඝන අඳුරට පෙම් කෙරුවා‍ය...
    පෙම් සුව සැඟවුනු පෙම සිත හඬවා‍ය...
    නුඹ නැති හැම රැ‍යකම ගත උණුහුම්ය...


    ස‍යුරු සසල බව නිසලව දන්නේ වෙරල‍යි...
    ස‍යුරේ රළ මුදු වෙරළට හැමදා රිදව‍යි...
    ස‍යුර මම‍යි මුදු වෙරළ නුඹ‍යි හරි පුදුම‍යි
    ...

    හැවිලි හැවේ වල්මත් වූ මගෙ කුමරාන...
    හීන ගහේ මල් පිපුනේ තව නැතිවාද...
    හීන බිඳෙ‍යි නෙතුනොහැර ඉඳින් කුමරාන
    ...

    (6th Lane)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දෑස වසා සිටියා ඔබේ රුව,
    ඇයිදෝ මට පෙනුණේ...
    සවන වසා සිටියා ඔබේ හඬ,
    ඇයිදෝ මට ඇසුණේ...

    දිවියට සැනසුම සෙනෙහස ගෙන දුන්,
    ඔබ වෙනුවෙන් මා ගී ගැයුවේ..
    යුගයෙන් යුගයට භවයෙන් භවයට,
    ඔබ වෙනුවෙන් ජීවත් වූයේ..

    බැඳි සෙනෙහස අමතක වීලා,
    නිබඳව ඔබ මට පිටු පෑවේ..
    හදවත බැඳි ආදරය නිසාමයි,
    කිසිදින මා තරහා නොවූයේ...


    - Maya Damayanthi -
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ ළඟින් ඉඳන් පෙම් වදන් කියා
    සනසන්නට සිත පැතුම් තිබේ
    ඔබ සසල වෙලා නෙතු කඳුළු පුරා
    ඇයි ඉකිබිඳ හැඬුවේ

    සමනලියන් මෙන් ඔබේ යෙහෙලියන්
    සතුටින් දවස ගෙවයි
    සුසුම් සඳැල්ලේ කඳුළු තුරුල්ලේ
    ඔබේ හැඟුම් නිහඬයි
    කාටත් එය පුදුමයි

    ඔබ ළඟින් ඉඳන් ................

    වරදක් වීනම් සිත රිදුනානම්
    සොඳුරියෙ වන්න සමා
    සෙනෙහස ඇත්නම් පැතුවේ මානම්
    කියන්න ඇයි ද ඔයා
    කඳුළින් නිහඬ වෙලා

    ඔබ ළඟින් ඉඳන් ................


    ගායනය :- ජයන්ත දිසානායක
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රෑ අහසින් වැටෙනා බින්දු බින්දු පිණි බින්දු
    නොපිපි මල සොයනවා
    මුවා වී, ඉන්න එපා, හරි සීතලයි
    සීතලයි පින්න

    සිප ගන්න බයෙන් මහ පොළොව
    පිණි බින්දු හඬනවා, නිම්නාද දී
    දෙතොලතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න
    හරි සීතලයි පින්න

    අනෝරා පිණි යටින් තෙමි තෙමී ඇවිදින්න
    ගිනි නැගෙනා ආත්මය පිණි දියෙන් දෝවන්න
    සිරුරතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න
    හරි සීතලයි පින්න

    කසුන් කල්හාර
     
    • Like
    Reactions: rcccc

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සීතල වැස්සේ තෙමෙන්න ආසයි ඔයාව තුරුලුකරන්
    උණුසුම ඔබගේ විඳින්න ඇත්නම් පපුවට මුහුණ තියන්
    සුරතල් තාලෙට කථා කියන ඔය මුව මත දෙතොල තියන්
    හාදුවකින් මුව තෙමන්න ලෝබයි ඔය නෙත් දිහා බලන්

    ලෙන්ගතු තාලෙට සිනහ නඟන විට
    අන් නෙත් ඔබ ළඟ බැඳෙයි කියා
    ඉරිසියාවකුත් හිතට නැගෙනවා
    සත්තයි ඒ ඔබ මගේ නිසා
    සත්තයි ඒ ඔබ මගේ නිසා

    සීතල වැස්සේ ................

    ඔයත් එක්ක තනිවී ඉන්නා විට
    මට වෙන මොනවත් ඕනෑ නෑ
    අතැඟිලි අතරේ පොඩිවෙන කම්පෙති
    රතුවෙන විට ඉවසන්නත් බෑ
    මේ සිත මටනම් කීකරු නෑ

    සීතල වැස්සේ ................


    ගායනය  :- රොෂාන් ෆනෑන්ඩු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සඳ එක් දිනක් තරු හා බැඳී...
    විමසා බලා අඳුරේ රැඳී...
    තරු වැල් ඉතින් තනිවී සිතින්...
    සිටි‍යා බලා... සඳ එ‍යි කි‍යා...

    අප අතරේ මතු සසරේ සිත ලංවේවා
    නොසැලී හමුවේවා...
    ඈත ඈත ලොව බලා
    ‍යමු පි‍යා සලා...

    ඔබ එන්නේ කවදාදෝ සිත විමසන්නේ
    මග බලමින් ඉන්නේ...
    ඈත ඈත ලොව බලා
    ‍යමු පි‍යා සලා
    ...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සේකර

    පාළු අඳුරු නිල් අහස මමයි
    ඈත දිලෙන තනි තරුව ඇයයි
    යුගයෙන් යුගයට හදවත් ඉල්වන
    බලාපොරොත්තුව පැතුම ඇයයි

    අසාර වූ මහ පොළොව මමයි

    ගලා බසින දිය දහර ඇයයි
    යුගයෙන් යුගයට හදවත් නළවන
    සදාකාලිකවූ සැපත ඇයයි

    කැලෑව මැද කටු පඳුර මමයි

    පිපී වැනෙන මල් පොකුර ඇයයි
    යුගයෙන් යුගයට හදවත් පුරවන
    අඳුරු වේදනා කැටිය ඇයයි

    පද : මහගම සේකර
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ප්‍රාර්ථනා තවරා.. ආදරේ.. ඉන්න ඉඩ දෙන්න තුරුලේ..
    හිනැහෙනා.. කල්පනා.. ඔබ නිසයි ජීවිතේ...
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    When I'm dead and
    bright April shakes out her rain drenched hair
    though you should lean above me broken hearted
    I shall not care

    I shall have peace as leafy trees are peaceful
    when the wind bends down the bough
    and I shall be more silent and cold hearted
    than you are now..
     
    Status
    Not open for further replies.